අමරසේකර අභිනන්දන උපහාර උළෙල

                                                      අමරසේකර අභිනන්දන උපහාර උළෙල


         2023 නොවැම්බර් 17 ගුණදාස අමරසේකර නම් විද්වතානන්ට අභිනන්දන උපහාර උළෙලක් බෞද්ධාලෝක මාවතේ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්විය.  කෙසේ හෝ නොවැලැක්විය හේතු නිසා මාරසට ඊට සම්බන්ධ වීමට නොහැකි විය. නමුත් නලින්ද සිල්වා විද්වතානන් එදා තරහා ගන්නේ නැතිව ජාතිකත්වයට ඇවැසි මාර දේශනයක් කළ අයුරු යූ ටියුබයෙන් බලා සිට මා නලින් සර්ගෙන් එකම අඩුවක් වූ දෙයක් ඇසුවේය.

        ඔහු කීවේ අමතක වීමකින් නොව ඒ අවස්ථාවේ කාලයත් සමග ඒ නම්හතර ගැන කතාකිරීමට නොහැකි වීම සම්බන්ධව කණගටුව පමණි. පසුව මා ඒ නම් හතර ලියනවා කී විට එතුමා ඊට එකඟ වූ නිසා මාරස ලියන්නට තීරණය කළේය.

       ගුණදාස අමරසේකර සහ නලින්ද සිල්වා මෙන්ම කුලියා පිටියේ ශ්‍රී ප්‍රනන්දයන් ද , සූරිය ගුණසේකර ශූරීන්ද හරිශ්චන්ද්‍ර විජයතුංගයන්ද අනගාරික ඩී අයි ජී ධර්මසේකරයානන්ද ජාතික චින්තනය සම්බන්ධව අමතක කළ නොහැක. දවසක් මා සමග දිනමින සාකච්ඡාවකදීනම් කුලියාපිටියේ ප්‍රනන්ද පැවසූවේ මාද ජාතික චින්තනය කියා කතා කළද ඒ සන්නාමය සම්බන්ධව නලින්ද සිල්වානන් මහා වැඩ කොටසක් කළ බවය. ඒ කරණ ලද්දේ ආදර කෝපය ආපසු ගිල දමමින්න්ම බව දකින්නා දැක්කේය. 

       මැකී යන කළු වලාවන් අතරින් වුවද වැස්සක් වැසීම නියතය. ඉන් පසු නැවත ස්වභාවයේ ගස්  කොළ අතු රිකිලි දා පිබිදෙනු නියතය. ඔබගේ දේශනයට තුති. සරත්චන්ද්‍රයන්ගෙන් පසුව අපට දක්නට ලැබෙන අවසානම පුරුකක් වූ ගුණදාස අමරසේකර කලක් වමේ සිටි ඔබ ඒ සියල්ලන්ටම ඔබ්බෙන් කළ කතාව විවේචනය කිරීමට මාරස කැමති නැත කරන්නට බැරි තැන්ද තිබේ

    අපේ පරපුරේ වැඩිමල්ලන් වූ ඔබලාට මාරස ගෞරව කරන්නේ නිකන් නොව මකා දැමිය නොහැකි දැනුමක් නිසාය. ජය වේවා කියා පමණක් පතමි.

https://youtu.be/P_Haoz7Rqys

වළාකුලින් බැස සමන් කුළත් වැඳ
එලෝ බලා යනවා
අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු
හඬ හඬා ඔහේ යනවා
දැවේ දැවේ බිම් වැදී රජස් දුම්
බැලූ බැලූ හැමතේ
යවවු යවවු මා එහේ මෙහේ හා
ගිමන් නිවා පොළොවේ
වළාකුලින් බැස සමන් කුළත් වැඳ
එලෝ බලා යනවා
අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු
හඬ හඬා ඔහේ යනවා
දැවේ දැවේ බිම් වැදී රජස් දුම්...
එදා රටේ මේ දනෝ තැතින් මා
තැනින් තැනේ රඳවා
මගෙන් වැඩක් ගෙන මටත් වැඩක් කොට
ලොවේ නමක් තැබුවා
වැඩක් නොගත් දිය හඬා දොඩා මේ
මුවේ බලා යනවා
හැපී සිඳී සිඳු තෙරේ වැදී කරදියෙන්
එලෝ යනවා
වළාකුලින් බැස සමන් කුළත් වැඳ
එලෝ බලා යනවා
අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු
හඬ හඬා ඔහේ යනවා
පදරචනය -අරිසෙන් අහුබුදු
සංගීතය - සුනිල් ශාන්ත
ගායනය -සුනිල් ශාන්ත

https://jagathmarasinghe.wixsite.com/mare
26 11 2023
ජගත් මාරසිංහ

1 comments:

++++++++ මා නලින් මහතා ගැන කලෙකට ඉහත ලියූ ලිපියක්.... https://maiyyagelokaya.blogspot.com/2011/01/blog-post.html


Powered by Blogger.