අග්නි මුද්‍රාව
හස්තමුද්‍රා නොව මේවාට බොහෝ අර්ථකතන තිබේ. ඒවා දේශපාලනිකව සහ තවත් පැති වලින් ඔය සිහිනකල්පිත සාහිත්‍යවේදීන් අර තනය උරන පොඩි දරුවා සිගරට් බීමේ මූලික අධියර වගේ මනෝ විශ්ලේෂන සංකල්පද බිහිවී තිබේ. මේ වනාහී මාර යුගයක් නොව සියලු විකාර බිහිවුනේ එසේ තමාය. මේ මාරස කියන්නේ ඒවා නොව. මේ මුුුුද්රා සම්බන්ධව අතීතය සහ යම් අදහසක් පමණි. ඒ අදහසට වග කියන්නටද ලෑස්තිවය.
වෙද ඇඟිල්ල යනු කෙලින්ම හෘර්දයේ ප්‍රධාන නාලයක් හිමින් හිමින් හීන් වී අවසාන වන ඟිලය. ඇලපති වෛද්‍ය වරුද අර මොනවාදෝ දෙයක් බලන්නට ක්ලිප් ගසන්නට තැත් කරන්නේ ඒ ඇඟිල්ලේ බව දන්නේ දැකලාය. ජ්‍යෝතිෂයේ නාඩි ශාස්තරයට ගන්නේද ඒ ඇඟිල්ලමය. ඒ ඇඳිල්ල වෙද ඇඟිල්ල කියා කියනවා වගේම හෘර්ද වස්තුවේ ගැස්ම ඒ ඇඟිල්ලේ මුල යහතින් වැඩ කරණ බව සියලු වෛද්‍ය විද්‍යා ක්‍රම දන්නවාය. නොදන්නවානම් උත්තර දෙන්නට ඇවැසි නැත. ඒ මොකුත් දන්නේ නැති පොතේ ගුරුන් බව දැන ගන්නේ ඒ ඇඟිල්ලේ මුද්දක් පැළැඳ එසේ විද්‍යා විකාර සංස්කෘතියට යටත් කරන්නට හදන ඒකලා ගැනය. අත් ඇඳිලි වල වෙදඳිල වනාහී නාඩිවේගය සංවේදීව දැනෙන ඇඟිල්ලක් බව සමහර හේතුවාදී වෛද්‍ය වරුන් නොදන්නවා විය හැක. ඒ කියන්නේ නිකන් වෛද්‍ය විද්‍යාලයට ගිය ගමන් මරණයට හේතුව අපි දන්නවා කියන කස්ටියය. ඒ අය පැත්තකින් තිබ්බ කළ වෙද ඇඟිල්ලේ මගුල් මුද්ද දමනසම්ප්රධාය බිහි වන්නේ දෙදෙනා අතිනත් කන්නවා කියන කතාවමය. පෝරුවේදී දෙදෙනාගේ අතැඟිලි අල්ලා නූලක් බැඳ මොනවාදෝ චාරිත්රකර අවසානයේ මුදු මාරු කරන්නේ යම් අදහසක් අනුවය. ඒ ඒ පුරුෂයාගේත් පිටස්තර කියා පුරුෂ චින්තනය සිතන ගැහැණියගේත් හදවතට කිට්ටු ශ්රමායසංකේතයක් වූ ස්පර්ශයේ ශාරීරික ආදරයේ සචේතනික සහ අචේතනික බව දැනෙන වෙදඟිලය. ලව් කරන්නට සිහියෙන් මල්වතු බංකුවල ආදරය කළ යුවල් නම් මේ බව දන්නවාය. කාන්තාවන්ට හිටි ගමන් දුක හිතී අඬන්නේය. ඊට පසුව යකා ආවේශ වන්නේය. මොක කටේ දැම්මත් හරියන්නේ නැත. වෙදැඟිල අහුවුන ගමන් ඒකීත් ඒකාත් චාම් වන්නේය. නමුත් මේවා ගොඩක් දැනෙන්නේ කාන්තාවන්ටය. මන්ද උන්ගේ ගර්භාෂයේ සංනිවේදනය නිසා බව ප්රත්යක්ෂය.
අත් දෙක මිටමලවාගෙන සිටින විට ඒ දෙක ඈත් කිරීමට ඇඟිලි පවුලේ සුරතලා වූ සුලැඟිලි දෙක දෙපැත්තට ඇද්දානම් මාරය. ඒවා පොලීසි වගේ අයගේ දඩබ්බර උපක්ක්‍රමය. නමුත් අත්දැකීමෙන් හෝ ඍෂි දැනුම කියවා ඇති අය කරන්නේ වෙද ඇඟිල්ල ඇල්ලීමය. නැතිනම් සිඹීමය. මුදු ඇඟිල්ල කියන්නේ නිකන් නොවේමය. ඒ ආදරයේ හෘද ශාක්ෂියේ ඇඟිල්ලය. දරුවෙක් කුමන හේතුවක් මත හෝ කෑ ගසා අඬනවානම් ඉස්සර දායම්මලා අතට ගන්නේ දරුවාගේ වෙදැඟිලය. බැරිම උනොත් ඒ කටේ දාගන්නා බවද මාරස සමග පැරණිම පැරණි දායම්මලා කියා ඇත. අද ඒවා තහනම්ය. මන්ද විෂභීජ කියා නව සුදු යුනිපෝම් සහිත පොලිස් දායම්මලාට රට රට වල දැනුම මෙහේට ගෙන එන නිසාය. ඒගොල්ලා තාම මුක අවධිය ගුද අවධිය යන සංකල්ප වල සිරවී සිටින්නේය. නමුත් අද දායම්මලා වන පවුල් සෞඛ්‍ය සේවිකාවන්ද මහා කපටි විකාරයක්ය. ඒකුන් ඒකුන්ගේ ලමයින් සම්ප්රධායිකව හදන්නේය. අනෙකුත් දරුවන්ට අර නාකි සම්ප්‍රධායික අම්මලා සම්මන්ත්රන වලින් දුන් අමූලික බොරු කියන්නේය. මේවා කියාගෙන යන්නට ගියොත් කුණුහරුප නැතිව මින් ඉදිරියට කියන්නට නොහැක. ඒවා දෙවැනි බ්ලොග් සටහනින් ඇසුවොත් කියන්නට උත්තර තිබේ. වෙද ඟිල යනු ශරීරයේ නිරෝගිතාවයේ සංවේදිතාවයයි. මහපට ඟිල යනු තර්කයේ සහ කෙලින්ම හැම වෛද්‍ය විද්යාවකවම ස්නායු මධ්‍යාස්තානය වැනිය. පොලීසියෙන් එක්තරා කාලයක සපත්තු ලේස් වලින් ඒල්ලන්නේද අතේ සහ පාදයේ මහපටඟිල බැඳය. මක් නිසාද ඒ මගින් මිනිසාගේ තර්ක ශක්තිය අහෝසි වනවා අනිවා නිසාය. ඒකුන්ට ඒවා කවුරුත් උගන්වා නැති වෙන්නට හැකිය. උනුද පත්යක්ෂව දන්නවාය.
තව මාරස ලියන්නට ගියොත් මහපට ඟිල සහ දබරඟිල නැත්නම් මුදු ඟිල ගැන මුඛයෙන් පටන් ගෙන පෙකනිය හරහා යෝනියටද බගමනියටද ගුදයටද බලපානා අයුරු සූ සුට මායම් වලින් පමණක් නොව සූ සැට ආභරන වලින්ද පමණක් නොව සූ සැට කාම කලාවෙන්ද කිව හැකිය. කොටින්ම යෝනියේ ජී පොයින්ට් සමග මේ ඇඳිලි බද්ධ වීම සහ සූදානම් යුෂ උනන්නේ කෙසේද යන්නත් කිව හැකිය.
නමුත් මේ තත්ත්වය විමසන ලද්දේ මේ මුද්‍රාවේ වැදගත් කම කියන්නටය.මේ කියන ලද සියල්ල පවතින්නේ අපේ ඔලුවේය. ඉතින් ඒ ඔලුවට සංඥා නිකුත් කරන හස්තයේ අල්ල ඇඟිලි සහ පිටි අල්ලෙන් මුද්‍රා නිර්මානය කර නොව ජීවිත දැනුමෙන්ම නිර්මාණය වී තිබෙන්නේය. ඇඟිලි තුඩුවක සංවේදි කම ඔබ නොදන්නේනම් ඔබ තන පුඩුවක ආශ්චර්ය දන්නේ නැත ඇඟිලි පුඩුවක් දෙවැනි වන්නේ තන පුඩුවට සහ ලිංගික සංවේදී ස්ත්‍රී පුරුෂ තැන් වලට පමණි.
අග්නි යනු ගින්නය. කුසගින්නය, කෑමදිරවීමද පැමිනේ. තවද අග්නි දෙවියන් කියා පමණක් නොව ගෝත්‍රයක නමක් පමා තිබේ. කැති නැකතට ජ්‍යොතිෂයේදී සම්බන්ධය තියවක තිථිය ගැනද අදාලය. මේ සියල්ල ස්වභාවය කියා දැන ගැනීමට නිල් චිත්‍රපට බලන්නන් හරියට බලනවානම් ඒද භාවනාවක් සේ දැකිය හැකිය.
ඉතින් මේ මුද්‍රාවේ නිකන් ඉන්න බලන්න.තර්කයට චන්ඩි කමට අධිපති මහපටඟිලට අධිපති සංවේදීම ඇඟිලි පුඩුව ශරීරයේ නිරෝග බාවයේ ආදරයේ මුදු ඇඟිලි තුඩේ සංවේදී බාවයේ කවුරුත් සාම්ප්‍රධායිකව කසාද බැන්දත් නැතත් මම මේ ඇඟිල්ලට මුද්දක් දානවා කියා පපුවෙන් වේදනාත්මකව ආතල් ගන්නා කවුරුත් මේ දෑඟිලි මාරයි කියා දන්නවා ඇත.ඇත්තෙන්ම මේ මුද්‍රාව භාවනාවේ කාමය නසන නොව තේරුන් ගන්නා මුද්රාවක්ම වන්නේය. ගින්දර වගේ මේ ලිපියේ ගිය අදහසේ යටින් මතුවන සැබෑව වන්නේ ගින්දර වන් ආදරයෙන් ඇවිලෙන කාමාග්නියමවන්නේය.
බලන්න මේ මුද්‍රාව දෙස. ඔබට කාමාග්නියේ ස්පර්ෂයේ නාබියන් අල්ලාගෙන ලැව් ගින්නක් නොව මොන ගින්නකටත් බය ආදරය පවතින කාමාග්නිය බව සිතා ඒ තත්වයන් මෙනෙහිකර ඒ ගින්න නිවා දැමිය නොහැකිද.මේහස්ත මුද්‍රාවලින් බුදු පිළිම නිර්මාණය වේ. ඇයි මේවායේ යථ කරලියට නොපැනින්නේ කියා අදනම් කවුරුන් ඇසුවත් මාරස කියන්නේ විද්‍යාවේ මාර වෙන මාක්ස්වාදීන් ඒබ්‍රහම් ටී කොවූර්ට කාළෝ පොන්සේකා නිසා යටවූ නිදාද. නැතිනම් පශ්චාත් නූතන වාදයේ මේවාත් ප්රතිනිර්මානය වන නිසාද යන්න දැන් කරළියට පැමිණ තිබේ. මේවා සමාජ විප්ලවයත් වුනත් නැති වුනත් වැදගත් වන්නේ ජීවිතයේ සතුටටය.
මාරසද හිරේ හිටි මිනිසෙකි. කෙලින්ම. මේ මිනිස් ජීවිතයේ අත්දැකීම් හෙවත් මාක්ස්වාදී භාෂාවෙන් ජවිපේ වහරන ද්විගටනය හෝ පැරණි කියා ජවිපේ කියන ලංකා සමසමාජ පක්ෂය කියන ද්වන්දනාත්මකයත් කීර්ති බාලසූරියලා ප්‍රමුක ටෙුාස්කි වාදී න කණ්ඩායම් වලට මේවා ඇලජික් බව දැන ලිව්වෙමි. නමුත් බන් මාක්ස් අප්පච්චී අපට වැරදුනා කියන්නට මරස අකමැතිය. ඇයි තනි මිනිසුන්ට මේ රහස් අහුවෙනවානම් ඒවාටමිත්යාව කියන්නේ. සමහර විට ............නුතන සාහිත්‍ය විදිහටම මාරස නතර කරන්නම්. ඇයි දන්නවාද. ඇබෝෂන් තමා කියමින් මේ සාරබරග යයි කියන නවතා දමන්නේ වමේ සිටින සැබෑ වමේ උන්නොව වමේ පරයින් ගැන හිතාය. ඒ කවුද පරයින් යැයි ඇසුවොත් තව නොබෝ කළකින්ම සැබෑ මිනිසුන්ට ආදරය නොකරන වෘත්ත්තීය සමිති කාරයන්ද මිනිසුන්ගෙන් ගුටිකනවා නියතය. ඒ අයට මේ හස්ත මුද්‍රාව හරි යන්නේ නැත. නතර වන්නේ කියන්න දේවල් තියාගනය.
අග්නිය හෙවත් ගින්දර ගිනි ජාලාවහෙවත් පිටස්තරද පපුවේද ඇවිලෙන ගිනි ජාලාව ගැන කියන්නේආපෝ තේජෝ වායෝ පටවී කියාය.
දැන් වල් පරයන් කියා තේරුන් ගත් කෙනෙක් ඇතිනම් මේ ලිපිය වැදගත් වේවි. අවසාන වශයෙන් මෙසේ කියම්.
(හස්ත හෝ හස්ත මුද්‍රා කාණ්ඩයට අයත් මේ මුද්‍රාව බහුලව භාවිතා වන හස්ත මුද්‍රාව වේ. එය සූර්ය මුද්‍රාව හෝ සූර්යයාගේ අභිනය ලෙසද හැඳින්වේ. අග්නි මුද්‍රා යන නම පැමිණෙන්නේ ගිනි යන අර්ථය ඇති 'අග්නි' යන සංස්කෘත වචනයෙන් වන අතර 'මුද්‍රා' යන්නෙහි තේරුම මුද්‍රා අගුලක් හෝ අත් අභිනයකි. මෙම මුද්‍රාව භාවිතා කිරීම පෘථිවි (පෘථීවි) මූලද්‍රව්‍යය නැති කිරීමට සහ ශරීරයේ පවතින ගිනි මූලද්‍රව්‍ය ආපෝ තේජෝ වායූ පටවී ආකාශ වන පංච මහා දූ තයන්ගෙන් ඒක් ශක්තියක්්් වනතේජෙි් පමනි. කලකට තේජෝ නොව සියලු ශක්තීන් මොක වුනත් ...............කතාවනවතන්නේකියන්නට දේශපාලන දේ නැති නිසා නොවන බව දැන ගත්ත අය දැන ගත්තාම ඇතිය.
https://jagathmarasinghe.wixsite.com/mare
ජගත් මාරසිං
26 6 2024