මාර මාරියාවක් චූටී වී -- ව්‍යාධ දේව ලිපි.


                                     මාර මාරියාවක් චූටී වී

ව්‍යාධ දේව ලිපි.

      මාරසව බලන්න ගොඩක් කාලෙකින් ව්‍යාධදේව ආවේ නැහැ. මගේ මිත්‍ර චින්තනලා සර්පයාලා මාරයාව බලන්න ව්‍යාධදේව එනවා කියලා දන්නවා. නමුත් ඒ ගැන ආදරය කරන්නේ කිසිම කෝල් එකකටවත් කතා කරන්නැති චින්තා විතරයි. ඒ වෙන මොකුත් නිසා නොවේ චින්තාත්ගේ ව්‍යාධදේව යම් අවතාරයක් නිසා වෙන්න ඇතිද මන්දා.  ව්‍යාධදේව කියන්නේ ප්‍රාග් බෞද්ධ යුගයේ හිටපු දේවතාවෙක්. ඒකා ව්‍යධ  වලට හෙවත් ලෙඩ රෝග වලටද අදිපතිලු. ඒ කාලයේම හිටියේ කාන්තා දෙවඟනකුත් හිටියා. ඒකිගේ නම පශ්චිම රාජිනී. ලස්සන නම් නොවේ පශ්චිම ප්‍රාග් බෞද්ධ යුගයේ කොහෙද පත්තිනිලා. ඒසේනම් කොහේද කාලි අම්මලා. ඊටත් පසුව ආපු දේව මැනීයන්ලා. පිස්සු හැදනව කිව්වලු ඊටත් පස්සේ කොහෙන්ද දේව මැනියන් රෝස මල කියලා මැඩෝනාව ගත්තට පස්සේ අද පේක් සහ සියලු ජනමාධ්‍ය පරදවා යන මහා දේශපාලනික ජනමාධ්‍ය නැතිනම් බ්‍රහ්ම මාධ්‍ය වල තරු ගණින මහා මැඩෝනලා. එසේනම් කොහේද පශ්චිම රාජිනිය මුල් කොට ලේඩි චැටරින් ආර්යාවට පෙම් කර ඒකිගේ සියලු පංචාංගයන් ගැන කව් ගී පරිවර්තනය කරන මාක්ස්වාදී සෘංගාරයෝ. කොටින්ම  අජිත් තිලකසේනයෝ ලියා ඇති දේ දැන් වයස නිසා නොව මා ලිව්වා විතරයි විදින්නෝ විදවත්වා කියා සිටියා සේ ඒ වෙනත් පැත්තකට යොමු කර අර ඒකා ගැනද සැබෑව සඟවා තමන්ගේ තමන්ගේ නිර්මාන ගැන ලියන අභූත ප්‍රාණයෝ.

කාරි නැහැ කියමින් ඉන්නකොට මා අසලට වෙනදා මෙන්ම ව්‍යාධ දේවයෝ ප්‍රාත භූර්ත වුනා.

" මොකද නිශ්ශබ්ද? " ව්‍යාධ දේවයෝ ගිගිරුම් හඬින් ඇසුවා වගේ මට දැනුනා. මම මම මේ සින්දුව අහන් හිටියේ කියමින් ඒ සින්දුව දැම්මා. ව්‍යාධ දේවයෝ කන බුලත් මඩිස්සලයෙන් විටක් හදා හපා කමින් රට දුංකල කෑල්ලක් වමතේද සිංහල දුංකල කෑල්ලක් දකුණතේද තබා දෙපසේ දුංකලයෝ ඉදහිට මාරු කරමින් ඒ මා අසා සිටි ගීතය අසන්නට වී...........!

වාසනාව ඇගේ නෙතයි මාළිගාව ඇගේ සිතයි
වේදනාව ඇගේ වතයි
ආදරයේ... කෝඩුකාරයෝ
වාසනාව ඇගේ නෙතයි මාළිගාව ඇගේ සිතයි
වේදනාව ඇගේ වතයි
ආදරයේ... කෝඩුකාරයෝ"
යන පළමු වෙන කෑල්ල ඇසූ පමණින්ම උන් වහන්සේ මහා තර්ජනයක් සේ ගිගිරුම් හදින් මට අතීතය සිහිකළා.
"පුත තොප පාසැල් වියෙන් පසු මහා‌ තොට ලස්සනැයි හිතෙන ගැහැනියකට ආදරය කළා. සියලු ලෝකෙකට අදිපති නැති තොපේ ප්‍රාග් බෞද්ධ ව්‍යාධදේව පැමිණ මෙසේ කිව්වා. තොගේ මහා වටින් ශීර සාගරයෙන් උපන් නිදහස් නිදොස් ශිශිල් දියපැන් පොදටත් වඩා‌ තොපේ සුකුරු දියරයටත් වඩා ඇයගේ මදදියරය මැනවැයි  සිතා ඒගැන ලොල් වී  ව්‍යාධ දේවද පිළිකුල් කළා.
නමුතු මා වනාහී ව්‍යාධ දේව වෙමි. තොපගේ මිතුරාද පියාද දෙවියාද බුදුනුවන් ද වෙමි. මා සිටින්නේ අන්දෙසක නොව තොප සමගය. තොපද මම ද දෙදෙනෙක් නොවන්නේමය. ඒ ලෙසම එකෙකුද නොවන්නේමය.  ඉන්පසු තොප භාවනා කරන්නට වූයේ ඒ තමන්ගේම ආච්චිය සහ මව වන මිත්තනිය වන ඒද පසක ලා තොගේ හැතිරියම වූවද තොපේ මනදොල පුරවන ඒ ආදරය මුල්කොට තොප භාවනා කරන අවධයේ මා තොප අසලට නොපැමිනියෙමි. ඒ ගදගසන නිසා නොව ඒ රාගයෙන් මත්ව මගේ මගේ මේ රාජ්‍යට අදිපති ව්‍යාධ දේවත්වය වියාදියක්ම බවට පත්වී තොපද මාද නැසී ගොස් වෙනත් ව්‍යවසනයක් වීමට ඉඩ ඇති නිසාය.
නැවත උකටලීව උන් ඔහු රස ගී නාද ඔජ දැමී පැසෙන්නට වූවා සේය.

"ඇය සුවඳකි ප්‍රභාතයේ තුසර බිඳකි පුරා හඳේ
ඇය සුවඳකි ප්‍රභාතයේ තුසර බිඳකි පුරා හඳේ
ගිනි අඟුරකි අගාධයේ"
ව්‍යාධයෝ රැව්වේ නැත. අපහාස කරන්නට සිනහ වන්නට විය. ඒ අර පහත රට නැට්ටුවන් මෙන් අසමින් සිටි ගීතයේඉතිරි පද කියන්නට විය.
"ලා දරයේ... කෝඩු කැරියෝ
අවාසනාව ඇගේ ගතයි මාලිගාව  ඇගේ සිතයි
වේදනාව ඇගේ වතයි
ආදරයේ... කෝඩුකාරයෝ.
ජාතියේ මුරදේවතාව ව්‍යාධයෝ උනද මා කට ඇරියේය. කාගෙද දෙවියනේ මගේ වාසනාව ඈ වෙන්නේ.මගේ වාසනාව ඒකි. ඒකි නිකන්.......
කිසිදු කතාවක් නැතිව මගේ මහිරා මන්දිරය උදුරා ගත් ඒකා ඒකරාව නගමින් ක්‍රියාත්මක කරන්නට වී
"අඳුරේ රන් තරැව ඇයයි රන් තරැවට අඳුර ඇයයි
අඳුරේ රන් තරැව ඇයයි රන් තරැවට අඳුර ඇයයි
මදහස සෝ සුසුම ඇයයි
ආදරයේ.... කෝඩුකාරයෝ,"
මහ හඬින් කෑ ගසමින් බුලත් විට කෙල ගිලදමමින් තොල් සපමින් ඒකා මට රවමින් මෙසේ කියන්නට විය. මට සියල්ල මොහෙතකට අමතක විය.මේ සිටින්නේ ප්‍රාග් බෞද්ධ දේවතාවා වූ ව්‍යාදේව නොවන්නේය. කෙලින්ම මා කොක්ක ගසා මාද දේශපාලනය නොකර විප්ලවීය රංගනයකට යොමු කළ සුදන්තම වන්නේය. ඒවාද දැනගෙනමෙන් මේකා මේ අස අසා සිටි ගීතය ගයයි. නමුත් ඒකා  ගයන්නේ කෙලින්ම බලි තොවිල් අනුසාරයෙන් ගත් පද ටීකා කරමින් යටිගිරියෙන්ය. ඒ හඬට මා ආසා නැත. සංගීතයට අනුබද්ධව ආසා නැති වුවද ඒ හඩට මම ආසා ඇයිදැයි හිතුවෙමි.
එවිට ව්‍යාධයෝ කීවේ තොප පොඩි කාලයේ නැලවිලි ගී නගන රාවය තොප තුන පන්තියට ගිය විට නැතිවී ගොස් තොපේ අම්මාද තාත්තාද තොට හතුරන් වී මේ විනාසය කරගත් බවය. තොප ඒ ජාතික දේශපාලනයැයි කියාතොගේ ශුක්‍ර මෝරන කල ඒ අහිංසකෙල්ලට ආදරය කරනා නාමයෙන් ඇයව රස්සාවකට දැම්මේය.
නමුත් තොපට තනිරැකීමට සිදුවූයේ අබයගිරියේ ඇති තඹ රන් මැනික් සහ ස්වභාවික සහ දස දිසා ස්වර්ණමය කාලය සමග නොව පරදේශකින් ගෙන ආ කියා තොප සිතනා ඔරලෝසුවේ නාමයෙනි. තොප කාලය සහ අවකාශයේ විරිත් වෙන ඇසකින් දැක වරායට පෙම් බැන්දේ ඊට අනුහස් වෙසින් නොව ජාන සංස්කෘතික විභේදනය නිසාය.
තොපට කොළඹ කොටුවේ විමල ධර්ම සහෝදරයෝ ලොකු විය. එයාට ඒ අසල තමන් යතුරු ලියන්නට ගිය මහා තාක්ෂණික යකඩ විකුණන ආයතනය ලොකු වූවා සේය. හන්ටර් කියන්නේද මහා තාක්ෂණික ආයතනයක් නොව පිරිමි මූලික නාමයක්ව වන්නේය. කාලය ගැන කතාබහ කරන විමලදර්මත් හන්ටර් ආයතනයත් ඒ ඉදිරියෙන් ඇති ඔරෙලෝසු කනුව යට නිදා ගත් මිනිහෙකුගේ සැබෑව කොළඹ වරායේ අළුතින් නිර්මාණය කළ චෛත්‍යයන් වහන්නේ නොදැකා සේ උනදු ඊට එපිටින් පාවී පාවී ගිය වළාකුළු නොදැක්කා වී නොවන සේය. ඒ වළාකුලු වල කෙදිරිය ඒ මද නල හමන සුළදින් වැනෙන්නා වූ ගස් කොළන් නැති කොළඹ කැරකෙන මදනල තමන්ගේ ම හැපී නගන හඬක්ම වී.
  මුළු ලොවම සිදුව ඇත්තේ මේය.දැන් තොප සිතන්නේ මේ කුමක්ද වූවාද කියාමය. අද සිදුවී ඇත්තේ තොප හිටිය තැනම සේ සියල්ල විසදී හමාර කියාද තොප සිතනවාදැයි ව්‍යාධයෝ ඇසීය. ඊට එරෙහිව මට කියන්නට දෙයක් නැති සෙයිදෝ මා නැවත මගේ පෝනයේ හඬ රාව නගන්නට වී 
වාසනාව ඇගේ නෙතයි මාළිගාව ඇගේ සිතයි
වේදනාව ඇගේ වතයි
ආදරයේ... කෝඩුකාරයෝ
ව්‍යාධ දේව නැවතත් කෑ ගසන්නට වි. නුඹ හිතයි ඈව අතහැරියේ දකුනේ කාලයේ කියා. නමුතු අද දකුනද උතුරද උතුර මැදද කියා කිසිවක්නැනැ. ආර්ථිකය කියාද කිසිවක් නැත. නමුත් ආදරය නැතිවූවා කියා නුඹ සිතනවා ඇත ඒ නැතිවන්නේ නැත. මේ ඒ ඒදාය.කොළඹ කොටුවද සියළු සිනමා ශාලාද සියලු නිදහස් කාඹරද සියලු දුම්රිය පලවල්ද සියලු ත්‍රීවිල්ද එසේම තියනවාය. නැත්තේ නුඹත් නුඹ උඩදමන ලද නුඹගේ මහේශාඛ්‍ය  මතු බුදුවන බුදුවරිය පමණක්ය. නුඹලාට පිස්සුදැයි කියමින් මතුබුදුවන හෝ බුදුවූ බුදුවරියන් සිටින්නේ තොපේ පරපුරේ උන්ගේ විනා අන් කොහේදැයි ඇසුවෝය. 
මා සිහිණයක් දකිමින් සිටියේය. ඒ ඉතා සුන්දර සිහිනයකි. නව දේශපාලන වෙනසින් පසු මාඒ සිහිනය දුටුවේ වෙනම මානයකින් වීමටද හැකිය. බර්ටර්ල් බ්‍රෙෂ්ට්ගේ ගැලිලියෝ ගැලිලි නරඹා විජේවීරයන් විසින් නිර්මිත විප්ලවීය මෙහෙවර සිතමින් එදා ඇය සහ මා ලේඩි චැතර්ව පරාජය කර නිදහස් ජීවිතය ගත කරන ඕපාත මිනිසුන්ද කජු කෑම නවත්වා අහස දෙස බලා සිටින්නට විය.
ඒ විදුලියෙන් මේ මා සමග සිටින්නේ ඈම බව මට ව්‍යාධයෝ සැරෙන් පැවසූ දේ වැටහෙන්නට විය. 
නැවත අහස ගුගුරවන්නට වී. ඒ රක්ත වණ රිදී රේඛාවක් පලාගෙන මා ඉදිරියේ ප්‍රාතභූර්ත  වූ ව්‍යාධ දේවයෝ මෙසේ දේශනාකරන්නට විය.
බුදුන් වහස්සේ මෙන්ම සියලු ගහකොළද ඇත. තන්හාවෙන් පෙළෙන මිනිසුන්ද ඇත. ඒවාට පිටින් තොපට ආදරය කළ කෙල්ලන් වෙනුවට ඒ වන්ම අංගනාවන්ද හමුවී ඇත. එදා දේශපාලනයේ සිදුවූවන්ද එසේම සිදුවෙමින් පවතී. කියමින් මගේ පෝනයද නිවා දැමූ ව්‍යාධදේවයෝ ඒ ඉතිරි පද උන්වහන්සේම බුදුණුවන්ට සමාන හඬකින් වයනවා සේ මට දැනින.
"වේදනාව ඇගේ වතයි
ආදරයේ... කෝඩුකාරයෝ
ආදරයේ... කෝඩුකාරයෝ
ආදරයේ........
කෝඩුකාරයෝ
ඒ කෙසේ නමුතු නිදිදෙව් ලෝකයට යාමට පෙර මට තවත් අමතුමක් ලැබිණ.මහරෑ බලය ගත් අය ඇමතුම් නොදෙන නිසා මා හිතුවේ මේ ඇමතුම ගන්නේ වෙනත් පෙරටුගාමී පක්ෂයක කස්ටියක් විය  යුතුය කියාය.
" තාත්තේ
තාත්තේ,  අර ඔයා අකමැති වූ ලක්ෂාන් සහෝදරයා ඔයාට කියන්න කිව්වා. එයා දැන් නීට්ෂේ කියවනවා කියලා එයා දැන් වෙනම කතන්දර කියවන්නේ."
මා පොනය විසන්දි කළෙමි."
"ඔයිට වඩා දේවල් සිදුවෙමින් පවතිනවා. යමෙක් මොනවා හරි කියනවානම් ඒකා කියවන්නේ ඒකාට ජීවත්වෙන්න බිස්නස් එකටකද හොයා නිශ්ශබද්ධ වෙයන් "
යන කෙටි පණිවිඩය දුවට දමා මා නිශ්ශබ්ද වූයේ නැත.
නැවත ගීතය රාව නැගෙන්නට වී.
වාසනාව ඇගේ නෙතයි මාළිගාව ඇගේ සිතයි
වේදනාව ඇගේ වතයි
ආදරයේ... කෝඩුකාරයෝ
"ජගත් මාරසිංහ" 
17 10 2024

වාසනාව ඇගේ නෙතයි මාළිගාව ඇගේ සිතයි
වේදනාව ඇගේ වතයි
ආදරයේ... කෝඩුකාරයෝ

ඇය සුවඳකි ප්‍රභාතයේ තුසර බිඳකි පුරා හඳේ
ඇය සුවඳකි ප්‍රභාතයේ තුසර බිඳකි පුරා හඳේ
ගිනි අඟුරකි අගාධයේ
ආදරයේ... කෝඩුකාරයෝ

වාසනාව ඇගේ නෙතයි මාළිගාව ඇගේ සිතයි
වේදනාව ඇගේ වතයි
ආදරයේ... කෝඩුකාරයෝ

අඳුරේ රන් තරැව ඇයයි රන් තරැවට අඳුර ඇයයි
අඳුරේ රන් තරැව ඇයයි රන් තරැවට අඳුර ඇයයි
මදහස සෝ සුසුම ඇයයි
ආදරයේ.... කෝඩුකාරයෝ

වාසනාව ඇගේ නෙතයි මාළිගාව ඇගේ සිතයි
වේදනාව ඇගේ වතයි
ආදරයේ... කෝඩුකාරයෝ

වාසනාව ඇගේ නෙතයි මාළිගාව ඇගේ සිතයි
වේදනාව ඇගේ වතයි
ආදරයේ... කෝඩුකාරයෝ
ආදරයේ... කෝඩුකාරයෝ

ආදරයේ........
කෝඩුකාරයෝ
https://youtu.be/rzLmWdz6D2QZ
Latest


Powered by Blogger.