ඩොලර් මොකට මිනිස්කමයි සැපත මේ ලොවේ.

                                                            ඩොලර් මොකට මිනිස්කමයි සැපත   මේ ලොවේ.


හිතා හිටියේ මහා පොරක් 

කියලමයි පුතේ

අපේ කාලේ දේදුන්නේ

පාට ඒ නොවේ

පාට පවා වෙනස් වෙලා

සූර්ය මණ්ඩලේ

නමුත් අපේ ලෝකය නම්

රතුයි මගෙ ‌පුතේ.

වීදි රස්තියාදුවේ 

පමණක්ම නොවේ 

අනේ පියා සංචාරය කරයි 

හැම දෙසේ

පුංචි කාලේ කියපු කතා අමතකද පුතේ

ඩොලර් මොකට මිනිස්කමයි සැපත 

මේ ලොවේ.

හිගන්නො නැති ලොවක් නැතේ 

මිනිස්සුන්ගේ සිතිවිලිනම් සුළි සුළංවගේ

අනේ නුඹේ තාත්තතලගේ පැතුම් මේ ලොවේ

තැබෑරුමට හොරෙන් ගිහින් අහුන් කන්දියන්.

සියලු දුවල පුත්තු උනගේ හදවතම වගේ.

කරන එකම දේ පමනයි සාක්කුව අතගා

දරුවෝ ගැන සිතා අනේ යාචකයන්ට දේ.

වෙනස් වෙයන් කීවට බැහැ කීව බුදු රජුන්

අපි ඔක්කොම එකා වගේ කිව්ව අයගෙනම්

එංගල්ස් නම්  පිරිමියෙක්ද දන්නේ නැහැ මචං

නමුත් ඒකගේ රසයි ලේකනය බොහෝ

නුඹත් මැරෙයි මමත් මැරෙයි තව සියවසකින්

අපිව දන්න අය කවුරුත් ඉන්නේ නෑ ඉතින්

නම් පමනක් කියා එවුන් කීව දේ මකා

විකාරයක් කරනවනම් නියතමයි වගේ

කවුරු කෝම කිව්වත් ලඳ බොළඳ කෙල්ලනේ

ලෝකය නම් වෙනස් වෙනවා අකුනු සැර වගේ

මොනා වෙනස් වුනත් එකක් තියනවා ලොවේ

බයිබලයට අහුවුනාද දන්නේ නැහැ පුතේ.

වෙනස් වීම පවාඅනේ වෙනස් වෙනව කී 

බුදුරදුන්ව සිහිවෙනවා ගයමි අමා ගී

මොකක් ජීවිතය කියා ඇසුවොතින් යමෙක්

මොකුත් නැතැයි කියන්නටත් බියක් නැහැ දුවේ.

ජගත් මාරසිංහ

19 08 2023

https://jagathmarasinghe.wixsite.com/mar


Powered by Blogger.