Scouting for Boys(10 වන ජාතික ජැම්බරියට ආදරය)

                                   Scouting for BoysScouting for Boys

                       (10 වන ජාතික  ජැම්බරියට ආදරය)

      පසු ගිය කාලයේ මා කරදර ‌ගොඩක සිටියා කියා නොලියමි. මාද බාලදක්ෂයෙකි. රහ මෙර පානය ගැන ලියන ඒ වෙනුවෙන් කතාකරන මාරයා බාලදක්ෂයෙක්ද යන්න අනෙකුන්ට ප්‍රශ්නයක්වන්නට ඉඩ ඇත. මම ලියමි. වරක් බාලදක්ෂයෙක් වුවහොත් ඒකා සදා කාලිකවම බාලදක්ෂෙයෙක් තමාය. මම අදටද බාලදක්ෂ ව්‍යාපාරයට ගරු කරමි. මාද ගෝලයෝ විශාල සංඛ්‍යාවකට මගේ දැනුම දී ඇත. තවමත් දෙමි. 39 වෙනි මීගමුව මිනු/ නාලන්දා බාලදක්ෂ කණ්ඩායම පමණක් නොව මීගමුව මුහුදු බාලදක්ෂ කණ්ඩායමේද මම ජයතිලක අයියා සමග මහා සේවයක් කෙරුවා කියා මා මටම ආඩම්බර වෙමි. කොටුගොඩ බාලදක්ෂ සමූහයට ආරම්භ කිරීමට මා දුන් සහය හරිශ්චන්ද්‍ර මායාසිංහ නැමති කර්නල් වරයා දන්නවා ඇතැයි සිතමි. අද මා දන්නා ඒකෙකු ඒ ව්‍යාපාරයේ සිටින්නේ ඇට හතරක්ම දිනාගත් කියන්නේ සෙල්ලමක් නොවේ. රද්දොලුවෙන් එලියට බැසි තිලක් මන් මල්ලීය. ඒකා අද බාලදක්ෂ ව්‍යාපාරයේ පොරක් වී හමාරය

    මා පසුගිය දිනවල සිටියේ ගෙදර නොව ආධ්‍යාත්මිකව ත්‍රීකුණාමලයේය. මමද ජනාධිපති පදක්කම් ලත් ලීපදක්කම් හිමි තවමත් කුස්සිය පරිසරය අතට ගත හැකි බාල දක්ෂයෙකි. මා සිගරට් උගුරක් හෝ මත් පැන් පානය නොකර සිටි ඒ යුගය සිහිකර දැන් එසේ නොවුනත් මේ බාලදක්ෂ ව්‍යාපාරයට තවමත් තනියම ගරු කරන්නෙකු වෙමි. ලෝකයේ මහා බලවත් සැවොම ආමි කාරයන්ය. ලෙනින්ගේ සිට කියා ලියන්න හැකිය. අන් කිසිදෙයක් නොව විනය යනු නායකත්වයේ සුවිශේෂ ගුණාංගයකි.

    මම තවමත් බාලදක්ෂයෙක් බව මගේ දරුවන්ගේ අම්මලා දන්නවා ඇත. කුස්සිය වනාහි මගේ ජීවිතයම වන්නා සේය. පරිසරය යනු මාම වන්නේය. ඉන් පිටත ජීවිතයක් මට නැත මා ඉස්කෝලේ යන කාලයේ ඉන්දියානු ජම්බරියකට ගියේ මාර බාදක මැද්දේය. ඉන් පසු ආමි මායාසිංහයා විසින් යටිතල පහසුකම් සැපයූ යාපනය ජාතික ජම්බෝරියට යාමට මට නොහැකි විය. නමුත් හදවතින් එහි සිටියා කියන්නේ සැබෑවක්ය. මේ දහවෙනි ත්‍රීකුණාමලයේ ජම්බරියට මට යන්නට බැරි විය. නමුත් අළුත් කොල්ලන්ගේ ස්කවුට් මීඩියා වල සිට මම බාලදක්ෂ ජීවිතය රස වින්දෙමි.

     මාරයා ස්කවුටින් වලින් නිල වශයෙන් සමුගත් අවස්ථාව මාරය. ඒ අපේ බේඩන් පවල් සාමි නම් බාලදක්ෂ නායකයා ඔස්ත්‍ත්‍රියාවට  විරුද්ධව කොටින්ම නිර්ධනයින්ට විරුද්ධව  ඔත්තු කරුවෙක් බවට දිවයින පත්තරයේ දැකි ලිපියක් නිසාය. මේ සම්බන්ධව එකල බාලදක්ෂ ව්‍යාපාරයේ මහත්තුරුන්ගෙන් මම ප්‍රශ්න කලෙමි. සිය සිවිල් බලය පමණක් ගැන හිතන ඒකලා ඒ ගැටලුවට පිළිතුරක් දී නැත. එසේ ඔත්තු බැලුවානම් බාලදක්ෂ ජීවිතය කියා දුන් එතුමාම අපට මරු පහරක් ගසා ඇත. හැකි අයෙක් ඇතිනම් පිළිතුරු සපයන්න.

මහා බාලදක්ෂ නායක තුමා අතින් ඒවන් වරදක් සිදුවුනද නැතිද යන්න මා නොදනිම්. කතාව නම් සැබෑ බව සැබෑය. නමුත් ඔබ තුමන්ගේ අවුට් යන පරිසරික ආදරය යටතේ මම තවමත් බාලදක්ෂයෙක් වෙමි. 

ඔබේ දරුවන්වත් බාලදක්ෂයෙක් කරන්න. හිරගෙදරට ගියත් රෝහලට ගියත් විප්ලව වාදයට ගියත් කිසිදා නොසැලී සිටිනා ජීවිතයට ආදරය කරන මිනිසෙකුට ඇති පුහුණුව සහ ජ්‍යාතන්තර සහෝදරත්වයේ ආදරයේ මිහිර ඒකා විඳිනු ඇත 

මම ඉන්දියන් ජම්බරියට සහභාගි වූයේ සිංහල විතරක් දැනගෙනය. ලෝකයේ පිටස්තර විවිධ ජාතීන් සමග මා ගනුදෙනු කලේ කුමන භාෂාවකින්දැයි හිතා ගත නොහැක. බේඩන් පවල්ගේ ජ්‍යාතන්තරයේ මිහීර ඒ නම් මාක්ස් වාදී ජ්‍යාතන්තරයේ මිහිර මාරම මාර බව මට දැනේ

     කොහොමත් මගේ ලමා කාලේ නොස්ටැලිජියාව සමග මා මේ දින වල ගත කලේ ත්‍රීකුනා මලයේ බාලදක්ෂ ජම්බෝරියේ හදවතින පමණය. ලාංකේය මිනිසුන් තමන්ගේ ජාතිකත්වය තබාගෙන විදේශිකයන් සමග ගණුදෙනු කරනා යුරු මා දුටුවෙමි. ජම්බරිය පැවැත්වීමට කටයුතු කළ සියලුම නායකයන්ට පින්. පිටස්තර පහසු කම් සැලසුම් කළ ආමි සහෝදරයන්ටද පීන්. යාපනය ජම්බරියේදෟ පිටස්තර පහසුකම් සම්බන්ධව කටයුතු කළ මායාසිංහ නම් ඔහුගේ ගෝලයාටද සියලු නායකයන්ටද මාරස සුභ පැතුම්. ජීවිතය කියන්නේ ඒක යායයක්. 

     ජේ ආර් ජයවර්ධනද රාජකීය විද්‍යාලයේ බාලදක්ෂයෙක්ලු. අනුරාධ පුර ජාතික ජැම්බරියට විත් බාලදක්ෂ ප්‍රධාන කොමසාරිස් ඔබේ සේකර වලව්ව සමග පැටලීමක් ඇති කර ජැම්බරිය යන්න ජැම් පැක් කියා වෙනත් ප්‍රභූ ගැටුමක් ගිය බවද මතකයේ තිබේ. ඒ දේශ පාලන ප්‍රභූන්ගේ මල විකාරය. 

    නම්ත් ජැම්බරියකින් කියා දෙන්නේ ලෝක සහෝදරත්වයයි. කොටින්ම ජැම්බරියක් යනු ලෝකය එක යායක් කියා කියාදෙන මාර ආදරයක් බව දරුවන් තේරුන් ගත්තාම ඒ හොඳටම ඇතිය.

ජගත් මාරසිංහ

https://jagathmarasinghe.wixsite.com/mare

28 02 2024


Powered by Blogger.