විමුක්තියේ අධිපති ආදර පෑන

                                                   විමුක්තියේ අධිපති ආදර පෑන

     බොහෝ විට තවමත් අප අපගේ අනන්‍යතාව තහවුරු කිරීමට අත්සන් ගසන්නේ පෑනෙන්ය. පෑනෙන් කරන හැම දෙයක්ම අත්සනක්ම වීම මාර කතන්දරයකි. සිනමාව පමණක් නොව ඡායාරූපකරණය සටන් ශිල්ප නොව කාම සූත්‍ර විද්‍යාවන් පවා පෑනට යටත්ය. සයිබර් තාක්ෂණය යටතේද යතුරු පුවරුව යනු පෑනේම විභේදන හැරවුමක් පමණක් බව දැනෙන්නේය. අඟුරු කැබැල්ලක්ටු වන් දෙයක්ද, පංහිඳද, පිහාටු පෑනද, තීන්ත පෑනද, බෝල්පොයින්ට් පෑනද, නැතිනම් විජේසේකර කීබෝඩයද, යුනිකෝඩ් කීබෝඩයද, ගිනිමැලයද, දරලිපද, ගෑස් කුකරයද, ‌ඉලෙක්ට්‍රික් රයිස් කුකරයද නැතිනම් ඉලෙක්ට්‍රික්  අවන්ද  වන් කතාන්දර මළ ගෙවල් රාත්‍රී සම්ප්‍රධායේ දොඩමලු විය හැකි සුන්දර කතා පමණි. කොයි ලිපෙන් කෙරෙන්නේත් එකම දෙය මෙන් පෑන යනු පෑනම තමාය. නමුත් ලිපටත් නොව ලොව බුද්ධියේ කොයි තැනින් ඇල්ලුවත් පෑන තවම රජය. පෑන් තුඩ අපට පෙනෙන්නේ ඔටුන්නේ මුදුන වාගේය. තවත් පැත්තකින් කිව්වොත් ‌‌‌චෛයිත්‍ය ගොඩනැංවීමේ කලාවේ කොත ලෙසය. සියල්ලන් පසකලා  මිනිසාගේ පැවැත්මේ සාධනීය ආශාවේ සංකල්ප හරහා ගත්විට පෑනේ ඉතිහාසයට අපව ගෙන යයි. අර කොඩි ගස පිරිමි දේශපාලනයේ ඉතිහාසයෙන් ගත් කළ පුරුෂ ලිංගයේම ජීවමාන සංකේතයක් වනවා සේ පෑනද පුරුෂ ලිංග දේශපාලනයේ සංකේතයක් ලෙසද ගත හැකි කාරණා බොහෝය. ඒවා ඉතින් සටහන් ලියද්දී සෙස්ස පස්සට කල් දානවා විනා සටහනක් පොතක් කරන්නට නොහැක. පොත් ලිව්වත් ප්‍රකාශන අධිකාරිය ඒවා බාර ගන්නේ ඉතා වෙනම ව්‍යාපාරික පැත්තක ගේමකින්ම බව මාරස ඉතා වගකීමකින් දන්නේය. 
      වඩාත්ම වැදගත් වන්නේ පුරුෂ ලිංගයේ තීන්ත සුදු පාටය. ඒ පෑනේ ලියන පොත වනාහී ස්ත්‍රී ගර්භාෂයම වන්නේය. විවි වෛයිවරණ විශිෂ්ට චරිත බිහිවන්නේ ඒ පෑනින්ම බව කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසක්ම වන්නේය.
පෑන ගැන කියනවානම් අන් කිසිම මාධ්‍යකින් කළ හැකි දේවල් පෑනෙන් මෙන් කිසිවෙකින් කළ නොහැකිය. මන්ද ඒ හරියට ශුක්‍රාණු ඩිම්බානු මෙන් දිග කතාවකි.
      හස්ත රේකා ශාස්ත්‍රයේද, ඇලපති වෙද්‍ය විදයාව කියන්නටත් පෙර මහපොටඟිල ගැන කියා තිබේ. කොටින්ම මහපොටඟිල සහ සිතන මනසේ සම්බන්ධය විශ්මිතය. ඇඟිලි ගැන කතා කරන්නට ගියොත් මේ සටහන හස්තරේකා ග්‍රන්තයක් බවට පත්වී දයලෙක්තිකයෙන් පටන් ගෙන තවත් දාර්ශනික පැති සිසාරා මාරසට මානසිකව ඇද වැටීම දක්වාම ලියන්නට ඇති දේ බොහෝය. කොටින්ම හස්තරේකාවේ ඇති මහපොටඟිලේ විස්තරය මාක්ස් එංගල්ස්ලාටද අත හැරිය නොහැකි විය. ඒ නමින් නොගත්තත් ඉතිහාසයේ නාමයෙන් ඔවුන් පවසන්නේ මිනිසා මිනිසෙක් වූයේ මහපොටඟිල නිසා කියාය. මන්ද දෙයක් අල්ලා ලබා ගැනීම හරහා මොළය පරිණාමනය වන්නේද ශ්‍රමයේ ප්‍රධාන භෞතික සාධකයක් වන්නේද මහපොටඟිලයැයි ඔවුන් පවසන්නේ අප දෑස් කඳුළින්ම තෙත්කර ආදරයේ සෙනහසේ මහිමයද සිහිකරමින්ම වන්නේය.
      කෙසේ උවද මේ කතන්දරය විශාල ලිපි පෙලකට පටුනක් පමණක්ම වන්නේය. යතුරු පුවරුව වනාහී පෑනේම විභවයක් වන ආකාරය යතුරු ලියනයේ මහපොටඟිලට අයිති ප්‍රධාන යතුරෙන්ම තහවුරු වන්නේය. ලියන ඕනෑම මංගල්ලයක් පද බෙදා සංස්කරණය කරන්නේ මහපටඟිලෙන්ම වන්නේය. නීතිවේදීන්ද තර්කයේ උච්චතම අවස්තාවේ දිගු කරන්නේ ද මහපටඟිලමය. ඒ දික්කරගෙන මේසයටද තඩි බාන අයුරු අප බොහෝ වර දැක ඇත්තේය. කොටින්ම ශරීර විද්‍යාවේ සටනකට කැඳවන විට දබරඟිල ඉස්සෙන නමුදු යමක් තහවුරු කර අවසාන කරන විට ඉස්සෙන්නේද මහපොටඟිලය. මහපොටඟිල නැති මිනිසුන් කකුලෙන්ද ලියන බව මාරස නොදන්නවා නොවේ. මොළයෙන් කොටසක් මිය ගිය පසු ඒ වටා ඇති සෛල ඒ අවස්තාවේ වගකීම බාරගන්නවා වැනි ඇලපති ‌‌වෛද්‍ය විද්‍යාවේ කතාද මාරය කියා සිහි කරන්නෙ ආයුර්වේදය ඇද ගත්තොත් තවත් සටහන දිග වීමට ඉඩ ඇති නිසාය.
 මහපොටඟිල සහ මොළයේ සිතීමේ කලාපයේ ඇති සම්බන්ධයත් ශ්‍රමයේ සම්බන්ධයත් අතර කිසිදා අතහැරිය නොහැකි පෑන යන භෞතික චෛතසික මෙවලම වනාහී සිතන මිනිසාගේ මහා ආදර සංකල්පයක්වන්ය. පෑන කියන්නේ පෑනය. කොටින්ම පෑන කියන්නේ සිතන සිතය. ඒ අපේ ආදරයේ සුසරත්වය ඉතිහාසයට එක් කිරීමට දිවි හිමියෙන් කැපවී සිටින දෙවියාම වන්නේය. ආදරෙයි පෑන ගොඩක්. වරක ඔබ ආදරණීයය. වරකෙ ඔබ බෝබ්බයකි. තුවක්කුවකි. කඩුවකි. නමුදු සියල්ල අවසානයේ අප හිස අතගාන ආදරවන්තියක් හෝ ආදරවන්තයෙක්ම වන්නේය. මේ ලොවින් කාබනික ද්‍රව්‍ය අවසාන වන තෙක් මිනිස් ශ්‍රමය අවසාන නොවන වග මාරසද ඉතා හොඳින් දන්නේය. මිනිසාගේ සැබෑ ආදරය වූ සංකේතීය පෑන දිනේවා. පෑන යනු පෑනය කියමින් සටහන අවසාන කිරීමට අවසර.
https://youtu.be/1xPvcDh_wck
https://jagathmarasinghe.wixsite.com/mare
16 12 2022



Powered by Blogger.