ගමනක අවසානය

                                            ගමනක අවසානය

      ඊයේ රජයේ මැතිවරණ ප්‍රවෘති දෙපාර්තමේන්තුවට වචන කීපයකින් මාර දේශපාලනික කිතියක් කැවූ නන්දන වීරරත්න මරු. ඒයා කෙලින්ම කියනවා රෝහන විජේවිර සහ ඒ පරපුර හැත්තෑ එකේ කැරලි ගැහැව්වේ එදා ලංකාවේද රැජන වු එංගලන්තයේද කාටද ගෑනියෙකුට විරුද්දව යන අදහස. ඒත් 71 කැරැල්ලට නඩු නීතිමය වශයෙන් සිවිල් වෙන්න ලාංකේය ප්‍රජාතන්ත්‍රවාදය කියන වහන්තරාව යටතේ නඩු දාන්නේ ඒවකට සැබෑ ලෙසම වග කිව යුතු සිරිමා බණ්ඩාරනායක කියලයි. ඒ කියන්නේ සෙවීම් ප්‍රතිඵල

     වෙබ් ප්‍රතිඵලයඅපරාධ යුක්ති විනිශ්චය කොමිසම .... ඒකට විජේ වීර ඇතුලු සියලු හැත්තෑ එකේ කට්ටියට කට උත්තර දෙන්න වෙනවා. මේ කතාව කියන්න මට හොඳ කතාවක් මතක් වෙනවා. ඒ මට මැගසිමේදී හමුවුන ජයසේන අයියා . මම අයියා කිව්වට එයා අනුරාධ පුරේ ජයසේන සහෝදරයා. ගොවියෙක් . ඒකාගේ කට හඬ සරිගමට අයිති නැහැ වගේ. ඒතරම් සබ්දයි. එදා ඒතන හිටපු බණ්ඩාර තෙන්නකෝන් සමග මට කියනවා යම් කතාවක්. මම ජයසේන අයියා සහෝදරයාගෙන් ඒක අහනවා.ඒයා කියනවා අපි දුන්න කට උත්තරය මෙච්චරයි. විප්ලව වාදියෙක් වැරදි කාරයෙක් නෙවේ වගේ කතාවක්. කොහොම හරි ජයසේන සහෝ කෑ ගහලා කියනකොට අපරාධ යුක්ති විනිශ්චය කොමිසම් සබාබේ කන් නෑසෙන නිසා ඉයර් පෝනයක් ගසා සිටි වයසක සිවිල් නිළධාරියෙක් ඒක අහකට දාලා තද වෙලා නැගිටලා තියනවා. තමන්ගේ ජීවිතය ගැන තීරණයක් ගත යුතු මොහොතක ඒදා ඒ සහෝදරයින්ට විනෝදය සපයලා තියෙන්නෙත් යථාවෙන්. මම අයියා කියලා කිව්වට ලියන්න ඕන ජයසේන සහෝදරයා කියලා. මේ දැන් ඉන්න ජවිපේ අය වගේ නෙවේ එයාලා කියලා මම කියන්නේ නැහැ. අර සංගීතය කරනකොට ඕන්නම් ඒක ස්වරයක් හෝ දෙකක් හෝ පැනලත් ශබ්දය ජයගන්න හැකියි. මරු දේවල් කියන්න තියනවා. ඒත් ඒක මහා ජනතාවක් පාඩමක් උගන්නලා තියන මේ මොහොතේ මම කියන්න යන්නේ නැහැ. අර රැජින යටතේ සිදුවුන වරදකට සිරිමා බණ්ඩාරනායක මැතිනියද, ඇන් අම් කියන විදිහට සිරිමාද කොහෙදෙ කියමුකෝ. නැතිනම් ප්‍රේම දාස අගමැති තුමාගේ හෑන්සාඩ් වාර්ථාවලින් කියවෙනා කියලා පත්තර වල තිබ්බ ඩන්කන්ද අල්විස් කියන කවුද කියන කෙනාගේ මිතුරියක් කියමුකෝ. මම මේ කොළමේදී නන්දන වීරරත්නට විරෝධය පානවා. මම කෙලින්ම කියනවා නන්දන වීරරත්න කියන්නේ අසූව දශකයේ ජනමාධ්‍ය පොරක් කියලා. අසූව දශකය පොර දශකයක් වෙන්නේ ඒ කාලයේ ලාංකේය දැනුම යුගයක් වුන නිසා. ඒක පොත් වල නැහැ. ඒක පොත් වලට නගන්න හැකි ඒ කාලයේ ජීවත් වුණ වුන්ට පමනයි. දේශපාලනය කළත් නොකළත් ඒ හැම ඒකාටම ජීවිතයෙන් කොටසක් හෝ අහිමි වුනා.
කොහොම නමුත් නන්දන සහෝදරයා කියනවා වගේ මේ සිරිමා බණ්ඩාරණායක රැජිනගෙන් මුදව ගත් ජනරජයේ සිට අපරාධ යුක්ති විනිශ්චය කොමිසන් සභාව හරහා හිරේ දාන කතාවත් ජෝක් ඒකක් නෙවේ. අපරාධයකුත් නෙවේ කියලයි හිතන්න වෙන්නේ. ඇයි පසුව ජේ ආර් වසර දෙකක් රජයේ ආයු කාලය දික් කරගත් නිසා සිරිමාගේ ප්‍රජා අයිතිය අහෝසි කරනවා. එතනදි තමා කියලා හොයාගන්නත් හැකියි විජේවීර "ශුී ලංකා නිදහස් පක්ෂයේ ගමනක අවසානය" කියලා දේශන මාලාවක් පවත්වන්නේ. ඒ කතාවේ රෝනියෝ කළ පත්‍රිකා ඒ කාලේ මම ඇස් දෙකෙන් දැකලා තියනවා. මේව ඇත්තද නැත්තද ගේම්ද කියන එක මේ කියන දෙයින්ම තේරෙනවා. මේ ලියන්නෙත් ඉතිහාසයෙ ශෘක්කි කාරයන්ට ආස කෙනෙක්.
       නමුත් මම ජවිපේ නායකයන් වන අනුර කුමාර දිසානායකයන් සහ රංජිදම්ගේ මල්ලීගෙන් අහන්න ගැටලුවක් තියනවා. ඔයාලා බෙදුනේ කුමණ දයලෙක්තිකයෙන්දැයි මා දන්නේ නැහැ. දැන් ඉතිහාසය වෙනස් වෙලා නේද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමනක අවසානය ඒදා කීවාට වඩා ඔයාලාම සලකන සිවිල් මතවාදයෙන් මම මෙසේ කිව්වොත්
"ජනතා විමුක්ති පෙරමුනේ ගමනක අවසානය ජනතාව සටහන් කරන ලදී"
එලෙසම එක්සත් ජාතික පක්ෂයේද ගමනක අවසානය ජනතාව විසින් සටහන් කරන ලදී, යැයි අප කිවහොත්ද තොප කුමක් කියන්නෙහි? තොප කිව්වත් නැතත් කවුරුන් කිව්වත් නැතත් ඒ සියල්ල මිනිසුන් තේරුන් ගන්නවා ඇත
ආදර සහෝදරයෙනි!
තොප කුමක් කියන්නෙහි?
     'ගමනක 'අවසානය වනාහී විජේවීරගේ කතාවක් නොව බණ්ඩාරණායක වෙඩි තබා ගාතනය වූ පසු නොව ඒවා එදාට සාපේක්ෂකව මාකට් කරන සඳ, එදා රජයේ ප්‍රරවෘති දෙපාර්තමේන්තුව ගම් කම් වලට ව‌ාහනයකින් ගොස් පොල් ගස් බැඳ තිරයක් දමා පෙන්වූ කොතලාවලගේ වචනයෙන් බන්ඩා වූ සිවිල් වචනයෙන් අග්‍රාමාත්‍ය බන්ඩාරණායකගේ මරණය කේන්ද්‍ර කරගත් තොරතුරු වල සිනමා රූපයයි. ඒවා ගැන තව ලියමි. මාරස අසන්නේ එකම එක පැනයකි.
ආදරනීය ගමන් සගය!
එදා රොහණ වීජේවීර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමනක අවසානය කීවේ ගේමක් මුල් කරගෙන බව පෙනේ.
ගේමක් නැතිව හෝ ඇතිව නිදහසේ අපි මෙසේ කියමු. ඒ ගේම ගැසූ රෝහන විජේවීර න්‍යාෂ්ටි ධාරිතාව වූ ජනතා විමුක්ති පෙරමුණේ මේ මැතිවරණයෙන් සටහන් වූයේ ගමනක අවසානය නොවන්නෙනේ




Powered by Blogger.

Follow by Email