වම සහ මම- (ඉතිහාසයේ ශාක්කි කාරයෝ) -i කොටස-

            වම සහ මම- (ඉතිහාසයේ ශාක්කි කාරයෝ) -i කොටස-




වම සහ මම- (ඉතිහාසයේ ශාක්කි කාරයෝ)

මාරස ජොන්ටන් මහත්මයාගෙන්වත් ගෝටාභය රාජපක්ෂ කියන මහත්මයාගෙන්වත් මහින්දගෙන් හෝ රනිල් හෝ සජිත් හේ චම්පික මහත්මයාගෙන්වත් කිසිත් අහන්නේ නැත. විමල් වීරවංශ මහත්මයාගෙන් අහන්නේ වත් නැත මේ ආර්තික අර්භුදය හමුවේ කසිප්පු පෙරීම කාන්තාවන් ඇඟ විකිනීම් පමනක් නොව අනිවාර්යෙන්ම ලෝක ඉතිහාසයේ පූර්වාදර්ශ වලට සාපේක්ෂකව ඒවාට නීතිය ක්රියාත්මක කරන ග්රාම නිළධාරීන්ගේ සිට පොලෝසිය උසාවිය දක්වා නීතිය දක්වා විකාර වෙනවා නියතය. ඒවා කිසිදා ලාංකේය පොළවේ නොවුනා නොවුනත් සේයා දැරිය ‌ගෙන් පසු අටලු ගම දැරියගෙනුත් වූ දේට වග කිව යුත්තේ රජයටත් වඩා ‌‌ආන්ඩුව විසින් මෙහෙයවන දේශපාලන ක්රමයටත් වඩා පවතින රජය බව ‌ගෝටාභය ජනාධිපති පිළිගන්නා නිසා නිවේදනයක් නිකුත් කර තිබෙනවා දැක්කේය. ඒ දැරියට යුක්තිය ඉෂ්ට කරන බවය. කෙනෙක් මළ පසු කෙසේ යුක්තිය ඉෂ්ට කරන්නද කියා මාරසනම් දන්නේ නැත. අනෙ මෝඩද කියා අහන්නේ ගෝටාබයගෙන් නොව ජන මාධ්ය තැරැව් කරුවන්ගෙනි. ඈත ඈත කාලයේ සිට ඒ වචන දැක ඇත්තෙමි. මාරස අහන්නේ ආණ්ඩුව මෙහෙය වන අයගෙන් නොව සිවිල් සමාජය මෙහෙයවන්නට වලිකන ආගමික නායකයන්ගෙන් සහ මහා බුද්දිමතුන්ගෙනි. නුඹලා මීට කුමක් කියන්නෙහිද? උභතෝ භ්යයන්ජනකයෝ යන පොන්න නාමය නුඹලාට හරිද? මේ සම්බන්ධව කවි කියන මහාප්රාණ කතා කරණ සියල්ලන්ම නීතියේ නාමයෙන් නාඩගම් නටනු පෙනේ. කුලප්පු වූ හරක් සහ වැස්සියන් මෙන් නව ලිබරල් නැමති මගුලකට යටත්ව හෝ ඒසේ නොවන ආකාරයට මහා ගාම්බීර සිංදු කතා කියනු ඇසේ. අර සුනිලා අබේසේකරලාවන් ගෙනා මේ කාන්තා දූෂණ වලට අද වඩාත්ම වග කිව යුත්තේ පැරණි මාක්ස්වාදීන්ටත් වඩා නව මාක්ස් වාදීන්ය. සාධනය කිරීමට කරුණු ගන්නේ තොපලාගෙන්මය. ආගමික මත වාදය පසක තමා ගල්කන්දේ හාමුදුරුවන් අද සමාජය වෙනුවෙන් පෙනී සිටී. තන්ත්රයානය පසක තමා තේරවාදී බුදුන්ගේ හෝ මාක්ස් වාදයෙන් මේකට පිලිතුරු දෙන ලෙස නමස්කාර පූර්වකව ඉල්ලා සිටිමු. නැතිනම් ගිහියන් අඩියක් ගසා සැතපෙන පරිදි බනක් භාවනාවක් කර සැතපෙන ලෙස ආදරය සහ ස්ත්රී දූෂණය අපට සිනමාවෙන් වටහා දුන් සුනිල් විජේසිරිවර්ධනයන් වටහා දුන්නානම් අගනේය.
මට මේ සටහනට දහසක් ඡායා රූප දැමිය හැක. හදා කපා කොටා මා දන්නා දැනුමෙන් දහසක් දේ නිර්මානය කළ දැමිය හැක. වල්පොළ රාහුල හාමුදරුවන්ගේ ඥාතීන් වන හෙන්ද්රික් සිල්වා පරපුරේ අත් සටහන් සහ කේන්දරද මාරස උපේකාවේද තියෙන්නට හැක. එනිසා ඒ ඥාති පරපුර අපට සම්බන්දයක් නැතද ලාංකේය ව්යුහාත්මකව කෙලින් කියන්නේ දේහපාලනිකවද භෞතිකවද ඇද ගන්නවානම් අර කුමාරතුංගයන් කිව්වා මෙන් යතාකාරී තථාකාරී ගුනයෙන් වල්පොල හාමුදුරුවන්ව ඇද ගන්නවා විනා වෙන වින්යාශයකින් ඇද ගන්නට එපා කියලාය. කුමාර තුංගයන් සිද්ධර්තයන් දෙසන ලද යතාකාරී තථාකාරී ගුණය පුංචි ළමයින්ට ලිව්වේ මෙසේය.
"සිරිමත් මගෙ සකි
යහපත් ළමයෙකි
නුවණත් ඇත්තෙකි
වැඩටත් සමතෙකි
උදය ම පුබු දී
මුහුණට දිය දී
කුල දෙවි නම ඳී
ගේ දොර හම ඳී
පාඩම් කරන ට
පත-පොත ගෙන සි ට
සිත වෙන දෙය කට
නො හරී කිසි වි ට
වෙලාව නො වැරැ ද
කෑමට ආ සඳ
ඔහුට වඩා සො ඳ
මහතෙක් කවරෙ ද
පා සල් යන්නේ
දෙව් ලොව මෙන්නේ
දැක දරුවන්නේ
මුහුණු පිපෙන්නේ"
මට හෝ කාට හෝ අද සැබෑ ජාතිකවාදය ගැන කතා කරන නලින්ද සිල්වාවත් අන් කිසිදු මාක්ස්වාදී දේශපාලකයෙක් නොව ලෝකයේ කිසිවෙකුට මේ තථාකාරී යතාවාදී ගුණය දර්ශනයෙන් පටලවා ගන්නේනම් ධර්මයෙන්වත් මේ සමග පැටලෙනු බැරිය. අභියෝගයක් කිරීමට මාරස කැමතිය. හැකිනම් දයලෙක්තිකයෙන් මාක්ස් වාදින්ට මේ විස්තර කරන්නයැයි ඇරයුම් කරන්නේ 55 වසරක් ගෙවුනාට නව පිලිතුරක් නැති නිසාය. ඇත්තටම මොඩන්ස් යැයි (සම්භාව්යයැයි ) යන පොල්වත්තේ බුද්ධදත්ත ලොකු හාමුදුරුවන්,
යක්කඩුවේ ප්රඥාරාම නායක හාමුදුරුවන් සහ විශාල විද්වත් හිමිනමන්ලා පිරිසක් නොහිටියේනම් අද මාක්ස් වාදයක් ලංකාවේ තිබේද කියා නොව සැබෑ බුද්ද ධර්මයට මිනිසුන්ගේ හදවත සම්බන්ධ වන්නේ කොතනින්ද කියා කිසිවෙක් දන්නේද නැත. ඇත්තටම ඒ සම්භාවය මහා හිමි වරුන් නොසිටියානම් ලාංකේය සාහිතයට කුමක් වේදැයි සිතෙනනේ මහාචාර්ය සරච්චරන්ද්රයන් කැලනි විශ්ව විදයාලයේ මනමේ පුහුණු කරන අවස්තාවේ මේසයක් උඩ නැග සිටි යක්කඩුව හාමුදුරුවන් සහ උඩකැන්දවෙල හාමුදුරුවන් ගැන මා ලිපියයක් කීපවරක්ම කියවා තිබෙන බැවිනි. මාරස කියන්නේ සරත්චන්ච්රයන් වාසනාවන්තයයි කියාය. සිවුරක් දරා ගත් නිසා නොව
උන් වහන්සේලා සැබෑවටම සාහිතයයේද මනුස්යත්වයේද කෙල පැමිණි ඇත්තෝ කියා සිතෙන්නේ අදට අනුවය. මාක්ස්වාදය දුර්වල හෝ ජීවිතයට අවැසි දෙයක් නොවන බව මින් අදහස් නොකෙරේ. ඒක අහගැනීමට හැකි වන්නේ උඩකැන්දවෙල හාමුදුරුවෝ වන් හාමුදුරුවන් වහන්සේලාගෙන්ම බව මම කියවා තිබෙන නිසා දනිමි. සුජිත් අක්කරවත්තගේ සම්මන්ත්රනයකින් මම ඉත්තෑපානේ මහා නායක හාමුදුරුවෝ උඩකැන්ද වෙල ආදර හාමුදුරුවෝ නොහොත් ඒ වාමාංශික හාමුදුරුවන් ගැන තව දුරටත් හොයන්නට සිතිනි. උඩකැන්දවෙල හාමුදුරුවෝ ‌ළමා අධ්යාපන මනෝ විදයාත්මක ‌‌රුසියානු පොතක් පරිවර්ථනය කර ඇත ඒකේ අශ්වයා මෙන් මම හිතන්නට හුරු වූයේ පහේ පන්තියේදී බව කියන්නේත් එවන් කාරනා නිසාම මා පිරිවෙන් ගණිත ගුරුවෘතිය වසර දා හතරකට පමනක් පිරිවෙන් ගුරුවරයෙක් වශයෙන් තොරා ගත් නිසා මා ඒ ගැන කිසිවක් කියන්නට ‌නොයමි. මළවැන්නේ මගේ ලොකු හාමුදුරුවන්ව ස්තූති පූර්වකව සිහිකරමි. එසේම නිවනක් ඇතැයි කියා එකල භක්තියෙන්ටත වඩා සර්දාවෙන් සිටි ඔබ වහන්සේට නිවන් සුව පතමි.
මතක තබා ගත යුත්තේ මා පාලි හෝ සංස්කෘත හෝ සිංහල නොදන්නා බවය. නමුත් ඒ සියල්ල මට දැනෙන බවය. ඒ භාවිතයයි. වැඩි දුර ලිව්වොත් මගේ පොරත්වයක් පෙරට ඒවි. මා පන්සල් ගැන දනනේ නැහැ කියා හිතන්නේනම් මා හමුවීමට එන්න. නැතිනම් තර්ක විතර්ක කළ යුතු හාමුදුරුවරුන්ව සහ ඒ ගැන දන්නා අයව නොව එසේ අවංක අයව අතුරලියේ රතන හාමුදරුවන්ගෙන්වත් අහ ගන්න. නැතිනම් මාරසට ලියන්න. කැලනි කැම්පස් පොඩි හාමුදුරුවන් සමග නුගේගොඩ මාදුලුවාවෙ සෝභිත හාමුදුරුවන් සමග සාකච්ඡා කිරීමට පෙර එදා දේශපාලනය සම්බන්ධව කල සාකච්චා වලට පෙර රවි ගමගේ ජවිපේ නාමයෙන් සහෝදරයා සමග සහ තවත් පොරවල් සමග කළ මූලික සාකච්ඡා මතකයෙන් ඇවැසිද? මතකද නුගේගොඩ මහා රැස්වීම. කැලනි කැම්පසයේ සිටි බිල්ලා ලෙස ගෙන රවි ගමගේ නමින් (ගම්පහ අවසාන කාලයේ සිටි පාලිත නම් ආදරණිය නිතර කේන්ති යන සහෝදරයා) නිර්මාන සංවාද කුලකයේ සිටි ඒකාව මරා දමන ලද්දේ ලිබර්ටි ප්ලාසා බිල්ලාට තියාගෙන බව මට කිව්වේ ඊට පසු සිනමාව සමග කලාව ජයගත් පරංගි මාක්ස්වාදීන් පිරිසක් විසිනි.
සියල්ලම අතර අසෝක හඳගම, කමල් පෙරේරා, සුනිල් මාධව, කමල් පී අළහකෝන්.( පසුව අත්අඩංගුවට ගත්තේය) මට ඉතා හොඳින් මතකය. නුඹලා කැලණි කැම්පසයට නියමිත දිනට පැමිනුනේ නැහැ නේද? අර විජේවීරගේ ජාතික ගැටලුව පොත කැලණි කැම්පසයේ ‌බෙදා දුන්නේ එදාය. නමුත් චන්ද්රකුමාර මරා දැමු බව මාරස හෙව්වේය. අවසාන වතාවට නුවර ගෙදරකින් පිටවී ගිය පසු අතුරු දහන් වූ බව කවුරුත් දනනාපරිදි මාද දන්නේය.
එදා සොයිසාපුර සාකච්ඡාවක් තිබ්බේය. ඒ රවි ගමගේ නායකත්වයෙනි. දැන් සිටින ජවිපේ පොරවල් මේවා දැන නිහඬ නොවන බව හැඟේ. රවි ගමගේ හිතුවක්කාර විප්ලව වාදියෙකි. එදා නන්දන වීරරත්නයන්ට නිර්මාන සංවාද කුලකයේ ප්රචාරක වැඩ නැවත නොදෙන බව පක්ෂය තීරනය කර ඇති බව ඒකා කීවේය. මේවා පක්ෂයේ කවුරුන් හෝ නැතැයි කීවොත් තවත් කියන්නට දේද නැත්තා නොවේ. නමුත් ජවිපය එතරම් පහත් මට්ටමක නැති බව දනිමි. මන්ද මේ කියන්නේ මාරසේ අතීත කඳුලු කතාවකි. මාරසත් අර ඇත් පන්තිය වගේය. චුට්ටක් හෝ අනියත අනාදරයක් ඇති වුවහොත් දමා ගසා අඬන්නේය.
ජවිපේ නොව එදා බයෙන් තක්බීර් ඇති අයගේ ඇත්ත කතාව කිසිත් නොදන්නා කම වීමටද නොහැක. අනේ මන්දා ඒ ආදරය සහ මර්දනයේ එක් තරා සීමාන්තික ව්යාහාරික දෙයක් කියා හිත හදා ගත්තා නොවේ ඒ එසේය. නොවන්නේනම් කුහක කමය. පට්ට කුහක කමය. නමුත් එදා මා කිසිත් දන්නේ නැත. එකලත් මා ඇල්කොහොල් සහ සිගරට් සමගත් කලාව සමගත් ආදර සෙක්ස් සමගත් නිදි වදින මිනිහෙකි. නමුත් මා සොයා ඇස නැමති පිරිසක් එන බව මා දැන ගත්තේ මා බාලදක්ස කටයුතු සම්බන්දව ෂර්ලොක් හෝම්වත් හදාරා ඒකා සමග මනසින් ජීවත් වූ නිසාය. නමුදු මා ජවිපේට එදා ආදරේය. නමුත් පක්සයේ හිතවතෙකු විය. ඒ මාර ජීවිතයකි. නමුදු එයාලා සමග මම වැඩ නොකළේ හේතුවක් නිසාය. ඒ හේතුව වනාහී ඒකලා ඒ කාලයේ මම කතා කරන සෙක්ස් වලට ආදරයට මත් පැන් වල සුන්දරත්වයට විරුද්ද විය. ‌ ප්රේමය තහනම් වස්තුවක් කල විට මම මාරාන්තික වලි ඇද්දෙමි. රවි කීවේ ඒකාගේ ආදර වන්තියත් මාවද මා ස්කවුටින් කරන නිසා ළමා ව්යාපාර වලට ආදරේ නිසා අප දෙන්නාවද විප්ලවයෙන් පසු අම්පාර වන් පලාතක ළමා ව්යාපාර වලට යොමු කරන බවය.ඒවා සම්බන්දව මාරයා එදා සිට හැප්පුනේය. එවිට සර්පයලා නිර්මාල්ලා ගැන මට කිව යුතු දේ බොහෝ තිබේ. ඒකලා ගැන කතා කරනවාට වඩා ඒකලාට ජවය සැපයූවා වූ දයාන් ජයතිලක ගැන කතා කිරීම මරුය.
එදා රවි ගමගේව ගාල්ලට නග්ගන ලද්දේ මොරටුවෙන් සොයිසා පැලැට් මා නිවසේ සිට අවිය නැමති පත්තරයක් ලියා ඒ ලිපි අතේ තියන් බව තොප නොදනීද? එදා රංජිදම්වද දකුණු පලාතේ පන්සලක සිට රංජදම් සහ තවත් කීප දෙනෙක්ව අත්අඩංගුවට ගත් බවත් අර අවිය පත්තරේට පක්ෂයේ වැඩ නොකළ මගේ නමත් දමා තිබි බව තොප නොදන්නේද? ඒ නම්ගොන්නේ සිටි සුනිල් මාධවව කිසිදා මීමන ප්රේමතිලක නිසා අත්අඩංගුවට නොගත් බව කවුරු කතා කරයිද? අනෙකලා ගැන කිව යුත්ත මා කියනු කුමටද? රංජිදම් ජීවත් වුනානම් කියා විතරක් කියා නවතිමි. කතාවට ආවොත් ඇවිත් බැලුවනම් කියා කියන්නේ මාරයාය. මාරයා සරළ රේකාවක් කියා කවුරුත් දන්නා බව දනිමි. නමුත් සෑම වක්ර රේකාවක්ම සරල රේකාවක් බවද තොප සැම දැන ගත යුතුය.
අහක ලොකු කතා කියමින් අහක සිටින වරත්තු සහෝදරයන් ගැනද ඉතිහාසයේ ශාක්කි කාරයෝ නොදන්නවා නොවේ. කීර්ති බාලසූරිය නම පාවිච්චි කළ බේරුන සමහරුන්ට සැබෑ දඬුවම් දුන්නේ ස්වභාවය විසිනි. මේ කතාකරන්නට ගත්‌තේ ඉතිහාසයේ ශාක්කිකාරයෝය. ඒ කතාකරන්නට ගත්තේ ඕනෑම අභියෝගයකට ලෑස්තිවය. එහෙත් කිසිම අවස්තාවක නව ජවීපේ ගැන කතා නොකරන බව කියමි. පෙරටුගාමීන් ගැනද ඒසේමය. ඒ ඉතිහාසයේ උන්ගේ දර්හනය යම් යම් අවස්ථාවල වැරදි වුදද හෘරද හාක්සියේ ගෞරවයක් ඇති නිසාය. ඒකලා කිසිදා තමන්ගේ පුද්ලික ජීවිතය වෙනුවෙන් ඒ කටයුතු කළේ නැත.
ජවිපේ නොවුන මාද එදා ජවිපෙට ‌ගෞරවරයක් තිබෙන බව මාරස ලියන්නා වූ දෙයින් නොතේරේනම් කරන්නට දෙයක් නැත. කොළඹ කලා ක්ෂේත්රයේ අද නව විදිහට පෙනී සිටින උනගෙන් ජවිපේ උන්ව පාවා දී ලේ නොගෑවුනු කිසිවෙක් ඇතැයි මාරස නොදනිමි.
ජවිපෙන් අයින් වූ සියල්ලෝම ජවිපේ විරුද්ධ වාදියොය. පෙරටු ගාමීන් වූද එසේ වූවාට මට අදාල නැත නමුත් විප්ලව වාදී ජනතා ව්යාපර දෙකට තුනට කැඩෙන්නට දාර්ශනිකව හෝ ධර්මයෙන් ඉඩක් නැත ඒ වනාහී කුහක කමක් නිසිම හතුරන් වන්නේය. මටනම් කැඩෙන්නටවත් බැඳෙන්නටවත් අදාලත්වයක් නැත මන්ද මා කිසිවකට බැඳෙන්නට කැමති මිනිහෙක් නොවේ. නමුත් ජවිපේ සංවිධාණ බලවේගයේ තිබි අවංකත්වයට මා ආදරෙයි ඒකලා මට ආදරේ තියා මාව දන්නේත් නැති බව මා දනිමි. රට තුළ ඇති වී ඇවි මළ විකාරය නිසා මා අතීතය ලියාගන ලියාගන යන්නට සිතුවෙමි. ළලමු කොටස ජවිපේද සම්බන්ද නිසා දෙයක් ලියවෙන්නට ඇත. දෙවැනි කොට මා ලියන්නෙ නැවත මට සිතුන දවසටය. ඒ මගේ පක්සය මෙරමාගේ පක්සය බැවිනි. නමුත් මේ කියවන්නා ජවිපේ කිහෝ පෙරටු ගාමී කිසිවෙක් ලයික් නොව මා සමග කතාකරන්නේවත් නැති බව දනිමි ඒ ඒකලාගේ අවංකත්වයයි. සිතාගත යුත්තේ පාවුල් පියසේගේ සයිමන් නවගත්තේ ගම ලියූ විප්ලවය ගැන ග1න්ථයයි. එපාවු් කියනා පරිදි ජනතාට දුරස් වන පමණටම නුඹලාගෙන් ජනතාව දුරස් වනු ඇත- නමුත් ලාංකේය ක්රමය ඊට වෙනස්ය. ජනතාවට වෙර කරන තරමට ජනාව නුඹලාට ඒකතු වෙන ඇත. ඒ නුමලාගේ ජනතා මනෝමූල සාධකය ගොඩ නැගීමේ විදිහ නොව විප්ලවීය ආදරය දීම සහ විඳීමේ ගැටලුවකි. බුදුන්ගේ ආත්මය වැඳඳගෙන සිටින සියල්ල ගැන ස්වභාධහමේ දයලෙක්තිකයේ මාක්ස්ද ඒංගල්ස්ද විස්තර කියා ඇත. නමුදු නුඹලාට පැටලුන තැන ඒබ්බ්රහම් ටී කොවූර් සහ සහයක කාලෝගේ හේතුවාදය දයලෙක්තිකයට පටලවා ගැනීම නිසා බව තදින් කියමි. මේ ඵළමුවන කොටස පමණි.
(1) කොටස
ජගත් මාරසිංහ
31 05 22


Powered by Blogger.