Midhu Sreenivas Photography (මිදු ශ්‍රීනිවාස් ඡායාරූප)
ඉතින් මාරස සයිබර් රස්තියාවුවේ යනකොට අර සෙක්ස් කියන කතන්දරයෙදිත් කේරලය ලංකාවට සමගාමී වගේ පේනවා නොවේ දැනෙනවා. කෙසේ වුවත් කමක් නැහැ මේඡායාරූපය ගාව මාරස ඇස හිටියා. මේ පොඩි වුන්.
නමුත් පොඩිවුන් සම්බන්ධව දේශපාලනිකවත් ආදරයෙනුත් කතා කරනකොට චැප්ලින්ගේ ද කිඩ් කියන සිනමාපටයට හැප්පෙන්න කාටවත් බැරිවෙයිද කියන විකාරයක් වගේ පෙනුනුත් ඇත්තක් මාරස ගාවතියනවා. වෙන මොකුත් නොවේ ඊට වඩා දරුවන් වෙනුවෙන් කරපු චිත්‍රපටයක් නැති නිසා.
කෙසේ වුවත් මේ නිශ්චල ඡායාරූපය කළ ගැන ඡායාරුප ශිල්පියෝ දන්නවා දරුවන්ව ඡායාරූප ගත කරන්න තියන ශානරයත් ඡායාරූප ශිල්පයේ මාර පැත්තක් කියලා. පුදුම ඉවසීමක් ඇවැසියි. පුදුම ආලොක කරණය වගේම අදහස දෙන්න තප්පරයෙන් පංගුවෙන් ඒ ආලෝකය දඩයම් කරන්න ඉතාම අසීරුයි.
නමුත් මේ Midhu Sreenivas Photography පිටුවේ තිබ්බ මේ ඡායාරූපය ඇස හිටි තැනක් නිසා ලියන්න හිතුනා වචන ටිකක්.
අම්මගේ ආදරය පුතා හෝ දුව විතරක් නොවේ සුරතල් කරන අපටත් ලැබෙන්නේ ඉතාම කෙටි කාලයකට. යන්න වෙනවා ගොඩක් ඈතට. මනෝවිද්‍යාව මදි නිසා ත්‍රී පිටකයට විතරක් නොවේ බයිබලයටත්. නමුත් බලහත් කාරයෙන් තටමා එලියට දමන දරුවා කෑ ගසමින් ස්ත්‍රී යෝනියටද සාප කරන විට නාවා ඒකාව සනසන්නේ අම්මාගේ කිරි වලින්. ඒ ලයිප් හෙවත් ජීවිතයට වඩා පැවැත්මම තමා. කෙසේ උවත් අම්මා සහ දරුවා කියන පැවැත්මේ සංකල්පයේ සතුට මේ ඡායාරූපය ගත් කෙල්ල නියමෙටම අල්ලන් වගේ. ඒකිගේ හදවතේ පැත්තක්ම මේක ගත්තට පස්සේ පිච්චිලා යන්න ඇති. ඉතාම ලස්සනයි. පොඩි එකාලා හරිම හිතුවක් කාරයි. කිරම විතරයි. නමුත් අම්මා සමග තමා පළමු සංනිවේදනය ආරම්භ කරන්නේ. ඒ අවස්තාවේ වැදගත්ම දේ තමා අම්මාගේ සතුට සහ දරුවාගේ සතුට. ඒ සන්නිවේදනය ඡායාරූපයකට තප්පරයෙන් පංගුවකට ගන්නවා කියන්නේ සෙල්ලමක් නොවේ.
මේකටත් සම්මාන ලැබිලා තියනවා. මාරසත් මේකට සම්මානයක් දී මේ සටහන නවත්වන්නම්. මේ තමා ආදරයේ මිහිර අනාගත පරපුරට දෙන සිනහව සහ අනාගත පරපුර ඒක බාරගන්නා මොහොත
මේක සැබෑවටම දිගටම යනවානම් මොන යුද්ධද. මිනිහෙකුට ඇවැසි ආදරය විතරද. මේ සිනහවන් මහා ලෝක සංග්‍රාම විප්ලව මැද්දෙත් සිදුවුනා. නැවත මාරසවත් අම්මාගේ ඔඩොක්කුවට ගෙන ගිය මේ ඡායාරූප ශිල්පිනියට ආදරෙයි කියලා කියමින් සටහන නවත්වන්නම්.
ජගත් මාරසිංහ
27 06 2024