තාත්තලා ඇත්තටම ගොළුයි තමාය....

                          තාත්තලා ඇත්තටම ගොළුයි තමාය....


    මාරසට තාත්තා කෙනෙක් සම්බන්ධව වැටහීමක් හෝ ජීවමාන අවබෝධයක් නැත. මන්ද මා ඉපදී අල්ලා සිට ගන්නා විටම තාත්තා සදහටම සිතීම නවතා ඇති නිසාය. ඊට සාපේක්ෂකව ‌මහා දාර්ශනිකයන් සහ ධර්ම ශාස්තෲවරුන් කිව යුතු සියල්ල මටද එසේම තමාය. ඒවාට මාරස තර්ක කරන්නට යන්නේ නැත. මන්ද තර්ක කර දිනා ගැනීමට දෙයක් අපට නැතිබව වයස 63දී මා වටහාගෙන සිතන නිසාය.
      එසේ වුවද විවිධ තර්ක විතර්ක වල පැටලී සිටින මොහොතක අපට පසු පරපුරක කොල්ලෝ දෙන්නෙක් මා ස‌ොයා පැමිණීම මාරය. මට නැවත ජීවත් වීමට සිතිනි. ඒ මහේෂ් චන්ද්‍රසේන සහ ඔක්ෂාන් විජේරත්න යන කලාව සහ දේශපාලනය සොයනා අද පරපුරේ යුගයක මිනිසුන්ය. මට ඔක්ෂාන් ‌ගොළු තාත්තා ‌යන එයාගේ පර්යේෂණාත්මක රචනයක් කියා කියන රූපවාහිණියෙන්ද මිනිසුන් විඳි අත් පිටපත දුන්නේය. ඒකට මම ආසාය. මක්නිසාද මාද මේ මොහොතේ ගොළු තාත්තෙක් නිසාය.
    මාක්ස් එංගල්ස් පමණක් නොව සුද්ධෝන රජතුමන් හැර අපි ගොළු තාත්තලා තමා යන්න මෙනෙහි කරමින් සිටින විට මේ කෘතිය කෙසේ වෙතදු ඒ අවකාශයට අනුව මා නැවත පණ ගත්තා සේය.
   තාත්තලා සංසාරය අල්ලා පැත්තකින් තිබ්බත් ප්‍රාග් කොමිනියුෂට් නැත්නම් අයිතිහාසික යුගයේ සිටම ගොළු තමාය. ඒ ගැන විස්තර කිරීමට පොතකින් දෙකකින් විනා බ්ලොග් ලිපියකින් කිසිසේත්ම නොහැක. 
      කොටින්ම ඒ යුගයෙන් පසු තාත්තලා දඩයමේ ගියේය. පසුව යුද්ධයන්ට ගියේය. පසුව පවුල නඩත්තු කරන්නට රස්සාවල් වලට යන්නේය. කිසිදා දරුවන්ට පියාගේ ආදරය නොතේරෙන්නේමය. එකම ආරක්ෂාව මව හෙවත් අම්මා පමණක් වන්නේය. අම්මා වරුන් ගැන ගීත කව් දස දහසක් ලියවී ඇති නමුත් පියවරුන්ගේ දරුවන්ට ඇති ආදරය කියන්නට නොහැක. ගොළුම තමාය. දිව ඇතත් කතා කිරීමට නොහැක. ගොළුම තමාය. දරුවන'්ද  අවසානයෙ' අම්මාටම සේන්දු වේ. තාත්තා බල් බල් ගසන ගොළුහඬද නැතිවන්නේ මේ කාල අවකාශයේය. ඇවැසිනම් "ගොලු තාත්තා" පවුල පෞද්ගලික දේපල සහ රජය ඇතිවූ හැටි හරහා මාක්ස් වාදය හරහාද ලිවිය හැක. නැතිනම් ගෞථම බුදුනුවන්ගේ සුද්ධෝධන රජු පමණක් බුදුණුවන්ට දබර ඇඟිල්ල දික්කර කතා කර ඒ මොහොතේ ගොළු නොවූ අයුරුත් ලිවිය හැක. කෙලින් කියනවානම් සුද්ධෝධන රජ හැර අන් සියලු පියවරුන් ගොළුවන්ය. අසාධාරණයේ දරුවන් මහණකර ගිහි රජතුමාට කරදරයක් වන විට කෙලින්ම තම පුතනුවන් ඉදිරියට ගොස් දබරඟිල දික්කර නැවත එසේ නොකරණ ලෙස ඉල්ලා සිටීයේය. ඒ තර්ජනයක් තමාය. ඒ සුදොවුන් රජුගේ කතන්දරය සරත් චන්ද්‍රයන්ගේ  සිංහ භාහු නාට්‍ය ගීතයකින්ද මාරස විමසීම පසුවට කල් දමමි.
       නමුත් ඔක්ෂාන් , මහේෂ්, තව කල්ගොසින් ගොළු තාත්තලා ගැන ලියන්නට අවසර දෙව. මන්ද තොපද තොප පරපුරද සියල්ලෝම ගොළු තාත්තලා නිසාය. මාරසනම් ඊට විරුද්ධව කැරැල්ලක් තමන්ගේ හදවතින්ම ගසා ඇත. නමුත් සුදොවුන් රජුව පැරදවීමට තාමත්  බුදුනුවන්ගේ  වදනක් සොයා ගැනීමට නොහැකි බව සැබෑවකි. නමුත් උන් වහන්සේ කොහේ හෝ දේශනාකර  නොතිබෙනනටද නොහැක. කල්ප ගනණින් පවතින බුද්ධත්වය වනාහී ධර්මස්කන්ධයම බව අපි දනිමු. අප ඒ ධර්මයේ කිඳා බසිමින් ගොළු තාත්තලා බිහිවන දේශපාලනයට ඔබ්බෙන් වූ ධර්ම විග්‍රහය කුමක්දැයි සොයනු ඇත. ගොළු තාත්තා සමග අපට එවිට මචන් බුදුනුවන් සමග සුද්ධෝධන රජ තුමාද මුන ගැහෙනු ඇත . ගොළු තාත්තලා වනාහි බිහිරි දරුවන්ගේ ප්‍රතිවිරෝධය බවද සාධනය වනු ඇත. අවසානයේ අපි අපවම දැක්කා වෙනු නියතය. ඒවා මාර කතාය.
    මොනවා උනත් මේ මොහොතේ කලාවට ආදරය ඇති නුඹලා දෙන්නාට මාරස ආදරෙයි බව කියමින් සටහන අවසාන කරන්නම්.
ජගත් මාරසිංහ
27 11 2023
https://jagathmarasinghe.wixsite.com/mare
 

1 comments:

තාත්තලගේ ආදරය ලමයින්ට තේරෙන්නෙ ලමයිනුත් දෙමව්පියන් උන දාට කියලා හිතෙනවා. ලමයි වෙනුවෙන් තාත්තලා කරන කැපකිරීම ගොලුවෙන්න පුලුවන් ඒත් නොපෙනී යන්නේ නෑ....ඒ ආදරයට කට හඩක් නැති උනත්, ලස්සන හදවතක් තියෙනවා. - Mayya - https://maiyyagelokaya.blogspot.com/


Powered by Blogger.