කළු නැන්දගෙ දුව යන්ට ගියා බැල්ම හෙලා......!!!!!!!!

                                   කළු නැන්දගෙ දුව යන්ට ගියා බැල්ම හෙලා......!!!!!!!!



දේශපාලන නායකත්වයේ සහ දේහපාල විද්යාවේ හැටි අප දන්නේ අද ඊයේ නොවේ. මාරසට මතකයි අපි 1975 නවයේ පන්තියේ එදා අළුත් සිලබස් එකක් යටතේ සමාජ අධ්යාපනය පොත ඉගෙන ගන්නවා. ඒකේ රූපයක් තිබ්බා උද්ධමනය ගැන. ඒ රූපේ තිබේබේ සල්ලි මල්ලක් අරන් ගිහින් එක බඩුවක් අතේ අරන් ආපහු එන අයෙකුගේ චිත්රයක් සමග කතාවක්. ඒ කාලයේ අධ්යා යාපන ඇමති බද්දියුදින් මහ මුද් කියන මුස්ලිම් ජාතිකයෙක්. මතකනේ සාගරක් මැද ගාමිණී පොන්සේකලා ඒ කාලේ අධ්යක්ෂණය කළා. ඒව ගැන නියමෙට ලියන්න තව කල් තියනවා. එදා හිටපු අගමැතිනය සිරිමා මහත්මිය. පරණයි කියලා පසුව හංවඩු ගැසූ මාර වාමංශික පොරවලුත් ඒ කාලයේ තිබ්බා. සංසෝධන වාදයට කෙලවනවා අපි බලන් ඉන්නෙත් එදා. ඒ නිසා ඒ කාලයේ කොල්ලන්ට චීනයේ සහ රුසියාවේ මාක්ස් නොවන සංසෝදන වාදී සුභසාධක රාජ්ය ගැන තියෙන්නේ හදවතේ පැසවන තුවාලයක්. ඒත් උනුත් තාම රුසියාවට ආසයි. අම්මා නොවේ කුඩම්මා උනත් උන් තාම පුටින් පැරදෙනවාට ආස නැහැ. නොකියා කියන කතා වටහා ගන්න ඒතරම් අමාරුත නැහැ නේද ජයරත්න රුබේරු ලා සහ අජිත් සමරණාකලානේ. ජනදාස පීරිස් නැති වුනාට දයාන් ජයතිලක ඉන්නවා. ඔයාලා ගැන අපේ පරපුර හදෑරුවේ ජ‍‍ිවිතයෙන්. නමුත් ඒ පරපුරෙන් භාගයක්ම නව ලිබරල් කියන වසංගතයට අහුවුනාද මන්ද කියලා හදාරන්න චින්තන ධර්මදාසලා වන් පරපුරේ සිනමා පරපුරේ ජාන හදාරන්න වෙනවා අනිවා. ‌
පාසැල් පොතකට කාල්මාක්ස් ගැන ලියලා පින්තුරෙකුත් දාලා තිබ්බේ ඒ සමාජ අධ්යාපන පොතේ. කවුරුන් හෝ පරවේනිය බැලුවනාම් ස්ටැසිස් ලාව්සි කිව්ව විදිහට පරිකල්පනය ලබා ගන්න ඒ ප්රවනතාත්මක විස්ව බුද්දිට රඟපාපු මමත් අනිකටත් දුන්නේ ඒ භාව විරේචනය වෙන්න ඒ පොත බලන්න කියලයි. කලුපාට වැඩක් දාලා ඒක තමා අපි අතේ තියන් රඟපෑවේ. ඒත් නව ලිබරල් ඒ චින්තනයත් සමග මරණයෙන් අහම්බෙන් නිදහස් වුන ඒ සියල්ල එක්කෝ පිටරට වෙනම වැසියෝ බවට පත්වුනා. කොටසක් තැබෑරුම් වල සදාකාලික සාමාජිකයෝ වෙන්න ඇති. ඒත් කයින් මලත් තාම දේවල් තේරෙන්නේ නහැ කියලා හිතන අයටයි විශේෂයෙන් මේ සටහන.
ඒ සියලු ධනාත්මක අධ්යාපන ප්රතිපත්ති නැති කළා 77න් පස්සේ. ඒවා සිදුවුනේ නොදැනුවත්ව නොවේ දැනුවත්ව. ඔව් සර්පයානානෙනි. අන් කොන්සස් නෙවේ කොන්සස්. නමුත් 89 වෙද්දි ඒ අධ්යාපනයෙන් විසිරුනු දහස් ගානක් කොල්ලන්ව මරාදාන්නත් ඒකලාටම සිද්ධවුනා. කීසිදු අධ්යාපන විද්යාඥයෙක් මේ ගැන කතා කරල නැහැ. ඒ කාලේ බෝනස් එකට ඉතිරි වුන අපි එකෙක් දෙන්නෙක් විතරක් කතා කරනවා ඇති. අපේ පරපුරෙන් විදේශගතවී ජීවිතය බේරාගත්බ පසුව නවරලුන් වූ සියල්ල රූපවාහිනියේ විතරක් නොවේ පිටරට අවුරුදු උත්සව වලදි සහ ජවිපේ වගේම හෙළ කියන දේශපාලන ජ්යාතන්තර දේශපාලන වේදිකාවලත් දකියන ලැබෙනවා. වචනයක් කතා කරන්නේ නැහැ. සිරිමා මහත්මියලගේ ප්රජා අයිතිය නැතිකරලා දාන කතන්දරයට සාපේක්ෂකව ඒවා නැති කළා මතකයි. ඒ නිශ්බ්ද තාවය නවලිබරල් නාමයෙන් චන්ද්රිකා මිස් එක්ක ගොඩ බැස්සා. මාත් ‌ඒ පත්තරයකට ගියා. කරු පරණවිතාන මහත්තයලාට ඒ ගැන හතරවන ලෝකයෙන්ම කතා කරන්න මීට වඩා හොඳට හැකියි. නමුත් කිසිදා කථා කරන එකක් නැහැ.
මාරස කියන්නේ සිරිමා මිස් හරියි කියලවත් කොමිනියුෂට් ලංකා සම සමාජ පක්සයවත් හරියි කියලා නෙවේ. මේ දැන් නව ගෙවතු වගාවක් ගැන කතා කරන උගත් මහේශාඛ්ය වෙන්න දඟලන මිනිස්සුන්ට ලැජ්ජා නැතිද කියලා. මාරසත් ‌පැලැට් හෙවත් මහල් නිවාස ගැන නාගරික පන්තිය ගැන හොඳට ජීවිතයෙන්ම දන්නවා. ගමේ ඉන්න ඒ පන්තියේ අයගෙත් මානසිකත්වයත් දන්නවා. ඉතින් මාරස අදහස තමා හඳට කකුල් තියන් ඉන්න දැන් කාලයක් නැහ ඒ උගත් මහත්වරුන්ගේ නෝනලානේ. තෙල් අරබුද එහෙම තමා. හැම යුද්දයක් එක්කම ඒවා එනවා කියලා ඒ කාලයේ ප්රජාචාරය කියන විෂය කරපු සහ ඒවා ආතල් එකට කියවපු කවුරුත් දන්නවා. ජනමාධ්ය වලින් අමුතු හඬකින් ඒව කියවනකොට ඒ අයට හිනා යනවා. ශබ්දයේ නිවේදකයෝ කියලා හොම්බට ගහන්න හිතෙනවා.
ගෝල් පේස් පිට්ටනියේ විරෝධයත් මරු. අර ජනාධිපති කාර්යාලයේ නැතිනම් පැරණි පාර්ලිමේන්තුව ඉදිරිපිට ඉන්න මහා මිය ගිය ජනනායකයෝ වගේ අර මොනවා උනත් අනගාරික ධර්මපාලලා ඒ කාලේ කිව්වා වගේ මුහුද දිහා බලාගෙන කෑ ගහන්න පුලුවන්. නැව් එනවාද කියලා බලන්. තෙල් නැව් හෝ ආහාර නැව්. ඒත් ඒවට ඒකුන් සල්ලි ගන්නවා. සල්ලි දෙන්න තව නැවක් යන්නේ නැහැ. ඒවා ක්ලවුඩ් තාක්ෂණයෙන් නිකන්ම බැර ‌වෙනවා.
නව ලිබරල් වාදය රතු ‌කොඩියක් වන වනා එන නැව් වල නුඹලට ඉසුරු ගෙනෙන හැටි බලා හිටපල්ලා. සමහර මේක යම් තරමකට සමනය වෙන්නේ රුසියානු යුක්රේන යුද්ධය සමනයකට පත්වුනාට පස්සේ පමනයි කියලා ජ්යාතන්තර සිංහල පොරවල් කියන්නේ නැහැ කවදාවත්. සමහර විට කියන්න දන්නේ නැතිද කුහක කමද කියලා හොයන්න වෙනම ව්යාපෘතියක් කරන්න වෙයි.
ඉතින් සඳ ගැන කවි කිව්ව නංගියේ අක්කේ. ඇන්ටී. ආච්චී. සඳ සිසිල ලබාගත් ඔයාලගේත් මාස් ශුද්ධිය වුනේ සඳට අනුව කියලා දන්නවා. ඉතින් ඒ ආතල් බිඳෙන හැඟීමක් විතරයි තාම ඇහෙන්නේ. උද්ධමනය වෙන මගුලක් වෙනවානම් හයිටිය වගේ රටවල් වලටත් ඒක වෙන්න ඕනා. අපට අධාර ෙදන තමිල් නාඩු ජනතාවටත් ඒක ෙවන්න ඕනා. චිත්රපට බලන අයට ඒව රහස් ෙනෙව්. ඉතින දැන් සඳ මතින් කකුල් අහකට අරන් හිතපල්ලා.
චන්ද්ර මඩල බැද්ද වටින් මෝදු වෙලා
කළු නැන්දගෙ දුව යන්ට ගියා බැල්ම හෙලා
බැල්ම හෙලා....
පාළු පැලේ.... අඳුර පිරේ
මගෙ පැලට වරෙන් හනික සෝඩි නගේ//
චන්ද්ර මඩල...
දුරුතු හඳේ.... සිහිල වගේ
තනි හිතට මගේ පාළු දැනෙයි නගේ//
චන්ද්ර මඩල...
ජගත් මාරසිංහ
30 05 2022
https://youtu.be/JgzJK3bEbAw
සහකාර ගීතයට සබැඳිය-(https://bit.ly/3NH


Powered by Blogger.