පාදඩ අසපුවේ මුනිවරයා

 ‌                                                                    පාදඩ අසපුවේ මුනිවරයා


පවුල පෞද්ගලික දේපල රජය ඇතිවීමෙන් පසු පශ්චාත් නූතන යුගයේ පුරුෂයා සහ කාන්තාව පමණක් නොව ඩීල් සමාජය ඔස්සේ ජීවිත රස්තියාදුවේදී දුටු ‌දේ විනිවිද නොදුටු තැන් උරගා බැලීම මිනිසත් බවේ සැබෑ පුරවැසියා අහිමිවීම සහ ඊට බලපෑ පුරවැසි කුහකත්වය සහ දේශපාලන බංකොලොත් අමු අමුවේ දිගහරිමින් මේ නිමේශයේ ස්වයංචරිතාපදාන අත්කීදැකීම් සහිතව "කැත කතුන්ගේ පතිවත පිළිඹඳ අධීක්ෂණ වාර්ථාව" ග්‍රන්තයෙන් පසු එවැන්නක්ම ලිවීමට පෙර ප්‍රචාරක කටයුතු   සඳහා තෝරා ගත්තේ රසික- රන්දික දෙපල ඒ කාලයේ මාරස හැඳින් වූ අන්වර්ත නාමයක් වන " පාදඩ අසපුවේ මුණිවරයා" යනුවෙනි.  ‌‌කෙසේ හෝ ජීවිත ගමනේ ඇසට දකින දකින ‌චරිත යටින් ඇති හොල්මන් ආත්මයන්ගේ සංවේදනාත්මක අහිංසක කමද, කුහක කමද, චන්ඩිකමද, තිරිසන් කමද පාටක ඔබ ඉදිරියේ තබා ඔබටම සිතීමට පොටක් පාදාගැනීමට හැකියාවක් ලැබෙන පරිදි ලියන්නට වෙහෙසන නිසා කාලය සමහර විට දිගු විය හැක. එලෙසම කෙටි වියද හැක. නැතිනම් දමාගසා නොලියා ඉන්නටද හැකිය. ඒ මාරයන්ගේ විදිහය.
ජගත් මාරසිංහ
https://jagathmarasinghe.wixsite.com/mare


Powered by Blogger.