"වසම මිසී හොඳම මිසී" v
තවත් දවසක් මා අසරණ වූ අවස්ථාවක් මහ පාරේ ජීවිතය අවසාන වෙන්නට ආසන්න සේ දැනීය. ඒ 1994 වැනි කාලය බව මතකය. තව ස්වල්ප මොහොතකින් මහ පාරේ මා වැටෙන බව දනිමි. මේ මිනුවන්ගොඩ නගරයයි. ඒ මගේ උපන් ගමයි. ඒත් මා වරින් වර මිනුවන්ගොඩ යන්නේ පරණ යහළුවන් හමුවීමටය. එයින් මට ජීවත් වීමට පුදුම ජවයක් ලැබේ. වෙන කිසිත් මගෙන් අනෙකුන්ට මිස අනෙකුන්ගෙන් මට ලැබී නැත. මා ඒ කීවේ උන්ට ඇති මගේ ඇල්ම ගැනය. අතීත කාමයේ සළුපිළි මගේ හිසෙන් වියුක්ත වූයේ එවැනි කාරණා නිසා මිස මහා තර්ක විතර්ක වලින් නොවේ. මගේ පොඩිමොළය හෝ කුමක් හෝ ශක්තියක් හෝ මොකක්දෝ දෙයක් එදා ඒ අසරණ මොහොතේ කීවේ වහා රෝහල් ගතවන ලෙසයි.
මා කෙලින්ම මිනුවන්ගොඩ රෝහලට ගියෙමි. ඩොක්ටර්ලාට සහ පොරොක්ටර්ලාට ඇත්ත කිව යුතු බව පරණ කතාව තවමත් පරණ නොවන කතාවක් බව මා වටහාගෙන තිබිණි. දොස්තර වාට්ටුවකට මාව දැම්මේය. මගේ ලොකුඅක්කා තරම් වයසක මිසීකෙනෙක් මා ඉදිරියේය. මා ඇය සේලයින් ගහනකන් සූදානමින් සිටියෙමි. එවැනි අවස්ථාවල සිතට එන හැඟීම් බේබද්දන්ට අමතක වෙනවා කියන්නේ අමූලික බොරුවකි. වැදගත් මිනිසෙකුලෙස පෙනී සිටීමට එවා බේබද්දන් අමතක කරනවා කියන්නේ ඇත්තක් කියා මට සිතේ.
ඒ එදා මට සාපේක්ෂකව වයසක මිසී සිස්ට කෙනෙකෙු සමගද කතා කළා මතකය. මේ රෝහල් වාට්ටුව රෝහල් වත්තේ කෙලවරට වන්නටම සාදා තිබුනාද මතකය. කොටින්ම රෝහලෙන් පිටුපස තිබ්බේ මගේ ස්කව්ටින් ගෝලයෙකු වන යාපලාගේ ඉඩමය. ඒ කුරුණෑගල පාරය. රෝහලේ ඉතිරිය වේයන්ගොඩ පාරය. මම දොස්තර සමගද කතා කළ ආකාරය මාර පුදුමය. මා දන්නේ නැත දොස්තරලා ගොඩක් අය සහ පොලීසියේ ගොඩක් අය මගේ කතා කිරීමට සමන් දීමට කැමැත්තක් මේ වෙනතෙක් තිබේ.මා හිතන්නේ ඒ මා දෙල් ගැන ඇසූ විට පොල් ගැන විස්තර කර දෙල් කියන නිසා වීම නිසා යයි සිතමි.
මහ එදා හමුවූ වසම හෙදිය මට ඇඳේ ඉඳ ගන්නවායයි අන කලේය. අනට කීකරුවීම මගේ සිරිතකි. ඒ වසම වස මිසී බෙහෙත් පෙති සහ වතුරක්ද දුන්නා යාන්තම් මතකය. නමුත් සේලයින් නැත. කවුදෝ සාත්තු සේවකයෙක් බත්පපිඟාකත් ගෙනත් දුන්නේය. ඇය මට කන්න කීවේය. මම බහැ වමනේ යනවා කීවෙමි. මේක රෝහලක්. වමනේ ගියොත් අපි බලාගන්නම්. කන්න බැහැනේ. මම දැන් ඔයාට කවනවා. කියා ඇය මට කන්නකෝ කියා ඉතා ආදරයෙන් මට බත් කටවල් කීපයක් කැවීය. මම නින්ද යාමට පෙති ඉල්ලූවිට කීවේ ඇලවී ඉන්න මා ඒක කරන්නම් කියාය. කෑවාට පසු නින්ද ගියේය. ඒ කෙටි නින්දකි. සේලයන් නැත. මා මහ රෑ අහැරුනේය. වටා පිටාව කළුවරය. කරන්නට දෙයක් නැත. මට දැන් නැවත මහා බඩගින්නකි. මම ටිකක් හයියෙන් කතා කළෙමි. සාත්තුසේවකයෙක් ආවේය. ඇයි කියා ඇසුවේය. මම බඩගිනියි කීවෙමි. නින්ද යන්නේ නැහැ කියාද කීවෙමි. අපිට බෙත් දෙන්න බැහැ කියා ඔහු කොහෙන්දෝ කිිිිරිම්කැකර් දෙකක් සහ ඒක් තරා පරමාණයකට වතුර ටිකක් දුන්නේය. අර මිසී පසුව දා ආවේය. දැන් හරිනේ කියා තවත් කඩල පිගානක් දුන්නේය. මම කනකන් මට බැන්නේය.ඒ බැන්නාද දරුවෙකුට කරන ආදරයක්දැයි විස්තර කිරීමට මගේ සාහිත්‍යයේ වචන නැත.
අවසානයේ මම කීවේ මට සනීපයි දැන් ටිකට් කපාගෙන යා යුතු බවය. ඒත් ලොකු දොස්තර මහත්තයා ඒන තෙක් ඒ දේ කරන්නට තමන්ට නොහැකි බව ඇය කීවේය. අස්සන් කර යා හැකි නමුත් දොස්තර මහතාට පෙන්වා යන ලෙස ඇය ඉතා ආදරයෙන් ඉල්ලා සිටියේය.දොස්තර මහතා පරික්ෂාකොට ටිකට් කපන්නට ගියේය. මම වීරයෙක් විය. ඒත් අර අර වයසක හෙදි සොයුරිය ඉදිරියේ මා බාල සහෝදරයෙක් විය. දොස්තර සහ ඒ හෙදි සොයුරියන් කතා කලේය. තවත් දවසක් දික් විය. මගේ බලාපොරොත්තු සුන් විය. ඩොකාලා අහන්නේ හෙදියන්ගේ කතන්දරයමය. ඒ්ගේ අත්දැකීමය. සැබෑවටම විය යුත්තේද එයමය.
මම පහුවෙනිදා බත් ගොඩක් කෑවේය. බෙහෙත් පෙති කීපයක් පමණක් දුන්නා මතකය. පසුව ටිකට් කපා ඒ වසම වස හිතුවක්කාර මිසී මගෙන් මෙසේ ඇසීය. බැඳලද? මම ඔව් කීවෙමි. ඇය මට අවවාදයක් දුන්නාය. සමහර විට එයා ආදරය ඇති. ඒක ඔයාට තේරෙන්නේ නැතිව ඇති. නැතිව ඔයාට ආදරය නැහැ නෙවේ. එයා වෙන්වුනත් ඔයා එයාට ආදරය කරන්න. ඒතකොට ඔයාට කවදාවත් බොන්න හිතෙන ඒකක් නැහැ. පසුව මුලු කටින්ම හිනාවී කීවේ ආයේ බීලා එහෙම මෙහේ එන්න ඒපා කියය. මා යන විට නැවත අඬ ගැසීය. අපිට හරි දුකයි පුතේ. කවදාවත් ආයෙමත් කටේ තියන්න ඒපා. මගේම දරුවෙකුට වගේයි කියන්නේ කිව්වාය. සියල්ල මතකය. මේ පුද්ගලිකත්වයක කාරණයක් විය නොහැකි නිසා මේවා ලියන්නට සිතුවේය. මේ ආදරය කුමක්ද?
තව ඉතා හොඳ සැබෑ ආදර ලිපි මිසීලා මගින්ම ලියන්නට බොහෝ ඇත. නමුත් වසම මිසී හොඳම මිසී කියා ලියන්නේ රාජ්‍ය සේවයේ නැසීයන ආදරය සම්බන්ධව මේ දේ ලිවීම මගේ යුතුකමක් සේ හිතාය.
ජගත් මාරසිංහ
22 08 2020