විද්‍යාව නොවන එහෙත් විද්‍යාවක් වන පටිච්චසමුප්පාදය සිහිකරන අල්ල බලා පලාපල

විද්‍යාව නොවන එහෙත් විද්‍යාවක් වන  

                  පටිච්චසමුප්පාදය

 සිහිකරන අල්ල                                          බලා පලාපල



      සාමුද්‍රිකා ශාස්ත්‍රය හෙවත් හස්තරේකා ශාස්ත්‍රය යනු පැරනි වචනය. කෙලින්ම කියන්නම් අල්ල බලා පලාපල කියලා.

         අල්ල බලා පලාපල වලට විරුද්ධ වූයේ යාන්ත්‍රික ‌භෞතිකවාදීන් බව මාක්ස්වාදී ග්‍රන්ථ වල සටහන් වී තිබේ. නමුත් ලාංකේය හේතුවාදී ව්‍යාපෘතියත් ඊටම සාපේක්ෂකව විරුද්ධ වුන බව දනිමි. හේතුවාදී ව්‍යාපෘතියේ පුධාන චරිතයක් වූ දොස්තර කාලෝ පොන්සේකාද අවසානයේ ‌හේතුවාදීන්ට දැනුම් දුන්නේ අද ‌යුරෝපයේ හේතුවාදී සංවිධාන මිනිස් මනසෙන් පිටත් ආත්මයක් තියනවා කියා ඒ ඔස්සේ වර්ධනය වී ඇති බවය. ඒ දේශනයේ  මා විසින් හිතූදේවල් නොව මාධ්‍ය සටහන්ද මාරස සතුව ඇත. නමුත් ‌ලාංකේය හේතුවාදී සංවිධානය ඒ යුගයේ යම් මෙහෙවරක් කෙරුවේ සිංහල බෞද්ධ හෝ ඉතිහාසයෙන් පැන නැගුන විකාරයකට නොව පෘතුග්‍රීසිකාරයන් සහ මැකෝලි සාමිලාගෙන් නිර්මිත මොකක්දෝ භෞතිකයක් නිසා බව සාධනය කළ හැක. ඒ ඔස්සේ සංස්කෘතික අපේ විද්‍යාවට වූ හානිය එසේ මෙසේ නොවන්නේය. නමුත් ඒ දේශපාලනික කාරණා සහ හේතුවාදී කාරණා පමණක් නොව අප පරපුර විසින් කරන ලද ලිංගිකත්වය සමාජීය කරණ කාරණාද අපව දමා අද මහා පරිමාණයෙන් ගෝලීය වෙළඳ සංකල්පයේ සංකේත බවට පත් වී හමාරය. ඒකද මාරය. අපේ පරපුරේ එකාලා නැතිනම් ඊ‌ට වඩා උඩ ගොස් කොහෙන් නවතින්නේද යන්න මාරසටද ප්‍රහසන ප්‍රෙහෙලිකාවක් බවද කිව යුතුය

    හස්ත රේඛාව නොහොත් සාමුද්‍රිකා ශාස්ත්‍රය ගැන කියන විට ඔබගේ ජීවිතයේ හදවතේ සහ හිසේ පිටපතක් වන්නේ තම හස්තයම බව සැබෑවක් බව කරුණු වශයෙන් සාධනය කළ හැකිය. අර ළඟකදී දන්නා පමනින් ගණිතය සම්බන්ධව ළාබාලම මහාචාර්ය අනුරාධ මාසිංහගේ ගණිතය සම්බන්ධව අපරදිගුන් පවසන විශිෂ්ඨ පරිවර්ථන ග්‍රන්තයක් කියන " පැතලි ලන්තය" භාෂාව සහ සංකේත ඇසුරින්ද මරුවට මේ සම්බන්ධවද කිව හැකිය. නමුත් ඒ ග්‍රන්ථය ප්‍රකාශයට පත්කළ සයුර ප්‍රකාශන අධිපති නිලන්ත ගමගේ මට කීවේ ඒ පොත විකිනෙන්නේ නැති බවය. මාරස කීවේ ගණිත ශාස්ත්‍රය දන්නැති කිසිවෙකුට ගණිතයේ සාහිත්‍යය නොතේරෙන බව සැබෑවක් කියාය. ගණිතයවන් සරළම විෂයක් මාර කට්ටක් කියන සමාජයකට ගණිත සාහිත්‍ය වනාහී කම් කිම් වනවා තමාය. නමුත් හස්ත රේකාව ඊ‌ට වඩා නොව වඩාත්ම උපහාස්මක වන්නේ විද්‍යාව දන්නා අයද නියපොතු ජීවිතය පුරාවට කපන විට කොයි ඇඳිල්ලේද නියපොතු වැඩියෙන් වැවෙන්නේ කියා නොදන්නා මහා පරිමාණ විද්වතුන් බහුල නිසාය.

     ඒ නිසා යම් විද්‍යාත්මක න්‍යායක් ඔස්සේ අපි අපේ සාමුද්‍රිකා හෙවත් හස්ථ රේඛා සාස්ත්‍රයේ සැබෑව තේරුම් ගණිමු. අපි අවසාන 03 සටහනින් පටන් ගනිමු. A දිගය  B පළලය.  A * B - නියමිත සෘජුකෝණාශ්‍රයේ කේෂ්ත්‍ර ඵලය වන්නේය. සරලව ගත්කල උස මීටර් වලින් මනින්නේය. බර  කිලෝ ග්‍රැම් වලින් මනිනේය. උෂ්නත්වය පමණක් නොව හැම දෙයක්ම මනින කල බුද්ධිය මැනීමට ගණිතමය මානයක් එකල තිබ්බේ නැත. සරලවම A මැනීමට පටන් ගත්තේ සෘජුකෝනාශ්‍රයක් හරහාය. දිගෙන් නිර්මිත වන්නේ පුද්ගලයාට බලපාන පරිසරයේ ප්‍රමිතියය. පළල B ට  දුන්නේ සහජයේ ප්‍රමිතියයි. මේ දෙක වැඩි කළ විට උත්තරය වන්නේ ඒ සෘජුකෝණාශ්‍රයේ වර්ග ඵලයයි. ඒ බුද්ධ්ාය ප්‍රමිනය ලෙස ගත් පිම්ම අද බොහෝ දුර ගොස් හමාරය. නමුත් ප්‍රථම අඩිය මේ වන්නේය. 

A*B=  බුද්ධි ප්‍රමාණය. ( පරිසර බල පෑම * සහජ බලපෑම = පුද්ගලයාගේ සහජ  බුද්ධි ප්‍රමාණය) 

    හස්තරේකාවේද රහස් පොළීසිය විසින් ඇඟිලි සලකුණු ගන්නා පුඩු රේඛා වනාහී සහජයම වන්නේය. ඒවා සාධනය කරන ලද කයිරෝ නැමති විද්වතුන්ද මාර පොරවල් බවද කිව යුතුව තිබේ. ( කයිරෝද කාල්මාක්ස්ලා වන් දාර්ශනිකයන් නිපන් යුගයේම වන්නේය. වරෙක ශ්‍රී ලංකාවේ බදුල්ල ප්‍රදේශයේද ජනතාවගේ හස්තරේකා හැදෑරූ බව දනිම්)  පුඩු රේඛා නොහොත් සහජ රේඛා 02 සටහනින් පෙනේ. ඒවා වෙනස් වන්නේ නැත. එකිනෙකාට වෙනස් බව ලෝකයම පිළිගනී. අර මාක්ස් එංගල්ස්ලා දේශපාලනිකව එක් පැත්තකින් පරාද නමුත් ඒ යුගයේ සැබෑව සොයා යාමේ ආදරය අදටද නින්නාද වන්නා සේ කයිරෝලාවද එකී නොකී  අභය ගිරි සංස්කෘතියද නින්නාද වන්නේය. අරියදේව ලොකුහාමුදරුවන්ද පැත්තකින් සිටිනවා සේය. අපේ රාවනාලාවද නින්නාද වන්නේය කියා නොකියන්නේ අපේ කියන නාමය ගත් සැනින් ඒවා ජාතික විකාරක් කියා නින්නාදයද විනාශ කරණ බව දන්නා නිසාය. අවසානයේ නිශේද වන්නේ කාවදැයි අනාගත ජනතාව විසින් තීරණය කිරීම කිසිවෙකුට නොවැලැක්විය හැක. සැබෑව කියන්නේද දේශපාලන දර්ශනය කියන්නේද හිතලු නොව ජීවිතයම වන බව දැනගන්නා විට අපේ දේශපාලනික මහා බ්‍රහ්මයන් කියන හැතිකරය මිය ගොස් වන්නට හැකිය. නමුත් උන් වෙනත් වේෂයකින් නැවත නැගිටිනවා නියත බවද මාරස නොදන්නවා නොවේ. 

      නමුත් ඔබේ සාමාන්‍ය රේඛා වනාහී පරිසරය ගැන කියන රේකාය. ඔබ දැනුම ලබා ගන්නේ පරිසරයෙන්ය. අම්මා තාත්තා කියන්නේ ජාන පරීක්ෂාකර නොවන්නේය. ජාන පරීක්ෂා කළහොත් තාත්තා වෙනස් විය හැක. සම්ප්‍රධායට විරුද්ධ හේතුවාදීන්වත් ලේ තාත්තා හොයා ගැනීමට අද ජාන තාක්ෂණය හොයා යන්නේ නැත. නමුත් මාර විද්‍යාත්මකය. ඒවාද තිබිය යුතුය. නැතිනම් මේවා ගැන දත්තන්ට උපහාසයක් ගෙනෙන ප්‍රහසන නැතිනිසා පාලුවක් දැනෙන නිසාය.

දැන් පැනයක් පැන නගී. හස්ත රේකාවන් බලා පලාපල නැතිනම් ජීවිතය කියවන්නේ ‌කෙසේද කියාය. කෙලින්ම හොයන්නේ ඒ රේඛා හිමි ඒකාගේ බුද්ධියයි. සියළු හේතුවාදීන් කියන්නේ මහා රේඛා වූ අංක 01 සටහනින් නිරූපිත රේඛා වෙනස් වන බවය. පරිසරය නැතිනම් වපරිසරයට සාපේක්ෂකව ඒවා වෙනස් වන බව බල්ලන් බළලුන්ද දන්නවාය. පරිසරයට සාපේක්ෂකව තම හිමි කාරයාගේ සහෘද මිතුරෙකු ආවොත් බල්ලෙක්වත් බුරන්නේ නැති බව අප දන්නවාය.

      නමුත් සහජය නම් ඇඳිලි තුඩු නැතිනම් ඇඳිලි සලකුණු රේඛා ගැන ඔබ දන්නේ රහස් පොලීසියේ ඒවා ලබා ගන්නා අවස්ථාවකදී පමණි. මාරසේද එසේ අරගත්තේ ඉන්දු ලංකා ගිවිසුම සමයේය. ඒවා ආරක්ෂිත ලිපිගොණුවක තිබෙනවා වන්නට හැකිය. ‌ඩිජිටල් තාක්ෂණයට කවා අඟිලි සලකුනු තබා රාජකාරියට වාර්ථා කිරිමට හැකි යුගයක් අද උදා වී හමාරය. ඒත් ඊට පිටුබලයක් වූ හස්ථ රේඛාව වනාහී විඤ්ඤාණවාදීය. මේවාට කියන්න තියන්නේ රුවිතන්ගේ කුණුහරුප දයලෙක්තික වී ඇති බව කියා පමණය. මේ ගැන වඩාත් ආඩම්බරය මකා ගත යුත්තේ කොළඹ කේන්ද්‍රීයව දයලෙක්තිකය වැරදි කෝණයකින් උඩ දමන වම සහ ඒ වමේ කලාව කරණ සැබෑ කුණු හරුප නිර්මාණ කෘති වලට යොදා ජනතාව මුලා කරණ තමන්ම පොරවල් ලෙස සිතා ඉන්නා අත ලොස්සක් පමණය. අරගලයෙන් පසු නිහඬ එයාලා ගැන ඇත්තේ මාරසට කුකුසක් පමණි.

    මේ ගණිතමය සමාජ විද්‍යාත්මක කාරණය සහ හස්ථරේඛාව හරියට ‌තේරුම් ගත්තානම් දැන් ඇත්තේ එක් ප්‍රශ්නයක් පමණි.  සහජයෙන් මිනී මරුවෙක්නම් ඒ වෙනස් කළ නොහැකි නිසා හස්ත රේකා සාස්ත්‍රයෙන් ඇති ඵලය කුමක්ද කියාය. ඇත්ත සහෝදරය. ඒ චතුරශ්‍රයේ පළල වෙනස් කළ නොහැක. නමුත් පාරිසරික බුද්ධිය වන  දිග වෙනස් කිරීමෙන් එහි බුද්ධය නම් වර්ග පලය වෙනස් වන නිසා වර්ග පලය වැඩිවේ. අවසානයේදී සහජය නොහැලකිය හැකි තත්ත්වයට සාපේක්ෂකව කීවත් නැතත් පත් වෙනවා අනිවාර්ය වේ.

පසු කියවීම

මේවා දැන අත් බලනවාදැයි මාරසට කිසිවෙකුට සහතික දීමට නොහැක. නමුත් කයිරෝ වන් පොරවල් හදාරණ අය ඒසේ කරනවා නියතය. මාරසනම් මේ බව සාක්ෂාත් කරගෙන ජීවිත කියවන්නේ තමන්ගේ බුද්ධිමය ආතල් එකටම වන්නේය. මේවා දිගින් දිගට නොලියන්නේ පොත් ගැසීමටට මගක් නැති නිසාය. 

හස්ථ රේඛාවේ ගණිතමය සහ සමාජ දේශපාලනයේ සැබෑව ගයන්නට මාරස හැදෑරූ අවකාශයේ සරිගම යම් තානයකින් ගයන්නට පටන් ගත් පළමු ලිපිය බව සටහන් කරමින් ඔබට දැහැන් මිදුමට අවසර දෙන්නම්.

නමත් මිනිසුන්ට තේරෙන්නේ විද්‍යාත්මක කියන කාරණය නිසා මෙසේ ලියූ නමුත් සැබෑව කියා ඇත්තේ සිද්ධාර්ථයෝ බුදුවූ පසුව යන්නේ මාර ජයගැනීමක් තිබේ. සැබෑවටම මේ ඒ සහ බී හෝ  කිසිදු සංකේතයක් ඇවැසි  නැත. පටිච්ච සමුප්පාදය දන්නේනම් අල්ල කියන්නේ ජීවිතයද ‌ලෝකය කියන්නේ ජීවිතයද යන ජීවිතයේ ආදරයේ විමුක්තිය ලබා නිදහස් විය හැකිය. පටිච්ච සමුප්පාදයේ එක් පැතිකඩක් වනාහි ජීවිතයේ මිනිස්  දෑතෙහි පුඩු රේඛා සහ මහා රේඛාවන්ගෙන් නිපන් කර්ම පල වාදයම කියන්නට හැකිය. නමුත් ඒ විග්‍රහ කරන්නට මාරස ඉක්මන් වන්නේ නැත. මන්ද ඉක්මන්නට දෙයක් නැති නිසා වීමටද පුළුවන. 

ජගත් මාරසිංහ

19 03 2924

https://jagathmarasinghe.wixsite.com/mare


Powered by Blogger.