ලිංගික ආවේගයේ සහ හෘර්ද රේකාවේ අතීත කාමය 01)

 ,                         ලිංගික ආවේගයේ සහ හෘර්ද රේකාවේ  අතීත කාමය 01)


                      මේ පෑන් තුඩ තබා ඇත්තේ ගුරු මණ්ඩලෙන් කියා කියන ප්‍රදේශයේය. කොටින්ම දබරඟිල යටින් පටන්ගෙන සුළැඟිල දක්වා දිවෙන පැහැදිලිව අල්ලේ පේන රේකා තුනින් උඩම තිබෙන්නේ හෘද රේකාවම වන්නේය. මේ රේකාව ක්‍රිටෝරියස් හෙවත් ව්‍යාහාරික භාෂාවෙන් කාන්තාවන්ගේ මෑ ඇටයටද පිරිමින්ගේ නූල කියනා අර තොප්පිය ගසන වීට මතුවන වඩාත්ම චූන් තැනට වග කියන්න්නේ හස්ථරේකා ක්‍රමවේදයේ හෘර්දය රේකාවම වන්නේය. ඒ ගැන කතාකරන්නට ගියොත් මාරස පොතත් වෙන්නට හැකිය. තැනින් තැන කතා කළත් මාරස පොතක් නොවේය. ඒ පොතක් නොවන පොතක් ලෙස නඩත්තු කිරීම මාරසේ ආදරයයි

          මෙන්න මේ හෘර්ද රේකාව දම්වැල් පුරුක් ආකාරයෙන් ඇත්නම් මාරසද තරුණ කල ජැක් ගැසීමට නොහොත් බස් වල ගමන් ගන්නා කාගේහෝ ඒකිගේ ඇඟේ හේත්තුවී බැලුවේය. ඒ අපේ යුගයේ තාරුණ්‍යයේ කාමයේ තවත් කතන්දරයක් පමණි.
             සියයට 80 හෝ අනූවක් හෝ අතීත තර්ක විමසන විට සාධාරණය.. නමුත් මීට අසු නොවන කාන්තාවන් ‌සිටින නිසා මම මගේ මිතුරන් දෙදෙනකුට මේ බව කීවෙමි. උන් දෙදෙනාම දැන් ජීවතුන් අතර නැත. ඒ නිසා නම් ගම් සඳහන් නොකිරීම මාරසේ අයිතියකි. දම්වැල් වන් හෘද රේකාව කාන්තාවන්ගේ පිරිමින්ගේ ලිංගික ආවේගය පෙන්නුවත් ජීවන රේඛාව හෝ උපන් ලප වලින් ඒ තත්ත්වයන් වෙනස් වන්නේය. මට මගේ ඒ මිතුරන් දෙන්නාගෙන් කෙනෙක් ඇවිත් කිව්වේ මෙසේය.
" අනේ පල යකෝ යන්න. තොගේ හස්ත රේකාව. මට ගැහැණියක් කන පැලෙන්නටම සෙපේපුවෙන් ගැසුවා කියාය. එදා දවසේ අමරදේවයන්ගේ වක්කඩ ලඟ ගීතය මරදගහමුල බාර් එකේදී ගැයුවා මතකය. නමුත් අප තිදෙනාම ඉන්දු ලංකා ගිවිසුම සමයේ තුන් තැනක ජේ ආර් යටතේ හිර ගෙදර හිටියාත් මතකය.
         නමුත් ඒකිව මම හඹා ගියෙමි. ඒකිගේ කුජ මණ්ඩලයේ ලපයක් තිබේ. ඒකියන්ට මොන මගුලක්වත් ඇවැසි නැත ආරක්ෂක ඇමති ඇගට අත තිබ්බත් සෙරෙප්පුවෙන්ම ගහනවා නියතය. . මාරස හස්ත‌ රේඛාව ඉගෙන ගත් ආකාරයේ රසවත් තැන් අද සිට පටන් ගන්නවාය. තව ‌බොහෝ තිබේ.හෘර්ද රේකාව දම්වැල් වූ විට ඒකි හෝ ඒකාගේ ඕජෝ ධාතුව වැඩි බව ඇත්තකි. නමුත් ජීවිතය දර්ශනයේ විදිහට ගත්තත් එක් කාරණයකින් පමණක් තීරණය කළ නොහැක. සමහර විට ලිංගික  හැඟීම් නැති  තමන්ට ලස්සනම ලස්සන කෙල්ලක් තමන් වෙනුවෙන් දිවිනසාගන්නටද හැකිය. මතක තබා ගත යුත්තේ හස්තරේකා ක්‍රමවේදයත් සාමාජීය බවය. දයලෙක්තිකයට එකඟ බවය. ස්වභාවයාගේ විද්‍යාවක් බඳුය. බුදුණුවන් සහ බයිබලයේ දේවල් මාරස හරහා ඉදිරියට කියවෙනවා ඇත.
ජගත් මාරසිංහ
29 11 2023
https://jagathmarasinghe.wixsite.com/mare

1 comments:


Powered by Blogger.