"දඩයක්කාරයෛකුගේ මිනිස් කම" (01)



                   90 මුල මා සියළු ඥාතීන් සහ මිතුරන්ගෙන් වෙන් වී සිටියෙමි. මා වෙන් වූවාද ඔවුන් වෙන් වී ගියා ද කියා මා සෙව්වේ නැත. මට සොයන්නට ඒ අවස්ථාවේ උවමනාවක් තිබුනේද නැත. දැනුද නැත. මානව දයාවේ ආදරයත් කුහක කමත් බුදුන්ටත් මාක්ස්ටත් පිටින් දැනගත හැක්කේ හිතුවක්කාර බේබද්දෙකුට පමණක්දෝ මට වරෙක සිතේ.එවන් අවස්ථාවක තනිවීම තනිවීමක්වූම අවස්තාවක මා ගියේ මා ඒකාලයේ මා ළඟින් ඇසුරුකළ සයිමන් නවගත්තේගම සොයාගෙනය.මම විස්තරය කීවෙමි. දවස් තුනක් පමණ ආහාරයක් හරි හැටි නොගත් බවද කීවෙමි. අතේ සල්ලි නැති බවත් කීවෙමි.
       සියල්ල පසක ලා ඔහුට මා තනිවී ඇති බව සාධනය කර කියා අපි දෙදෙනාම මහ හඬින් සිනාසුනාද මතකය. ඇල්කොහොල් ගන්නා මිනිසෙකුගෙන් මිනිසුන් ඈත් වෙන බව ඔහු කීවේ සිනාසෙමිනි.ඔහුගේ උපහාසාත්මක සිනහව සුභ යස නාටකය බැලූ කවුරුත් දනිති. ඒ මාර දේවල් කියන සිනාවකි. එහෙත් ඇල්කොහොල් ගත් මිනිසෙකුගේ සිතීමේ වටිනාකම කීවේ මා සනසන්නට කියා මෙන් හැඟීමක් මට එදා ඇති නොවුනාද නොවේ. පසුව ඔහු මට රුපියල් පන්සියයක් සාක්කුවට දැම්මේය. ඔක්කොවන්ටම කලින් අත පය වෙව්ලන තත්වය නතර කරගෙන එනවා කියා අණ කළේය. මල්ලිකා අක්කාට මේ බව තාම මතක ඇති බව සිතමි. ඇයද වසම වස මිසී ලා මෙන් ආදරණීය ගැහැණියකි. ඇගේ ආදරය කොතරම්දැයි මට කියන්නට හැක්කේ ඇගේ මනුෂ්‍යකම ගැන කියන්නට මට වචන කිසිවක් නැති බව කීමෙන් පමණි. මම පැය භාගයක් යන්නටත් පෙර අඩියක් ගසා ස්නායු සමනය කරගෙන නැවත සයිමන් සොයා ආවෙමි. ඔහුට ඒ කාලයේ රාජ්‍ය බලයක්ද නොතිබුණා නොවේ. ඔහු හතර වටේට කෝල් ගෙන මුල්ලේරියාව රෝහල පමණයි ඇල්කොහොල් නවත්වන්නට හොඳම තැන කීවේය. එය මා නොදන්නා කාරණයක් නොවේ. මා ඇල් කොහොල් සම්බන්ධව එතන දැනගත් ආකාරය පසු ලිපියක ලියවේ. එතන භාරකාරයෙකු නැතිව රෝගියෙකුව බාර නොගන්නා බව කීවෙමි. 
     ඔහු දුරකතනයෙන් මුල්ලේරියාව රෝහලට කතා කර භාරකාරයා තමා බවත් මට සැත්කමක් නිසා පැමිණිය නොහැකි බවත් කියා මගේ ඇල්කොහොල් මිතුරෙකු දැන් එවන වගත් එයාට මා වෙනුවෙන් දියයුතු සහය‌ෝගය දිය යුතු බවත් කීවා මතකය. මේ ඒ කාලයේ මා සයිමන්ගෙන් එවන් උදව්වක් ලැබෙනවා කියා කිසිදා බලාපොරොත්තු වූවක් නොවීය. තව තවත් කෝල් ගෙන මා මනස ප්රතිකාර ගැනීම සඳහා සාහිත්‍යයෙන්ම යොමු කළේය. පසුව තමන්ගේ සැත්කමේ අමාරුවද නොසලකා සොයිසා මහල් නිවාසයේ බී නිවාසයේ තට්ටු හතරම පහලට බැස ත්රීවීලයට මුදල් දී මාව වහාම මුල්ලේරියාව රෝහලට ගෙන යන ලෙස කීවේය. මගේ මුහුණ දෙස අහිංසකව බලාගෙන සිට තවත් රුපියල් පන්සියයක් ද සාක්කුවට දැමුවේය. ඔයා ඉස්සරලා ප්රතිකාර ගන්න.අපි පස්සේ ලියමු. කතා කරමු. මම අනිත්වා බලාගන්නම් කිවේය.
     ඒ ආදරය මට ඔහුගේ සාහිත්‍ය ආදරය ව්‍යාකරණයන් මත විස්තර කළ නොහැක. ඊට වඩා ලොකුවන්නටද ඇත. මුල්ලේරියාව හන්දියේදී මා වීරයාය. මොකද රුපියල් පන්සියයක් සාක්කුවේය. මා වීල් රියදුරුට අණ කළෙමි. ගල් භාගයක් ගත්තා මතකය. මන්ද මා එක් වතාවක් ඇල්කොහොල් සඳහා මුල්ලේරියාවේ ගත කර තිබේ. නැවත බොන්නට හමුවන්නේ මාසයකටවත් පසුව විය හැක. මා සියල්ල එක දිගට බීවෙමි. වෙද්‍යවරයා හමුවුනෙමි. වසම වස මිසීකෙනෙක් පසුපස සිටියාය. ඇය වෙද්‍ය වරයා සමග කතා කළේය. තනියම මේ ඇල්කොහොලික්ලාව තියාගන්නට බැහැ කියා කීවේය. ඇයි ත්ර්වීල් කරු සමගද කතා කළේය. නව ඇල්කොහොලික් වට්ටුව තිබෙන්නේ නව මුල්ලේරියාවේ බව කියා මොකක්දෝ තුන්ඩුවක් සමග මා එහි පිටත් කර ඇරියේය. මාද සතුටින් ගියෙමි. 
       ත්රීවිලය රෝහලට හරවන විටම ඒ අංගොඩ මානසික විද්‍යායතනය කියන බෝඩය මා දුටිමි. මගෙන් රියදුරුට කුණුහරුප වැලකි. දැන් තත්ත්වය වෙනත් එකකි. ඉන් මා වෙද්‍ය හේතුන් මත ගුරුවෘතියෙන් විශ්රාම ගත් හැටිත් ඒ ජීවිතයෙන් මා ලැබූ අත්දැකීම් සහ එතන ලෙඩුන් කාර්ය මණ්ඩලයද නැතිනම් රෝගීන්ද කියා ලිවීමට මා මුට්ටිය දමා බලන්නට පමණක් මෙය ලීවා නොවේ. සයිමන් නවගත්තේගමයෝ මගේ ඥාතීන්ටද දන්වා සියළු අවශ්‍යතා කළමනාකර කර තිබිණි. ඔහුගේ සාහිිත්‍යයේ සිිිිටි දඩයක්කාරයාගෙන් නිරූපිත වංශකතාවේ මහා මනුෂ්‍යත්වයද මා ඔහුගෙන් අත්දැකීමෙන් දුටු අයෙකි. ඔබගේ ප්රතිචාර මත ඉතිරිය ලියවෙනවා ඇත. සයිමන් සමග මගේ ජීවිතය අනෙකුන්ට වඩා බොහෝ වෙනස්ය. ඒවා පසුවට ලිවීමට කල් තබමි.
ජගත් මාරසිංහ‍
27 08 2020


Powered by Blogger.