මාක්ස්වාදය මිනිස්සුන්ගේ හෘර්ද ශාක්ෂියෙන් පරාජය වී දැන් ගොඩක් කල්ය.

මාක්ස්වාදය මිනිස්සුන්ගේ හෘර්ද ශාක්ෂියෙන් පරාජය වී දැන් ගොඩක් කල්ය.

      මිනිසුන් මාරසින් අසයි මේ මැතිවරණ පලාපල. මැතිවරණ පලාපල ජ්‍යෝතිෂයට කිව හැක්කේ දෙදෙනෙක් දෙපැත්තට කඹ අදින විට ඒකුන්ගේත් ඒකුන්ගේ පවුලේත් කේන්දර බලාය. ඒ රාජ්‍ය පිරමිඩ් සංකල්පයෙන් ලෝකය විග්‍රහ කරණ කාලයේදීය. මේ වනාහී විවිධ සංස්කෘතීන් සංධාන ගතවී බලය සඳහා මිනිසුන්ට කෲරකම් කරන කාලයක් බව නොදන්නේ කවුරුන්ද. ප්‍රජාත්‍රන්තවාදයට උඩින් අපියි කියන ලද මාක්ස් වාදීන්ද දස නොව සිය ‌ගනන් අනන්ත බල රේඛාවලට ගොදුරු වී වෙනම හෙජමනි බිහිවූ මැතිවරණයකට කිසි සේත්ම පවතින ජ්‍යෝතිෂයෙන් අනාවැකි කීමට නොහැකිය. කියන්නෝ යනු තක්කඩි පකීර්ලාම වන්නේය. ඒවාත් අර අළුත් අවුරුදු නැකැත් සීට්ටුව මෙන් ජනතාවගේ සංස්කෘතික ආතල් රාජ්‍ය වී ඒවාටද හුවමාරු වටිනාකමක් දී දේශපාලනීකරණය කිරීමේ දේශපාලනික නිමේශයන්ම වන්නේය. පණ්ඩිත ජ්‍යෝතිෂය තක්කඩියෙක් පිළිතුරු දෙන්නේනම් මාරය. කියන්න ඇත්තේ මාරසටනම් වචන කීපයක් පමණි.

     ඒ සියල්ල පසක තබා මාර මාක්ස් වාදීන් මෙන් පෙනී සිට මේ ඡන්දය ගැන හිතන විට මාරසට සිහිවූයේ කෙලින් ජීවිතය ගැන කතා කළ පෙඩ්රික් නීට්ෂේ ගැනය. මගේ පෙර කළ මාක්ස් වාදීන් සම්බන්ධව මේසම්බන්ධව විමසන කළ ඒකුන් කීවේ අපේ පස්සේ අමාරුවට මාක්ස් වාදය වැළඳ ගෙන පිස්සු කෙලියද දාර්ශනික පොර වනාහී ‌නීට්ෂේ තමා කියලාය.

     මේ මැතිවරණ මොහොතේ අප ප්‍රාග් බෞද්ධ ව්‍යාධ දේවා හෙවත් දඩයමට අධිපති දෙවියා මාරසට කීවේද මේ මොහොතේ නීට්ෂේව නැවත හැදෑරීම මිනිසුන් විසින් නොදැනුවත්ව හෝ කරනු නියත බවය. අන් කිසිත් නැත. 

       නීට්ෂේ,

 සමාජ වාදය ගැනද විඤ්ඤාණවාදය ගැනද ‌භෞතික වාදය ගැනද මාක්ස් වාදය ගැනද ඔබ විසින් දුන් විවේචනාත්මක කාරණා බොහෝ රටවල් තහනම් කළද ( දෙවන ලෝක සංග්‍රාම කාලයේදී ලංකාවේද තහනම්කේ කළ අතර අදද මාක්ස්වාදී කේඩර් පක්ෂ සාමාජිකයන්ට කියන්නටද තහනම් නොවූවද බාල්දු තහනම පනවා තිබෙන බව දන්නෝ දන්නවාය.) මාක්ස් වාදීන් නීට්ෂේ ගැන ලව් අයට අපතයන් කියා විවේචනය කර මරා දැමීම පසුකාලයේ ඒ වචන නැතිව සිදුවූ බව සැබෑය. 

නමුත් නීට්ෂේ දැන් ඔබගේ සැබෑව කරලියට පැමින ඇත. ඔබ වදාරණ ලද පශ්චාත් නූතන වේෂයෙන්ම පැමිණ ඇත. සෑම ඊ පවුරු පිටුවකම ඔබ හොල්මන් කරන්නේය. ඊට බොහෝ බියවී සිටින්නේ මාක්ස්වාදීන් වීම වනාහී වෙනම ප්‍රවනතාවක් වන්නේය. ප්‍රහසනයේ සැබෑ භාවමය චැප්ලින්ලාගේ චැප්ලින් වන්ම සහෘදයකු වූ අන්දරේලා බිහිවීමට පෙර ලෝකල් අන්දරේලා වේදීකාවෙන් බැස්සවීමට සිදුවන්නේ සියලු අන්දරේලා වේදීකාවට යාමට නියමිත නිසාය. සැබෑ අර්ධය මේය. ‌        

      පෙඩ්රික් නීට්ෂේගේ දර්ශනය සහ බුදුන්ගේ කර්මපල වාදයේ සම්බන්ධතා මාරසද නොදන්නවාම නොවේ. නමුත් ඒවා පසුව ලිවීමට කල් තබා දෙබර කූඩයට ගලක් ගසන්නට සිත් විය. නමුතු ඒ ගල් වදින්නට දෙබර කූඩ නැති බවද නීට්ෂේගේ වචනයෙන්‌ නොකීවත් මාරසනම් කියන්නට කිසිසේත්ම බයක් නැත. ආදරය ඇති වන්නේ පංචකාමය නිසාමය. ඉතින් පංච කාමය ඇති මාරස ඊට පක්ෂව ලියනවා හැර වෙනත් දෙයක් නොලිය වෙනු ඇත. පංච කාමය නැති වූ දවසට මාරසේ තීරණය මාරස සතුය. එක එකාට ඒවායින් වැඩක් නැත. උනට වැඩක් තිබ්බද මාරසට කිසිසේත් වැඩක් නැත්තේමය. මාක්ස්වාදය මිනිස්සුන්ගේ හෘර්ද ශාක්ෂියෙන් පරාජය වී දැන් ගොඩක් කල්ය. ‌මීට ඈත ඈත අතීතයක නීට්ෂේ කිවූ අදහස මාර වන්නේ ඒ නිසා වන්නට හැකිය.

ජගත් මාරසිංහ

27 03 2024

https://cupekha.wixsite.com/mare






Powered by Blogger.