එදා ආශාව සහ ‌විනෝදයේ දේශපාලයේ සෑබෑ දැක්මක් වූ බෙර මෘදංග හඬේ ආදරය

                එදා ආශාව සහ ‌විනෝදයේ දේශපාලයේ සෑබෑ දැක්මක් වූ බෙර                                              මෘදංග හඬේ ආදරය


    දන්නේ නැහැ. නිහාල් නෙල්සන් මළා. ඊයේද කොහෙද ඉතින් මොරටු නගර සබාවේ සැබෑ නොවන අනාදරය වගේ පේන ආදරය අනුදකිමින් ද සොයිසාපුරයේදී නිහාල් නෙල්සන්වත් පුච්චා දාන්න ඇති. නමුත් සංගීත භාණ්ඩ වශයෙන් විග්‍රහ කරනකොට වෙනම භෞතික දේ ඇති. මෙතන මෘදංග ආදරය මාරස භාවිතා කරන්නේ යමකට තට්ටු කිරීමෙන් නින්නාදවන බෙර හඬේම ආදර සුසරත්වයේ පපුවට දැනෙන ආත්මීය සුසරත්වය කියලා හිතා ගත්තාම හොඳටම ප්‍රමාණවත්. 
       පසුගිය කාලයේ මේ සම්බන්ධව ගොඩක් දේවල් ගොඩාක් අය කතා කළ බව දන්නවා. නම් කියන්න බැහැනේ අර කණ්ඩායම මේ කණ්ඩායම කිව්වම ඒකලා බෙදිලා හැප්පෙන්න එනවා. නමුත් මාරස වගේ උන් මහපාරේ බලාගන්න තියන දේවල් වචන වලට සහ අදහස් සංකල්ප වලට කිසිදා බද්ධ කරන්නේ නැහැ. කොටින්ම හතරට පහට තුනට කැඩිලා ඇති කණ්ඩායමක් කිව්වා වෙන්න ඇති ආසාව සහ විනෝදයේ දේශපාලනය සම්බන්ධ කතා. ඒවා ගැන අදටද කතා කරන්නේ උන්ම තමා. ඔව් මාරස 1961 ඉපදිලා සාමාන්‍ය පෙළ කරනකොට තමා 1977 විවෘත ආර්ථිකය කරලියට එන්නේ. ඒ කාලේ මාර සංවාදයක් ගියා. 1978 සිටම මේවා සිද්ධවෙන්න පටන් ගත්තා මතකයි. ජනප්‍රිය සංස්කෘතිය සහ සම්භාව්‍ය සංකෘතිය සම්බන්ධව මහා සංවාද ප්‍රවාද කරලියේ ඩ්‍රමක සිම්බලයක් වුනා. අද ඒවා සම්බන්ධව කතා කරනවා කියන්නේ ගෝත්‍රික වගේ කණ්ඩායම් සමග මහ පාරේ මරාගන්න වෙන්න ගැටලු. පශ්චාත් නූතනවාදයේ ශිෂ්ටත්වයේ ශිෂ්ටත්වයට පෙර වෙන මොකක්ද මගුලක් වෙන්න ඇති කියලා නිහඬ වී ඉතිරිය කියන්නම්. මාරසට වඩා වසර අටකින් විතර නිහාල් නෙල්සන් වයසයි කියනවා කියන්නේ යුග දෙකක තීරණාත්මක තැනක්.

   නමුත් මට මතකයි කාවඩි බයිලා ගීතය. ඒ පමණක් නොවේ, පරණ ජේවීපි පොරවල් උඹ පීචන් ගායකයන්ට ආසයි කියලා මා සමග ගැටුම් ගිය යුගය. නමුත් නිහාල් නෙල්සන්ගේ හඬ මම සජීවීව ඇහුවේ මිනුවන්ගොඩ ඇලිස් පාක් පිට්ටනියේ. අද අර නන්නත්තාර වෙලා වගේ ඇති මිනුවන්ගොඩ පළමු මංත්‍රීද කොහෙද ලාංකේය ප්‍රථම අගමැති කියලා කියන ඩී ඇස් සේනානයකගේ පිළිරුව තිබෙන පිට්ටනියේ. ඒ කාලේ තමා දිග ගවුම් ඇඳන් ඉන්න ‌කෙල්ලෝ පවා ගවුම් උස්සන් තිබ්බ සදාචාර මගුල් පැත්තකට දාලා වේදිකාවේ සින්දු කියනකොට ඉන් පහල නටන්න ගත්ත කාලය. ඇම් ඇස් ප්‍රනාන්දු ජීවිතයෙන්ම ප්‍රාසාංගිකත්වය සෙබා කියන සේක්සපොන් වාදයකයා සමග අපට කියා දීපු කාලය. ‌ජෝතිපාල වේදිකාවට නගිද්දි දහස් ගනන් මිනිසුන් අතගාපු කාලය. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වේදිකා සංගීත වලදි අමරදේව කියන මහා සංගීත වේදියාද මහා වැලී කියමින් වේදිකා නැගපු කාලය. ‌සිංහලෙන් කියනවානම් ජේ ආර් ජයවර්ධන බලයට පත්වෙලා විවෘත ආර්ථිකය ගෙනාපු කාලය. ඒක කරන්න විධායක ජනාධිපති බලය නැතිව බැරි නිසා ඒද කළ කාලය. පසුව ඒක වංගු බලයක් කරගනිමින් නූතන වාම සංවිධාන වලටද විධායක බලය අහෝසි කරනු වැනි අති පැරණි ‌පරණ නොවුන සටන් පාඨ නිර්මාණය වුන කාලය. පිස්සු හැදෙන කාලය. තවත් පැත්තකින් වම හුකෝගන්න පටන් ගත් කාලය.

    නමුත් මේ කාලයට පසු අර නම නොකියූ බලපෑම් කණ්ඩායමක් ගෙනා දේශපාලනයට ගෙනා ආශාව සහ විනෝදය කියන සංකල්පය සැබෑවක් බව පසුව සාධනය කළ කාලයත් මාරයි. ඒක මහා ගැඹුරු කතිකාවක්. ජ්‍යාතන්තර නොවේ වීශ්වීය කියලත් හිතෙනවා. ඉතින් නිහාල් නෙල්සන් මළ බව මට ආරංචි උන ගමන් මාරසට ඒකාගේ කාවඩි බයිලා සිහි වුනා.

       ඒක බෙර හඬේ සුසරත්වයේ අනන්තය අනුදකිමින් මෘදංග මාදුර්ය හොයා ගිය සප්ත ස්වරයේ විභේදනයන්ගේ මාර වැඩක්. මම නවරත්න ගමගේට කතා කලා. නවා මගින්  නිහාල් නෙල්සන්ගේ කාවඩි බයිලා වලට  ඩ්‍රම ගහපු මහින්ද සිල්වාගේ නොවේ නව ශබ්ද ආදරයක් නිර්මාණය කළ මහින්ද සිල්වාගේ  දුරකතන අංකය  අමාරුවෙන් හොයාගත්තා. මාරස දෙයක් ලියනකොට හදාරනවා තමා. ඒ රචනා ලියන උන්ගේ ආධ්‍යාත්මික නීතියකටත් වඩා රීතියක්.

    අනේ මාරස සමග දාදිය දාගෙන පට පට ගගා ඩ්‍රම වයන මහින්ද සිල්වා පොඩි ළමයෙක් වගේ කතා කළා. පිස්සු හැදෙනවා. 1953 ඉපදුනත් ඒකා කුම්භ ලග්නයේ. කුම්භ ලග්න කාරයෝ කියන්නේ ජීවිතය පිටට බෙදන උන් විනා වෙන දෙයක් ඉතිරිකරගන්නා නැති කුලකයක් බව මාරසට අමුතුවෙන් හදාරන්න දෙයක් නැහැ. ඒකා ආදරණීය පොරක්. ලයාන්විත ආදර හඬක්. ඒකාගේ මහා ශබ්ද වලත් ඒ හඬ තියනවා. අනේ මන්දා තානම් වලට කෝමල ස්වර එකතුවෙන විදිහ. මාරසට කියන්න බැරි කමකුත් නැහැ. සෙස්ස පස්සට දාමු

   කෙසේ නමුත් දුරස්තකරණ රීතියේ මාර තැනක්. ඩ්‍රම් කියන්නෙත් වෙනත් කලාපයකින් තවත් කලාපයකට ගිය නූතන බෙරයක්ම තමා. නමුත් ඒක මාරයි. ඒකේ පළමු විභේදනය වෙන්නේ 1960 සිට එස්කෝස්ටික් ඩ්‍රම් සාම්ප්‍රාප්තියත් 80න් පසු පහතරට ‌බෙරයද විනිමිදිමින් මද්දලද සුරතල් කරමින් ඩ්‍රම් කොල්ලන්  කෙල්ලගේ හදවතේ ලබ්ඩබ් හඬ හබ් ඩබ් කරමින්  ඉලෙක්ට්‍රොනික් ඩ්‍රම් ‌අහසින් මෙන් ප්‍රාදූර්භූත වුනා කියලත්  හිතෙනවා.  

   මෙන්න මෙතනින් පසුව ලංකාව ඩ්‍රම් ලෝකයක් වුනා. වැදගත්ම කාරණාව වන්නේ නිහාල් නෙල්සන් ගායනයෙන් අයින් වෙලා සංගීතයේ ‌නව බෙර හඬින් මතු කරන මෘදංග සුසරත්වයට ඉඩ දීලා ඔහේ බලාගෙන ඉන්න විදිහයි. නමුත් අවසානෙදි මහින්ද සිල්වා ගානට නැවත නිහාල්ට ඉඩ දෙන්නේ අපට බ්‍රෙෂ්ට්ගේ දුරස්තකරණ සිද්ධාන්ත සිහිකරමින් වගේ. ගීතයේ අර්ථ ගැන කියන්න ගියොත් මේ කතරගම දෙවියන්. කාවඩි. තව දුරටත් ගියොත් සූර්යා. ඒ කියන්නේ අර මාක්ස් එංගලස් කියන සූර්යාටත් දැන් හොඳටම වයසයි කියන කාබනික කතන්දරයේ සාමාජීය දේශපාලනික වින්දනයේ අපූරත්වයක්. ‌

   කෙසේ හෝ වේවා නම් නොකියන කණ්ඩායමක සහ නම නොකියන එහි නායකන් විසින් නැවත ලෝකයට මතුකල පශ්චාත් නූතන හෝ වෙන කුමන හෝ මගුලකින් පැමිනි විනෝදය කියන දේශපාලන කතන්දරය බෙර හඬ අපරදිග වෙමින් අපේ රටට විනෝදය සහ ආශාව දනවපු තැනක විශේෂිත සංගීත ශිල්පියෙක් තමා නිහාල් නෙල්සන් කියන්නේ. ඒ සමගම මහින්ද සිල්වාත් හෙවනැලි වගේ. ඒවා බයිලද නැතිනම් මොනවද කියන්න මාරස ශබ්ද කෝෂයේ ඕන තරම් වචන ඇති. නමුත් මේ දේ කිව්වේ ඇත්තටම නිහාල් නෙල්සන්ට නිවන් සුව හෝ සුවර්ගය පතන්න නොවේ. ඒකා මලත් සන්පලවර් සිට සුපර් ස්ටා ගියඒකාගේ මිතුරා වන මහින්ද සිල්වාට දීර්යුෂ පතන්නත් නොවේ. ජය වේවා මචං කියන මාරසේ ආදරය කියන්නයි. ඊට එපිටින් නිහාල් නෙල්සන්ට කියන්න තියන තව කතාවක් මාරසට තියනවා. මොන මගුල උනත් කාරි නැහැ. පුළුවන්මක් තියනවානම් වෙලාවක අපිව බලල යන්න වරෙන්. අපි මයික් එකක් තියන් ඉන්නම් ඒක උඩ දදා විනෝදයෙන් අපේ ආදරය සහ ආශාව උඩ දම දමා වින්දනය කරමින් අපවත් වෙනම ලෝකයකට ගෙන යන අයුරු දකිනවාටත් වඩා විඳින්න. ඉතින් මචන් නිහාල් නෙල්සන්. ඉක්මනට නැවත එන්න කියමින් මාරස සටහන අවසාන කරන්නම්.

තාන් දීන් තිලක නදින්

කොහොඹ කලේ ඔලුවේ තියන්

කෝලම් පාරට නටලා...

තාලම් නාග සලං තොවිල් බෙරේ කරේ බැඳන්
කෝලන් ඔක්කම දමලා
දෝතින් පඩුරු අරන් බාර හාර ඔප්පු කරන්
කතරගමේ දෙවිදුට වැදලා..
පෝලිං ගැහිලා වරෙන්
සුවඳ පොට්ටු තිලක තියන්
නටන්න කාවඩි බයිලා....

තාන් දීන් තිලක නදින්

කොහොඹ කලේ ඔලුවේ තියන්
කෝලම් පාරට නටලා...
තාලම් නාග සලං තොවිල් බෙරේ කරේ බැඳන්

කෝලන් ඔක්කම දමලා
දෝතින් පඩුරු අරන් බාර හාර ඔප්පු කරන්
කතරගමේ දෙවිදුට වැදලා..
පෝලිං ගැහිලා වරෙන්
සුවඳ පොට්ටු තිලක තියන්
නටන්න කාවඩි බයිලා....


පස්සපාන ඇග ගාගෙන පිරුවට ඇදලා

මොණර පිලෙන් සැදු කවඩි කර උඩ තියලා
ජෝතිදාරෙ රිද්මේ අනුව පාදය තබලා
ඉතින් දෝස බංග වෙන්න නටමු මැද්දට පැනලා

පස්සපාන ඇග ගාගෙන පිරුවට ඇදලා
මොණර පිලෙන් සැදු කවඩි කර උඩ තියලා
ජෝතිදාරෙ රිද්මේ අනුව පාදය තබලා
අපි දෝස බංග වෙන්න නටමු මැද්දට පැනලා

තාන් දීන් තිලක නදින්

කොහොඹ කලේ ඔලුවේ තියන්
කෝලම් පාරට නටලා...
තාලම් නාග සලං තොවිල් බෙරේ කරේ බැඳන්
කෝලන් ඔක්කම දමලා
දෝතින් පඩුරු අරන් බාර හාර ඔප්පු කරන්
කතරගමේ දෙවිදුට වැදලා..
පෝලිං ගැහිලා වරෙන්
සුවඳ පොට්ටු තිලක තියන්
නටන්න කාවඩි බයිලා....




කතරමේ ගුණ වරුණේ සැමට කියාලා
මම හතර වටින් ගොතන්නෙමි කාවඩි බයිලා
අතර මැදින් පැනලා මල් මාල ගෙනැල්ලා
ඉතින් නතර නොවී නටලා ආරූඩ වෙයල්ලා

කතරමේ ගුණ වරුණේ සැමට කියාලා
මම හතර වටින් ගොතන්නෙමි කාවඩි බයිලා
අතර මැදින් පැනලා මල් මාල ගෙනැල්ලා
ඉතින් නතර නොවී නටලා ආරූඩ වෙයල්ලා

තාන් දීන් තිලක නදින්
කොහොඹ කලේ ඔලුවේ තියන්
කෝලම් පාරට නටලා...

තාලම් නාග සලං තොවිල් බෙරේ කරේ බැඳන්
කෝලන් ඔක්කම දමලා
දෝතින් පඩුරු අරන් බාර හාර ඔප්පු කරන්

කතරගමේ දෙවිදුට වැදලා..
පෝලිං ගැහිලා වරෙන්
සුවඳ පොට්ටු තිලක තියන්
නටන්න කාවඩි බයිලා....




පස්සපාන ඇග ගාගෙන පිරුවට ඇදලා

මොණර පිලෙන් සැදු කවඩි කර උඩ තියලා
ජෝතිදාරෙ රිද්මේ අනුව පාදය තබලා
ඉතින් දෝස බංග වෙන්න නටමු මැද්දට පැනලා

කතරමේ ගුණ වරුණේ සැමට කියාලා

මම හතර වටින් ගොතන්නෙමි කාවඩි බයිලා
අතර මැදින් පැනලා මල් මාල ගෙනැල්ලා
ඉතින් නතර නොවී නටලා ආරූඩ වෙයල්ලා

තාන් දීන් තිලක නදින්

කොහොඹ කලේ ඔලුවේ තියන්
කෝලම් පාරට නටලා...
තාලම් නාග සලං තොවිල් බෙරේ කරේ බැඳන්
කෝලන් ඔක්කම දමලා
දෝතින් පඩුරු අරන් බාර හාර ඔප්පු කරන්
කතරගමේ දෙවිදුට වැදලා..
පෝලිං ගැහිලා වරෙන්
සුවඳ පොට්ටු තිලක තියන්
නටන්න කාවඩි බයිලා....

තාන් දීන් තිලක නදින්
කොහොඹ කලේ ඔලුවේ තියන්
කෝලම් පාරට නටලා...
තාලම් නාග සලං තොවිල් බෙරේ කරේ බැඳන්
කෝලන් ඔක්කම දමලා
දෝතින් පඩුරු අරන් බාර හාර ඔප්පු කරන්
කතරගමේ දෙවිදුට වැදලා..
පෝලිං ගැහිලා වරෙන්
සුවඳ පොට්ටු තිලක තියන්
නටන්න... කාවඩි බයිලා....

https://youtu.be/AnNuDiGNEtI
https://jagathmarasinghe.wixsite.com/mare
17 12 2022



Powered by Blogger.