ආදරය ආධ්‍යාත්මික සතුටකි

                                                          ආදරය ආධ්‍යාත්මික සතුටකි


ආදරය යනු වේදනාවය. නැත ඒ සම්පූර්ණ මුසාවක්ය. එසේනම් ආදරය යනු සතුටය. ඒ ඊටත් වඩා බොරුවකි. ආදරය යනු කිසිත් නැත. ඇත්තනම් ඒය.

හිස් තැන කොතනද එතැන ආදරයෙන් පිරෙන්නවා ඇත. බුදුනුවන්ගේ හිස් තැනේදී යසොධරාවන්ට කීවේ ආදරෙයි යසෝධරා ඔබ වගේ සැමට කියාමය.

ආදරය යනු හිස් තැන් සම්පූර්ණ කිරීමෙ සම්පූර්ණ බලයයි. නැතිව ස්වකාම ප්‍රීණනය හෙවත් අතේ ගැසීම හෝ සාමාණ්‍ය භාෂාවෙන් කියනවානම් ගලක් කපා ලිප්ටික් කිස් කිරීම නොවන්න‌ේමය. එ ඊට වඩා ගැඹුරුය. සරලය. ජීවිතයේ භාවණාව කියා දෙන්නේය.

ආදරය කරන දෙදෙනාගේ ඇත්තේ සැබෑ ආදරයනම් දෙදෙනා දෙදෙනා සමග දියවී යනු නියතය. අවසානයේ හට ගන්නා දරුවන් කුමන කතන්දර කීවත් ඔවුන්ද ආදරයේ කිමිදෙන්නේය. කිමිදෙනවා යනු සංසාර දිය නාගෙන නැවත අහස බැලීමය. සූර්යා මාරය. ආදරය ආලෝකය බව සූර්යා නුඹලාට උගන්වනු ඇත. 

ආදරය යනු ජීවිතයයි. ජීවිතයෙන් පිටස්තර ආදරයක් නැත. ජීවිතයට කිසිවෙක් බය නොවේ. එසේම ආදරරය සමග හැප්පෙන්නට කිසිම බලවේගයකට නොහැක. ආදරයේ ජීවමාණ ගුණය එක මානය

ජගත් මාරසිංහ

04 11 2023

.https://jagathmarasinghe.wixsite.com/mare



1 comments:

කෙනෙක් සතුටු කරවන ඒ අමිල ආදරේ
හිතක් දුකින් පුරවයි එහි සුසුම් පාකෙරේ
ටිකක් හිතමු හිස් බවමයි ඇත්තෙ මේසැරේ
රැළක් ඇදී සැනසෙයි නිති විසල් සාගරේ...

ලස්සනයි
ජයවේවා !!!


Powered by Blogger.