ග්‍රහයො තමා ඕව දන්නෙ I dont know why
“එපා
පුතුනේ මූදු යන්නට
රෑ
දවාලේ හිතුමතේ
ඔරුව
යන්නේ මකර කටටයි
සුළං
පාරට අසුවෙතේ
මහා
මේරුව හැපී පොඩිවී
ඔරුව
සුන්වනු ඇත පුතේ
ටිකිරි
පුතුනේ කැඩුණු ඔරුවෙන්
කවුරු
මෙගොඩට ගොඩ වෙතේ.”
(සේකර)
දැන්
ඇත්තේ කැඩුන සහ ගිලෙන ඔරුවකි. ඉඟුරු වෙනුවට මිරිස් පෙන්වා දැන් දේශපාලන තත්ත්වයන් පාලනය කිරීමට
යාම පර්යේෂණයක් විනා අන් කිසිවක් නොවන්නේය. අහසින්ද පොළවෙන්ද මාරස ලිපි ලියා මේ කවියෙන්
ව්‍යාංගයෙන් හැඟවූයේ කුමක්ද යන්න දැන් වේදිකා ගත වෙමින් තිබේ. පොළවේ සිට කෑ ගසා අවසානයේ
මකරා සහ ගින්දර සම්බන්ධවද මාරස අහසේ සිට කෑ ගසා කීවේ එදා හීනෙන් නොවන වගද දැන් දැන ගත යුතුය.
දෙවියන් සිටින්නේ කොහේදැයි යන ප්‍රශ්නයට දේව කතා වලම කියවෙන්නේ දෙවියන් සිටින්නේ නුඹේ
හදවතේ කියලාය. ඒ නිසා දේව පිහිට යදිනවාට වඩා කිව යුත්තේ අපට අපේම පිහිටයි කියලාය. නමුත්
වග කිව යුත්තෝ චාටර් තීටර් නැටීම පසක තබා දැන්වත්
ගිලෙන ඔරුවෙන් පහුරක් හදා ගැනීමටවත් කටයුතු කළ යුතුය. නැතිනම් පහුරු පහර කමින් සියල්ලන්ටම මුහුදේ ගිලෙන්නට සිදුවීමට ඉඩ ඇත. සේකරගෙන් පටන් ගෙන සුනිල් පෙරේරාගෙන්
මේ සටහන අවසන් කිරීමට සිදුවීම දෛවයේ සරදමක් වැනිය.
“කොයි
කවුරුත් බලේ ගන්න පොර කන්නේ ඇයි
බලේ
අරන් මොලේ නැතුව වැඩේ කන්නේ ඇයි
වැඩේ
කලා රටත් කලා
බලන්
ඉන්නේ ඇයි
ලංකාවේ
ඔහොම තමයි
i dont know why
දිනපුවම
මෝරාවගේ මහත් වෙන්නේ ඇයි
පෙරදුනාම
හුනා වගේ කෙට්ටු වෙන්නේ ඇයි
හුනා
මෝරා වෙලා මෝරා හූනා වෙන්නේ ඇයි
මැතිඇමතිලා
ඕව දන්නේ I dont know why
I dont know why
I dont know why
එහෙම
වෙන්නේ ඇයි
I dont know why
I dont know why
එහෙම
වෙන්නේ ඇයි
මැතිඇමතිලා
ඕව දන්නේ I dont know
I dont know why
ඇති
එකාට දෙයියෝ පැන පැන දෙන්නේ ඇයි
නැති
එකාට දෙයියෝ මුකුත් දෙන්නේ නැත්තේ ඇයි
පෙර
කල පවු පිං අනුවලු එහෙම වෙන්නේ ඇයි
දෙයියෝ
තමයි ඕව දන්නේ I dont know why
හිතු
මතේ බෙදපු එවුන් සොමියේ ඉන්නේ ඇයි
නැකත
බලලා කරපු මගුල් කැඩිලා යන්නේ ඇයි
ග්‍රහයෝ
නීච වෙලා වත්ද එහෙම වෙන්නේ ඇයි
ග්‍රහයෝ
තමයි ඕව දන්නේ I dont know why
(සුනිල් පෙරේරාගේ ගීතයකින්)
ජගත් මාරසිංහ
19 05 2022