ගඩොලොජි විද්වත් දනා.
අලි යන පාර අහුරා
ජනපද බිහිකරන්
ඉක්බිති කෑගසයි
උද්ගෝෂණය කරමින්
අලින් ගම් වැද දේපල
ජීවිත අවදානම් කියමින්.
අනාරක්ෂිත පහත් බිම්
ජනාවාස වන හැටි බලා
අත්පොඩි තලයි මහ හඬින්
රටයයි බැංකු නය දෙයි
ගෙවල් දොරවල් ඉඳිවෙයි
සමහරක් ගොඩනැගිලි
සමහරක් ගොඩනැගිලි
ඉතාලිය -ඇමෙරිකානුය
තට්ටු පිට තට්ටුය.
වාරයකට වරක් ඉඳ හිට
එන ඒ මුරුගසං වර්ෂා
නොමරා මරා මිනිසුන්
ඇතැම් විට මරා
ගංඟා සහ කඳු
පෙන්වයි මහ පොළවේ
හයිය නොව පැවැත්මේ
රටාවක් නිර්භීතව.
ප්රතිරූප දේශ වාසෝච
කියා හඬ නගන ඈයෝ
පළමුව ගෙන්වා ගනිව්
කලකිරී රට දමා ගිය
මේ පොළව ගැන දන්නා
ගඩොලොජි විද්වත් දනා.
ජගත් මාරසිංහ
2018 05 24
3 comments
++++++++++++++++++++++++++++++++++++++++++++++
https://gadyanohothkavi.blogspot.com/2018/05/blog-post_454.html
නියම බ්ලොගයක්. අපුරු මතකයන්. මගේ බ්ලොගේ එල්ල ගත්තා.