හුස්ම ගන්න කැමරාව

                                                                       හුස්ම ගන්න කැමරාව

     මාරස කොහොමත් රස්තියාදුවට ආදරෙයි. බස් වල කෝච්චියේ ගුවන් යානාවේ රස්තියාදුවේ යන්න අද බැහැ. ගානනම් හොඳටම වැඩී . ඒ මුදලින් ඩේට ටිකක් ගත්තම සයිබර් රස්තියාදුවේ ගොඩක් දුර යන්න හැකියි. මේක මට හමුවුනේ සයිබර් රස්තියාදුවේ යනවිට කැමරා වෙළෙඳ පිටුවකින්. එක වචනයයි කියන්නේ කෙල්ලේ. කැමරාවෙන් කැමරාව ඡායාරූප ගන්න බැහැමයි. මොකද මෙතනට ගොඩක් ප්‍රශ්න තියනවා. ‌භෞතික භාන්ඩයක් වූ කැමරාවට අර ගස්කොලන් වල ප්‍රභාසංස්ලේෂනය වගේ ජීවි ස්වභාවයක් නැහැ දැනට පවතින අර්ථ දැක්වීම් මත.

     ඒත් කැමරාවත් හුස්ම ගන්න ජීවී සතෙක්. හැබැයි ඒකට හුස්ම ගන්න ජීවත් වෙන්න ලෝකය පෙරලා දාන්න ඉතිහාසය කෙලින්ම ආලෝකයෙන්ම සටහන් කරගන්න නියමිත හුස්ම වැඩි මිනිසෙක් අතට පත් විය යුතුයි. හොඳ කියන කැමරාවක් ගන්නත් අද මාර ගානක් යනවා. හුස්ම ගැනීම සටහන් කළ හැකි හැම ද්‍රව්‍යක්ම කෙලින්ම වෙළෙඳ පොල අද ලාබයට පමණක් සීමා කර අවසානයි. ඡායාරූපකරණය කියන්නේ සෙල්ලමක් නොවේ කියන කතන්දරය විල්සන් හෑගොඩලගේ අතීත ආලෝක පෙරලි දැක්කම අපට කියා දෙනවා වගේ. මේ සම්බන්ධව නූතනයේ අපේ කොල්ලෝ කෙල්ලන්ට විද්‍යාත්මක දැනුම දුන් ඉන්ද්‍රනාත් තේනුවරත්  මොහොතකට ලංකාවට ඇවිත්. ඒකත් පිට රටවලටම සින්න වේවි. ඒ කොල්ලෝ කෙල්ලෝ  යනමං නොදැන ඌට ආදරය කරාවි.

     වඩා වැදගත් වෙන්නේ ඡායාරූප පාඨමාලා විද්‍යාව ඉගැන්නුවට මිනිසෙකු සිතලා ආලෝකයෙන් කැමරාව පින්සලක් කරගන්න උගන්වන්න අමාරුයි. ඒක භාව විච්ඡේදනයේ මනසේ හැටි විනා කැමරාව මේ වෙනකොට තාක්ෂණිකව ගොඩක් දේ ජය ගෙන හමාරයි. ‌මේවා දැනගත්ත ඡායාරූප ශිල්පියෝ පොරවල් වෙලා මාර පන් ගන්නවා. නමුත් පොන් කැමරාවවත් හරියට භාවිත නොකරන බව පොන් කැමරාවම ශාක්ෂි දෙන්නේ ඊ පවුරට. 

     මේ සටහනින් ඉල්ලීමක් කරන්නේ ඡායාරූප පාඨමාලා කරන පොරවල් වලට. නුඹල කැමරාවේ තාක්ෂණය මිනිස් සිතට බද්ධ කරන්න අසමත් වුනා. විරෝදයක් ඉදිරි පත්කළොත් ලියන්න හැකි දේවල් ගොඩක් තියනවා. මේ සම්බන්ධව අවබෝධයක් ලබාගත් අපේ පරපුරේ ඉන්ද්‍රනාතයත් විදේශගත වී නැවත ඇවිත් යන්න ආවට එහේම සින්නක්කර වුනොත් . ඒකත් අනාගත ආලෝක ගැටලුවක්. එහෙම වෙන්න ඒකට අයිතියක් තියනවා. ඒක වෙනම කතාවක්. මතක තබා ගත යුත්තේ එවැන්නන් දැන් උන්ට විතරක් අයිති අය නොවේ. සියලු ගෝලයන්ටත් සින්නක්කරයි කියන කතන්දරය දිගයි.

     කැමරාව කියන්නේ හුස්ම ගන්න  භාණ්ඩයක්. හදවත ගැහෙන භාණ්ඩයක්. හැබැයි ඒක එල්ල කළ විට ඡායාරූප ශිල්පියාගේ හදවතේ වේගය තමා කැමරාවේ වේගය වෙන්නේ. ඒ සියල්ල තප්පරයෙන් පංගුවකදි ෂටස් තමා. ෂටරය කියන්නේ නිමැවුමේ සැබෑ ලක්ෂ්‍යක් වගේ. කෙසේ වුවත් එක් තප්පරෙන් පංගුවකදි හැකියි ලෝකයක් වෙනස් කරන්න. ඒ ගැන ඉතිහාසයේ කරුණු බොහෝ තියනවා. ශිලා ලේඛන වලට නව අරුත් සපයමින් විද්‍යාවේ ජයග්‍රහණ  අතර කැමරාවට හිමි වන්නේ ශුවිිිිශේෂ තැනක්. 

   ෂටස් ගාලා ජීවිතයක් තවත් විදිහකට නිර්මානය කළ හැකි දේවාත්මයක් වගේ තමා කැමරාව. හැම මිනිහෙක් අතේම දැන් පෝන් කැමරාවක් තියනවා. ඒක සමග ජීවත් වෙන්න පටන් ගනිල්ලා. මොකද ඒක නිර්මාණය වුනේ සෙක්ස් චැට් කරන්න විතරක්ම නොවේ. 

    උඹල දකින කෝණයෙන් ලෝකය බලන්න අපිත් ආසයි කියන කතාව විතරක් දැනගත්තම හොඳටම ඇති.

ජගත් මාරසිංහ

30 12 2023

https://jagathmarasinghe.wixsite.com/mare


Powered by Blogger.