ජීවිතය කියන්නෙත් රටාවක් තමා

                                                         ජීවිතය කියන්නෙත් රටාවක් තමා

     මාරස ඉස්සර බලන් හදාරනවා. මම වැඩට යනකොට පාංකාරයා කොහේද හමුවෙන්නේ කියා. පැලැට්ස්වල ඉඳන් යනකොට ගේ ගාවදිම. මගේ මතක ලෝකෙන් පාණදුර පරත්තේ සිට යනකොට බාසුන්නැහැලගේ ගේ ගාවදී මාර රිද්මයක් වගේ පැටන් එකකටත් වඩා ඒක ශ්‍රේණියක් වගේ. මොකද අපි ඇන් සී ජී ඊ ආධ්‍යාපනය ලබපු උන්. උන් තමා ගොඩක් වෙලාවට භීෂණයෙන් මැරිල ගියේ. බද්දියුදින් මහමුද් නැමති අධ්‍යාපන ඇමතිවරයා හිටියේ සිරිමා බණ්ඩාරණායක නෝනා  අගමැති කාලයේ. රංජිදම් ගුනරත්නම්ගේ අදහස වුනේ අපි හිරේ ඉන්නකොට මේ අධ්‍යාපන ක්‍රමය සමාජවාදය බිහිකරපුවාම අපට නැවත හදාරන්න වෙන වගයි. කොහොම නමුත් එදා සමාජ අධ්‍යන පොතේ කාල් මාක්ස්ගේ පින්තූරයක් දා එයා ගැන විස්තර කර තිබ්බා. ඒ වගේම ඇන් සී ජී ඕ කාරයින්ට තමා 9 ‌ශ්‍රේණියේ සිට සංඛ්‍යාන සහ සම්භාවිතාව ඉගැන්නුවේ. මම බිරිඳට කිස් එකක් දෙනකොටම උදේ අනිත් පාංකාරයා චූන් දානවා. මේ මොකක්ද මේ රටාව. මාරසට ගණිතයේ ශ්‍රේණි සහ සම්භාවිතාව පාඩම මතක් වෙන්න හැකියි. ජ්‍යෝතිෂයත් හස්තරේකාවත් ඒ ඔස්සේ ජීවිතය කියලා ගන්න ඇති නොවේ ගත්තා තමා. ගහක කොලයක් වැටෙන ස්වභාවික කතන්දරයත් මේ මගින් ශ්‍රේණි වලින් විෂයක් කරගත හැකියි. ඒක සමාන්තර ශ්‍රේණිද නැත්නම් ගුණෝත්තරද කියලත් තමන්ටම දා ගත හැකියි. හස්ත රේඛාව කියන්නෙ ජීවිතේ විෂයක්. අන්තිමට කාලෝ පොන්සේකා මැරෙන්න කලින් බාලදක්ෂිකා සංගමයේදී ඒ බව කියලා අත පිස දා ගන්නේ යුරෝපයේ දැන් මනසින් පිට මනසක් තියනවා කියන කතන්දරය කියලා. නමුත් ඉන් පසු ඒ සම්බන්ධව හේතුවාදීන් කිසිවෙක් කතා කළ නැති නිසා මාරස ‌පසුව ලියන්නම්. නැතිනම් සෙස්ස පස්සට දාන්නම්. ජීවිතය කියන්නේ රටාවකට අයිති දෙයක්. හැම දෙයක්ම රටාවක්

      ජීවිතය කියන්නේ විෂයක් නොවේ ජීවිතය. නමුත් තමන්ට ඇවැසිනම් ඒකත් විෂයක් කර ලියන්න කියන්න හිතන්න හැකියි තමා. අයින්ස්ටන් මහත්මයාගේ ජීවිතේ ගත්තමත් නිවුටන්ගේ ජීවිතේ ගත්තමත් මාක්ස්ගේ ජීවිතේ ගත්තමත් ඒවා එකම විදිහකට ගිය මාර රටා තමා

(සෙස්ස පස්සට- මාරස)

ජගත් මාරසිංහ

28 11 2023

https://jagathmarasinghe.wixsite.com/mare

1 comments:


Powered by Blogger.