පිරිමින් එකතුවී ව්‍යාග්‍රා ‌සොයාපං

පිරිමින් ඒකතු වී ව්‍යාග්‍රා ‌සොයාපං
ගජේන්ද්‍ර හස්තං
ධෘත සිංහ පාදං
කරාල දන්තං
හනුම ද්වී නේත්‍රං
වරාහ කර්ණං
හර්දිං මත්ස්‍ය දේහං
විචිත්‍ර පත්‍රං
මකර ස්භාවං
තේරුම මෙසේය
ඇත් සොඬ
සිංහ පාද
කිඹුල් දත්
වඳුරු ඇස්
ඌරු කන්
ශරීරය මාලුවා හා
විචිත්‍ර පත්‍ර(කොළ ) වලින්
මකර ස්වභාවය නිර්මාණය වී ඇත.
මකරා සම්මුති සත්වයෙක්. ඒ සම්මුතිය තුල මකරා කියන්නේ ගින්දරත් යහමින් මතක් කරන සංකල්පයක්.‌‌කොහොම හරි ‌සෙනසුරාගෙත් ගමන නිසා ස්වභාවය ‌වෙනස් ‌වෙනවාටත් වඩා ස්වභාවික ‌වෙනස් වීම් වල රටාව එයාගේ ගමන මත තියලා ගණනය කරන්න මිනිස්සුන්ට ‌පහසු උනා. 2020 ජනවාරි 24 උදේ 9 56ට ‌සෙනසුරු කියන ග්‍රහය සංකල්ප සම්මුති වශයෙන් ධනු රාශියෙන් මකර රාශියට මාරු ‌වෙනවා. ‌මේ මාරු ‌වෙන ශබ්දය හැම තැනින්ම ස්වභාවිකව ඇහෙනවා. ස්වභාවික විපත් වශයෙනුත් යුධ ‌කෝළහල භීතිකා වශයෙනුත්ත් මිනිස්සුන්ව සසල කරනවා.තමන්ගේ ජීවිතයටත් ‌ගොඩක් ද‌ේවල් දැනෙනවා. ඒත් කට්ටිය නෑහුනා වගේ ඉන්නවා. ඒක හැමදාම ‌වෙන ‌දෙයක්. ‌‌‌ග්‍රහයන්ගෙන් හම්බ කරන් ජීවත්වෙන කට්ටිය ‌මේ ‌නිමේෂයේ සිදුවන ස්වභාවික ප්‍රත්‍යක්ෂ වලට සමහර විට තක්කඩි කමත් ඒකතු කරාවි. ලස්සන වචන වලින් ඒකෙනුත් කීයක් හරි ‌වැඩිපුර ‌හොයාගනී. ඊට පස්සෙ විද්‍යා ගණං කාරයෝ තමන්ගේ පැන්ටසියෙන් ඒක ‌එහෙම ‌නෙවේ කියලා සමාජ බුද්ධි වාදීන් ‌වෙලා ආතල් ගන්නවා කියන ඒකත් අද රටාවක් ‌වෙලා. ඇත්තටම ‌මේ ‌දෙතැනම තියෙන්නේ දැනුම් පද්ධති කිපයක ආතල් එකකටත් වඩා බලයක් සහ ලාබයක්. එයාලා නිහඬ උනාට පස්සේ තමා ‌වෙනස් විදිහක ‌සැබෑ සිතීමක් ගැන අපට කතා කරන්න ‌වෙන්නේ.
2022අප්‍රියල් මාසේ 29 දා කුම්භ රාශියට සම්මුති වශයෙන් නැවත මාරු වෙනවා‍. ‌ඒත් වැඩිකල් නොගොස් 2022 07 12 දා නැවත වක්‍රවෙලා මකරයට ගමන් කරනවා. ඒ කෙටි කාලයත් ගින්දර නිවන්න තරම් නිවේදනයක් කියන්න අවැසි නැහැ. නැවත සම්පූර්ණයෙන්ම කුම්භයට යන්නේ 2023 ජනවාරි 12 ව්‍යාහාරික පැය 18 විනාඩි 03ට. ඒතෙක් ඉතින් මේ ශබ්ද අඩුවැඩි වශයෙන් දැනෙන්න ගන්නවා. 
 ‌‌    ජ්‍යොතිෂය කියන්නේ තවත්ට විදිහකට හිතන ක්‍රමයක්. ඒක චලිතය සමග තියන විෂයක්. ඒ නිසාම ඒක නියති වාදයක් ‌‌නෙවේ. ඔ්න්නම් එහෙමත් වැඩක් ගන්න පුළුවන්නම් තහනමකුත් නැහැ. ඒක මරු ‌වෙන්නේ ජීවිතය පැවැත්මට ‌සෙට් ‌වෙන නිසා. රට රට වල මකරාගේ ඔලු ගණන ඒ ඒ අධිරාජ්‍ය වල ‌දේශපාලනයට සාපේක්ෂකව ‌වෙනස් ‌වුනේ ‌කොහොමද කියලා අපි කතා කරමු. ඊට පස්සේ මකරා ආගමික කරගෙන පාලකයෝ ස්වභාවයා සමග තිබ්බ මිනිසාගේ ආදර සම්බන්ධය දුරස්කලේ ‌කොහොමද කියලත් අපි කතා කරමු. ගැහැනුන්ගේ රති කලාවට ‌ලොකයේ ලැවිගිනි සහ යුද්ධ වගේ ගින්දර සම්බන්ධ ‌වෙන්නේ ‌කොහොමද කියලා විතරක් ‌නෙවේ ‌සෙනසුරා මකරයට යනකොට ‌මේ ස්වභාවයා කියන රහස ගැන අපි අවධියෙන් සිටිමු. ව්‍යාග්‍රා ‌පෙති කරල් ‌සොයා ගැනීමටත් ප්‍රථම සිද්ධ මකරන්ද වටී කියන රස ‌බෙහෙත පිරිමින්‌ගේ අප්‍රාණික ලිංගය නැවත ප්‍රාණවත් කරන්නේ ‌කොහොමද කියන රහස දැනගන්න රහසේ පිරිමින් ‌මකරා නමින් ජාතක ‌බෙහෙත් ‌බොන්නේ ඇයි කියලා අපි දැනුවත් ‌වෙමු. වයසට යන පිරිමියා මනංකල්පිත මකර සං‌කේතයේ ‌ඖෂද වලින් ආරක්ෂා කරගන්නේ පිරිමි කම විතරක් ‌නෙවේ. ආදරයත් මානසික වගේම ශාරීරිකයි. ඒක පැත්තකින් බැලුවොත් ඒකත් මහ ඊර්ෂියාකාර තන්හාවක්. ඒකත් අහසට සම්බන්ධයි. අහස විශේෂයක් ‌නෙවේ. අපට පද්ධතියෙන්‍ ‌කණ්ඩනය ‌වෙන්න වචන වලින් පුළුවන් උනාට පැවැත්මෙන් බැහැ. ඒක තමා අපි කියන්නේ ලයිප් කියන විකාරය පැත්තකින් තියලා පැවැත්ම සමග ඉන්න මිනිස්සු සමග අහසටවත් අහසේ ඉන්නවා කියන මකරටවත් හැප්පෙන්න බැහැ කියලා. ‌කොහොම උනත් අපි මකරට ආදරෙයි. ‌මොකද එයා ඉන්නේ අපි ගාව. මකරා වගේම මිනිසා‌ෙගේ ශාරීරික මකරාත් ගූඩයි. සිද්ධ මකරන්දජ වටී කියන්නේ ලිංගිකත්වයේ අධිපති සං‌කේතවත් කරන දජය. ‌සෙනසුරු මකරට ගියාට කාරි නැහැ කියමුකෝ.‌මේ ලැව් ගිණි හට ගැනීමත් ඒවා නිවෙන අයුරු දැනගන්න පැවැත්ම තුළ අහසට යන්න ‌වෙනවා. ඒ විද්‍යාව ‌හොයාගෙන ‌නෙවේ. ජීවිතය ‌හොයාගෙන. ‌මෙවර මැතිවරනයටත් එයාට මකරයේ ඉඳන් ගින්දර පිඹින්න එපා කියන පණිවුඩය ‌‌දෙන එකෙන් වැඩක් ‌වෙන්නේ නැහැ. වෙළඳ අවකාශයේ තක්කඩි මකර අනාවැකි වලින් ප්‍රවේසම් විය යුතු බව සඳහන් කිරීම කාලෝචිතයි. ඒත් ගෑනු දැන් ‌හොද්දට ලුනු දාන්නෙත් මාධ්‍ය කියන විදිහට. හැබැයි ඒක ගෑනුන්ට උගන්නල තියෙන්නෙ පිරිමි. මග්දල‌ේනාවේ මකරන්ව ‌ගෙනත් බට ‌දොඹ ‌ලෙනේ අලෙවි කරන එක මාධ්‍ය වල එයාලට අද මහ කජ්ජක් ‌නෙවේ. තප්පරෙන් ‌ලෝකය විනාස කරන්න පුලුවන් විද්‍යාත්මක නිර්මාන වලට ප්‍රතිපක්ෂව එහෙම ඒවා නිවාගන්න විද්‍යාත්මක නිර්මාන බිහිවෙන්නේ ඉබි ගමනේ. ඒ ඇයි ඒ කියන ප්‍රශ්නයට උත්තරෙත් තියෙන්නෙ අදෘෂ්‍ය මාන මකරගේ ඔළුවේ. මකර සංකල්පයේ තියන ‌දේශපාන අර්ධය ගලවල දැම්මම එතන සම්පූර්ණයෙන්ම ඉතිරි වන්නේ ස්වභාවයාගේ පැවැත්ම විතරයි. ඔය කියන මිත්‍යාවල් එතන නැහැ. සමාජ විද්‍යාව නම් අගේට තියනවා. ආගමේ ප්‍රගතිශීලී අඩලයේ මුලත් එතන තියනවා. ‌මොනවා උනත් ‌මේ නිමේශයේ ගින්දරෙන් ටිකක් පරිස්සම් ‌වෙයල්ලා. ඒ් වගේම තමන්ගේ යට ඉන්න අදෘෂ්‍ය මාන මකරාගෙනුත් පරිස්සම් ‌වෙයල්ලා. ‌‌මොකද ‌මේ කාලේ සමහරුන්ට ඌ මැරිච්ච තලගොයා වගේ ‌වෙන්න ඉඩ තියනවා. උඹලා දන්නේ නැති උනාට පිරිමින්ගේ නෂ්ටකාමය ගැන ගැහැනු ඉතා ‌හොඳට දන්නවා. ‌මොකද ග්‍රහචාරය ඒකිලාගේ ශරීර‌ෙයේම පවතින නිසා ‌වෙන්න ඇති. ඒතන තමා භගමතී ශක්තිය නිර්මාණය වන තැන. ඒ කියන්නෙ යමක් ඉපැද්දවීමේ ශක්තිය. උත්පාදය තියෙන්නේ පැවැත්මත් විනාශයත් එක්ක එකට. ඒක තමා විෂ්ණු, බ්‍හ්ම, ඊශ්වර කියන ත්‍රී මූර්තියේ හැඟවුම. ‌දෙවියන් මිය ගියා කිව්වට මිය ගිහින් තියෙන්නේ ඒක්තරා ප්‍රදේශක ‌දෙවිවරයෙක්. ඒ ප්‍රදේශයේ විද්‍යාව පැතලි ‌වෙන්නේ ඒක නිසා ‌වෙන්න ඇති. ඇතිවීම ,නැතිවීම, විනාශවීම, කියන ත්‍රී මූර්තිය තාම පවතිනවා. හැබැයි පවතින්නේ මීඩියා කල්ට් එකේ ‌හදවතේනෙවේ. අපි ජීවත් ‌වෙන මහ ‌පොළවේ.සෙනසුරු මාරු ‌වෙන ‌‌මේ සම්මුති නිමේෂයේ අපට ‌ගෝචර විශ්වයේ හැම තැනකටම ‌මේ පැවැත්ම සැබෑවක්.
ජගත් මාරසිංහ
08 01 2020
dragan art සඳහා පින්තුර ප්‍රතිඵල"



Powered by Blogger.