නොගසනු පයින්- මේ වම්මුන්ගේ නිවේදනයයි.

                 නොගසනු පයින්- මේ වම්මුන්ගේ නිවේදනයයි.     


                  පෙරදිග සහ බටහිර කතන්දරය දේශපාලන කතන්දරයකටත් වඩා දිග දුර යන ගැටලුවකි. අද ‌ ‌මේ දොගොල්ගේම වෛද්‍ය ක්‍රමය මහා හිහිළුවකි. යූටියුබය ඉතා ඉක්මනින් පන්ති ‌වලට වෙන් වෙමින් පවතී.  දැනට නොබලන්නෝය. ඔවුන් වැදගත් පන්තිය කියා කියනු ඇත. ඒ වැඩසටහන් වල ගත යුතු වැඩසටහන් නැත්තේය කියා මාරස කියන්නේ නැත. නමුත් දැන්නම් තත්ත්වය භයානකය. යූ ටියුබ් නොබලන්නෝ වැඩිකල් ජීවත් වනු නියතය.  ඉතා හොඳ වයසක්  නිර්මාන කරනවා නියතය. මාරස මින් අදහස් කරන්නෙ යූ ටියුබයෙන් බලත හැකි සිනමාව සහ පැරණි වාර්ථා චිත්‍රපට ගැන නොව මේ නව විකල්පකාමීන්ගේ විකාරයන් ගැනය.

    දෙයියනේ අර ඒ කාලයේ ‌අඳුරු වෙනුවට අපේ පොඩි කාලය වූ හැට දශකයේ ගෝපාල් දත් බෙහෙත් වලින් පසුව පැරකුම් දත් බෙහෙත් විත් ආරක්ෂාකරගත් දත් තිස්දෙන් අද තරුණයන්ගෙන් සියයට වැඩි ගානකනට දෙතිස්මහා දන්ථ පද්ධතියෙන් ප්‍රධාන දේ නැතිවී ගොස් විකාරයක් වූවා සේ ‌දෙතිස් මහා පුරුෂ ලක්ෂන වඩවා ගන්නට හදන සියල්ලන්ටම ලිවිය යුතු දේ නොව මාරස මෙසේ අසමි.
    නීතිමය ප්‍රශ්නයන් වලට මැදිහත් වීමට අකමැති හෙයින මෙසේ ලියමි.
ඒකෙක් කියන්නේ මස් මාංශ වැඩිපුර කෑවිට සියලු රෝග නිවාරණය වගය. නම නොකියමි දන්නවානම්. පුදුගලිකව හමුවුනොත් උත්තර දෙන්නේ සිංහළ භාෂාවෙන්ම විනා අන්භාෂාවකින් නොවන්නේමය.
       ඒකාම කියන්නේ වසර 200කට පෙර අපේ මුතුන් මිත්තන් ගත් ආහාර ගන්නා ලෙසය. මධුලෝලත්වයයේ ව්‍යාකරණ පොත ලියන්නට මාද අතීතය සමග පොර බැදු අයෙකි. සංඛ්‍යාලේඛන වනාහී අමු පට්ට පල් බොරුය. ලාංකේය මුතුන් මිත්තෝ මස්මාලු වලට ගිජු නැති බව නොක්ස්ලා පවා නොලියා බැරි නිසා ඇතැම් තැන්හි ලියා තිබේ.
පලාද මස් මලුද තෙල්ද තවද කුණුකතාද නැතිව කරුනා කර හොඳ ‌බෙඩ් එකක් හදා නිදා ගන්න. යු ටියුබ් අ‍ අම්මා පබ්ලිස්ලා අපට ඇවැසි නැත අප තැබෑරුම් ගණන් බී තවම කෙලින් ජීවත් වන්නේ සයිබර් අපේ  අම්මලා මුතුන් මිත්තනු දුන් ආහාරය අපේ දැනුමට පත්තියම් කරගත් නිසාය. එසේම පෙරදිග දැනුමත් අපරදිග දැනුමත් සංසන්දනය කර තීරනයක් ගැනීමට හැකියාවක් මාරස ඇතුලු ඒ පරපුරට තිබි නිසාය.
 අතරතුරද ප්‍රශ්නයක් මාරසට තිබේ. ලාංකේය විද්‍යාවන්ටද පරම්පරාගත සංකල්ප බිහිවී බොහෝ කල්ය. හරියටම අර මුත්‍රා රෝග සම්බන්ධව අටිගල වන් තවත් බොහෝ තැන් තිබේ. දේශපාලනයේ තාමත් ඒසේය. අතුකෝරලගෙන් පසු රුවන් වන්ය. අනේ සිංහලේනම් වික්‍රමආරචිගෙන් පසු ඒ දේ වූයේ නැත. යක්කල මාරය. ආවොත් කියා දේන්නටද හැකිය.
        පුරාවිද්‍යාවෙන් අවේ දැරණියගල පරපුරය. ඊට ප්‍රතිපක්ෂව කවුරුන් හෝ ඉදිරියට පැමිණිය යුතුය. නමුත් සයිබර් අවකාශයේ හොල්මන් අවතාර අදාල වන්නේ සයිබරයේ පැන්ටසි කාරයන්ටය. රාජ් සෝමදේවයන් කියා මම කියන්නේ ඉතා ආදරයෙන්ය. නමුත් රාජ් සෝම දේවයනි. මට පෙනෙන්නේ ඔබ තුළ දැරණිය ගල පරපුර ගැන ගැටුමක් ඇති බවය. ඒ එසේ නොවේ කීවොත් වැරදිය. තිබිය යුතුමය. ඒ තමන්ගේ විද්‍යාත්මක කාරණා සහ චින්තනය සම්බන්ධව පමණක් විය යුතුය. වසර ලක්ෂයකට පෙර ලාංකේය නොව මේ කලාපයේ කියා ඔබ තුමන්ට මතයක් ඉදිරිපත් කළ හැක. නමුත් ඒ අදට ගැලප්පා ගැනීම මානව විද්‍යාඥ්ඥයින් නොව දස දහසක් විෂය පථයන් හරහා ඉදිරියට ගෙන යන දෙයකි. ඔබ අපට හමු වූ බලයේ නාමයෙන් කරන දේ හරියටම පේන්නට කරන නව රාහු වන් චිත්‍ර මාත්‍ර ග්‍රහයෙක් වන්ය. නමුත් යූ ටියුබයේ ‌නොහොබිනා ඉතිහාසයත් විද්‍යාවත් සාම්ප්‍රධායත් , මාක්ස් වාදයත්, සියල්ලන්ටමත් වඩා ජාතික වාදයත් බොරුකර ඔබව ප්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍රයෝජන ගන්නේනම් ඊට ඔබ කුමක් කළ යුතුද කියා ඔබම තීරණය කළයුතුය.
මතක තබා ගත යුත්තේ බෙල්ට පසු පරණ විතානගේ සිට දැරනියගලලා හරහා ඔබ ඒ මාවත වෙනත් පැත්තකට යොමු කළ වගයි. නමුත් මාරස මෙසේ කියන කතාව වරදක් වුවද කම් කිම්.
විෂයට අනෙක් X ඒයා අදාල නැත . ඒ කුමක්දැයි මේ ගැන කතා ගියොත් කියන්නම්. මාරස නැතත් මාරයා දන්නවා මේවා ගැන කතා නොයන බව. ලාංකේය විශ්ව විද්‍යාල වලින් මහා තත්වයන්ට පත්වූවන්ද පසුව වෙනත් මාර්ග වලින් මහා තත්වයන්ට පත්වූවන්ද  මෙවන් ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නේ නැත මගහරිනා බව මාරයා දනී. නමුත් ඒවාට පිළිතුරු දුන් අයෙකු වෙතොත් සිටින්නේ නලින් සිල්වාසහ හෙළ හවුල පමණි. පේරාදෙනිය නාටක ඉගැන්වීමට පැමිණි ජුබාල් සහ ඩී ආර් වි‌‌ජේවර්ධනයන්වද සිහි කළ යුතුය.අම්බෝ භික්ෂූන් වහන්සේලානම් මහා විශාල කස්ටියකි. පිරිසකගේ නම් සෙවීම ඉතා දුෂ්කර කටයුත්තක් වනු නියතය.
අනේ මා දැරණියගලගේ පොත පත කියවා පොඩි එකෙකු විදිහට හමුවී ඇත. නමුත් නිසි වයසේ අහ්මෙන් මට සුජිත් අක්කරවත්තගේ පොත එලිදක්වන දවසේ හමුවිය. මා එකම ප්‍රශ්නයක්ඇසීය. ඒ හෝට්න් තැන්නේ මීට වසර ‌පහලොස්දාහකට පෙර බාල්ලි වගාවක් කර ඇති බව ඔබ පරාග පරීක්ෂණයෙන් කිරීම නතර කලාද නැතිනම් බ‌ොරු කීවිද කියාය. කෙලිනිම කීවේ ආණ්ඩුවට ඒක කරන්න දෙන්න සල්ලි නැතැයි කියාය.
                       නිකන් හොල්මන් නොකර හිටපල්ලා කියා යූ ටියුබයේ අරහත් වාදියන්ට නොකියමි. සයිබරය හරහා යූ ටියුබය විසිස් පර්යේෂණාත්මකව ඒ පැත්ත අවසානයි කියා දකින විට වෙනත් පැත්තක් අල්ලා අපේ සාක්කුව හිස් කරනු අනිවාර්යය. ඊ ගාවට යූටිටුබ් පැන්ටසිය නිර්මාණය කරන්නේ දෙවියන් වන් දෙයක් වන්නට හැක. ජාති වාදය කිසිදා කරන්නේ නැත. ඒ කරන්නේ කර වටා අත දා නාසය අල්ලනවා සේය. ගාසා තීරයේ ගැටුම් නිවාරණය සාම සාකච්ඡාවකින් කෙලවර වූ හැටි කියමින් උතුර දකුණ එකතු කිරීමට නැවත බඩු මතු වෙනු නියතය. මීට විරුද්ධ පිරිසද සයිබරයටම පොල් ගසනු ඇත. මාරසේනම්වි අදහස සයිබටයට ගැසිය යුත්තේ පොල් නොව මි පැනිය. ඒ විඳීහට  ගුණයක් ලබා ගැනීමට ඇති දෙයක් නොවන්නේමය. මේ ප්‍රාග්ම ධනය යටතේ ඒ එසේමය. ඒ ඒකාලාගේ හැටිය. ඒකලා අපේ ගෙදරද සිටින්නට හැකිය.
         සැබෑ දෙවියන්. මාධ්‍ය දෙවියන්, හේතුවාදියනි. බලා පොරොත්තු වන්න. ලගදීම කිසිත් නොදැන නුඹලාට යූ ටියුබය විවෘත වනු ඇත. ඒ සිදුවන්නේ අර කැන්ඩලාලා ලංකාවේ නාකි ගැහුනුන්ටද ඩෙනිම් අන්දුවා සේය. එහි එකම සරල විද්‍යාව ප්‍රාග් ධනය පමණි. ආධ්‍යාත්මිකත්වය හෝ දයලෙක්තිකය ගෑවිලාවත් නැත.
      ගාසා තීරය සහ ඊශ්‍රායල් ගැටුම වනාහී කුමක්දැයි  අද කිසිවෙක් දන්නේ නැති යයි‌ නොකියමි. දන්නා අයද කාබී සැබෙන් ජීවත් කියා අපායේ ජීවත්වේ. ඒදාද ඒසේය. 
       හෙළ හවුල සහ ජාතිකවාදය නොතිබුනානම් අද උන්ගේ මැකෝලි සාමිලාගේ නාමයෙන් ලංකාව ඉන්ගිරිසි පමණක් කතාකරන සැබෑ යටත් විජිතයක් වී හමාරය. මේ ගැන කතා බහ කිරීමට ඇවැසි ‌වාමාංශිකයන් ‌නොසිටියා නොවේ. පිලිප්ව සිහි නොකර බැරිය.
               මා මගේ මිතුරෙකුගේ පියා කිවූ පරිදි‍ පිලිප් පෙලපාලියක පෙරමුන ගෙන යද්දි මහත පොලිස් නිළධාරියෙකු පැමින මහා හයියෙන් කෑගසා මෙසේ කීවාලු. සිංහයෝ විදිහට ගොරවන්න එපා කියා.
කිව්ව ගමන් පිලිප් සහෝදරයා කිව්වාලු අපි ‌සිංහයෝ තමා. ‌මටත්  කියන්නේ බොරලුගොඩ සිංහයා කියලා. සිංහයෝ ගොරවන්නේ පැනලා ‌බෙල්ලෙන් අල්ල ගත්තට පස්සෙ බව දැන ගං කියලා.
 මන්ද සැබැ වාමාංශිකයා වනාහි ජාතික වාදියෙක් නොවේ කීවද ඉතිහාසය හදාරණ විට අනිවා ජාතික වාදියෙකු නිසාය. 
නමුත් දිනේශ්ගේ රූපයෙන්නම් පියා වගේමයි කිව හැකිය. වැඩවලින්නම් බොහෝ වේදනවාවන් සහ සිනහ යන බවත් කිව යුතුය.
      ලාංකේය ජනවාර්ගික ගැටලුව මොන නමකින් දැම්මත් කුමන මේ වේදනාව යටතේ සහ හමුවේ මහා විදිහට මහා ජාතිය සිංහලය කියා පෙනී සිට මහා ජාති වාදයට විරුද්ධව නැතිනම් සිංහල මහා ජාතිවාදයට කියනා අද සිටින ප්‍රගතිශීලි සුද්දා නොව පර සුද්දා විසින් දාගත් සිංහල කියන නාමයට විරුද්ධව  සුළු ජාතිවාදීන් වනාහී මහා ජාතිවාදීන් වන බව දැන් ඉතින් ඒකට උපන් පරම්පරාව පාවාදීමක් නොව සැබෑ යථාව සොයා යාමේ ප්‍රථම පිළිතුක් බවට පත්විය හැක.
කියන දේ කෙලින් කිව යුතුය සිංහලෙන් සැබෑ ජනතා දේශපාලන සංවිධානයක් නැතිව හෝ බිහි කිරීමට වෑයමක් නැතිව ජාතික වාදය ගැන කතා කිරීමට පර අධිවාදින්ගේ පැත්ත ගෙන පැත්තක් ගැනීමට අයිතියක් ඇත්තේ මාක්ස් වාදයෙන්යි නොවන්නේය.
ලෙනින්ද කීවේය
ඇත්තේ පැති දෙකක් පමණි. ඒ නැති බැරි සහ ඇති හැකි යනුවෙනි.
     මේ  යටතේ  කියන්නට නොව අසන්නට දස දහසක් ගැටලු ඇත. නමුත් අසන්නට ඇති වුන් හොඳම යහලුවන් නිසා නොඅසමි. මේවා අසන්නට ඇවැසි දේශපාලන වම යයි මාරස කියා තිබේ. අද කෙලින්ම කියමි. වමේ ඒක් මාර්ගයක අවසානය සනිටුහන් වී ඇත. සිග්නල් නැත . වෙන පාරක් කපා ගත්තේ නැතිනම් වමටද අනිච්චාවත සංකාරය කියන්නට නොහැක. පුපේත කත පංඥතාත් අවසානය. 
      මාරයාට තවත් නම් දෙකක් තිබේ. එකක් මාරසය, අනෙක ව්‍යාධදේවය. 
සමාජමාධ්‍ය කාලයෙන් කාලයට පාලනය කරන්නේ කව්ද? හැකිනම් 
මොහාන් සමරණායකයන් කියනු මැන. කාටත් කියන්නේ සමාජ මාධ්‍ය ආරක්ෂාකළ යුතු බවය. ඒ ‌ලෝක සමීක්ෂණ හරහා ගේන දේශපාලනයට ඒකම පිළිතුර වන්නේ අප ජනතාව නැතිනම් මිනිසුන්ව දැනුමින් සන්නද්ධ කිරීමය. නැත වමද කරන්නේ සුන්දර තාක්ෂණයක් මත බිහිවූ තුප්පැහිහි කනමැස්සන්ගේ සහ වල් ඹඹරුන්ගේ වද වල මී මැසි වද බඳින්නට යනවා වගේ වැඩකි. මේ අරථ විරහිත බව වලසුන්ටත් වඩා බිම සිටින කෘමියන් සහ කූඹින් බලා සිටිනා බවද දැන ගනු සහෘදය
කෙලින් කියන්නේනම් ස්වභාවයාට හෙවත් විශ්වයට දශමයක්වත් ඉහලින් යාමට නොහැක. යා හැක්කෙ ඊට ඒකඟව පමණි කියා ස්වභාවයේ දයලෙක්තිකයේදී මාක්ස් ඒංගල්ස් කී බව දනිමි. බුදුණුවන් ඊටත් වඩා ඉහලින් ඒ ගැන කියා ඇති බව දැනෙන්නේ වයසට යනවිටදැයි සැකයක්ද අති නොවේ. නැන නුවන අඩු නිසා මාරසට කල්යන්නට ඇත. තාත්තා යනු කවරෙකු වුවද සාම්ප්‍රධායිකව අම්මා යනු එකෙකු බව සියලු දනා දැන ගත යුතුය.මාරස සොයන්නේ කුමක්ද කියා පාටක මචංලා දන්නවා  ඇත කියන්නේද කියන්නට තියන දේමය. මාරස කරන්නේද ඒමයි කියා යමෙකි කියන්නට හැකිය. කරන්නට දෙයක් නැති තැන ඌරගේ මස් ඌරගෙ ඇඟේම තබා කපන්නේ කොටයක් නැතිනිසා ‌නොව. ඒ මහා කතාවකි. සෙස්ස පස්සට.

ජගත් මාරසිංහ
30231030
https://jagathmarasinghe.wixsite.com/mare


Powered by Blogger.