හිල්මරන්නන්ගේ ලෝකය

                                                     හිල්මරන්නන්ගේ ලෝකය


ඉන්න හිටින්නට තැනක් හදාගන්නා තුරු මාරසට සයිබර් රස්තියාදුවේ යාමට පමා විය. මේ දැන් ගියේය. ඇස හිටියේ මෙතනය. ඒ කාන්තාවන් දෙදෙනෙකු වැළඳ ගැනීම (1915) ලලිත කලා කෞතුකාගාරය, බුඩාපෙස්ට්

Egon Schiele යනු නිදන කාමරය තුළය.
ඔහුගේ විෂය සොයා ගත් විශිෂ්ට කලාකරුවෙක් බව විචාරකයෝ කියා ඇති බව තේරෙන්නේ අන්තර්ජාලයෙන් ඒකා ගැන හොයන විටය.
හංගේරියානු අධිරාජ්යයේ අවසාන කාලයේ මනෝවිශ්ලේෂණයේ පියා වන සිග්මන්ඩ් ෆ්රොයිඩ් ලිංගිකත්වය පිළිබඳ පර්යේෂණ කරමින් සිටි අතර ගුස්ටාව් ක්ලිම්ට් සංවේදී සිහින සිතුවම් කරමින් සිටියේය. තරුණ Schiele ආදරය කරන කාන්තාවන්ගේ මෙම නිරූපනය වැනි අතිවිශිෂ්ට ලෙස ඇඳ ඇති කලාකෘති තුළ ලිංගිකත්වය සඳහා වූ මෙම ගෞරවය නව තලයකට ගෙන ගියේය. ඔහු ඔහුගේ කාමුක කුතුහලය චලනය වන, සුන්දර, උද්දීපනය කරන කලාවක් බවට පත් කරයි, එය මෙතෙක් නිර්මාණය කර ඇති වඩාත්ම උතුම් කාමුක දර්ශන මෙය විය හැකි බවද විචාරකයන් පවසා තිබේ. අපිත් පොඩ්ඩක් ඒ නිදන කාඹරයට යතුරු හිලෙන්වත් ඇතුල් වෙලා බැලීම වටිනවාය. මොකද මේවා ලෝකයේ සත්ය ජයගත් සිතුවම් වන නිසාය.
ලාංකේය සීගිරි ලලනාවන් ගැන මහා විචාරකයෝ මොක කීවත් අඩුම වශයෙන් ඉතිහාසයේ කාව්යක්කාරයා වන සුජිත් අක්කරවත්තද සීගිරියේ ළලනාවන් අතරට පුරුෂ ලිංගයේ සංකේතයක් දමා නැත්තේ ඇයිද යන්න මග හැර ඇත. අපට මෙසේ කියන්නට හැක. මන්ද ඒ විඳින මිනිසා ඒ ළලනාවන් සමග පුරුෂ ලිංගයේ කතන්දර සිතෙන් මවා ගන්නේය. නමුත් පරණවිතානයන් කියන ආකාරයටවත් අජන්තාවටත් සීගිරියටවත් පුරුෂයෙකුන් තොරව ස්ත්රියගේ නිරුවත මවා ඇත්තේ කුමක් හේතුකොටගෙනද යන්න මනසේ ගැඹුරු අනන්තයෙන් කියන්නට කාටත් නොහැකි වී තිබේ. වංශය කබල් ගානවා කියන්නේ මේවාටය. මේ රික්තය පුරවා ගැනීමට නව පරපුර සහ පැරණි පරපුරද එලිපිට නොගියත් සෙක්ස් අඩවි වල ජීවත්වීමට පටන්ගෙන තිබෙන කතාවක් මින් නිර්මිත බව ඉතිහාසයේ කාව්යක්කාරයන්ගේ සිට මහා බරපතල සංවාද විසංවාද ගෙනෙන මහා පොරවල්ද දැනගෙන කට ඇරියානම් වඩා යහපත්ය. නැතිනම් අපට උනගේ කාඹර වල යතුරුහිල් වලින් බැලීමට සිදුවනවා අනිවා බව සැබෑවක්ය.
ජගත් මාරසිංහ
23 06 2024
https://jagathmarasinghe.wixsite.com/mare


Powered by Blogger.