රෝස මල් වෙනුවට කෙහෙල් මල් ..........?

                                      රෝස මල් වෙනුවට කෙහෙල් මල් ..........?

මතකයේ විදිහට රෝස මල් වෙනුවට කෙහෙල් මල් ඇවැසි නැහැ. මේ ඒ කාලේ මාලිගාවත්තේ බොබී. අපි ඒ කාලේත් ආසා ගංජා වලට නොවේ. කෙලින්ම ඇල්කොහොල් ලෝලියෝ. නමුත් ඒ කාලේ ගංජා සංස්කෘතිය නැග ආවා. මාරස කැත කතුන් පොතේ මත්වීමේ සංකෘතිය ඇල්කොහොල් කේන්ද්ර කරන් විග්රහ කළාට පස්සේ චින්තා සමග තවත් කට්ටියක් පටන් ගත්ත මතකයි ගංජා සංස්කෘතියක්. අද වෙනකොට ඒක පාර්ලිමේන්තුවේ ජනාධිපති කියන කෙනාත් කතා කළා කියලා තියනවා දැක්කා. නමුත් මාරස ගංජා ගැන ගේන කතන්දර සම්බන්ධව එකඟ නමුත් ඒ පිටුපස තියන දේශපාලන වෙළෙඳ ජ්යාත්න්තර ගේමට කිසිසේත්ම එකඟ නැහැ. සියලු සිංහල හීනමාන වෙදවරුන්ද කියන්නේ ගංජාවල තියන ලාභය. නමුත් මාරස මත්ද්රව්ය පුනරුත්ථාපන නැතිනම් විශෝධන මධ්යස්තාන වල හිටපු කෙනෙක් . ඒ වගේ ම අංගොඩත් හිටියා තමා. ඒවල තියන ඇල්කොහොල් කතන්දර වලට වඩා ගංජා වල තියන සංස්කෘතික ඖෂධීය වටිනාකම ලොකුයි තමා. නමුත් සැබෑ ලෙස දේශපාලනිකව විග්රහ කරනකොට මේ විදිහේ විග්රහ පැන්ටසි විතරක් නොවේ කෙලින්ම බිස්නස් පැන්ටසි. දැන් ඒක වෙන්න පටන් අරන් ඉවරයි.
නමුත් සුද්දා හෙවත් අධිරාජ්යවාදීන් විසින් ගංජා හෙවත් කංසා විතරක් නොවේ ස්වංයං තීරණ ගැනීමට ඇති අයිතියට දාපු සෑම තහනම් කිරීමක් සම්බන්ධව මාරස විරුද්ධයි. ඒ වෙනුවෙන් පෙනී සිටිනවා වගේම ඒක දේශපාලනික ශබ්ධ හරහා වෙළෙඳ සමාජයේ ජයගැනීමේ දෙයක්ද කියන කතාව සම්බන්ධවත් ජනතාව අවධියෙන් සිටිය යුතුයි යන්න අනිවා.
අපි හිටියත් හිටියත් නොහිටියත් කවුරු කවුරුත් මොන පිස්සු කෙලියත් ජනතාවනම් ඒ සම්බන්ධව අවධියෙන් බව අනිවා. නමුත් නායකත්වයක් නැතිව ජනතාව ගමන් ගියොත් කපුවා කපෝති වෙනවා වගේ නායකතත්වය නැති තැන තාම කුංකුනාවේ හාමුදුරුවන්ගේ අනේ කූඹ්න්නේ අපටත් රජෙක් ඉන්නේ ... කවිය හදවතින් කියවාගෙන ජනතාව කෙලෝගන්නා බව ධනේශ්වර පාලකයන් උන්ගේ පපුවෙන්ම දන්නවා තමා.

නමුත් මත කියන්නේ මිනිස් අවශ්යතාවයක් ලෙසත් දැකිය හැකියි. ඒක ප්රාග්ධනීකරණය වීමට විරුද්ධ විය යුතුයි යන්නට කවුද අකමැති. ඇල්කොහොල් බද්දෙන් ධනේශ්වරය පවත්වාගෙන යාමට ගන්නා උත්සාහයට නීති ගත නොවන කංසා දඩේ අයින් කරලා නීත්යානුකූලව රාජ්ය අයවැයේ නීතිගත ප්රතමක සාධකයක් ලෙස කංසා බද්ද එක් කරලා අය වැය ලේඛනයට එකතු කිරීම මේ නිමේශයේ පවතින ධනේශ්වර දේශපාලනය විනිවිදින විට හරිද වැරදිද කියන දේ සම්බන්දවත් ඔය කංසා ලෝලීන් කතාකරන දේශපාලනික කතා සහ කංසා වලින් දැනටද ඔටුනු පැළඳ ගත් යූ ටියුබ් වෙළඳ මිතුරන්ද කෙලින් කියනවා නම් මරු. මොකද පවතින ධනේශ්වර විදිමත් හොරාකෑමත් නුඹලාත් අතර වෙනසක් දකින්න නොහැකියි. ගොඩක් වැරදි තියනවා ඔයාලාගේ කතා වල. විරුද්ධ නොවී ඉන්නේ පවතින රාජ්ය යන්ත්රය ඊට වඩා අප්සෙට් නිසා වෙන්න ඇති. නැතිනම් උඹලා හරියටම හරි නිසා නොවේ. නමුත් කංසා සංවාදයේදී මහා ප්රභූ සිංහල හෝ ආයුර්වේද වෙද්ය වරුන්ගේ නිරුවතින් කොටසක් එලි දැක්ක එකනම් මරේ මරු. අඩුම ගානේ සිංහල වෙදකමට අයිති මහාමානය හීනමානය විතරක් නොවේ. සෛයිසාමානය යන මම අනෙකුන්ට සමානයි කියන හීන මානයටම අයත් දේ යූ ටියුබ් හරහා එලිදරව් වීම මරේ මරු. මිනිස් අවශ්යතා දිනාගත යුතුයි. ඒ සැබෑවක්. නමුතු ඒවා මිනිසුන්ට ප්රාග්ධන වදයක් නොවිය යුතුමයි. නැවත කියනවා මේ සටහන ගැන කාටහරි ප්රශ්නයක් තියනවානම් කේරල නොවේ හරිහමන් ගංජා ටිකක් හොයා ගන්න තැනකින් හොයාගෙන වැස්ස වෙලාවකට ආතල් එකේ කයියක් ගහන්න වරෙන් බං කියලා. ඒ වගේම ත්රී පිටකයටත් ඔබ්බෙන් නොවන අනිත් මත වාද වලටද ඔබ්බෙන් කතා කළ භීක්ෂූ පරපුරක් හිමි රටක ඉන් නිපන් නූතන එකද භික්ෂුවක් හෝ මේ ගැන කතා නොකිරීම සම්බන්ධව අප්රසාදයද මේ සටහන අවසානයට එක් කළ යුතුයි. අර සර්කාණී ශාඛ්යසිංහ නැමති බේබදු මලනුවන්ගේ දේහය වළ දැමූ ගෞතම මුනිදු කියන්නේ සර්කානී සෝවන්ගාමීය කියා. මත සම්බන්ධව දාර්ශනිකව නොව ධර්මයෙන්ම කිව්වා. ඒවා කෙලින්ම කියන්න ඔබ වහන්සේලාට බැරිනම් ගිහියන්ටත් අයිතියක් තියනවා කියන කතාවත් බුදුනුවන් දේශනා කර තිබෙනවා කියලත් ලියමින් මේ සටහන අවසාන කරන්නම්.
https://youtu.be/rpG8lho-6GA
https://jagathmarasinghe.wixsite.com/mare
09 12 2022


Powered by Blogger.