නොදනිමි කාගේ දොසා

නොදනිමි කාගේ දොසා


 අවධි බව කියන්නේ නැගිට සිටීමය. මේ මොහොතේ කිසිදු දාර්ශනික දෙයක් හෝ දාර්ශනික දෙයක් ලියද්දී මාරස බොහො කල්පනා කරන්නේය. මන්ද මේ මොහොතේ මොක ලිව්වත ඒ පවතින දේශපාලනික සංදර්බය යටතේ යමෙකුට මහා ජීවයක් වන නිසාය. මාරසටනම් ඇත්තේ මෙවැනි ආකල්පයකි

රනිල් =මහින්ද=සජිත්=අනුර =චන්ද්‍රිකා= සියළු දේශපාලන හැතිකරය

නමුත් මතක තබා ගත යුත්තේ මෙවර මැතිවරණට රණිල් මාර දේවල් අනිවාර්යෙන්ම ජනතාවට දෙනු ඇත. ධනේශ්වරයේ ඒකාට කළ හැකි බව ඒකා පෙන්වා දෙන්නට දෙයක් නැත පෙන්වා දී හමාරය. ගෝල් පේස් අරගලයද මාරය. ඉන් සිදුවූයේ කොළඹ අර චාල්ස් ඔබේසේකරලාගේ සේයාවෙන් නිපන් කොළඹ පශ්චාත් නූතන වාදී වම හේදී යාම පමණි. 

අර වැලි කතරේ ‌ගෝරින් මුදලාලිට කියන කතාව මතක් වුනා

තොවිලේ දවස් හතක් තියනවා.

හත්වෙනි දවසේ තමා දැැහැව ගෙනියන්නේ.

ඒ වගේම මේ දේශපාලනික තොවිලෙනුත් දැරහැව ගෙනියයි. අනේ ඒ දැරහැව අපි ආදරය කරපු සහ තවමත් පරණ පෙම්වතියට වගේ ආදරය කරන වමම තමා. මොකා පත්වුනත් වම පත්වෙන්නේ නැහැ. තිබ්බ වමේ මහා පක්ෂත් දැන් උන්ගේ අර්ථදැක්වීම් සමග දකුණම තමා. අපි ප්‍රීතියෙන් බලා ඉන්නවා දැරැහැව ගෙනිහින් තුන් මන් හන්දියේ තියනකන්. ලොකුම හන්දිය කොළඹ මහා හන්දිය ගාවනේ ලේක් හවුස් තියෙන්නේ. ‌ඊට වඩා මරු තුන්මුල්ල. මොකද ශාන්ති විහාර් එකට ගිහින් තෝසයක් ගාලා කහට කෝප්පයක් ගහලා ඒ දෙන හකුරු කෑල්ල තළු මර මරා දේශපාලන විකාර කාරයෝ මැරිය මැරිය කියා තලු ගස ගසා ගෙදර යන්න.

ජගත් මාරසිංහ

19 03 2024

https://jagathmarasinghe.wixsite.com/mare


Powered by Blogger.