අමරසේකර අභිනන්දන උපහාර උළෙල
ඔහු කීවේ අමතක වීමකින් නොව ඒ අවස්ථාවේ කාලයත් සමග ඒ නම්හතර ගැන කතාකිරීමට නොහැකි වීම සම්බන්ධව කණගටුව පමණි. පසුව මා ඒ නම් හතර ලියනවා කී විට එතුමා ඊට එකඟ වූ නිසා මාරස ලියන්නට තීරණය කළේය.
ගුණදාස අමරසේකර සහ නලින්ද සිල්වා මෙන්ම කුලියා පිටියේ ශ්‍රී ප්‍රනන්දයන් ද , සූරිය ගුණසේකර ශූරීන්ද හරිශ්චන්ද්‍ර විජයතුංගයන්ද අනගාරික ඩී අයි ජී ධර්මසේකරයානන්ද ජාතික චින්තනය සම්බන්ධව අමතක කළ නොහැක. දවසක් මා සමග දිනමින සාකච්ඡාවකදීනම් කුලියාපිටියේ ප්‍රනන්ද පැවසූවේ මාද ජාතික චින්තනය කියා කතා කළද ඒ සන්නාමය සම්බන්ධව නලින්ද සිල්වානන් මහා වැඩ කොටසක් කළ බවය. ඒ කරණ ලද්දේ ආදර කෝපය ආපසු ගිල දමමින්න්ම බව දකින්නා දැක්කේය.
මැකී යන කළු වලාවන් අතරින් වුවද වැස්සක් වැසීම නියතය. ඉන් පසු නැවත ස්වභාවයේ ගස් කොළ අතු රිකිලි දා පිබිදෙනු නියතය. ඔබගේ දේශනයට තුති. සරත්චන්ද්‍රයන්ගෙන් පසුව අපට දක්නට ලැබෙන අවසානම පුරුකක් වූ ගුණදාස අමරසේකර කලක් වමේ සිටි ඔබ ඒ සියල්ලන්ටම ඔබ්බෙන් කළ කතාව විවේචනය කිරීමට මාරස කැමති නැත කරන්නට බැරි තැන්ද තිබේ
අපේ පරපුරේ වැඩිමල්ලන් වූ ඔබලාට මාරස ගෞරව කරන්නේ නිකන් නොව මකා දැමිය නොහැකි දැනුමක් නිසාය. ජය වේවා කියා පමණක් පතමි.
https://youtu.be/P_Haoz7Rqys
1 comments:
++++++++ මා නලින් මහතා ගැන කලෙකට ඉහත ලියූ ලිපියක්.... https://maiyyagelokaya.blogspot.com/2011/01/blog-post.html