එලෝ බලා යනවා
කොහෙම උනත් කමක් නැහැ පදික වේදිකාවක කෙල්ලක් වගේ පේන කතක් යනවා පඩි නැග නැග. චූටි කොන්ඩයක්. උපැසකුත් පළඳාගෙන ඇතිබවත් පේනවා. සාය කහ පාටයි. මාරයි භක්තියේ සංකේතය වගේ. උඩුවත මෙරුන්. කෙලින්ම රතු මෙරුන්. පිරිමින්ගේ මානසීය ලිංගික පෞරුෂය සුසර කළ හැකිකම වර්ණය කියලා මාරස කියන්න යන්නේ නැහැ. හරියට බැලන්ස් උනොත් කලුපාටිනුත් පිරිමි ගැහැනුන්ගේ ලිංගික උත්තේජීය ස්ථානයන් සුසර කළ හැකියි.
ඉතින් මේකි මේ කොහේද යන්නේ. සාම්ප්‍රධායික යක්ෂයා වන් තම ස්වාමියා හොයා ගෙදර යනවාද? අනිවාර්යෙන්ම වැඩ නිම කොට යන්නේ ගෙදර තමා. වීදි ඡායාරූපයක ප්‍රශ්න නැගීම මාරයි. මේ ඡායාරූපය අපෙන් අහනවා පළමුව මේ ගනිකාවක්ද කියලා. දෙවනුව කොහෙද යන්නේ කියලා. ඇත්ත.
කොහේවත් නෙවේ අපට හැමදාම සවස පහෙන් පසු කොටුවේ බස්හෝල්ට් එකක් අද්දදර හිටගත්තොත් මෙවන් දර්ශන කප්පරක් දැකිය හැකියි. මාරස දන්නේ නැහැ ගැහැනු තමන්ගේ පාදඩ වුනත් නැති උනත් ඒ ස්වාමියාට තියන ආදරය මොකක්ද කියලා. අනෙක තමන්ගේ දරුවන්ට පමණක් නොවේ අහල පහලටත් ඒක එහෙමම තමා. විවාහය දික්කසාද උනත් පරණ පෙම්වතෙක් උදව්වක් ඉල්ලුවොත් ඒකත් කරනවා අනිවා. කිසි දෙයක් හිතා ගන්න බැරි කියනවාට වඩා මරු ගැහැනිය ගැන හිතන්න දෙයක් නැහැ කියලා වද විඳින පිරිමින් හිතා ගන්න එක
බල්ලට ඇති වැඩකුත් නැහැ හිමින් ගමනකුත් නැහැ කියලා කතාවක් තියනවා. ගෑනුත් එහෙම තමා. නමුත් මේ ඡායාරූපයේ මරු දෙයක් කියනවා කියලා මාරසට දැනුනා. ඒ පිරිමින් සිතන ආදරය මෙතන නැහැ. කෙලින්ම ගැහැනු ආදරය. කුමන වෘත්තිය කළත් මොන දහජරා වැඩේ කරන් හරි ඒවා ආදරයට හිලව්කරලා අඩු ගානට හරි පේමන්ට් එකෙන් මොනවා හරි අරන් අනෙකුන්ව ආදරෙයන් පුරවන්න වැඩ ඉවර වෙලා ගෙදර යන ගැහැනු. ඒ දසුන තරම් මාරස පාදඩ ජීවිතය ගෙවන කාලේ වෙන ලස්සන ආදර දසුනක් දැකලා නැහැ. ගැහැනුන්ගේ තියන ආදරයට හෙට්ටු තියන්නවත් පිරිමින්ට බැහැ කියලා මාරස දන්නවා. කොහොමත් නංගියේ. ඉක්මනට ගෙදර යන්න කියන්න මාරසට බැහැ. මන්ද අද වන විට මිනිසුන්ට ගෙයක් කියන්නේ මානසික සින්ඩ්‍රෝමයක් බවට පත්වෙලා වගේ නිසා. ඒ උනාට ඔයාගේ ගමනෙත් තියෙන්නේ ඔයා ඔයාට ආදරය නෙවේ. අනිකාට තියන ආදරය.