සූන්‍ය අපේ ස්වාමීනී!!!

සූන්‍ය අපේ ස්වාමීනී!!!

       සූන්‍යය සම්බන්ධව නැවත නැවතත් කියවෙන බව නිරීක්ෂණය වේ. 1993 දී ලියන ලද 2000 ‌දී "සංහිඳ" විසින් ප්‍රකාශ කරනලද " කැතකතුන්....." පොතේ ගණිතයා යන ආරූඩ නමකට ආරූඩ වී දිගහරින ලද පරච්චේදයේ සූන්‍ය සම්බන්ධ මතුකළ කාරණා කෙසේ වුවද පළමු මුද්‍රණය අවසාන නමුදු දෙවන මුද්‍රණය කිසිදු ප්‍රකාශකයෙක් බාරගත්තේ නැත.

 *කැතකතුන්ගේ පතිවත ග්‍රණ්ථයේ සිව්වන යාතිකාවෙන් ......

 උපුටා ගැනීම_

"හොඳම අඩිය පළමු අඩිය කියලා කතාවක් තියනවා. පළමු අඩිය තියන්න ඕනා 0 ඉඳලා. ඉතින් 0 නැතිව 1 වැදගත් වෙන්නේ නැහැ.ඒ නිසාම 0 ශ්‍රේෂ්ඨයි. ප්‍රාථමිකයි. සූන්‍යයේ ද්‍රව්‍යමය ශ්‍රේෂ්ඨත්වය අපේ මිනිස්සු දැනගෙන හිටියෙ ඔය සෘණ කියල සංඛ්‍යා බිහි වෙන්නත් ඉස්සර. අතීතය කියල අපේ මිනිස්සු කිව්වේ සංඛ්‍යා රේඛාවක සෘණ කියන පැත්තට තමයි. අතීතයේ විශාලත්වයේ තියන අගයනුත් අනන්තයක් දක්වා විහිදෙනවා. ඔය අනන්තය කියනසංකල්ප පමණක් නොවේ අසමසම වූ සමන්තභද්‍ර වූ , දශබලධාරී , අනන්තාපරිමාණ කියන සංකල්පත් සාරාසංකල්ප ලකෂ්‍යත් ලෙස ගණනය කර කර අපේ මිනිස්සු වැඩ ගත්තේ ඊයේ පෙරේදා නෙවේ. පරදේශක්කාරයෝ 1 ඉඳන් 0ට ඇවිදින් ඊට පස්සෙයි සෘණ අනන්තය හොයන්න පටන් ගත්තේ. ඒත් අපේ මිනිස්සු පෙරුම් පුරල තමයි බින්දුවෙන් පටන් ගන්නේ. කොහේ ඉඳන්ද පෙරුම් පුරන්නේ. සෘණ අනන්තයකට කිට්ටු ඉසව්වක ඉඳල. මට නම් ගණිතය පරදේශයකින් ආපු විෂයක් නෙමෙයි. ඒත් පරදේශයෙන් ආපු ගණිතයේ සැබෑ කොටසට අපේ කොටස ඒකතු කරන්න ගණිතයාට පුළුවන්. කවුරුත් ඒකට මට උදව් කරන්නේ නෑ. ඔය අනන්තය කියන ඒක දිහා සංසාරෙ කියන සංකල්පවල ද්‍රව්‍යමය ස්වරූපය දකින්න තරම් හැම මිනිහටම තවම ගණිත ඔළුවක් නැහැ.

කොටින්ම අද කවුරුත් කතා නො කරන ප්‍රාග්ධනය කියන්නේ විශාලත්වයකට යටත් දෙයක්. නිර්මාණයත් විශාලත්වයකට යටත් සංකල්පයක්. සැබෑ ගණිත ඔලුවක් නැතිව සැබෑ ගදර්ශනවාදියෙක් වෙන්න පුළුවන්කමක් නැහැ.

දෙකකින් සතර තිස වන විසි මහ         පසැතී

අනූ අට තුනු නව සිය අක්                    දැලැතී

අසූ සත ගණන් එක් කොට සැටින්          නිතී

එපුරලියෝ විසි එකකින් දස                කෙරෙතී

කොවුල් සංදේශයේ මට ඔය කවිය හොඳට මතකයි.අපේ කොදෙව්වේ ඡන්දස්ශාස්ත්‍රය පදනම් වෙලා තියෙන්නේ ගණිත පදනමක් මත. ජ්‍යොතිෂය හස්තරේකාව වගේ පොදු මානසිකවිද්‍යාවට අදාල හැම දෙයක්ම ගණිතයට යටත්.

( කැතකතුන්ගේ පතිවත ග්‍රණ්ථයේ " ගණිතයා" පරිච්ඡේදය. පිට 181)

"ස්වාමීනී සංසාරෙත් කෙළවරක් තියෙනවා. අංශක තුන්සිය හැටේ කැරකී කැරකී ඉන්න අපේ බරණ ගණිතයවත් සූදානම් වුනේ නෑ. වෘත්තයක කෙළවරක් නෑ කියලා පිළිගන්න පංචේන්ද්‍රියන්ගෙන් ලබා ගන්නා දැනුමත් සීමා සහිත වෙන්නේ කොහොද රහිත වෙන්නේ කෝමද කියල සාධනය කරන්න ඔක්කොවන්ටම ආසියාවට එන්න වෙනවා. ආසියාවෙනුත් අපේ කොදෙව්වට එන්න වෙනවා. අපි පොළවේ ඉඳලා අහස බලනබලන්නේ නැහැ. අහසේ ඉඳලයි පොළව බලන්න පුරුදු වෙලා තියෙන්නෙ. සම්මුති වශයෙන් එදාට ජ්‍යෝතිෂය ගණිතයට මම කැමැතියි. ඒත් පරමාර්ථ වශයෙන් සූන්‍යය මම වෙමි ස්වාමීනී. මම නොයින පුළුවන් ඒත් හේලි මළා කියලා හේලි හොයාගත්ත වල්ග තරුව නොපායා හිටියේ නෑනේ."

( කැතකතුන්ගේ පතිවත ග්‍රණ්ථයේ " ගණිතයා" පරිච්ඡේදය.පිට 207)

ගණිතය කියන්නේ මකල හදල ඉගෙන ගන්න විෂයක් නෙවේ. කපල හදල ඉගෙන ගන්න විෂයක්.-

"මට නෙමේ පිස්සු. නිවුන්ට. බොරු නම් ගිහින් අයින්ස්ටයින්ගෙන් රහසින් අහපල්ලා. ඒත් ...අයින්ස්ටයින් මොකෙක්ද? කෙහෙල් මල් සාපේක්ෂතාවාදය. ඒක ශූන්‍යතාවාදයට ද්විතීයයි. මිනිස්සු හිතන්ඉන්නේ සාපේක්ෂතාවාදය ඇලඩින් ලාම්පුවක් කියලා.

සිසු කැන් වධ බන්ධනයෙන්       තොරවී

ගණිතෙන් මුළු ලොව මහ         පෙළහරවී

යකෝ ඔය අපේ එක්නවසිය බර ගණන්වල සෘණ දිසාවේ තිබ්බ අදහසක් තමයි බුදුගුණ අලංකාරෙ ඉස්මතු කරන්නේ.සාපේක්ෂතාවදයත් සුවිශේෂයකට ආසන්න වෙනවා.

තෝල්ක- තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින දා හතරකට කල් තබමි.

( කැතකතුන්ගේ පතිවත ග්‍රණ්ථයේ " ගණිතයා" පරිච්ඡේදය. පිට 207)

ජගත් මාරසිංහ

07 05 2024

https://jagathmarasinghe.wixsite.com/mare



Powered by Blogger.