වික්ටෝරියා රැජින සිහිනෙන් හමුවුනත් ඒකිව සිඹ සිඹ මරණවාය

   වික්ටෝරියා රැජින සිහිනෙන් හමුවුනත් ඒකිව සිඹ සිඹ මරණවාය

       සිඹිනවා නැත්නම් ඉඹිනවා කියන්නේ මාර සංනිවේදනයකි. එහි ප්‍රබලම සංනිවේදනය ක්‍රියාත්මක වන්නේ  ලිංගික මානසිකත්වය රජ කරන අවස්ථාවන්හිදීය. අප අම්මාවද සිඹිමු. තාත්තාවද කලාතුරකින් හෝ සිඹිමු. දරුවන් ලොකු වුවත් උන්ව සිප ගැනීමේ දෙමපියනට ඇති ආශාව මාරය. ඒ සිප ගැනීම වන සතුන් ගාවද ඇති බව දන්නෝ දනී. අලි සිපගන්නට ගිය විට කෙලවරක් නැත. ආදරයේදී ශරීර දෙකෙහි සුසංයෝගය ආරම්භ වන්නේ සිපගැනීමෙන්ය. සිප ගන්නැති සංසර්ගය වනාහි ස්ත්‍රී දූෂණයක් මෙන්ය. ආදරයක් නැතිවද ලිංගිකාශාව ඉෂ්ටකරගන්නා විදිවේද බොහෝය. ඒ වෙළඳ සමාජයේ හැටිය. මා දන්නා ගණිකාවක් මා සමග පැවසුවේ අනේමන්දා  මා ගාවට නිදාගන්න එන නාකින් කොල්ලන් සියල්ලම සිපගෙන ආදරය ඉල්ලා සිටින බවකි. තාවකාලික හෝ ආදරයකින් තොරව සෙක්ස් කරන්නට පිරිමින්ට නොහැකි වීම ප්‍රසිද්ධ රහසකි. ඒකිලා රෝස මල්ය. පිරිමි අප නම් එහි පැනි උරනා බඹරුන්ම වන්නා සේය.  ගැහැනු පිරිමි ආධ්‍යාත්මයේ වෙනස ගැන පිරිමි ලියවිලි බොහෝය. නමුදු ගැහැනු ලියවිලි එකක්වත් නැති බව මාරස නොබියව ලියමි. ස්ත්‍රී වාදය අද පරණ වී පීලි පැන්නාට මේ කිව්වේ සැබෑවය. තාම බලය ඒකලා සතුය.

      ඒකිලා ගැන කියන්නට කිසිදු ධර්මයක් හෝ දර්ශනයක් අද වෙන තෙක් කරලියේ නැත. ගැහැනියකගේ කිස් එක කියන්නේ අදහසක් ‌දැනගන්නට නොහැකි සංනිවේදනයකි. කිසිවෙක් කතා නොකරන කිස් එකටද ග්‍රහචාරයක් තිබේ. හස්ත රේඛාවෙන්ද කාරණා ගත හැකිය. හෘර්දය රේකාව දම්වැල් පුරුක් වලින් සෑදී තිබේනම් බස් රතකයක වුවත් කිසිදු ඇඳුනුම් කමකින් තොරව සිප ගත හැක. ඊට පිරිමියාට සැබෑ ආත්ම ශක්තියක් තිබිය යුතුමය. ගැහැණියකට කිස් එකක් දුන්නාට පසු අනි වාර්යෙන්ම තොල් සිපීමද සිදුවනු ඇත. ගැහැනියකගේ තොල් සිපගත් පසු මුලු ශරීරයම සිප ගැනීමේ දොරටුව විවෘත වන වග වල් ‌මිනිසුන් ‌කියන්නෝ ඉතා හොඳින් දනී. සැබෑවටම වල්කම නැත්නම් ආදරයක්ද නැත. මන්ද ලිංගිකත්වයේ පදනම මත ආදරය භෞතිකව ක්‍රියාත්මක වන බව දැන ගැනීමට දයලෙක්තිකයම හැදෑරිය යුතු නැත. 

       අපට බුදුනුවන්ගේ වත කමල සිඹීමට නොහැක. ඒ භක්තියේ බය ලෙස පෙනේ. අනේ අප කරන්නේ උන්වහන්සේගේ මැටි පිළිම වල පා සිඹීමය. කෙසේ වුවද සිඹිම කිස් කිරීම යන සංනි වේදනයට භාෂාවක් නැත. එහි භාෂාව වන්නේ හදවතේ භාෂාවම වන්නේය. ඒ සිඹීමේ අවස්ථාවේදී මුලු ශරීරයම උනුසුම් වන්නේය. හද ගැස්මද ක්ෂනිකයෙන් වැඩිවේ. කුමන සිඹීමකදී උවද වචන ගොලු වීම අනිවාර්ය බව පෙනේ. ආදරයේ මූලික ප්‍රකාශනය සිඹීම වන්නේය.
       ඔබ දන්නවාද වික්ටෝරියන් වේස රැජින ලංකාවේ අදහස් වෙනස් කළ සමයේ සිඹීම කියා ලියන්නටවත් නොහැකි අතුරු තහනමක් සමාජ සංස්කෘතියේ ඇති විය. මේ දැකි හෙළ හවුලේ කුමාර තුංගයන් සිඹීමේ වටිනාකම සහ ඊට තිබූ සමාජ තහනම ඉවත් කර දැම්මේද ළමා කවියක් ලිවීමෙන්ය.

රෝස මලේ නටුවේ කටූ
වන බඹරෝ ඔහොම හිටූ 
නටුව නොවේ මල සිඹිමී
මම ළමයෝ පැනි උරමි

      සැබෑවකි. මේ කව පොඩි ලමයින්ටත් වැටහෙනවා පමණක් නොව දැනෙනවාය. ඇවැසිනම් පැනි උරණා අර්ථයෙන් වැඩි හිටි පෙම්වතුන් පමණක් නොව වෙසගනන්ට ඇති ආදරයද කතා කළ හැක.
නමුත් මාර කතාවක් අපේ රටේ අප අතරද තිබේ. සිඹින්නට ඇවැසිම චරිත ලෝකයේ තිබේ. අක්කා කෙනෙකුට හෝ ගුරුවරියෙකුට ඇති වන ආදරයේදී සිඹින්නට නොහැක. මොකද අප මොලයට කා වද්දා ඇති වික්ටෝරියා හැතිරිය වහා ඒ නතර කර දමන්නේය. එවිට පෙම්වතා හෝ පෙම්වතිය කරන්නේ දන නමා නමස්කාර කිරීමය. කොටින්ම නමස්කාරය ගැන වැඩියෙන් කතා කරන්නට ගියහොත් නමස්කාරය වනාහී සිඹීමේ උත්තරීතර ප්‍රකාශන සම්භාවනාවක්ව වන්නේය.

       අනේ මාරසටනම් අහම්බෙන් බුදුන් හමුවුනොත් සිඹ ගන්නට දෙයක් නැත. මොකද සිඹලා ඉවර නිසාය. කලන්තය නම් හැදෙන්නට ඉඩක් ඇත. මාක්ස් සහෝදරයාවන් නැතිනම් එංගල්ස්ලාව හමුවුනොත් කතා නැත හපා කා සිඹිනවාය. චාල් චැප්ලින්ලා බ්‍රෙෂ්ලා හෝ හමුවුනොත් උන්ගේ මූන පතුරු යන තුර සිඹිනවා නියතය. 

      සිඹීම යනු ලිංගික  ආදරයේ පමණක් සංකේතයක් නොවේ.අපේ සිංහල වික්ටෝරියානු හැතිරියට පෙර සිඹීම ගැන සන්දේශ කාව්‍ය වලින් පවා මතුවී තිබේ. සංගීතකරුවෝ සංදර්ශනය අවසානයේ තම සංගීත භාන්ඩයටද සිප ආචාර්ය කරයි. සමහරු වැඳ වැටෙති. ඒ සිඹීමේ උත්තරීතර අවස්ථාවයි.  
මට දොස්තොව්ස්කිගේ කරම්සෝ සහෝදරයෝ නව කතාව සිහිවේ. ලංකාවේ ඒ පරිවර්තනය වී ඇත්තේ කර්මසෝ සහෝදරයෝ නමින්ය. වෙසඟනක් ඉදිරියේ දන ගසා වඳින්නට දොස්තොව්ස්කි ලියන්නේ අපගේද ආත්මය දිග හරිමින්ය. ඇත්තටම තම බිරිඳට කිස් කතාවේ අගතියට පැමිණි විට දන ගැසුවේ නැතත් වඳිනවා නියතය. නානකොට ඇඳි වතේම චූ කරගන්නා අප ඒ කාටවත් නොකියනවා මෙන් වික්ටෝරියානු හැතිරිය නිසා අප ඒ දේවල් වලට නිහඬව උත්තර දෙන්නේ තමන් තමන්ටය. 
     මේ ලිපිය අවසන් කරන්නේ මෙසේය. වික්ටෝරියානු හැතිරිය මහ මගකදී හෝ හමුවුවහොත් මාරස ඒකී සමග තර්ක කරන්නට යන්නේ නැත. සිඹ මරනවාය. ඒකට කියන්නේ මාර සෙක්ස්කියාය. සිඹිමින් විකාර කෑල්ල පතුරු ගසා නැවත සිඹිනවාය. 
    සිඹීම යනු මාරය. ඒ වනාහී ආදරයේ සහ මනුෂ්‍යත්වයේ තිබෙන ආදරයේ උච්චතම ප්‍රකාශනයම වන්නේය.
ජගත් මාරසිංහ
30 12 2023
https://jagathmarasinghe.wixsite.com/mare






Powered by Blogger.