"වසම මිසී හොඳම මිසී" රෝහල් මතක!

              "වසම මිසී හොඳම මිසී" රෝහල් මතක!

 

      88 අවසානයේ මැගසින් බන්ධනාගාරයෙන් මම නිදහස්වෙනවා  හැබැයි ඒ නිදහසට සහය දුන්නේ ඇත්ත වෙනුවෙන් පෙනීසිටියා හෝ නොවේවා බෙල්ලන් විල ලොකු හාමුදුරුවොයි පිර්න්ස් ගුණසේකරයි මහින්ද රාජපක්ෂයි තමා. (දේශපාලන වාසියක් සඳහා ඒ නම සඳහන් නොකළ බව සලකන්න) පසිද්ධියේ. නමුත් තවත් එතන බොහෝ අය හිටියා. මගේ මානව අයිතිවාසිකම් නඩුව බාර අරන් තිබ්බේ පිරින්ස්. මගේ විතරක් නෙවේ සියල්ලගෙම. චාල්ස් අබේසේකර ගැනත් නොකියා බැහැ. තව කියන්න හැකියි. ඒ මිනිසුන් පාරේ පුච්චන යුගයක්. කොහොම හරි මගේ අංකේ බන්ධනාගාර නිළධාරියෙක් කෑ ගහලා කියනවා. බින්ස්ස්ලි නිදහස් කියලා. මම යකඩ වැට ගාවට යනවා. මට සතුටක් ඇතිවුනේ නැහැ. ඇත්තටම මට ඒතන හිටපු යාලුවන්ව දාලා යන්න හිතේ කිසිම කැමැත්තක් තිබුනේ නැහැ. මට උනක් හැදුනම අම්මා වගේ ඇවිත් රංජිදම්ලා බණ්ඩාරතෙන්නකොන්ලා පේම ලාල්ලා නලලට අත තියන ආදරයක් ඒතන තිබ්බේ. මම තාමත් ආසයි ඒ වගේ මිනිස්සු ඉන්න හිරේකට නෙවේ අපායකට උනත් යන්න. අපිට එතන නැතිව ගියේ ගෑනු විතරයි. අපි ඒ වෙනුවට කලාව සහ දැනුම අපේ ගෑනු කරගත්තද කියලත් හිතෙනවා. කෝම හරි මම නිදහස් කිව්වට පස්සේ ඇතුලේ් හිටපු රත්නායක සහෝ රු විස්සක් දෙනවා. ඒක මම කටේ ගක්කේ ගහ ගන්නවා. මොකද ඒ කාලේ අංක රහිත වෑන්.
කොච්චියේ යන වොරන්ට් ඒක ඒයාලා දෙන්නේ මරදානේ සිට මොරටුවට. ඒක මා ගාව තාම ඇති. එදා හිටපු ඒස් පී මහත්තයට තමන්ගේ රාජකාරියයි මිනිස්කමයි ධනේශ්වර දේශපාලනයේ සැකසුමයි ගැන යම් දැනුමක් තිබ්බා. ඒයා මට කිව්වා පරිස්සමින් කියලා. මම ගේට්ටුව ගාවට ගියා. නමුත් තෙන්නේ සහෝ කියන්නේ ජවිපේ දේශපාලන මණ්ඩලනේ අයින් වෙලා හිටියත් මිනිස් කමින් විශේෂිතයක්. එයා මට කිව්වා මාරේ අපි වසර දෙකක් ඇතුලේ. එලියේ සමාජය දැන් ඉස්සරහට ගිහින්. පළමුව ඒක අවබෝධ කරගෙන ජීවිතය හදා ගන්න කියලා. මම ගේට්ටුවෙන් එලියට බැස්සා මළ පෙරහැරක් වාසනාවට එනවා. මම පැන්නා ඒක මැද්දට. ඔළුවේ පොරි. නිකන් පොරි නෙවේ මරණ පොරි. කොහොම හරි මම තෙන්නෙගේ කතාවට ආදරෙයි. මම හිතාගත්තා හැන්ගෙන්න ඕන ඇඟෙන් නෙවේ දේශපාලනයෙන් කියලා. මම පැරනි පෙම්වතිය දාලා ගිය නිසා අළුත් පෙම්වතියක්ව ආදරය කළා. බැන්දා උනත් ඒ වදනයට මම ආස නැහැ. අපි දෙන්නා මගේ පපුවේ අමාරුවකට කොළඹ මහරෝහලේ පපුව සම්බන්ධ ක්ලිනික් ඒකකට ගියා. මෙන්න ඒකපාට පොලීසියෙන්. මෙන්න බන්ධනාගාර නිළධාරීන් සමග මාත් එක්ක ඇතුලේ හිටපු සගයෙක් ඒ ක්ලින්ක් ඒකට ගේනවා. අතේ මාංචු. මාර ආරක්ෂාවක්. ඒක මාර ආරක්ෂාවක්. ඇයි තරස්තවාදීන් කියන ලේබලය යටතේනේ. මට ඒ අවස්ථාවේ මාර බයකුත් නොතිබුණා නොවේ. ඉතින් මගේ මනස ගැන කියන්න නවකතාවක් ලියන්න වෙනවා. කොහොම හරි හරි අර මංචු දාගෙන අපු රෝගියව වෙද්‍ය වරු ඉන්න කාඹරයට ගන්න හැදුවා පමණයි. ඇහුනේ ඒක වචනයයි. "ගෙටවුට්" මම හිතන්නේ ඒ විශේෂඥ වෙද්‍යය වරයා වෙන්න ඇති.
ඒ සමගම වස මිසී කෙනෙක් ඉස්සරහට ඇවිත් ඒ නිළ ඇඳුම් හමුදාවට කිව්වා මාංචු ගලවලා රෝගියාව පමණක් ඇතුලට එවන්න. එයා ලෙඩෙක් කියලා. මට කඳුලු ආවා. ඒ ලොකු ඩොකත් මරු. ඒ වසම මිසි තමා ඉතා හොඳ අනේ. ‍‍ඉන්න. මම මෙතන කියන්නේ වසම මිසීලා ගැන නෙවේ. මිසී කෙනෙක් වස වගේ පෙනුනනට ඒ කාන්තාවන්ගේ තියන හෘර්ද ශාක්ෂිය ගැන. ඒක මතුවුනේ කොහෙන්ද කියන එක අපි කතා කරමු. දයලෙක්තික්ද බුද්ධද කියන විකාර මට නැහැ. මම කියන්නේ ඒකේ මාර කතන්දරයක් තියනවා කියන කතාවයි.
ජගත් මාරසිංහ
20 08 2020


Powered by Blogger.