ප්‍රාණ මුද්රාවේ ප්රාණයේ මිත්යව සහ විද්යාව
අප තුළ ජීව ශක්තියේ එකම මූලාශ්රය ප්රාණ වේ, එබැවින් එය ජීව බලය ලෙස හැඳින්වේ. මෙම අත්යවශ්ය ශක්තිය ආයාචනා කිරීම සඳහා, ප්රාණ මුද්රාව යනු කුඩා සහ මුදු ඇඟිල්ලේ ශක්තිය මාපටැඟිල්ලේ ගිනි ශක්තිය සමඟ ඒකාබද්ධ කරන සරල වුවද තවත් පැත්තකින් සංඛීර්ණ වූ අත් අභිනයකි.
හස්ත රේකා ක්රමවේදයේ මිනිස් මනසට සමබන්ධව සංස්කෘතික විග්රහ කිරීම් වලට ඔබ්බෙන් මේ දෙස බලමු
ඇඟිලි පවුලක් ලෙස අපි හස්තරේකා ක්රමවේදයෙන් දකින කල මේ මුද්රාවට අයත් වන්නේ වෙදඟිල සහ සුළඟිල සහ මහපට ඟිලය. මහපට ඟිල යනු ඇලපති වෛද්ය විද්යාවත් පිළිගන්නා ස්නායු පිළිඹුවකි. අනික මහපටඟිල තර්කයේ සහ තර්කයෙන් දිනීමේ අභිමානයෙන් විශිෂ්ට වන්නේය. මාක්ස් එංගස්ද කියා තිබෙන්නේ මිනිසා මිනිසෙක් වූයේ මහපට ඟිල නිසා කියාය. මීට මිත්යා වගේ කතන්දර කියන්න්නන් නැවත පෞවුල පෞද්ගලික දේපල සහ ස්වභා දහමේ දයලෙක්තිකය කියෙව්වානම් සංවර්ධනය පිළිගන්නා උනට කෙසේ වෙතත් සමාන්ය මිත්යාවාදී කියන උනගේ මිනිස්සුන්ට මාර මරු වීමට හැකිය.
මේ මුද්රාවේ ඒ ඇඟිලි පවුලේ පොර වූ මහපටඟිල ස්පර්ශ කර තිබෙන්නේ ඇඟිළි පවුලේ සුරතලා වූ සුලැඟිල්ල සහ ඇඟිළි පවුලේ වෛද්ය වරයා වන වෙදැඟිල්ලේ අනුවේදනීය ඇඟිලි තුඩු වලටය. සැබැවටම මොන ලෙක්තිකයෙන් ගත්තත් ප්රාණය සම්බන්ධව මේ සංකල්ප නැතිව කතා කළ හැකි නමුත් භාවනාවට ඇවැසි ප්රාණ මුද්රාවේ ඉතිහාස කතන්දරයේ මාරස විශ්ලේෂනය එසේම තමාය.
මුදු ඇඟිල්ලට අපි මුදු දමන්නේය. නාඩි ශාශ්තර වලද ඇලපති ක්රම වලද කියනා වූ හෘද වස්තුවේ මහා ධමනිය අවසන් වන්නේ කේශනාලිකා වලට බෙදී වෙදඟිල්ලෙන්ය. වෙදඟිලේ මුලින් පසු මහා නාඩිය ඉන්පසු සරළව අල්ලා ගත හැක්කේ මැනික් කටුව ප්රදේශයෙන්ය. ඉන් පසු තාක්ෂණික දේ විසින් නිර්මිත හෘර්ද පීඩනය බලා ගැනීමට ඔතා තද කරන්නේ සරලව මිනිසාගේ අත් භාහුවෙනි. මේ සම්බන්ධව බුද්ධදාස රජතුමාගෙන් පටන් ගෙන් අවසන් කළ හැක්කේ අපර දිග කයිරෝගෙන් නොව චීන උනද දැන් ගනන් නොගන්නා වෙනම දාර්ශනික කතන්දරයකින් වන්නේය. වෛද්ය විද්යාවේ පියාලෙස සලකන හිප්රොක්රටීස්ද මේ දැනගෙන තිබි බව පෙනේ. තවත් පැත්තකින් භාරතයද අදාලය. නමුත් මාරස මතය මේවා ගැන නිර්මිත කාලයේදී ඉන්දියාව භාරත කියා මොන කතන්දරවත් තිබ්බේ නැති බවය.
කෙසේ උවද වෙදඟිල්ල යනු ඉතිහාසයකි. ඔබේ වෙදැඟිල සැබෑ හස්තරේඛා පොරක් එක මිටට ගත්තේනම් නුඹලාගේ ජීවිතය ගැන ශාරීරික සෞඛ්ය සම්බන්ධ අනාවැකි නිවැරදි තත්වයන්ට සියයට අනූවකින්ම කියන්නට ප්රමාණවත්ය. සුළැඟිල්ල හෙවත් ඇඟිලි පවුලේ සුරතලා නිකන් ඇඟිලි පවුලේ බාලයා වාගේය. බාලයාට අපි කියන්නේ බඩ පිස්සා කියාය. ඒකාට අනෙක් මහා පරිමාන සියල්ල කඩාකප්පල් කළ හැකි බව බඩ පිස්සන් අපට කියා දී තිබේ.
ඉතින් මේ ප්රාණ මුද්රාවේ අපෝහක භෞතික වාදී වූ දැක්ක පැත්තකින් ටිකක් පමණක් මාර ලිව්වේ ගායටය.
බලන්න මේ යෝග භාවනා මුද්රා ජීවිතයේ හැම පැත්තක් ගැනම විහිදී යන ආකාරය. මේවා ගැන සවිස්තර විස්තර ඉදිරියේදී මාරස පාටකයන්ට බලා ගත නොව අවබෝධ කරගැනීමට හැකි වනු ඇත.
කෙනෙක් අහන්න හැකි එකොට අත නැති මිනිස්සු වගේ යන උපමා කතා නොව හේතු වාදී කතා මීට අදාල නැත. අත සහ ඇඟිලි තිබෙන්නේ දෑතේ නොව සිතේය. අන්ඳයන්ට සුදු තිබෙන්නේ හිතේ වාගේය. ඒවා ගැන වෙනම කතා කළ යුතුය. මේ කිව්වේ ඇඟිලි පවුලේ තර්කයා වෙදා සහ සුරතලා ස්පර්ශයෙන් නිර්මිත වූ ප්රාණ මුද්රාව ගැනය. ඒ මාර බව දැන් ඔබට වැටහෙනවා ඇත. ඒ මුද්රාව විඳින කල ඔබේ හදවතේ ලබ් ඩම් ශබ්දයේ වින්දනය ව්ඳින්නට ඔබට හැකි වෙන කතාව අනිවාය.
ප්රාණය කියන ශරීරය සහ මනස මිය යන්නේ කෙසේද? මනස මිය ගියද ශරීරයේ රසායනය මිය යන්නේ කවදාද යන්න සිතන්නටද මේ මුද්රාව වැදගත්ය. දන්ත ධාතුව තවම පවතින්නේ කෙසේද යන්න සම්බන්ධව මාරස වෙනම කතා කරනවා ඇත. දන්තධාතුවද බොහෝදුරට තිබෙන්නේ මිනිසාගේ හිතේය. මේ ලිව්වේ යෝග ප්රාණ මුද්ද්රාව ගැන හස්තරේකා ක්රමවේදයේ ඇඟිලි පවුල හරහා දේශපාලන ධර්ම දාර්ශනිකත්වය විනිවිදින්නට ඉඟි කරන කතාවක් පමණි.
ඉතින් ඇඟිලි දිනේවා කියන්නේ කෝටු බෝටු ලෝකඩ වනේ මගුල් අහකට දමා ලාංකේයන් විශ්මිත ලෙසින් ඇඟිලි වලින් බත් කන රටක් නිසාය. මේ කියන ඇඟිලි වලින් තමන්ගේ ආහාර ගැනීමේ ඇඟිලි කලාවේ ප්රාණත්වයට ඇවැසිනම් පොතක්ම මාරසට ලිවිය හැක.
අතුරු මිතුරු දඹ දිවතුරු රාජකපුරු හෙට්ටියා මාරම තමාය. ඒ නිකන් ශ්රමයේ පාලකයා වන මහපට ඇගිල්ලේ වැදගත් කමද අල්ලා ගැනීම සහ ඇදගැනීමෙන් අයිතිය ප්රකාශ කිරීමේ මොළයේ තවත් ප්රබල ක්රියාකාරිත්වයක්ම වන්නේය.