කිටී සහෝදරයා
(නිහහඬත්වය බිඳිමින් කෝච්චියක් හූ කියයි. ඒ බොරැල්ලට සංවේදීව ඇසෙන්නේ මැගසින් බන්ධනාගාරයේ වනාතමුල්ල හරහා දුම්රිය පණගන්වන විටය. ඒකා දවසකට කීපවාරයක් හූ කියනා හඬ එදා මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්යයි කියා නමුත් සිරගතව සිටි මිනිසුන්ට ඇසෙන්නේය. මේ ලියන්නේ මාරස විසින් 89 කෙටි කතා වල හිරගෙදර හූනාට සම්බන්ධව දෙවැනි කෙටි කතාවය. මේ කෙටිකතාවේ නම හිරගෙදර හූනා නොව හිරගෙදර කිටීය.)
කල්ප යනු අලුත් නමකි. කල්පයක් කියන කතාව ගොඩක් දිගය. නමුත් එහි සුපැහැදිලි ගැඹුරක් මෙන්ම ආදරයක් තිබෙන නමකි. නමුත් එදා ඒකා සිරගත වූවෙකි. ඒ මැගසින් බන්ධනාගාරයේ වාට්ටුවකය. ඒ බෝගස අසල ඇති වාට්ටුවේ උඩ තට්ටුවේය. කතා බතා නැත මැගසිමට එදා දැමුවේ කෙලින්ම ජනාධිපති නියමයෙන්ය. නමුත් මේකා ජවිපේට ආදරය කළා මිස ජවිපේ පිළිගන්නා සහෝදර සාමාජිකයෙක් නොවීය. නමුත් ජවිපෙට ආදරය කරන ලද්දේ තමන්ගේ ආදරවන්තියටත් වඩා තමන්ගේ අම්මාට ආදරය කරනවා සේය.
හසරක් නොදත් රට ජාතිය වෙනුවෙන්ම කල්ප ජීවිතයවින්දේවත් විඳෙව්වේවත් නැත. ඒකා හෙව්වේ ඒ වගේ කාලකන්නියෙක් මේ ලෝකයේ බිහිවීමට ඇති ශක්තිය කුමක්ද කියාමය. අවසානයේ ඒකා වයස දහඅට වන විට බුදුනුවන් සම්බන්ධව ආදරයක් ගොඩ නගා ගත්තේය. අවසානයේ සියලු ආගම් සහ සම්ප්‍රධායන් හොයා බලා ජීිවිතය විඳින්නට ජාතිකත්වයද අනු දැක්කේය. ඒ කාලයේ කල්ප සියලු නටබුන් නගර පමණක් නොව දිඹුලාගල අරාණ්‍ය සේනාසයටද ගොස් භාවනාව ප්‍රගුන කරන්නට පටන් ගත්තේය. ඒ සියල්ල අතරින් කල්පට පෙනුනේ මහාමායා දේවිය පමණි.
මහාමායා යසෝධරාවන් නොවන්නේමය. ඒ කල්ප කල්පයක් අතරමං වූ තැනකි. නැවත සිතන්නට විය. යසෝ වනාහී අපට පෙනෙන සැබෑ ආදරයේ ස්ත්‍රී උල්පතය. අපෙන් පලාගිය සිද්ධාර්ථයන්ගේ බිරීඳ වූ යසෝධරා වනාහී අපට නොපෙනන අප සිත උපන් අපේ අම්මාගේ සැබෑවය. සිතමින් යන විට ඔහු මව් බිමට ආදරය කරන්නට විය. ඔහු මාතෲ භූමිය සහ පීතෲ භූමියේ සැබෑ දර්ශනයත් අවබෝධ කරගත්තේය. නමුතු මේ සියල්ල අතරින් මේ මගේ රට මේ මගේ දේශය වන් කාරණා කලපගේ සිත කල්පයක් ආපස්සට ගෙනිච්චා සේය. ඉන්දුලංකා ගිවිසුමට සැබෑ ජනතාව විරුද්ධ විය. විරුද්ධකරුවන්ද පක්ෂපාතීන්ද රජය ගාල් කරන ලද ඉතිහාස ප්‍රමුඛස්ථාන බන්ධනාගාරය කුඩුකාරයා බේබද්දන්ගේසහ මහා සුධීන්ගෙන්ද පිරී ඉතිරී ගියේය. කල්පද ඒ අතර සිගරට්ටුවක්වත් නැතිව බවුන් වඩන්නට විය. නමුතු ඔහුට කාල් මාක්ස්ට පසු බුද්ධ හමුවූයේ එතනදි තමාය යන්න සැබෑවටම මහා අන්තෝ ජටා තමාය.බහි ජටාද තමාය. මේ සියල්ල කල්ප දැන සිටියේය. සාරාසංකල්ප ලක්ෂ ගානක් යනවාටත් වඩා මාක්ස්වාදීන් නොදියුනු සමස්ත දේශ දේශාන්තර වල අනුපාදීශ පරිනිර්වාණයෙන් ජීවිතය අත්හැරියෝය. ඒ ඉදිරියට ගෙනයාම වනාහී රැක්ක මූලය නොවන්නේය. ආරම්භය නොවන්නේය. අර මක්කලී මහා තෙර නම මෙන් ඒ වෙලේම නිවන් දකින්නේය. කෙසේ හෝ කල්ප අවසානයේ දිවි නසා ගැනීම ත්‍රී පිටකට අනුගත බව කිව්වේය. ඒ ඇත්ත බව සැබැවක් බව දැනේ. කෙසේ හෝ වේවා මේ කල්ප කියන්නේ වෙනම වෙනම වෙනමද දන්නේ කවුරුද?
මැගසිම හිර ගෙයක් නොව සරසවියක් විය. කල්පට සියලු සම්පත් සිරගෙය තුළ ඇතත් නැත්තේ කල්පනී කියන ඇය පමණි. ඒකී කල්පට කැමැත්ත දී ඇති වුවද කල්ප ඒ බාරගෙන නැතිව ඒකීව මනසේ මවන් දුක් කරන්නෙක්ම බව සැබෑය.
කෙසේ හෝ පැදුරක් කොට්ටයක් ටින් එකක් බන්ධනාගාර නිළධාරීන් ලියාපදිංචියෙන් පසුව දී ඩී වාට්ටුවේ කල්පව රඳවා තැබුවේය.
කල්ප නින්දෙන් අවධිවිය. කල්පට පසුදා පානය කළ සුරා මත සියල්ල දැන් අහෝසිය.දැන් වටේ පිටේ කිසිවෙක් දන්නේද නැත හඳුනන්නේද නැත වටේ පිටේ අය සිතන්නේ තමා සී අයි ඩී රහස් ඔත්තු සේවයේ සහෝදරයන්ව අල්ලන්නට ආ මිනිසෙක් විදිහටය. නමුත් නොබෝ කලකින්ම මේ බේබදු අහිංසක අසරණයෙක් බව වපසරියේ සිටි රැඳවියන් තීරණය කළෝය.
දැන් කල්ප අසංක කල්ප මෙන් නැගිටින්නට විය. අවසානයේ හිරගෙදර කලාව අනාගතයේ සැබෑ අපෝහක නැතිනම් ද්විගටනාත්මක තත්ත්වයන් විනිවිද යා හැක්කේ කෙසේද යන්නද ඒකා හැදෑරුවේය. අවසානයේ ඒකාව ලාංකේය හැත්තෑ එකේ කැරැල්ලේ ඉතිරිව සිටි සැබෑ මිනිසුන්ගේ තොරතුරුද දැන ගත්තේය. නමුත් මධුලෝලත්වයෙන් පරතෙරට ගිය මිනිසෙක් විදිහට ඒකාගේ සාංකාව තේරුම් ගැනීමට ආවර්තිතා වගුවෛ් මුල අග ප්‍රමාණවත් නොවන වග පැරණි සහොදරයින්ගේ කතා වලින් ඔහු අවබෝධ කරගත්තේය.
කාලය ගෙවී ගියේය. කල්පගේ මැගසින් ජීවිතය සමාජවාදයේ කොමිනියුස්ට්වාදයේ සංකල්පීය අවංක කඳුලින් පමණක්ද? නැත සෞන්දර්යාත්මික දුක්ක සොම්නස් තත්ත්වයෙන්ද ගෙවී යන්නට පටන් ගත්තේය. නමුත් කල්පට මේ හිරගෙය සරසවියක් විය. කොටින්ම ඒ දුක් ගැහැට ආදරයේ නිජ බිමක්ම විය. ඒ කාලයේ සිටි ඒ රතු රැඳවියන් වනාහී බුදුනුවන් කී සැබෑ මිනිසුන් නොවේදැයි කල්ප සිතන්නට පටන් ගත්තේය. නමුත් සිතට නිදහසක් නැත.ඔහු ඔහුගේ විසිට් එන ඥාතීන් හරහා කල්පනීට ආදරය පතා ලිපි යවන ලදී. අවසාන ලිපියෙන් අරින ලද්දේ අපි දෙදෙනා බලන්නට ගත් විප්ලවිය නව කතා ටිකවත් එවන ලෙසය. ඒ සඳහා තමා මැරෙන බව කියා තම අම්මාව සහ අක්කාවද පාවිච්චි කලේය. ඒ කිසිවක් කල්පනී මායිම් නොකළාය. අවසානයේ ආදරයේ ඛේදවාචකය යනු සැබෑ පිරිමින්ගේ සහ ගැහැනුන්ගේ වෙනස බවද කල්ප තේරුන් ගත්තා සේය. ඔහු සියල්ල අතහැරියේය. බුදුනුවන්ව පිළිගත්තේ වූ නමුදු නිවන් දැකීමට කල්පට නොහැකි බව කල්පම දැන ගෙන සිටියා සේය.කල්පට දිවි නසා ගන්නට සිතුන අවස්ථා බොහෝය. ඒ හැම අවස්ථාවකම කාල්මාක්ස් සහ සිද්ධාර්ථයන් කල්ප ඉදිරිපිට පෙනීසිටියා කියා කල්ප කල්පටම කීවා සේය.
අවසානයේ බන්ධනාගාරයෙන් දෙන දේ කා බී බන්ධනාගාරයේ රෙට්ටුවයන නාමයෙන් හඳුන්වන නිදි පැදුරේ නිදියන්නට වී.
අවසානයේ කල්පට කිසිවෙකු අවනතනොවීය. කල්පද එසේම විය. ඒකාට කියන්නට වූයේ නිදහස් වාදියා කියාය. ඒ ලඟම සිටි පේරා කැම්පස් දාර්ශනික ලොක්කෙක් කීවේ මේකා සාංදෘස්ටික වාදියෙක් කියාය. මේ සියල්ල දන්නා කල්පට ඒ හිරගෙදර සිටි බළල් කුලකයේ තබි බළලෙක් හමුවිය
කල්පගේ ආදරියද ඔහුද එදා සිට පූසන්ට ආදරේය. කල්පනී ඉන්නේ ගමේය. කල්ප ඉන්නේ කොළඹ නගරයක කෙලවරය. කල්පගේ පූසාගේ නම සිංදුය. ඒකිගේ පූසාගේ නම චුට්ටාය. දෙදෙනාගේම ගෙදර බිත්ති සරසා තිබෙන්නේ පූසන්ගෙන්ය. නමුත් කල්පටත් කල්පනීටත් විවාහ වීමට තරම් ධනයක් නැත. මේ අතර වාරයේ කොළඹ තානාපති කාර්යාල සහා විවිධ සිනමාපට නරඹන කල්පට පූසා මනරම් විය.
කෙසේ හෝ මේ අතීතය නිසාද නැතිනම් පිස්සුවක් නිසාද යන්නකල්පට සිහි එලවා ගන්නට තරම් මානසිකත්වයක් නොතිබෙන්නට ඇත. බන්ධානාගාරයේ ඇති පූස් පරම්පරාවෙන් ඒකුන් විසින් වෙන්කර තිබූ කහ පාට බළලා ඔහුගේ සිත් ගත්තේය. බන්ධනාගාරයේ ඉන්නා සිරකරුවන් පූසන්ගේ වලිගය හතරට පහට කඩා අටපට්ටන් කර උන්ට විවිධ දේ පුහුණු කර තිබේ. මේ සියල්ල ගැන තනියම තමන්ගේම ආදර මානසිකත්වයෙන් සිතුවාදෝ තරමක් තරුණ පූසෙක් අතට ගත් කල්ප උඩතට්ටුවේ තිබි තමන්ගේ වාට්ටුවේ රෙට්ටුවට ගොස් නිදාගන්නට විය. නමුත් එසේ කළේ තම සුරතල් පූස් කිටියාවද තුරුළු කරගෙනය.
මේ වන විට රටේ පැවතුන භීෂණයේ ජාතිය ගලවා ගැනීමට නමක් දිනා සිටිකල්ප ජාතියට සහ ලෝකයේ අහිංසකයන්ට කළ දේවල් ඒ කරන්නාට ගානක් නැති සේම කල්පටද විකල්ප තිබුනේ නැත. ඒ ආදරයයි කියා කල්ප පිළිගත්තේය. කෙසේ හෝ මේ පූසා සහ ඔහුගේ ආදරය සහ තනිකම සහ තම සනුහරයේ ආකල්ප දොරගලන ආකාරය තම පූසා දෙස බලා කල්ප හිතන්නට ඇත.
කෙසේ හෝ පූසා දැන් නිදිහන්නේ මැගසින් වාට්ටුවේ කල්පගේ තුරුළේය. ඒකා සුදුපාට පසු හමක කහපාට පුල්ලි වැටී ඇති පූසෙකි. නමුත් පූසාගේ වම් ඇස උඩ කළු ලපයක් තිබේ. කල්පනීගේත් එවන් ලපයක් ඇති නිසා දැන් කල්පට ඒ පූසාදපූසී වූවා සේය.
තවත් දහස් වර වනාත මුල්ල හරහා යන පුංචි කෝච්චිය හූ කියමින් ඔහේ යන්නට ඇත. මැගසින් බන්ධනාගාරයේ තිබි බෝගසේ කොළ පාවී පාවී ගොස් බිම වැටෙන්නට ඇති. ලෝකයේ මිනිසුන් අමතක කළ මේ දේශපාලන හිරකරුවන් නොව දහස් සංඛ්‍ඛ්‍යාත හිරකරුවන් මිය යනුනට ඇති. මහා ඛේදවාචකද තිබින්නට හැකිය. නමුත් ඒ කිසිවක් කිසිදා දැනගන්නට කිසිවකුට නොහැකි වන්නේමය. ඒ කෙසේ වෙතදු දිනයක උදෑසනම ප්‍රධාන ජේලර් කල්ප සිටි වාට්ටුවට පැමිණියේය.
“කල්ප කළු ආරච්චි
“මම සර්”
නිදහස්…………………………..!!!!!!
කෙලින්ම ජේලර් ගාඩ්ලා දෙන්නෙකු කල්පගේ ඇඳුම් සහිත පෙට්ටියක් අතේ එල්ලාගෙන නිදහස් කිරීමට ප්‍රථම සියල්ල පරික්ෂා කරන්නට විය. ජේලර්ලා බිය විය. කකුල්හතර බැඳ දැමූ රතු පටියක් කරේ දැමූ කහ සුදු පූසෙකු දත් විලිස්සමින් රෙදි අතර විය.
තමුසෙට පිස්සුද. ඔය විප්ලව වාදීන්ගෙන් සමහරු හැර ගොඩක් අය පූස් මස් කනවා. සමහර වෙලාවට මැගසිමේත් විප්ලවවාදී වැසිකි බ්ලොක් වෙලා ශුද්ධ කරනකොට පූස් ඔළු නැටි අපට හමුවෙලා තියනවා. තමුසේ මේ භීෂණයක් මැද්දේ නිදහස් වෙලා මේපූසාව ගෙනියන්නේ ගෙදර ගිහින් කන්නද?
කල්ප යනු එදාද කල්පය. කෙලින් කිව්වේ 1971 කැරැල්ල කියනා අවධියේ යාපනය හැමන්හිල් හිරගෙදරට මුහුදෙන් ගේන හැම දේකම ලුණු නිසා කාක්කන්ද මරා කෑ බවය.
ජේලර් වරයා නතර විය. මේ පූසාට නම දැම්මේ සකා කියා ඇයි
ශක්‍ර දෙවියන් වගේ මට ආදරේ නිසා.
කෙසේ හෝ වේවා පිටකොටුව දුම්රිය පලට යන විට කල්පට සිහිවන්නේ හිරගෙදර කිටීවමය. පෙට්ටියක දාගෙන විත් අවසානයේ පහුරු ගසා මළාමෙන් සිටි කිටිව බලන්නට ගොස් ඒකා කොටුව දුම්රිය පෙළෙන් පැන්නේය. හෙව්වා හෙව්වාය. නමුත් හමුවූයේ නැත තව දුරටත් හෙව්වොත් අනිවා කල්පව රාජ්‍ය ආරක්ෂා හමුදාවෙන් ගෙන යනවා නියතය. දෙවන පාරට ගෙනගියහොත් ඇඩ්රස් ඇත්තේම නැත.
නමුත් හිරගෙදර කිටී කිසිදා කල්පට හමු වූයේ නැත.
රතු පටියක් මැගසින් බන්ධනාගාරයේ කර පැළඳි ඒ හිරගෙදර කිටී හැමදා කෝච්චියේ යන වාර ගානක්කල්පට සිහිවන්නේය. නමුත්කිටී ගෙල පැළඳි රතූ පටිය.
ජගත් මාරසිංහ
27 09 2024