ආදර HERBIE

ආදර HERBIE

ඩකං ඩක ඩක ඩකං පුරෝගෙන බරගෝනි

පොල් අතුද පුරවගත් එදා බර කරත්තය

හරක් දෙන්නෙකු දෙපස බැඳි බෝල් ලීයේම

දක්කවයි එකෙකු උඩ අනෙක බිම 

අතක කෝටුවකි අනෙක් අත 

ආදරෙන් ගොනුන් පිරිමදින්නට

නහය විද ලනුව දා සුක්කානමක් ලෙස 

හරකුන්ව පාලනය කරන්නේ කැමැත්තෙන් නම් ‌නොවේ.......!

දුකක් හිතුනොත් අනේ මහ මගම උන් ලෙහා දා 

බීඩියක් බිබී පුන්නක්කු සහ වතුර දී

සැනසෙනවා උන්දලා සකල ආදරය මැද

වරක් දෙවරක් ගියත් මේ කඳුළු කාරනා

පපුවෙන්ම මතක ඇත සදා නොමියන ලෙසට

අවිචාර සමයකදි මධු විතට කසිත්පුත්

බිබී කොළඹත් ගියා විනෝදෙට අපි තොසින්

ඒවගේමත් දුකින් මිනිසුන්ගෙ වේදනා

ඉවස ගන්නට බැරිව චන්ඩියෝ උනේ අප

කන්න අඳින්නට සහ කරන්නට අන්දෙයක් 

නැති නිසා නම් නොවේ සත්තකයි සහතිකයි!

83 පසුවුනා. සැබෑවන් මතුවුනා.

රජයටත් විරුද්ධව හෑන්බිල් මිටි රැගෙන

ගෝනි පඩංගුවේ ගිය කාලයද සිහිවෙනා

වේදනා වේදනා තුළ නැගුන පන්නරය.

ආදරේ පන්නරය. 

කිසිදු අවියකට යට නොවන බුධ පන්නරය

මා සමග සිටි සගයෝ පුලුස්සා මැරුවෝය.

වැහිවලා පාවුනා සුදු අහස මතු වුනා

ඒත් ඒ සුදු වලා අතරින්ම හෙන හඬක් මතුවුනා

සිසාරා ගලා ගිය ලේ වගේ සෙක්ස් සොයා

රැප් රැල්ල මතුවුනා

සෙස්ස පස්සට දමන්නම්

හිස් තැන තබා.

********************** ඔබ උපන් දිනයට වෙනුවෙන් මාරසට තෑග්ගත් දුන්නට ආදරෙයි දුව කියන්න බැහැ කොහොමත් ආදරය  නිසා. දුව පුතා කියන්නේ අපේ සැබෑ ඉතිහාසයේ පුතා යන්න තමා වහරා ඇත්තේ . අර සුදොවුන් රජ විතරයිලු නන්ද කුමාරයාවත් මහනකරගත්ත අවස්ථාවේ බුදුන්ට ඇඳිල්ල දික්කරලා අවවාද කළේ. ඒ වෙලාවෙදිලු බුදුන් දේශනාකළේ මින් මතු කිසිවෙක් දෙමාපිය අවසරය නැතිව මහන නොකරන ලෙස. මාරසට පුතාලා ගැන දුවලා ගැන සින්දුවක් මතකෙට එන්නේ නැහැ. තිබ්බට මාරසට වදින්නේ නැහැ. නිකන් දුවට පුතාට අවවාද දෙන නිර්මාණයි තියෙන්නේ. හොඳට හැදියන් කියන විකාර කතා මතක. ඒ නිසයි මේ පද ටික දාන්නේ.

පියෙකු වෙයන්

මවෙකු වෙයන්

ආදර පුතුනුවනේ.....

බුදුනුවෙකු වෙයන්

සැනසිල්ලේ  

ඉන්නට නිවන් දකින්නට පුතුනේ !!!!

********************************
https://jagathmarasinghe.wixsite.com/mare
28 12 2022


Powered by Blogger.