ඒකිලාගේ පෞරුෂය

                                                                      ඒකිලාගේ පෞරුෂය

           Venice Beach Rock Festival. කැලිෆෝනියාව. ඇඑජ. 1968. © Dennis Stock / Magnum Photos / Focus

මාරස සයිබර් රස්තියාදුවේදී ඇස සිටි තැනක්. Modern Day Photographers that Inspire කියන පිටුවකින් ඇහිඳ ගන්නා ලද්දකි. සැබෑවටම මේ ඡායරූපයේ වස්තු විෂය වී තිබෙන්නේ කාන්තාවකගේ ශරිරයේ පිටූපසය. එක් අතකින් කෙස් ගසක් අල්ලා සිටිනවා මෙන් පෙනේ. ඡායාරූප ශිල්පියාගේ ඉලක්කයේ සියලු දක්තයන් නිවැරදිව අල්ලාගෙන තිබේ එක් අතක් කඩා වැටී තිබෙන්නේ අනෙත් පසටය. පසුබිමේ ඇති තට්ටු බිල්ඩිම සහ ඈත බොඳ වී ඇති කණුවට සාපේක්ෂකව මේකී මහා පෞරුෂයක් මෙන් නිර්මානය වන පරිදි ෂටරය තද කර ඇත. මහා ජනතාවක්ද සීටී. නමුත් පසුභිම බොඳ කර ඇත. ඒ කාච විවරය සහ ද්වාර වේගයෙන් කරන්නට ඇත නොව ඒ එසේ තමාය. අහස විශාලතම පසුබිමය. ඡායාරූපය කළු සුදුය. ඒකිගේ පිටේ පිහිටි වල ගොඩැති මනාව අපව සිතුවිලි චංචල බවක් ඇති කරයි. අනේ මේකී මට ලැබුනානම් මෙ දුක විසඳනාවා වන් හැඟීමි ජනිත වීම අනිවාය,
ආදරයක් ඇතිවීමට ලිංගික ප්රකාශනය අති වැදගත් බව ඡායාරූප ශිල්පියා දැනුවත්ය, කෙලින්ම පෙන්වන්නේ නැතිව ඇගේ කලවා දෙක මැදින් යෝනියට කිට්ටු වීනස් ගේට්ටුවද සේයායක් මෙන් පෙනේ. පිරිමින් අනේ ඇයි අනේ කියා අසනා පරිදි ඡායාරූපය ගෙන ඇත. වැදගත්ම කාරණය වන්නේ මේ ඡායාරූපයට කිසිදු මාතෘකාවක් නැති කමය. නමුත් ඇත. ඒ මේ හිතුවක්කාර ලෙස පෙනෙන හැදි දැඩි කාන්තාවට ආදරය කිරීමට රසිකයාගේ දෑස් පෙළඹවීමයි. අගෙයි කියන්නේ කාන්තාවකගේ පිටුපස ඇසුරින් බොහෝ දේ කියා පානා කතන්දරයයි. මේ සම්බන්ධව විවිධ විචාර ඇති මුත් මාරසනම් කියන්නේ කාන්තාවකගේ අති රමණීය ලිංගික පෞරුෂය ඒකිලා නොදන්නා මුත් ඒකිලාගේ පිටුපසින්ද පිරිමින්ට පේන බවය. පිරිමි මානසිකත්වයෙන් සිටින ගැහැනුන්ද විලම්භීත වනවා ඇත. මාරසට ඇම්ඩගේ කතන්දර සිහිවේ. කොහෙන් බැලුවත් පෙනෙන්නේ ගැහැණියකගේ ඇති සෞන්දර්යාත්මක ගාම්බීර පෞරෂයම වන්නේය. ඒ සුන්දරත්වයක් බවට පත්කර ගන්නේ පුරුෂ ලිංගික මානසිකත්වයේ හොරා හොරා ගැහෙන හදවත පමණි.
ජගත් මාරසිංහ
13 01 2024


Powered by Blogger.