ආලේඛ්‍ය ඡායාරූප කරණය හෙවත් ආත්මයක ආලෝක දඩයම්

                            ආලේඛ්‍ය ඡායාරූප කරණය හෙවත් ආත්මයක ආලෝක                                                                 දඩයම්!!!


                               ආලේඛ්‍ය ඡායාරූපකරණය කියන්නේ වෙනම ඡායාරූප කලාවේ පමණක් නෙවේ සමාජ ජීවිතයේ අති සංවේදී පැත්තක්. අපට ඡායාරූපයක් ගන්න පුලුවන්. නමුත් පුද්ගලයෙකුගේ ජීවිත භාවයන් ඡායාරූපයකට ගන්නවා කියන්නේ සෙල්ලමක් නෙවේ. ආලේඛ්‍ය ඡායාරූපයක් කියන්නේ හැඳුනුම් පත් ඡායා රූපයක් නෙවේ. අර අපි චාරිකා ගිහිල්ල ගන්න සිහිවටනයකුත් නෙවේ. ඒක ඇවිත් ආත්මීය ඡායාරූපයක්. ඒ ඡායාරූපයක් පුද්ගලයෙකුගේ ගන්නවානම් ඒ චරිතයේ ජීවිතය සහ ක්‍රියාකාරගම් ඊට අනුව එයාගේ සර්වාංගයේම තියන ශාරීරික අංගයන් ගැන පමණක් නොවේ මු‍‍ළු චරිතයම මනෝවිශ්ලේශනාත්මකව හදාරන්න හෝ හදාරලා තියෙන්න වෙනවා. ඊට පස්සේ ඒවාට අනුව කැමරාවේ තාක්ෂණික කලාත්මකව වගේම ‌ෙඑතිහාසිකවම කැමරාවෙන් සකසා ගන්න තාක්ෂණික දැනුමක් අවැසි වෙනවා. ඡායාරූප ගන්න කලාව කියන්නේහැම විෂයක්ම වගේම ජීවිත විෂයයක්. නමුත් තාක්ෂණය සහ මිනිස් ආත්මය සම්බන්ධ වෙද්දි ඒක මහ පුළුල් විෂයක්. කාච විවරය, ද්වාරපාලකය , කියලා නිම කරන්න බැලි නිල ගොඩක් කැමරාවේ තියනවා. ඒක හරියටම අර දැරණියගල මහත්තයලම කිව්ව වගේ අලියෙයෙකුගේ නිලශාස්ත්‍රය වගේ. නිකන් බොරුවට අලින්ව පෙරහැරවලට ගෙන යාම‌ෙ ගැන දේශපාලනික සත්ව කරුණාවෙන් කතා කරනවා වගේ තමා කැමරාවේ නිල නොදැන ඡායාරූප ගන්න යන අයගේ ඡායාරූප.

     ඉතින් මේ ආලේඛ්‍ය ඡායාරූපයත් පරම්පරාගණනාවක් කියනවාට වඩා සදහටම අමතක කළ නොහැකි චරිතයක ආලේඛ්‍ය ඡායාරූපයක් කිව්වම මරු. නමුත් මේක ගහපු ශිල්පියා මාරස දන්නේ නැහැ. දිණමිණ වෙබයෙන් ගත්තේ. අදාල ලිපිය කොමෙන්ටු වල දාලා තියනවා. දැරණියගල පරම්පරාවම මාර පරම්පරාවක්. මේ ආලේඛ්‍ය ඡායාරූපය සිරාන් දැරණියගල කියන්නේ විද්වතෙක් කියලා මාරස හඳුන්වන්නේ නැහැ. ඉර්ෂි වරයෙක් කියන්නම්. මොකද පාරම්පරිකව දැනුම බුද්ධිය ආධ්‍යාත්මිකත්වය සහ අවංකත්වය පෝෂිත ප්‍රාමාණික දැනුමක් තියන අය ඉර්ෂිවරු තමා. ආචාර්ය සිරාන් දැරණියගල කියන්නේ අපේ කොදෙව්වේ ප්‍රාග් ඉතිහාසය ලොවට හෙළි කළමහා පොරක්. මෙතන පොරක් කිව්වේ ඇත්ත හොයන්න සැබෑ ඇම්මක් තිබ්බ මනුෂ්‍යයෙක් නිසා. එයා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පළමු කැණීම් කටයුතු භාර සහකාර කොමසාරිස්වරයා වෙලා හිටියා . එතුමාගේ පියාණන් වූ පී..පී.දැරණියගල යනු මෙරට උරුමය තැන්පත්ව ඇති ජාතික කෞතුකාගාරයේ පළමු ශ්‍රී ලාංකේය අධ්‍යක්ෂකවරයා. සිරාන් දැරණියගලයන්ගේ මුත්තා වන පෝල් ඊ.පීරිස් මහතා මෙරට පරිපාලන සේවයට පත් වූ පළමු සිංහල ජාතිකයා. අපේ කොදෙව්වේ එහෙම විද්වත් පරම්පරා තියනවා. නමුත් ඒ පරම්පරා අර අම්මා තාත්තා හින්ද කිව්වනම් අපිත් කියනවා කියන මුනුපුරන්ගේ මාකටින් පරම්පරා නොවේ කියලා ලියන්න හැකියි. ඒ පරපුරවල් ගැන කතාකරන්න ගියොත් ඇතැම් මාක්ස්වාදීන්පවා විරුද්ධ වේවි. ලාංකේය මාක්ස්වාදයේත් විභවය චලිත වන්නේ පාරම්පරිකව තමා කියලත් සටහනට එකතු කරනවා.
     සාමාන්‍යයෙන් ආලේඛ්‍ය ඡායාරූපයක ආලෝකය තුන්ලක්ෂ්‍ය ආලෝකයකින් ගැනීම ලෝකයේ වැඩි දෙනෙක් අතර සම්ප්‍රධායක් වෙලා තියනවා. නමුත් ඉන්ද්‍රනාත ආලෝක හිතුවක්කාරයා කියන්නේ මාරස කියන කතාවමයි. ඒකට මචන් තියරි නැහැ කියලා. ඒකා කියන්නේ මේ පොටෝවට දාලා තියන ආලෝකය කොමන් ලයිටින් සෙටප් කියලා. ඒකත් මාර කතාවක්. ලයිටින් කියන්නේ ජීවිතය. උදේ සූර්යෝදයේ ඉඳන් සූර්ය හස්තය දක්වාමත්. ඉන් පසුවත් අපි ජීවත්වෙන්නේ ලයිටින් වල තමා.
    මාරස අන්තිමට ශිරාන් දැරණියගලයන්ව හමුවුනේ පුරාවිද්‍යාවට ආදරයක් තියන සුජිත් රත්නායකගේ සම්මන්ත්‍රණයකදි. මට හොඳින් මතකයි එදා මාරස ඇහැව්වා හෝටර්න් තැන්නේ බාර්ලි වගාවක් තිබිලා තියනවා කියලා ලාංකේය ඉතිහාසය ඔබ වෙනස් කළා. ඒ පරාග පරීක්ෂණ ඔස්සේ නව තාක්ෂණික විදිවේද හරහා. ඒක නැවැත්තුවාද සර් කියලා. ආණ්ඩුව සල්ලි දෙන්නේ නැත්නම් ඒක ඉදිරියට ගෙනියන්න අපේ සල්ලි මදි කිව්වා. ඇඬෙන කතා.
මොන ආලෝකයෙන් ගත්තත් මාරස දකින විදිහට දැරණියගල පරපුරේ ඇස්වල තියන යටිබැල්ම විශිෂ්ටයි.තට්ටය ඊට හපන්. හරියට සූරුයාගේ අතීත ප්‍රතිබිම්බ අපේ හදවත් වලට ගේනවා වගේ. දැරණියගලයන් සමග කතා කරනකොට කෙලින්ම ශරීර රචනය වෙන්නේ ගැඹුරු අතීතය සහ අනාගතයක භාව රූප. අපි එයා ගාව වර්තමානයේ ඉන්නවා විතරයි. මේ ඡායාරූපය ගත්ත කෙනා ඉන්නවානම් මාරසට කතා කරන්න. වෙන මොකකටවත් නෙවේ මල් පොකුරක් දීලා නලලත සිපගන්න. ඊට පස්සේ කොනිත්තලා අර පොත් දෙකක් පසුබිමින් දාලා මේ ආලේඛ්‍යය ආලෝක දඩයමේ ප්‍රමුඛ ඒ ඇස්දෙකේ බලය අඩුකලේ මන්ද කියලා කෝපයෙන් අහන්න. ආදරෙයි ඔබේ ආලෝක දඩයමට. ශිරාන් දැරණියගලයන්ගේ වෙනත් ඡායාරූප මාරසට වැදුනේ නැහැ. පොත් දෙකත් බොඳ වුනානම් තවත් මරු කියලා නැවත කියවෙනවා. මුලු දැරණියගල පරපුරේ ඉතිහාසයට හෙලන ලද යටි බැල්මේ ආධ්‍යාත්මය මේ ඇස් දෙකේ සටහන්වෙලා තියනවා. ඒ විතරක් ප්‍රමාණවත්, මාරසට මේක හොඳ ආලේඛ්‍ය ඡායාරූපයක් කියන්න.

www.jagathmarasinghe.com
09 10 2022



Powered by Blogger.