චීන දාර්ශනික කොන්ෆියුසියස් - ඔබ හේතුවාදියෙක්ද? (Chinese philosopher Confucius - Are you a rationalist?)

                   චීන දාර්ශනික කොන්ෆියුසියස් - ඔබ හේතුවාදියෙක්ද?


ලෝකයෙන් නැගෙන හිරයැයි නමක් දමා ඇති මහා ප්රදේශයක තියන අපේ කලාපයේ පුතා දුව කියා වචන දෙකක් නැති බව මා සොයා ගත්තේ ඒකාලයේ සිටි ප්රාමාණික දැනුවත් පුද්ගලයන්ගෙන් සොයා බලාය. මොකද මා දන්නා පමණින් අතිපුරාණ ආකාශය ගැන දැනුවත් ජෝතිෂ්යට මුලපීරූ මිනිසුන්ගේ මාපියන් විසින් දරුවන් හඳුන්වා තිබෙන්නේ දුව පුතා කියා නොවේ. පුතණුවන් කියාය. ඉතින් මා මිත්ර එවන් පුතණුවකු චීනයට ගොස් මාඕසේතුන්ගේ සිරුර තැන්පත්කර ඇති තැන දැක දෙනෙතින් කඳුළු ගලන විට එතැන සිටි චීනයේ ශිෂ්යයන් පිරිසක් විත් ඔය අඬන්නේ මන්දැයි ඇසූ විට කෝප වූ අයුරු මට ඒ මිතුරිය කීවාය. චීන රටවල් කියා ඉන්දුචීන රටවල් තවත් තිබේ. නමුත් මේ ඡායාරූපය මට හමුවූයේ මහජන චීනයයේ සයිබර් වීදි රස්තියාදුවේදීය. "ලියූ ටාඕ" නම් චීනයේ වීදි ඡායාරූප ශිල්පියෙකුගේ වෙබ් අඩවියකිනි. ඔහු මෙසේ කියයි."මගේ නම Liu Tao. මම චීනයේ Hefei සිට පැමිණියෙමි. මම නාගරික ජල සැපයුම් සේවා කර්මාන්තයේ වැඩ කරනවා. මම අවුරුදු 10 ක් තිස්සේ මෙහි වීදි ඡායාරූපකරණය කරනවා. දිවා රෑ මගේ කැමරාව සමඟ වීදිවල සැරිසැරීමට මම ඉතා උමතු වෙමි. දිගු ක්රියාවලිය තුළ, ක්ෂේත්රයේ සිටින බියකරුවෙකු මෙන්, පුනරාවර්තන චක්ර වෙනස්වීමේ යථාර්ථයේ ඉඟි සොයමින්, ජීවිතයේ සෑම ඉඟියක්ම ගැන මම උමතු වී සිටිමි. මම ඡායාරූපගත වස්තුවක් සමඟ සන්නිවේදනය කරන්නේ කලාතුරකිනි, මට මගේම දෑසින් නැරඹීමට අවශ්ය වන අතර ඔවුන් සමඟ හුරුපුරුදු හා දුරස්ථව සිටීමට අවශ්යය. මා සතුව පුළුල් පරාසයක වීදි ඡායාරූපකරණ වර්ග තිබේ. එයට ප්රායෝගික වැදගත්කමක් සහ ආශ්වාදයක් ද ඇත.කාලයාගේ ඇවෑමෙන්, වීදි ඡායාරූපකරණය මට මගේ ජීව ශක්තිය මෙන් දැනේ. මා අවට ලෝකය ගැන කිසිවක් නොදැන සිටි පසු, එය සදහටම මගේම ලෝකයේ ජීවත් වන්නාක් මෙන් ආලෝක දඩයම් ක්රමවේදය කියා දුන්නා වැනිය. වීදි ඡායාරූපකරණය මට කවුළුවක් විවෘත කළ අතර වීදි ඡායාරූපකරණයේ ඡායාරූප මා සහ ලෝකය ආදර සංනිවේදනයක් වැනිය. ජීවිතේ ගොඩක් ප්රශ්න තිබුනත් පාරට බහිනකොට ආලෝක දඩයමක් සිතන විට මට හැමදේම අමතක වෙනවා. මම තවත් සොයා ගැනීමට සහ තවත් දැනීමට සහ ඒ දැක්ම අනුන් සමග බෙදා ගැනීමට උනන්දු වෙමි."
මාරසද චූටි කළ නොතේරෙන බසින් චීන සඟරාවලින් ඡායාරූප බැලීමට ඉගෙන ගත්තේය. තවද සෝවියට් දේශය සඟරාවලින් සාහිත්යට අත්පොත් තැබීය. තවම ඇත්තේ ඒ ආදරයට ලැදි රතු ගායේ කුලප්පුව වන්නටද පුළුවන. නමුදු චීනය සහ සෝවිට්දේශය ආදරයේ නිල වරද්දාගත් කාරණය පමනටද ඔබ්බෙන් මෙසේ මාරසට සිතේ. මාරස කීවේ ඒ විරහව මැකී යන්නට මේකුන් පරංගි මාක්ස්වාදීන් කියාය. ඒ ඉල්ලා අස්කැගැනීමට කිසිවෙක් කිසිවෙක් මාරසට නොකියනු නියතය. ඒ මන්දැයි පසුව ලියන්නට සිතමි.
ඉන්දු චීනයේ ඇති පස්කම් සැප ජාත්යාන්තරව නව ලිබරල්ව විකිනීමට වගකිව යුත්තේ සොවියට් දේශය සහ මහජන චීනය කියා අද නොබියව මාධ්ය විසින් බිහිකරන ලද ප්රහසන විප්ලවවාදය හමුවේ පැවසීමට මාරස බිය නැත. මන්ද කනාමැදිරියන් අඳුරට බිය නැති නිසා නොව අඳුර සූර්යාටත් බිය නැති නිසාය. හදවත හඬනවා කියන්නේ සුලු පටු දෙයක් නොවන්නේය. ඒ නිසා මේ වීදි ඡායාරූපය දැකි පමණින්ම මාරසට මෙසේ සිතිනි.
චීනයේ පාලනය කොමියුනිස්ට් පක්ෂය යටතට පත්වීමෙන් පසු 1949 ඔක්තෝබර් 1 වනදා, මාඕ සේතුං ප්රම්රකව පක්ෂ මධ්යමකාරක සබාව කිව්වද දේශපාලන මණ්ඩල නැමති රතු අධිකාරියක් බීජින් නගරයේ දී මහජන චීන සමූහාණ්ඩුව ප්රකාශයට පත් කරන ලදී. චීන ජාතිකවාදී රජය ෆෝර්මෝසා දූපතට පලා ගියේ නැහැ. එලවා දැම්මා. ඒක මරු වැඩක්. තවත් පැත්තකින් මරු වැඩක් වෙලා තියෙන්නේ දැන්. එදා එයාලා චීනයේ කොමියුනිස්ට් පාලනය පිහිටවන ලද්දේ නැගෙනහිර ආසියාවේ දේශපාලනය සැලකිය යුතු වෙනසකට ලක් කරමින්. (සමාජවාදයට පස්සේ කොමිනියුෂ්ට් කතන්දර මාරස ද දන්නවා. මාරස මේ කතාකරන්නේ ව්යාහාරික දේශපාලන භාෂාවෙන්.) ඒ වෙනසින් පසු චීනයේ පවතින්නේ කොමිනියුෂ්ට්වාදය දැයි මාරස නොදන්නවා නොවේ දන්නා මතයක සිටින්නේය. නමුදු පැත්තකින් දැන් ඒකාධිපතියැයි කිව හැකි රතු ආණ්ඩුවකට විරුද්ධ වෙමින් කිසිදු පැහැදිලි කිරීමක් නැතිව අප කොදෙව්වද ලෝකයේ කැලෑවක සත්වයන් අතරවත් නැති මහා මතවාදී කැලෑවක ජෝක් දේශපාලනයකට විනෝද වීම ජනතාවගේ සිහිනයේ ඛේදවාචකයකට උත්තරයදැයි මාරස නොදනිමු. චීන අද තත්වය හැදෑරීමට පෙර දර්ශනයේ ගොඩ දාපු මාලුන් මෙන් දඟලන විප්ලවවාදීන් ෂන්මුගදාසන් සහ විජේවීර දේශපාලනයේ ආදරය සහ වෙරයට පිටින් ගිය තැන් සොයා ගත යුතුමය.
නමුත් අදාල මේ ඡායාරූපයට තැනක නම තබා තිබෙන්නේ අහිංසක පැන්ඩා කියාය. ප්රධාන අරමුණ එදිනදා වේල සපයාගෙන සිටින ගැහැනියකගේ තට්ටම පහලින් දේපා ඉහල වීනස් ගේට්ටුව අසල අපට සුරතල් වුවත් පැන්ඩකු මෙන් පෙනී සිටින බල්ලෙකි. ශිල්පියාගේ ඇසට පිටින් වෙනත් කියවීමක් කළ යුතුය. ජනමාධ්යද කලාවකි. ප්රාග්ධන බලයට විරුද්ධවන්නන්ගේද ප්රාග්ධන බලය වනාහී උපාය මාර්ගයක් වන්නේ කෙසේදැයි පණ්ඩිතයන්ගෙන් ඇසිය යුතුය. චීනයේ සියලු ඡායාරූප පාලකයන්ගේ අණට කීකරුව හෝ බියට නැවෙන බව නොදන්නේ ලාංකේය විචාරකයන් පමණක් නොවේ. කලාවේ පණ්ඩිතයන් මෙන් පෙනී සිටීමට උත්සාහ කරණ සමහර සැබෑ තරුණයෝද දන්නේ නැත. ඕපපාතික කියන වදනේ අර්තය විඥ්ඥාන වාදී කියා යාන්ත්රිකව මග හරින උනට කිසිදා දැනගතද නොහැකි වන බව අතීත සාහිත්යයේ පමණක් නොව අද සමාජයේ හෘද ිහාක්ෂියද හදවතින් කෑගසා කියා තිබෙන්නේය.
කොටින්ම ලාංකේය හෘර්ද ශාක්ෂියක ඵලයෙන් නිපන් 1971ද අද වන විට නව පරපුරේ මාක්ස් නමින් පෙනී සිටින ලිබරලුන්ගේ ලාබ ලබන ප්රාග්ධන මාර්ගයක් වී හමාරය. කොටින්ම ද්රව්යමය සහ සංකේතීය ප්රාග් ධනයක් වී හමාර වූයේ ගාලුමුවදොර අරගලය මර්ධනය කර දවසේ සිට දින දින 365/2ටත් පෙරය. මේවා ප්රබුද්ධව සංකේතිය ලාබයේ නාමයෙන් සාහිත්යානුරූපී කරන සමහර ආතල් වාදීන් සිතා ඉන්නේ ගාලුමුවදොරින් අරගලය මුහුදට තල්ලුවූවා සේ සිතාය. නමුදු මුහුද මිනිස් ශරීරයේ මෙන් අනවශ්යය කිසිවක් මුහුද ගිල ගන්නේ නැත. ලාංකේය පොළවෙන් ජාත්යන්තර ලිබරල් හෝ මොන හෝ උපායක් හෝ ප්රහසනයක් පෙනී සිටින බඩගෝස්තර වාදයක් සරණ ගිය ලිබරල් හෝ නව ලිබරල් වාදී හෝ ජාතික වාදී හෝ මොන මෝඩ ප්රහසන ජනතා වාදයේද අවසානය ජනතාවගෙන් වෙන් වූ කඳුලක්ම වන්නේය.
සයිමන් නවගත්තේගම ජීවතුන් අතර සිටියානම් පාවුල් පියර්සර්ගේ සංවිධානය විප්ලවය ලියූ යුගයේ අප ගැටුනේ මන්දැයි ඇසිමට සිත් දෙන්නේය. ඒක ලියන්නට පොත ගිහින් දුන් මා මිතුරෙක්ද විදුලිය කාන්දුවීමකින් අද නිවසේ සිරගත වී සිටිනවාසේය. එදා ‌මාසමග කෙල්ලන්ගේ ආදරය දිනාගැනීමට ගොස් මහා විසංවාද කළ පරාජිත නව ලිබරල්ක අරගලයේ නාගරික කෙරුම්කාර මා මිත්ර බාලයන්ද ඇතැමෙක් අද ‌ප්රහසන දේශපාලනයේ නොව මාධ්ය සංකල්ප දේශපාලන බිස්නස් වල අධ්යක්ෂකලාය. උනගේ දේශපාලනය තක්කඩි කමට ලයික් දැමීමට විනා පහර දීමට කිසිවෙකු නැතිවාසේය.
මේ ජ්යාරූපයේ අරමුණ කුමක්ද? සන්මුගනාදන් සහෝදරයාගේ අවතාර සිටීනම් කමත්වා.
රුසියානු යුක්රේන් යුද්ධයෙන් පසුව අනිවාර්යෙන්ම බලයේ නාමයෙන් ඉන්දුචීන රටවලට තමන්ගේ අතීත ජාතිකවාදී බව සාධනය කරමින් පහර දෙනවා නියතය. ඒවා කියන්නට ග්රහ චාරයන් ඇවැසි නැත. නමුත් පරාජය හෝ පසු බැස්ම කියන්නටනම් ඇවැසි වනු ඇත.
මේ කතන්දර නිසා රුසියානු යුක්රේන් යුද්ධය කල් අදිනා යුද්ධයක් බව දන්නා පැරණි වමේ සියලු මාක්ස්වාදී සනුහරයන්ම මේ ගැන කතා නොකරති.
මේ කාන්තාවක් ලෙස ‌දැක්ය හැකි ‌දෙකලවා වල භගමතී ශක්තියේ වීනස් කවුලුව නම්දරා ඇති ආදර ගුහාවෙන් හොම්බ දම්නේ බල්ලෙකුද? නැත " ලියූ ටාඕ" වීදි ඡායාරූප ශිල්පියා කියන්නේ ඒ දෙපරන්ද අස්සෙන් පනින්නට පෙර බලන්නේ අහිංසක පැන්ඩා කියාය.
නැත. ඡායාරූප ශිල්පියාගේ ඒ අදහස සමාජ මතය මර්ධනයකට සංස්කෘතියෙන්ම ලක්කර ඇති චීනයේ කලාත්මක ශානර විචාරකයන්ටත් අුව අනුදකින ලාංකේය නිවට ආදරයේ කල්ලිවාදී විචාරකයන්ට ගැලපෙනු ඇත. මේ වනාහී කොමිනියුස්ට් අධිකාරී බිල්ලාව සිහිගන්වනවා කියාද අපට ඉතිහාස ඔස්සේ දැකිය හැකිය. ඒ බිල්ලාට වඩා නොව කොටින්ම අධිරාජ්යවාදය පසක තබා කියන්නේනම් නැගෙනහිර1 රතු අධිකාරී බිල්ලාද නේක වර්ණ යුරෝපියන් බිල්ලාද වනාහී මිනිසුන්ගේ පරම හතුරන්ය. නමුත් නවලිබරල්වාදය සම්බන්ධව ඒ බිල්ලාව අහිංස පැන්ඩා ලෙස දකින්නට කලාකරුවන්ව හික්මවන ලද චීන නොව අතීත සමාජවාදය සහ කොමිනියුෂ්ට්වාදයද සිතාබැලිය යුතුයයි මාරස නොකියමි. අවස්ථාව වැඩ පටන්ගැනීමට අවස්ථාව එනතුරු ඒකුන් සුසිනිදු කාම තාපය විඳිමින් කටද ඇරගෙන ආතල් ගන්නවා සේය. කොන්පියුසස්ගේ ධර්මයද සිහි නොවනවාද නොවන්නේය. මේ වීදි ඡායාරූප වෙනම කාචයකින් දැකීමේ ඇස් මානය මාරස අවසන් කරන්නේ අචේතනික ගැහැනියකු හැදිදැඩි සචේතනික පිරිමියෙකුගේ පුක සිඹින්නට යනවා මෙන් පෙනෙන "ලියු ටාඕ" ගේ පිටුවෙන්ම ගත් ඡායාරූපයකින්ම වන්නටද පුළුවන. ඒ ඡායාරූපය කොමන්ටුවකට දැමීමට තීරණය කරන ලද්දේ ඒ නිසාය. එදා මාරස අයියලා චීනය දිනේවා කියා කෑගැසුවේය. අද අපි නැගෙන හිර සහ බටහිර දිනේවා කියමින් පහසන සංදර්ශන පවත්වමු. එහෙත් සැබෑ මිනිසුන්ගේ පැතුව වනාහී මිනිසුන්ට වින කරන තොප දෙගොල්ලාම හැඳිගෑවියන්ලා කියාය. ඊට අදාල ජ්යාතන්තර දේශපාලනයක් නොතිබුනහොත් අන්දන ලද ජනතාව ගුටි කන්නට මැරෙන්නට ආවාට සැබෑ මිනිස් විප්ලවීය ජවයක් කිසිදා බලාපොරොත්තු විය හැකිද? සංවිධානය කළ හැකිද?
www.jagathmarasinghe.com
12 10 20 22



Powered by Blogger.