කොහොම නමුත් එදා විවාදයේ මාතෘකාව උනේ විද්‍යාව සහ ඊට ප්‍රතිවිරුද්ධ අදහස් ජනිත කරවන කතන්දරයක්. ඉතින් විද්‍යාවට විරුද්ධව පෙනී හිටින එක කතිකයෙක් කිව්වා අඩි උස සපත්තු දැමීමෙන් ගර්භාෂය පහත්වේ කියලා පැරණි පත්තරයකින් ගත්ත ශාක්ෂි සමග කතාවක්. විද්‍යාව පැත්තට පෙනී හිටපු පැත්තෙන් එකෙක් ඒකාගෙන් ඇහුවා ඇයි තමුන්නාන්සේ අඩි උස සපත්තු දාන්නේ. තමුන්නාන්සේගේ වෘෂණ කෝෂ පහත්වෙයි කියලා. මේ අවස්ථාව තවම මතක විනිශ්චය මන්ඩලයත් නන්නත්තාර වන තරමට නරඹන සිසුවන්ගේ උපහාසාත්මක ගෝෂාව නිසා වෙන්න ඇති.
තවත් පැත්තකින් ඡායාරූපයේ කාන්තාවන්ගේ ශරීර විද්‍යාවේ සෞන්දර්ය ගැන කියනකොට කාන්තාවන්ගේ පස්ස නැතිනම් පුක කියන කතන්දරයට නෘත්‍ය කලාවෙ විද්‍යාවන් පමණක් නොවේ කලාවේ සෑම ශානරයකම දී ඇති විශේෂත්වය අපි දන්නවා. සිහියට එනවා සේකරයන්ගේ ගීතයක්. ඒ ගීතය යූ ටියුබයේ හොයා ගන්න බැරි වුනා. නමුත් ගුණසේන ගලප්පත්තිගේ මුහුදු පුත්තු නාටකයට ලියපු කව් ගී සහ භාව සේයා ඒවා නරඹපු අපේ හිතින් මැකිලා යන්නේ අප මළ දාටකියලවත් කියන්න බැහැ. මොකද ඒවා එකිනෙකාගේ සිත් වලට කාන්දු වෙනවා. ඉතින් සේකර මෙහෙම ලියලා තිබ්බා. ඒ ගීතයනම් නැවත නිෂ්පාදනයක් කරනකන් කොහේ තියනවාද කියලා හොයා ගන්න මතක පදවලදි ගැමුනු ජයන්තලාටවත් බැරි වුනා වගේත් මතකයි. නමුත් මතකයේ ඇති පද කීපය මෙතනට ප්‍රමාණවත්. ඒවා ඒ නාටක පොතේ තිබ්බ නිසා.
මෙන්න මේ ඉඟටියේ නැටවිල්ලේ භාවමය නෘත්‍ය වින්‍යාසයන් නර්තනය කරන ඈයෝ ඉතා හොඳින් දන්නවා. රුසියානු හංසවිලක් වන් බැලේ බලනකොට විතරක් නොවේ අපේ වන්නම් දිහා බලාගෙන ඉන්නකොට ගැහැනියගේ මේ ඉඟටියේ ලාලිත්‍යය සම්බන්ධව පුදුම සිතිවිලි මතුවෙනවා තමා. අඩි උස සපත්තු හෙවත් ගැහැනියෙක් හයි හීල්ස් දාපුවාම මේක මතුවෙන බව ඇමිති තියටර්ස් තිබ්බ යුගයේ සිට පමණක් නොවේ ලාංකේය ගිරි දේවියගේ නැටුමෙනුත් අපට සිහිවෙන කාරණා එමටයි
කවි කෑල්ලක් සිහි වුනා ගිරි දේවිය ගැන කියනකොට. තමන්ගේ සහෝදරයා වෙච්චර ගරා යකා සිය නැගනියට ඇතිවූ කාම පිපාසාව පැති ගණනාවකින් අපට දැකිය හැකියි. මේ කවිය සිහිවුනේ ඒක හින්දා. ඉතින් ගරායකාගේ සහෝදරිය ඒ ගරා සහෝදරයගේ කාමුුක හටනකින් පසු ගෙලවැල දාගෙන මැරෙන එකයි මේ කවියෙන් කියවෙන්නේ.
අත් බඹ වරලස උනා වැටෙච්චී
නෙත් කඳුලින් පියයුරූ නැහැවෙච්චී
අත් දෙක මල් දම් සේ එල්ලිච්චී
ගිරි කුමරිය ගිරී දේවිය වෙච්චී.
ඉතින් මේ හැමදේකම තියන නෘත්‍ය වින්‍යාශයන් සිහිකරණ නෘථ්‍යාංගනාවියන් පමණක් නොවේ කලේ උකුලේ තියන් නට නටා මෙන් යන පැරණි චිත්‍රයක් ගත්තත් විහාර දේවාලගම් වල බිතු සිතුවම් ගැන විමැසිල්ලෙන් විමැසුවත් නැතිනම් අම්මාගේ උකුලේ නැලවුන අපේ සිතිවිලි පරම්පරාවේ යථාව දැක්කත් ස්ත්‍රී උකුලේ ඇති ලාලිත්‍ය පමණක් නොවේ යථාවද අපට අප මුල් බීජය හැදුන වැඩුන ගර්භාෂ බිත්ති වල ශක්තිය පමණක් නොවේ ඒවායේ තියන මාතෘ ආදර ස්ත්‍රී ලාලිත්‍ය දැනෙන්න ගන්න බව නොදන්නා අයෙක් ඉන්නවාද කියන කතාවනම් අනිවාර්යෙන් සැකයක් වෙනවා.
කෙසේ හෝ මේ හයි හීල්ස් වලින් මේ නාරි ශරීර ලාලිත්‍ය මහපාරෙත් නැටුමක් බවට පත්වෙලා අවසානයි. ඒක සෘංගාරය පමණක් නොවේ ඉන් එහාටද පසුව ලිවිය යුතු කතන්දරයක් බව මාරස නොදන්නවා නොවේ. ඒ සෙස්ස දැනට පස්සට තියන්නම්.
කොහොමත් හයි හීල්ස් හෙවත් අඩි උස සපත්තු සමග ස්ත්‍රී ඉඟටියෙන් මතුවන අභිනයන් වලට වඩා තව යථාවන් තියෙනවා කියන්නේ සැබෑවක්. අවසානයේ කාම සූත්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර වලටත් එපිටින් ගිහිල්ලා දාර්ශනික පැතිකඩකින් පිරිමි මානසික අනුකූලතා වලින්ම තමා අවසාන කරන්න වෙන්නේ කියන සිතීමත් අහක දැමිය නොහැකියි. තවදුරටත් ලියන්න ගියොත් තාරාදේවිලා හරහා සීගිරි අප්සරාවියන් සිහිකර පශ්චාත් නූතන අප්සරාවියන් අනංගයාව මර්ධනය කර ඇති ආකාරයද ලියන්න වෙනවා අනිවා.
මේ ඡායාරූපය මාරසට සයිබර් රස්තියාදුවේදී ඇස ගැසුනේ https://www.walkingphotographer.net යන සයිබර් පිටුවෙන්. නමුත් හයි හීල්ස් නැතිව මේ නටන්නේ ගරායකා ගැනත් ගිරිදේවියගේ කේදවාචයකත් කියන පැරිණි යක් නැටුමක් වන් වුන ගිරිදේවියගේ නර්තනයකින්. මේ සටහන දිග ලිපියකට මුලක් සේ සලකන්න. නමුත් සයිබර් වෙබයක පටුනක් ලෙස මේ සටහන තාවකාලිකව මෙතනින් නවතන්නම්.
https://youtu.be/8v-CD7vyH7c
ජගත් මාරසිංහ
14 12 2022