සඳටත් දැන් ‌හොඳටම වයසයි.

වයසට ගිය හඳ
(එකම ‌දේ ‌දෙවතාවක් සිදුවන්නේ නැත යන්න ‌මේ වන විට විහිලුවක් වී හමාරය. දැන් අපට කළ යුතුව තිබෙන්නේ එම පරිවර්තනය එකම ‌දේ එකම විදිහට ‌දෙවතාවක් සිදුවන්නේ නැත කියා ‌වෙනස් කිරීම පමණී.)
           

           අන්තර් ජාලයේ නන්නත්තාරේ ගමනේ යන විට ලයනල් ‌වෙන්ට් ‌ගේ "AND THE MOON WAS SHINING CLEARLY" නමින් යුත් කැමරා චිත්‍රයක් හමූ වී ඒ ගැන ලියනවාටත් වඩා ඒ මත යමක් ලියන්නට අදහසක් ඇති වුනා. සමහර විට ඒ ‌මේ ‌මොහොතේ අව පක්ෂයේ සුළඟේ පවතින වියලි සිිසිල් බව නිසා වීමටත් පුලුවන්. ඔන්න ඉතින් දැන් ඊනියා තාත්ත්‍රිකයෝ කියයි සඳ එළිය පැහැදිලිවම බබලන්නෙ නැහැ කියලා. අවසානෙට කියයි සඳ තියෙන්නේ අහසේ ‌නෙවේ අපේ ඔළුවේ කියලා. නැත්නම් ‌මේ ඡායාරූපය ‌රොමැන්ටික් කතන්දර වලින් අසරන කරලා අමාවක කළුවර පිළිඹඳ කලු කතා ලියයි. එහෙමත් ‌නැත්නම් ලාං‌කේය බුද්ධිමය සම්ප්‍රධායේ තවත් එක් ජනප්‍රිය විදිහක් වන දැක්කත් ‌නොදැක්ක වගේ න්‍යාය ඒ අය  අනුගමනය කරාවි.
           සඳ කියන්නේ සං‌කේත ‌පොකුරක්. ඒක ‌කොයි රටෙත් එහෙම තමා. නමුත් මට ව්‍යාධ ‌දේව කියලා තියෙන්නේ ස්වදේශිකයෝ කියන්න‌ෙ අමුතුම ආරකිිින් චන්ද්‍රයාට ආදරය කළ පිරිසක් කියලා. ව්‍යාධ කියන එකත් ‌ලේසියෙන් අහක දාන්න බැහැ. ව්‍යාධ‌ෙදේව කියන්නේ ස්වදේශිකයන්ගේ දඩයම් ‌දෙවියා. හඳ කියන්නෙ ජනප්‍රිය ස්ත්‍රී සංඥාවක්. තවත් ස්ත්‍රී ප්‍රබල සංඥාවක් වන භගමතී ශක්තියේත් බලවත් බව තියෙන්නෙ වජ්‍රයානයේ පමණක් කියන්න අපේ ස්වදේශිකයෝ එදා ලෑස්ති වුනේ නැහැ කියලා නොදන්නා අය දැනගන්න එක ‌හොඳයි. කොහොමත් අන්තිමට ගත්තම භගමතී ශක්තිය කියන්නෙත් චන්ද්‍ර ශක්තියම තමා. ‌‌බෝඩ් ලෑලි උස්සන් ‌කොළඹ වටේ පාරවල් දිගේ ‌නොගියට ලයනල් ‌වෙන්ට් ඇතුළු එයා විසින් පටන් ගත්තා කියන කලාකාරයන්ගේ චින්තන කණ්ඩායම වූ හතලිස් තුනේ කණ්ඩායම කියන්නෙත් ස්වභාවයාට කලාත්මකව ආදරය කළ කට්ටියක්. ඒවගේම එයාලා‌ෙගේ ආදරය කිරීමට යම් ‌නැවුම් බවකුත් ‌නොතිබුණා ‌නොවේ.. හැබැයි අද වගේ ‌නෙවේ එයාලා‌ ‌පොදුවේ කාල අවකාශ නියමයන්ට එකඟව කටයුතු කරලා තියනවා. ‌මේ අතර ලයනල් ‌වෙන්ට් හිරු එලියට ‌වෙනස් විදිහකට ආදරය කළ බව එයාගේ නිර්මාණ වලින් කදිමට ‌පේනවා. ආයේ ඒකේ දෙකක් නැහැ. ඒත් සැබෑ චින්තනයක් තියන කලාකාරයෙක් විදිහට සඳ එළියත් කිසිදා එයා අමතක කළේ නැහැ. ‌කොටින්ම ‌මේ කණ්ඩායම අනිකාගේ මත ඉවසුවා පමණක් ‌‌නොව එකිනෙකා මත එකිනෙකා යැපුනෙත් නැහැ කියන එකත් ඇත්තක්.
         ආදරය ලැබීමෙන් පමණක් ආදරය සම්පූර්ණ ‌වෙන්නේ නැහැ කියන කාරණය ‌වෙන්ට් එදා දැනගෙන ඉන්න ඇති. ආදරය කරලා හිස් ‌වෙන තරමට තමා ලැබෙන ආදරය පුරව ගන්න තැනක් අපට ලැබෙන්නේ කියන කාරනයත් ප්‍රත්‍යක්ෂයක්. ආදරය කිරීමත් ආදරය  ලැබීමත් යන ‌‌ආකාර ‌දෙකම අන්නෝන්‍න්‍ය වශයෙන්  එකට සම්බන්ධ ‌වෙනවා. ‌කොටින්ම ඒ ‌සම්බන්ධය නැතිනම් ආදරය කියලා එකක් පවතින්න  ‌කොහෙත්ම ඉඩක් තිබෙන්න බැහැ. ආදරයෙන් ‌තොර  කලාවක් පවතින්න විදිහක් නැහැ කියන්නෙත් ‌බොරුවක් ‌නෙවේ.
                සඳ පිළිඹඳ සියළු ‌කොන්දේසි සම්පූර්ණ වුනත් සඳ බබලනවා කියන්නේ පට්ටපල් ‌බොරුවක් කියලා  තවත් ‌කෙනෙකු දකින්න පුලුවන්. දැකලා සඳක් නැහැ කියලා මතයක් ‌ගේන්නත් පුළුවන්. එවැනි අවස්ථා ‌මෝඩ කම් කියලා හිතන්න අපට කොහතේම බැහැ. ‌මොකද ඒ ‌හේතු දන්න් ඒක දැකපු ‌කෙනා. සමහර විට තමා දුටු ‌දේ තවත් ‌කෙනෙකුට කියන්න දන්නේ නැති කට්ටියකුත් ‌ලෝකේ ඉන්නවා. ආන්න එතන තමා ‌සමහර බුද්ධිවාදීන් පිරිසක් විසින් හිතා මතා වැරදිම ‌හොයන ථේරවාද දහමේ  වටිනාකම තියන තැන. යම් සමාජ ප්‍රවනතාවයක් බලයක් බවට පත් වූ කල දේශපාලනික ‌හේතු මත නිර්මාණය ‌වෙන යම් යම් සමාජ විරෝධී ඇතැම් තැන් සාධරණීකරනය කිරීමක් ‌‌‌ථේරවාදයේ වටිනාකම මතුකිරීමෙන් කිසිසේත්ම සිදුවෙන්නේ නැහැ. ‌තවත් පැත්තකින් ‌මේ ලවක් දිවක් නැතිව හිටපු ගමන් මතුවන ‌තේරවාදී විරෝධය සමාජ හිතකාමී ආකාරයට සැබෑ ‌දේශපාලනික මුහුණුවරකින් මතුවෙන්නේ නැහැ කියන එකත් ඇත්තක්. ඒ විරෝධයේ සාධාරන තැන් ඇතත් ‌මේ සිදුවෙන්නේ ‌වෙනම ‌දෙයක් බව පැහැදිලියි. ‌‌‌‌කොහොමත් අබයගිරි‌ෙයේ ශුවිශේෂ ලක්ෂණ තිබ්බ පලියට මහා විහාර‌ෙයේ ඉතිහාසය තුළ ඇතැම් දුර්වලතා ඇතත් මහාවිහාරයත් කර තිබෙන සමාජ හිතකාමී වැඩ ‌කොටස කිසිසේත්ම අවතක්ෂේරු කළ ‌නොහැකියි.
               හඳ කියන ප්‍රපංචය අහසටවත්, විද්‍යාවටවත්, කවියන්ටවත්, කාටවත් අයිති ‌දෙයක් ‌නෙවේ. එහෙම අයිතිය කියනවා කිව්වොත් ඒක එහෙම ‌නෙවේ කියන්නත් ඊට වඩා කාරනා තියනවා. වැදගත් ‌වෙන්නේ සූර්යාගෙන් ‌තොරව  සඳට ආලෝකය ලැබෙන්නේ ‌කොහොමද වගේ සරල කතා ‌නෙවේ. ඒ ‌දෙදෙනාගේ පැවැත්ම පවතින්නේ අපගේ ඔළුගෙඩිය මතයි කියන කුලියට ගත්ත තර්කත් ‌නෙවේ. එහෙනම් ‌මොකක්ද කියලා ඇහුවොත් ‌කෙනෙකුට කියන්න පුළුවන් ‌මොකුත් නැහැ කියලා. ඒක මරු. ඇත්තටම ‌මොකුත් නැහැ තමා. ඒත් ‌‌මෙම සටහනට එච්චර ඇතුලට යන්න ‌අවශ්‍ය ‌වෙන්නේ නැහැ. ඡායාරූපකරණය ලයනල් ‌වෙන්ට් විනෝදාංශයක් පමණක් ‌ලෙස ඇසුරු කළ බව ලියවී ඇතත් එයා එක ‌ආළෝක ‌ගොදුරකින් ඒ යුගයේ ‌මිනිස් ආධ්‍යාත්මයේ ගැඹරු තැන්  ලස්සනට සරලව අල්ලගන්න සමත්වෙලා තියනවා.‌
            මේ ඡායාරූපයේත් රූප නායිකාවගේ විලාසිතා සහ එක් අතක තිබෙන ‌දේ සහ සහ ඉදිරි පසත් පසුපසත් වස්තු සංවිධානයද ඉතා වැදගත්. ‌එදා කාලයට සාපේක්ෂකව යුගයේ අදාල ‌විෂය දැණුමද භාවිතා කරමින් ‌වෙන්ට් ඔහුගේ ස්වාධීන සිතීම අපට දැනුම් ‌දෙන්න  නිර්මාණාත්මකව ‌උත්සාහ කරනවා. ඉතින් 43 කණ්ඩායම කියන්නේ කලාව කියන කතන්දරේ උඩින් පල්ලෙන් අතපත ගාපු කට්ටියක් ‌නෙවෙයිනේ. ඒ ඔස්සේ ‌මේ සටහනින් මා විසින් මතුකරන්න තැත් කළේ ‌වෙනම ‌‌දෙයකට ඇරඹුමක් ‌වෙන්න පුළුවන්. ඔව් ‌වෙඩි තියන්න ඉස්සරලා දැනුම් ‌දෙන එක සංසාරයේ දඩයක්කාරයෙකුගේ ශිෂ්ට ගතියකටත් වඩා පුරුද්දක් ‌බවත් කියන්න ‌සයිමන්ව සිහි කරන්න ‌වෙනවා. ඉංග්‍රීසියෙන් හිතන පංතියක සිට සිංහල සහ දෙමල කතාකරන අය සමග ගණුදෙනු කළ ‌වෙන්ට්ලා කාල අවකාශ තත්වයන් සම්බන්ධව ඉතා ‌හොඳ අවභෝදයකින් ඉඳලා තිබෙන බව එයාලාගේ නිර්මාණ වලින් සහ කියපු කරපු ‌දේවල් වලින් අපට තාමත් දැක  බලා ගන්න පුළුවන්.
 ‌     ජාතික සිනමාවක් ගැන රැල්ලක් තිබ්බ කාලෙක ජයවිලාල් ‌විලේගොඩ නැමති සිනමා විචාරකයා  බොම්බේ හාමු චිත්‍රපටය විවේචනයක ලියලා තිබ්බා බොම්බේ හාමු ලංකාවට එද්දි ‌බොම්බේ නතර ‌වෙලා වගේ කතාවක්.‌ අන්න ඒ වගේ කොමිනියුස් ප්‍රකාශනයේ තියන ‌ලෝකයේ අස්සක් මුල්ලක් නෑර යන ප්‍රාග් ධනයේ අවතාරය නම් ලංකාවට ආවේ එංගලන්තේ ඇඳුම් වලට උඩින් ඉන්දියාවෙ ඇඳුම් ආයිත්තනුත් ඇඳගෙන කියලා කියන්නත් පුළුවන්. තාම ඒ අවතාරය ඇවිත් ඉවර නැහැ කියමුකෝ. දැන් එන අවතාර නම් එන්නේ ඇමරිකාවේ  චීනයේ සහ ඉන්දියා‌ෙවේ සිට බව කාටත්  විශේෂයෙන් කියන්න ‌දෙයක් නැහැ. ඒ ගැන කතා බහ කරන එකත් අපේ දවසේ විනෝදයක් බවට පත්වෙලා අවසානයි. නමුත් අද අවතාර ස්ථාන ගත ‌වෙලා තියෙන්නේ හතරවෙනි ‌ලෝකයේ සයිබර්ල වලා කුළු වලබවනම් ‌ගොඩ නෙක්  දන්නේ නැහැ වගේ.. බය වෙන්න ‌දෙයක් නැහැ. ඇත්ත කතාවනම් ඒ රටවල් තුන දන්නෙත් නැහැ තවම ‌මේ ‌ලෝකෙටම මොකද ‌වෙන්නේ කියලා. ලාබය ගැන සහ ආරක්ෂාව ගැන පමණක් එයාලා අනිවාර්යෙන්ම අවධියෙන් ඉන්නවාටත් වඩා බියෙන් ඉන්න බවත් ‌පේනවා. සමහර කාල වකවානු තියනවා ‌දේවල් බලා ඉන්න ‌වෙන. හැබැයි ‌මේ එහෙම කාලයක් ‌නෙවේ. ‌මොකද පරිභෝජන පිස්සුව කියන්නේ එසේ ‌මෙසේ පිස්සුවක් ‌නෙවේ. සැලසුම් සහගත නැති අනියම් අතිරික්ත නිෂ්පාදන ‌අසම්භාවී  ‌ලෙස සමාජය තුළ වරින් වර ‌බෙදී යාම පළමුව පිස්සුවක් ‌ලෙස සිදුවන බවනම් සැබෑවක්. ‌දෙවනුව ගැන හිතනවට වඩා ‌හොඳ ඇත්තටම ඒක ඒ ‌මොහොතෙදි බලා ගමු කියන එක විතරයි. 

ජගත් මාරසිංහ

2019 08 19

ලයනල් ‌වෙන්ට් 



Powered by Blogger.

Follow by Email