තාත්තා කවුද දන්නේ අම්මා විතරයි බන්.

 

තාත්තා කවුද  දන්නේ අම්මා විතරයි බන්.
                අම්මා සහ පුතා ගැන කියූ පමණින් සිහියට එන්නේ තාත්තාවය. තාත්තාවද දෙපැත්තකින් පමණක් දැකි විද නවීන විද්‍යාත්මක ක්‍රම‌ෙයන් හෝ රෙද්ද අස්සේ ඇලපති ක්‍රමයෙන් ජාන තාත්තා සහ සංස්කෘතික තාත්තා කියා කොටස් දෙකක් ඔස්සේ ලීවිය හැකිය. අම්මට හැමනෙන භාෂාවෙන් කියන්නේනම් ජීවවිද්‍යාත්මක තාත්තා දන්නේ අම්මා පමණි. අන් කිසිවෙක් නැත. ජාන විද්‍යාව ගැන xx-yy  සූත්‍ර මරේ මරු සිතන්නේ තමාගේ දරුවා ජීව විද්‍යාත්මකව කවුද කියා නොදන්නා තාත්තලා යන විකාරයයි. මා මෙතනදී හේතුවාදීන් සමග අත් ගන්නවාය. තමාට දැන් තමාගේ ජීවවිද්‍යාත්මක තාත්තා සොයා ගත හැකි තාක්ෂණික විද්‍යා යුගයක අප ජීවත් වන්නේය. මිය ගිය කාලෝ පොන්සේකා නැමති විද්‍යා දැනුමක් ඇති ඒ ලෙසම ඊටත් එහා දැනුමක් තිබි ‌ඒබ්‍රහම් ටී කොවුර්ලාගේ ආත්මයන්ගෙන් මෙසේ අසමි.
          ඇයි ජාන පරීක්ෂණයක් ‌කර මේ තමන්ගේ ලේ තාත්තා කියා මිනිසුන් හොයන්නේ නැත්තේ. අම්මා ගැන සැකයක් නැති නිසා නොවන්නේද
          විද්‍යාවද අදාල සම්ප්‍රධායද. ලේ තාත්තා ‌ජාන මගින් සෙවීමට උසාවියේ අනක් ඇවැසිය. නිකන් හිතන්න
     සැබෑ තාත්තා හොයන්නට මහජන සෞක්‍ය කාර්යාල ක්‍රියාත්මක වුවහොත් වන්නේ මළ කෙලියකි.
        රෙද්ද අස්සේ භාෂාවෙන් කියනවානම් මහා පොරවල්වත් ඒ පරීක්ෂණයට මුහුණ දෙන්නෙ නැත. සැබෑවටම දරුවාගේ තාත්තා කවුද කියා දන්නේ ගැහැනිය පමණි. පිරිමින් මේ මගේ පුතාය මේ මගේම ලේ කියන කතන්දර වනාහී ඇලපති වෛද්‍ය විද්‍යාවෙන්ද මහා විකාර බොරුම තමාය.
ශුද්ධ සිංහලෙන් කිව්වොත් දරුවාකාගෙද කියා දන්නේ අම්මා පමණි. ඇගේ ඩිම්බයට ශ්‍රක්කුානුව දම්මේ කාවිසින්ද කියා දන්නේ ඇය පමණි. මේවා මාක්ස්ලා ඒංගල්ස්ලාද විස්තර සහිතව කියවා තිබ්බත් සාමාන්‍ය සමාජයට ඒ කතා කර නැත.
         කෙලින්ම තාත්තලා වනන සමාජයෙන් මාරස මෙසේ අසමු. සැබෑ තාත්තා කවුද. කවුද දන්නේ. ගැහැනිය පමණි. අනිත් සියල්ල බයිලා පමණි.
             අද පවතින ධනේශ්වර විදිහේ හැටියට ඒ මගේ දරුවා කියා කියන්නට හැක්කේ ගැහැනියට පමණි. නමුත් හදා වැඩූ තාත්තාද පියෙක් වෙන්නේ ශ්‍රමය මුල් කොට පමණය.
        මාරසට බ්‍රෙෂ්ට්ව සිහිවේ. හුණුවටය සිහිවේ. අම්මා තාත්තා  කියන කතාවේ සැබෑ මූලික හරය වන්නේ ඒ දරුවන්ට අම්මා හෝ තාත්තා වැගිරූ ශ්‍රමයම තමාය. වෙනකෙන් ගෙඩියක් නැත.
         ඒ දරුවා ගොයිගමද , කරාවේද ? දුරාවේද , වහුම්පුරද දෙමලද  තම්බිද යන්න ලේ වලින් කතා කරන්න ගියොත් ඒදන්නේ යෝනියක් සහ ගර්භාභාෂයක් හිමි අම්මා පමණි. අම්මාද සංකේත නාමයක් පමණි. කෙලින්ම අසන්නේ හේතුවාදී විදිහට මේ ලිපිය ලියන ලද නිසා හේතු වාදීන්ගෙන්ය. ඇයි කාලෝ පොන්සේකා කියා තමන්ගේ කුලයේ නම අන්තිමට දා ගත්තේ. ලියන්නට ආවොත් අනේ  මාරස නොලියනු ඇත. මාරස හේතුවාදය සහ දයලෙක්තිකය ගැන ලියූ සටහන් වලට මොන මිනිහෙක්වත් වචනයක් කතා කර නැත. 
ඒ මගේ ලොකුකමක්ද නැතිනම් ‌පොඩිකමක්ද යන්න මාරසට අදාල නැත. අර බ්‍රෙෂ්ට් කීවා මෙන් දරුවා හදා වඩා ගන්නට ශ්‍රමය සැපයූ අය සැබෑ මවය. නමුත් මේ පශ්චාත් ගෝලීය අර්තිකයෙන් නිපන් සංස්කෘතියේ ඒ එසේ නැත. හදපූ අම්මා පැත්තකය. ප්‍රතිගාමි මහන්තත්ව ඇසුරක් ඇති අම්මා මාරය. තාත්තලා වනාහී පතෝලය. මාරසට මාර්තු මාසය වෙනතෙක් ජීවිතයේ බර වැඩක් ඇති නිසා නිහඬ වෙමි. නමුත් ඉන් පසු ලියන්නේ ව්‍යසායකන්ගේ සහ උන්ට අසුවුන පගිරිකොල්ලන්ගේ සහ ගැහැනුන්ගේ යථාවය. ශාක්ෂි සහිතව ලියන්නට බලාපොරොත්තු වේ. මාරස සූදානම්. විරුද්ධ වාදීන්ට කියන්නේ සූදානම් වෙන්න කියාය. මතක තබා ගනිල්ලා මාරස නොව මාරයා ජීවත් වන්නේ සත්‍යසමග පමණය. මාරයාගේ කඩුුුවේ දෙපැත්තම කැපෙනවාය. මාරයා පරත්තට සමු දුන්නේ ඇයිද යන්න ලබන වෙසක් මසින් පසු නිරුවත්ව ලියවෙනු ඇත.
ජගත් මාරසිංහ
30 12 2023
https://jagathmarasinghe.wixsite.com/mare






Powered by Blogger.