අතහැරීම සහ අල්ලා ගැනීම
මට වෙලාවකට දැනෙනවා අසූවේ අපි වැරදියි කියලා. මොකද සරත් අමුණුගමගේ ජනප්රිය කලාව සහ සම්භාව්ය කලාව ගැන නිහාල් පීරිිස් කතා කළා මට මතකයි. දීප්ති ඒ සම්බන්ධව පෙනී සිටියත් මතකයි. ඇයි අපි දැන් අවුරුදු හැටට ආසන්න වෙලත් ඇත්ත විඳිම ලියන්නේ නැත්තේ. ඒක මාර ගැටලුවක් නොවන්නේ කොතනින්ද?
ඒක මට ලියන්න හිතුනේ මගේ ආදරියො දෙන්නෙක්ම මාව දාලා ගියා කියලා කියන්න මට බැහැ. මොකද මට වෙලාවකට හිතෙනවා මම එයාලට මාව දාලා යන්න පත් කළාද වගේ අදහසක්. කොහොම හරි එයාලා ගියාම පුදුම දෙයක් පිරිමියෙකුට වෙනවා. ඒක කියන්න වචන නැහැ. එහෙම තිබුණනම් කලාවක් නැහැ කියලත් අපට කියන්න සිද්ධ වෙනවා. අවැසිනම් කතා කරමු.
මෙන්න දවසක් මම ඒ වගේ වෙලාවක පිටකොටුවේ මල්වත්ත පාරේ ගමන් කරනවා. මට මේ සරල ගීතය හතර වටින් ඇහෙනවා. කාගේ මිණුම් දඬු වලින් ඒක සරළ ගීයක් කීවත් එදා ඒක මගේ ගීතය වෙනවා.
දුරස් වන්නට සිතන සැමවිට
තවත් ළං වෙනවා
මතක නැතිකර ගන්න සිතු විට
සිතේ රජ වෙනවා //
සතුට සපිරුණු නැවුම් ලොවකට
සෙනෙහෙ දම් පිරුවා
අපට අප නැති ලොවක් පිළිබඳ
සිතන්නත් බැරුවා //
දුරස් වන්නට සිතන සැමවිට
තවත් ළං වෙනවා
මතක නැතිකර ගන්න සිතු විට
සිතේ රජ වෙනවා
සිතට සුවයක් ගෙනෙන සැනසුම
සදන දිව අඳුනක්
නෙතට එළියක් ගෙනෙන නොනිමෙන
දොළොස් මහ පහනක් //
මම කල්පනා කරනවා මේ ගීතයේ සරළ පැත්තට වඩා අනිත් පැත්ත. මේ කියන්නේ අතහරින්න සිතෙන විටම අල්ල ගන්න සිතිවිල්ලම නෙවේද කියලා. අන්තිමට බලපුවාම ඒක මාර සරළ සංගීතය කියන වර්ග කිරීම යටතේ සරළ උනත් අත්හරින්න බැරි න්යාෂ්ටික ආදරය ලස්සනට ගේනවා වගේ මට දැනෙනවා. ඒ කාලයේ මගේ ගීතය ඒක වෙනවා. මම හොයනවා මේක ලිව්වේ කවුද යකෝ කියලා. බලපුවාම අපේ ඉස්කෝලේ හිටපු චූටි මල්ලියෙක්. ඉන්ද්රජිත් දොලමුල්ල. එයාලගේ පවුලම සංගීත පවුලක්. මට මතකයි එයාගේ අයියා මට එච් එම් ගේ මළ ගෙදරදි හමුවුනා. ඒත් අපේ සම්බන්ධයක් නැහැ. අතීත ආදරයක් තියනවා. එකම පාසැලක හිටිය කොල්ලෝ නිසා
ඉතින් ඉන්ද්රජිත් මල්ලියෝ. ජනප්රිය ගායකයෝ, මොන සංවාද ආවත් මේ ගීතය මැරෙන එකක් නැහැ. ඒ ඇයි. ඒ ගැන කතාකරන්න ගියොත් මිල්ටන්ගෙන් පටන් අරන් කසුන් එනකන් අමරදේවලා ඇතුළු මාර පරාසයක් ආක්කරමණය කරන්න වෙනවා. ඒක පසුවට කල් දාලා මම කියන්නම්. ගයන්න සැබෑව හමුවෙනකන් ගන්න.අපෙත් ආදරය පිළිගන්න
ජගත් මාරසිංහ
27 08 2020