කළ යුත්තේ කුමක්ද_ "Sleep"

කළ යුත්තේ කුමක්ද_ "Sleep"

"Sleep"නැමති මෙම වීදි ඡායාරූපය මාරස සයිබර් රස්තියාදුවේදී කල්කටාවේ වෙබ්පිටුවක තිබී ඇහිඳගන්නා ලද්දකි. වම ගැන විශ්වාසයෙන් සිටියා වූත් සිටින්නා වූත් සියල්ලන්ටම "රිටග්නික් භට්ටාචාර්ය" නැමති මෙම ශිල්පියා කැමරාවෙන් පහර දී මේ අවධි කරන්නට හදන්නේ අරමුණු චරිතයටත් වඩා මන්දගාමී වී නිදාසිටින වාමංශිකයන්ටද යන්න රසිකයාට සැකයක් උපදනවා නොඅනුමානය. වමේ වාමාංශික පෝස්ටරයකි. ඒ පොස්ටරය තිබෙන්නේ අරමුණ වූ ප්රධාන චරිතයට දකුනේය. දුප්පත්කමේ පීඩනයෙන් අඳුරු ගුහාවක් වන් මිනිසුන් ජීවත්වන ගෙයක දොරක් ඉදිරිපිට මේ මිනිසාට නින්ද ගොසින්ය. ඡයාරූපය දකින අපට පෙනෙන්නේ වාමාංශික සංකේතය වමේ තිබෙනවා සේය. එහෙත් ජනතාව නියෝජනය කරන්නා වූ චරිතයට අනුව ඒ දකුණය. උභතෝකෝටික ගැටලුවක් මතුවී තිබේ. පාවහන් යුවලක්ද පෙනේ. දියසෙවෙල් සහ කුණු බැඳුන බිත්තිය සහ සිමෙන්ති බැමි බිත්ති පසුබිමේය. දැල් දොරක්ද තිබේ. මාමාංශික ව්යාපාරය මැද අතරමන්වූ ජනතා සංකේතය කදිමට ආලෝකයෙන් නිරාවරණය කරගෙන ඇත්තේ දිසාගත විශ්මිත පසුබිමකය. මනෝමූල සාධක විෂය මූල සාධක කටෝර පරිසරයක තබා ආලෝක දඩයම කරගෙන තිබේ. දෑකැත්තයි මිටියටයි අමතරව තරුවක් තිබීමෙන් තව තවත් සංකේතය සංඛීර්ණවම මතුවී පෙනේ. කළ යුත්තේ කුමක්ද යන ලෙනින්ලාගේ උදෘත පාට රසිකයාව උන්මාදයට පත්කරනවා සේය. දේශ පාලන වීදි ඡායාරූපයක් ලෙසද අවැසිනම් සිතා ගත හැක. මේ එක් පසකින් ආලෝකයෙන් ශිල්පියා විසින් රසිකයාගේ වාමාංශික අතීතයට ගසන ලද යෝධ ප්රහාරයක් වන්ය. ඇත්තටම කළ යුත්තේ කුමක්ද? ප්රශ්නය ඇත්තේ එතැනය. ජනතාව නිදිය. නමුත් වාමාංශික සංවිධාන අවධියෙන්ය. කුමන හෝ වරදක් තිබෙන බව පෙනේ. සැබෑවටම වමාංශික කණ්ඩාම් වලට ඇති සැබෑ ගැටලුවට සූර්යාලෝකය දුන් පිළිතුර කුළුගෙඩියක් කර නිර්මාණය කිරීමට ශිල්පියා සමත් වී තිබේ. ආදරය මතුවේ. එහෙත් එය තිබෙන්නේ අඳුරු ගුහාවේදැයි සැක සහිතය. කළ යුත්තේ කුමක්ද අසමින්ම සටහන අවසාන කිරීම කාලෝචිතය.
www.jagathmarasinghe.com
04 10 2022


Powered by Blogger.