යතා කාලයේ මාතලන්

                                                      යතා කාලයේ මාතලන්


මේ මාරස කතා කරන්නේ මගේ සමකාලීන මිත්රයෙක් ගැන නෙවේ. අපේ පරපුරට පසු යක්ෂ වැඩ කරන මාතලන් හෙවත් ප්රියන්ත හේවගේ නොහොත් ප්රියන්තයා ගැන. මා බ්ලොග් පටන්ගන්න අවධියේද මේකා බ්ලොග් සින්ඩිකේඩරත් අනාතනාත කරමින් සිටියා මතකයි. නමුත් අපි මොකක්දෝ ‌ෙඑතිහාසික මගුලක් නිසා සමීප වුනා. නමුත් මේකා ගේම් ගහන සහෝදරයෙක් නොවේ. කෙලින්ම කියන දේ බෙදා හරින යකෙක්ම තමා. මාතලන්ව සිහිවෙද්දි මට මතක්වෙන්නේ සරදියල්ව. නමුත් සරදියල් මූට සමාන කරන්න ග්රහචාරයෙන් බැහැ. ජීවිතයෙන්ද බැහැ. මේකා සමග සාහිත්‍ය ගැන කතා කරනකොට වර්තමාන දේශපාලනයත් සමග වෙනම ලෝකයකට ගිහින් අපිත් වැඩක් කළා වගේ හිතෙනවා. කෙලින්ම හේවගේයාගේ ලග්නය වෙන්නේ වෘශ්චික. හේතුවාදීන් වැඩිය ගනන් ගන්න එපා මේ කතාව. මොකද අතීත පූර්වාදර්ශ මත හේතුවාදයටත් පසුව වර්ධනය වෙච්ච ගනිත විෂයක් වූ සංඛ්යානයෙන් ගත්තම මිනිසුන්ව කුලක දොලහකට දාලා බෙදලා හිතන්න ගන්නවා කියන්නේ මිත්යාවක් නොවේ.
කොහොමත් මේකා කෙලින්ම මහින්දලා වෙනුවෙන් පෙනී හිටියාද අනෙකුත් දේශපාලන කතා කාලකන්නි කියා එතන සිටියාද කියන කතා කේන්දරයෙන් හොයන්න හැකි වුවත් මාරස මේ සටහනට ඒවා අදාල නැහැ. මෙයා ඉපදිලා තියෙන්නේ වෘශ්චික ලග්නයෙන්. ඒ කුලකයේ උපන් එකෙක් තමා ගෝටාබය රාජපක්ෂත්. ජෝතිපාලත් සායි බාබා තුමත් විතරක් නෙවේ චන්ද්‍රරත්න මානවසිංහත් ඉපදිලා තියෙන්නේ ඒ ලග්න කුලකයේ. මට ගොඩක් ඒ ගැන අත්දැකීම් තියනවා කිව්වම ගොඩක් දේවල් දැනේවි. වෘශ්චික ලග්න කාරයා හරි ඉක්මන්. කෙලින්. බය නැහැ. ඒ වගේම ඉවසීමක් නැති කට්ටියක්. ආදරයට ගිජුයි. අහංකාරයි. කාටවත් යටත් වෙන්නේ නැති මගුලක් තියන කුලකයක්. ඒ වගේම බලා ඉඳලා ඕන මගුලක් කරන්න හැකි පිරිසක්. මේ ගැන කියන්න ගියොත් මාරසට අන්තර් ජාලයේ පිටු ඉවර වෙනකන් කියන්න ලියන්න හැකියි. වෘශ්චික ලග්න කාරයොත් එක්ක ජීවත්වන ගෑනුන්ටනම් මල් තියලා වඳින්න වෙනවා කියන කතාව මාරස කියන්නේ ඉතා වගකීමකින්.
කොහොමත් ප්රියන්තයා කියන්නේ වෙනම චරිතයක් කියලා ග්‍රහයොත් කියනවා වගේ. හිතාගන්න අය සාපේක්ෂකව කියලා හිතනවානම් මාරස කියන්නේ දේශපාලනිකව සියයට පනහට උඩින් ඒකාට ලකුනු දිය හැකියි කියලා සටහන් කරනවා.මේකට ශශ කියන පංච මහා පුරුෂ යෝගයත් තියනවා. මේ ගැන කතාවට ආවොත් මෙයා වගේම දේශපාලනික පොරවල්ව දිග අරින්න වේවි. ප්රශ්නයක් ආවොත් දිගහරිනවා මිසක් නිකන් මාගල් දිග අරින්න මාරස කිසිදා කැමති නැහැ. වී තියනවානම් දෙන්න. රත්කරන්න මාගල් දිග හරින්නම්.
අවසානයේදි මාරස මෙහෙම කියනවා. චන්ද්රරත්න මානවසිංහයන්ව සිහිවුනා මචං. පැති දෙකක්. නමුත් එක පෙත්තක් වගේ. නමුත් උඹව කියවන්න උඹම දාගත්ත මාතලන් නමින් තියන චිත්රපට ගීතයක් සිහිවෙනවා. කොටින්ම මාතලන් කියන උඹට මාතලන් චිත්රපටයෙන්ම ගීතයක්. උඹ කෙලින්ම දේවල් එලිදරව් කරනවා. ඉතින් මේ ගීතය කියන්නේ අපි. හනික යමන්. නුඹේ මංගල්යය සඳහා නෙවේ මිනිස්සුන්ට සුබ සෙත සඳහා යන්න කෙසේ වෙතත් පැවැත්මට ආදරය නිසා. මෙතන හනික යමන් පුල්ලි ගොනෝ කියන කතාව මාරස තේරුම් ගත්තෙ නුඹ ගොනෙක් කියලා නෙවේ. ගො- ගෞතම නා- නායක කියන ආධ්යාත්මික අර්තයකින්.
සුබ නැකතින්......
අපි යන මේ........
රඟ බලලා...ආ... ඇත සතුටින්...
නෑන්දා මාමා... මග රෑකලා....ආ..
හනික යමන් පුල්ලි ගොනෝ
මෙල්ල නොවී තරඟෙටා
මංගලමේ යුවතිපති සිතා තොසා වෙන්නටා
හනික යමන් පුල්ලි ගොනෝ
මෙල්ල නොවී තරඟෙටා
මංගලමේ යුවතිපති සිතා තොසා වෙන්නටා
අලුතෙන් සරණ බැඳා.......ආ...ආ..ආ
අලුතෙන් සරණ බැඳා නැන්දා මාමලා දිහා
නැන්දා මාමලා දිහා
අලුතෙන් සරණ බැඳා නැන්දා මාමලා දිහා
යන මේ ගැල් ගාලේ රසකැවිලි පටවලා
නෑදෑයෝ එකතුවෙලා පුරාණයේ සිරිතටා
හනික යමන් පුල්ලි ගොනෝ
මෙල්ල නොවී තරඟෙටා
මංගලමේ යුවතිපති සිතා තොසා වෙන්නටා
දෙන්නම් මගේ මැණිකා...ආ...ආ..ආ
දෙන්නම් මගේ මැණිකා ගෙදර ගිහින් පැණි වරකා
ගෙදර ගිහින් පැණි වරකා
දෙන්නම් මගේ මැණිකා ගෙදර ගිහින් පැණි වරකා
සැනිනේ යමු ගනුනේ ගිගිරි වැලේ හඬ නගා
අදුරු වුනා ඉර ගිලුනා ගමන තවත් දුර වුනා

හනික යමන් පුල්ලි ගොනෝ
මෙල්ල නොවී තරඟෙටා
මංගලමේ යුවති…
www.jagathmarasinghe.com
16 10 2022


Powered by Blogger.