අඳුරු වේදනා කැටිය ඇයයි
ඇස. නැත්නම් නයන. නැතිනම් ලෝචන. මොන ශබ්ධ කෝෂ විශ්ව කොෂ ගත්තත් ඇස ගැන කතන්දර නොවේ කෙලින්ම යථ ගොඩයි. නිකන් අපි අන්ධ වුනොත් මක් වේවිද කියලා මම හිතන්න ගත්තේ මගේ මිය ගිය මිතුරෙකු වන ස්පාටකස්ට පෙම් බැඳි සුනන්ද පුෂ්පකුමාර සහෘදයා ලේක් හවුසියට ඇවිත් විනාඩි කීපයක් හමුවෙලා ගියාට පස්සේ. එයාට ග්ලූකොමා කියන රෝගය හැදුනා. එයින් අවසානයේ ඇස් අන්ධ වෙනවා කියන කතාව අද අනිවා ඇත්තක් වෙලා. ඒත් ඇත්ත කියන්නේ යථත් නොවේ වෙන විදිහකට ජීවිතය ගැන කතා කරන මගුලකුත් නොවේ කියලා ආයේ අපට පිටුපස දැනුම හොයන්න හිතෙන තැනක්.
හැම දෙයක්ම ගොඩනැංවීමක් තමා. කොටින්ම ජීවිතයත් ගෞතම බුදුනුවන්ටත්, කාල් මාක්ස්ටයි, ඇල්බට් අයින්ස්ටයින්ගේ මතවාද වලටත් පිටින් වෙන විදිහකට හිතන්න බැරි විදිහට ඒ තිදෙනා මිනිස්සුන්ව කරකවා අතහැරලා නැහැ. මිනිස්සු කියන්නේ මිනිස්සු. මිනිස්සු කැරකෙනවා මොනවා හරි අලුත් දෙයක් කියපුවාම. ඔය කියන මනෝවිශ්ලේෂණ අයත් කැරකෙනවා තමා. ජීවමාන ශාක්ෂි සරළ අයට පමණක් නොවේ ඊටත් පිටින් ඒ පොරවල් ගැනත් කතා කරන්න කාරණා තියනවා. ඒ ගැන අදින්නේ නැත්තේ මාරසට අධික රුධිර පීඩනය වැඩි වෙන නිසා පමණයි.
ඇස කියන්නේ සූර්ය සංවේදක මීටරයක් කියන්නම් අදට ගැලපෙන සේ සරලව. මොකද අයින්ස්ටයින් වෙනස් කළා කියලා බටහිර විද්‍යාත්මක කියන බටහිර කතිකාව ගැන ඇස ගැන සැබෑ දේවල් නැගෙන හිර පැත්තේ අය දැනගෙන හිටියේ ඊටත් ඔබ්බෙන්. හැබැයි අහස කවදත් කළු පාටයි කියලා කොමන්ට් ලයික් නැති කතාවක් මාරස නිකන් දාලා බැලුවා. අහසේ සීමාව ගැන කියන්නේ තාම චක්‍රාකාර මනඃකල්පිත සංකේත වලින්. අර විශ්වයේ කෙලවර ගැන කියනවා වගේ . කළු වලේ අනිත් යථාර්ථවාදී කියන මිත්‍යාකතන්දරයද කියලා හිතන්න පැත්තකුත් තියනවා. ඒ ගැන රාමනුජන් හිටපු විශ්ව විදයාලයේ හාඩිගෙන් පමණක් නොවේ හේතු වාදී ගුරු දෙවියෙක් වූ බර්ටන් රසල්ගෙනුත් අහන්න වෙනවා. ඒ අය දැන් නැති නිසා තර්ස්ටන් විදයාලයේ තියන කොවුර්ගේ ඇට සැකිල්ල තාම තියනවානම් එකෙන්වත් අහන්න මගක් හොයා ගන්න වෙනවා.මොකද සුදුපාට වර්ණය හතකට වෙන් කරලා හිතන්න ගන්නේ මිනිස්සු. ඒක සූත්‍රගත කරපු නිව්ටන්ගෙන් පසු මිනිසුන් කියන කතාව ගැන පස්සේ කතා කරමු.
ඒක අපේ මිනිසුන් පිළිගන්නේ නම් නිව්ටන්ගේ විද්‍යාත්මක පොරත්වය නිසා නොවේ. කෙලින්ම දේදුන්න පමණක් නොවේ විවිධ සූර්ය පරාවර්ථන දැක ඇති ප්‍රත්‍යක්ෂ ඇති මිනිසුන් නිසා වෙන්න ඇති. මතකයේ විදිහට ප්‍රිශ්ම කතා මාරසලත ඇහැව්වේ හතේ පන්තියේදි විතර. නමුත් ඒක ඉගැන්නුවෙත් දේනුන්න හරහා තමා. ගස් කොළන් පවා කොල පාට නැහැ. සූර්යා ලෝකය තමා ගස් මතට වැටිලා පරාවර්ථනය කරලා ඇසට දීලා උඩු යටිකුරු ප්‍රතිබ්ම්බ අක්ෂි කාච මගින් නැවත සකසලා දෘෂ්ටි විතානයට දී මිනිස් මොළයට සංවේදි කරන කතන්දරය ගැන ඇවැසිනම් අපි පොතක් නොවේ ලියැවිලා තියන පොත් වලට අමතරව තව දහස් ගනනක් නව පරපුරත් පොත් ලියාවි.
මේ දාලා තියන ඡායාරූපය සයිබර් රස්තියාදුවේදී ඇස හිටි තැනක්. නමුත් මේකලාගේ නිශ්චිත වෙබයක්වත් ගත්ත උන්වත් හොයා ගන්න බැරිවීම සයිබර් රස්තියාදුවේ සමහර ඇස හිටි තැන්වලදි අනිවාර්යක්. ඒකත් දැන් කුහක වෙලා නොවේ. කොහොමත් අන්තර් ජාලයම ප්‍රාග්ධන කුහකයෝ තමා. දඩයම කරගත් එකාගේ නමවත් දාන්න තරම් ජ්‍යාතන්තරයි කියන පොරවල්ද ආදරණීය නැහැ නොවේ. ආදරය නැති තැන්වල පවතින්නේ කුහකත්වය පමණයි. ඒක දේශපාලනිකව විෂක් වගේ දෙයක්. නයි විෂට බේත් තිබ්බට ඒ විසට තියෙන්නේ විෂම විසක් වෙන බේතක් නොවේ.
නමුත් මේ මාරස කතා කරන්නේ ස්ත්‍රී ඇස් ගැන. පිරිමින්ට විතරක් නොවේ ආදරයෙදි ගැහැනුන්ටත් පිරමි ඇස් මාරයි. අර ගොලු හදවතේ හදවත ගොලු උනත් සුගත්ගේ ඇස් ගොලු වෙලා තිබුනේ නැහැ කියන කතාව වචනයෙන් නැති උනාට සංකල්පීයව ජයලත් මාර විදිහට ලියලා ඉවරම කරලා වගේ. දවසක් සුගත්ට රඟ පෑ වික්‍රම බෝගොඩ මාරසටත් මොරටුව අවන් හලක අහම්බෙන් හමුවුනා. ඒකා එතන තිබ්බ ටීවී නාටකයක් ගැන ටිකක් වෙලා බලන් ඉඳලා මගෙන් ඇහුවා මල්ලි මුන් නලුවොද කියලා. මාරසට බෝගොඩයන්ගේ චලලෝචනයන්ද කිසිදා අමකක නැහැ. වික්‍රම බෝගොඩ කියන්නෙත්ත විශිෂ්ටයෙක් තමා.
අතීතයේ සිට ගොඩක් ස්ත්‍රී ඇස් ගැන ලියලා තියනවා. ඒ ගැන කවුරුත් දන්නවා. මාරස මේ ගීතය ලිව්වේ ඇස් ගැන නොවේ. ජන ගීත පමණක් නොවේ සම්භාව්‍ය සාහිත්‍ය ජීවිතය කරගත් සැබෑ ලෙසම ජීවත් වූ සේකරගේ හැම ගීතයක්ම ඇහැක් ගැන කියලා තියනවා වගේ. ඇහැකින් ඔබ්බට තමා අපිට දෘෂ්ටිය කියන සංකල්පීය දාර්ශනික ධර්ම දේවල්ද ප්‍රතිනිර්මානය වෙමින් හදවත සුසර කරන්නේ.
මන්දා සේකර ගැනත් නොයෙක් ජන කතා මේ කෙටි කාලය තුළ අනන්තයි වගේ වෙන්න යනවා. කේ ජයතිලක පමණක් නොවේ ජයතිලක මහත්මියත් පමණක් නොවේ පාවිච්චි කළ කාරයේ තිබි කාක බෙටි ගැනත් කතා බොහෝයි. ඒ හැම දෙයකින්ම කියන්නේ ජනප්‍රියත්වය පමණක් නොවේ. ඊට යටින් දිවෙන බොහෝ දේවල් වලට මාරස ලියන්න සෙස්ස පස්සට තියන්නම්.
කොහොම නමුත් ඇස් ලස්සන වෙන්නේ මැදියම් රෑ තරුවක් දැක්කම. නමුත් ඒ වෙලාවට ඒ ඇස් දිහා බලන්න කෝ ආලෝකයක්. ඒක සිතින්ම තමා විඳින්න වෙන්නේ. කෙලින්ම ඒ තරුව අංජනම් අඳුනක් වෙනවා. නමුත් හනුමානම් පේන්නේ නැහැ වගේ. අංජනම් දේවිනම් පේනවා. පිරිමින්ට නම් ඇසුරු කළ අත්දැකීම් අනුව සහ සාහිත්‍යමය කියවීම් අතරින් කෙලින්ම තමන්ගේ ආදර දේවිය අංජනම් දේවිය වෙලා පේනවා විතරක් නොවේ ආවේශ වෙන්න ගන්නවා. ඒකිලාටත් එහෙම තමා යන්න ලියවිලා නැති උනත් ඒක ඒකිලා දන්නවා. කොහොම නමුත් තරු කියන්නේ තරු කිව්වලු. සූර්යත් තරුවක් තමා. ඒත් අපි දැක්මේදි ග්‍රහලෝක වලටත් කියන්නේ තරු තමා. තරු පෙනුන මිනිස්සු තරු දකිනේ එහෙම තමා කිව්වලු.
සූර්යාගේ ආලෝකයෙන් සංවේදනය වන ප්‍රතිභිම්බයක් තමා කියන විදිහත් මරු. නමුත් මතක තියා ගත යුත්තේ අන්ධයන්ටත් මේ සංකල්ප දැනෙනවා. සූර්යා පරාජය කරල තියෙන්නේ අන්ධ ජනතාව. ඒක මාරයි. ඇස් නැති අයගේ සංවේදනය පංචේන්ද්‍රියන් ඉක්මවා යනවා වගේ. නමුත් අන්ධ ජනතාවටත් ඇස් පේන ජනතාවටත් පේන අහස සහ තරු මාරයි. වෙන එකක් නිසා නොවන්න හැකියි. ජ්‍යෝතිෂයේ මේ ගැන ගැඹුරින් කතා කරන බව දන්න අය දන්නවා. මැදියම් රැයේ අහස බලපුවාම තමාගේ ආදර සංකේත පේන්න ගන්නේ ඇයි. මාරසත් ලියන්නම්. නමුත් සේකරගෙන් අහන්න වෙන්නේ නැහැ. සේකර ඒක පපුවටම කියලා තියනවා වගේ දැනෙන නිසයි මේ ගීතය දැම්මේ. කොහොමත් ඉතින් සේකර අමරදේව ගැන නැවත කතා කිරීමට ගොඩක් දේ තියනවා. කියලා තියන දේ වලට කෙලින්ම ප්‍රති විරුද්ධව. ඒ සෙස්සත් මාරස පස්සට තියන්නම්. මතක තබා ගත යුත්තේ අනිත් පැත්ත හැරුනම පස්ස කියන්නේත් ඉදිරිය කියන කතාවයි. අහස කියන්නේ ආදරය පේන තැනක්. විශේෂයෙන්ම පාලු අඳුරු නිල් අහසක දිදුලන නීල වර්ණ තාරකාවක් දැක්ක ගමන් අපේ හදවතේ ඉන්න ආදරණීය ඒකි තමා ළඟ හිටියත් ආත්මීය ඒකිව විශ්වයෙන් පේන්න ගන්නවා ද යන්න ගැන ලියන්නත් සෙස්ස පස්සට තියන්නම්.
පාලු අදුරු නිල් අහස මමයි
ඈත දිලෙන තනි තරුව ඇයයි
යුගයෙන් යුගයට හදවත් ඉල්වන
බලාපොරොත්තුව පැතුම ඇයයි
අසාර වූ මහ පොළව මමයි
ගලා බසින දිය දහර ඇයයි
යුගයෙන යුගයට හදවත් නලවන
සදාකාලික වු සැපත ඇයයි
කැළෑව මැද කටු පදුර මමයි
පිපී වැනෙන මල් පොකුර ඇයයි//
යුගයෙන් යුගයට හදවත් පුරවන
අදුරු වේදනා කැටිය ඇයයි
https://youtu.be/w8098BeFg14
https://jagathmarasinghe.wixsite.com/mare
15 12 2022