මුම්බායි නොවන සේ වතුසංස්කෘතිය ජයගත්තාද වහ ගත්තාද?
මාරස අන් ගැහැනුන්ට ආශාවක් ඇති නොවනවායැයි කිසිදා කියන්නේ නැත.
මේ ඡායාරූපයද මාරස සයිබර් රස්තියාදුවේදී මුම්බායි කාමාතිපුරයෙන් ඇහිඳ ගත්තකි. සැබෑවටම පිරිමින් අන් ගැහැනුන්ට අනුකම්පා කරන්නේ ආදරයේ ලිංගික දේවත්වයට නොව අනාදරයේ ලිංගික යක්ෂාත්මයටයි මාරසට සිතන්නට ඉගන්වූයේ ශ්රී ලාංකේය ප්රාග්බෞද්ධ දෙවියන් කියා සලකන ව්යාධදේවයන්මය. ඒ නිසා මාරස කිසිදා මේ පුරුෂ පසුගාමිත්වයට නොව කුහකත්වයට ගරු කරන්න් නැත. මන්ද එයද මේ දහජරා ලිංගික කාමයේ කුහකත්වයේ සංකල්පයක්ම වන්නේය. පිරිමින් වනාහී මරුය. අපේ මාර බුද්ධිමය පිරිමින් සම්බන්ධවද බොහෝ කාරනා මාරස කුණුගොඩේ ඇත. ආදර වන්තියන් රන්ඩු සරුවල් වන විට ඒ අවස්ථාවේදී ගෑනිගේ පැත්ත ගන්නා ස්ත්රීවාදී පුරුෂයන් ගැන කියන්නට ගියොත් උනට බඩ කපාගෙන මැරෙන්නට වෙනු නියතය. ඒවා සාමාන්යයෙන් ඩෙස්මන් මොරිස්ලාගේ නිරුවත් වානරයා මිනිසාගේ සම්බයවන් පොත පතින්ම අවසන් වී හමාරය. නමුදු තවමද සමාජ කරලියේ මේවා බඩ පිනුම් ගසනවා වයස හැට දෙක පසුවීද මාරස බලා සිටින්නේ ඉතා සංවේදිවය. ඉතිහාසයේ ශාක්ෂිද සහිතවය. මේ ලෝකයේ ඉතා අසරණත්වයට පත්වූ මුම්බායි නුවර සුද්දන් විසින් අර මිෂනාරී නව කල්ට් විසින් එලි දක්වන කාමති පුරයේ මධුර ජවනිකාය. අපේ කල්ට් වලට ලාංකේය මෙවන් කල්ට් ඇති බව අසුවන නිසා මා විසින් කල්ට් යන අතිරේකයක් කපා නොදමා ඉල්ලා අස්වෙන්න යැයි කියන්නට ඇත්තේ ඒ නිසාය.
පිරිමි අනුකම්පාව පිරිමින්ට විතරක් නොව ගැහැනුන්ටද උභතෝභ්යන්ජනකයන්ටද එකය. (පොන්නයින් නොකීමේ ඒ අපහසයක් වන තරමට වචනමය වශයෙන් බාල්දුවී ඇති නිසාය.) ඒ දේශපාලන පුරුෂ මූලික අනුකම්පාවමය. එහි තේරුම ලිංගිකත්වයේ මහා භයානක අර්බුදයකි. ඒ තේරුම් ගැනීමට මොන භෞතිකවාදය තිබ්බද ආධයාත්මික කෑල්ලක්ද අවශ්යමය. මම මහා භෞතික වාදීන්ගෙන් මෙසේ අසමි. ඒ ආධයාත්මික කෑල්ල නිතර පාවිච්චි කළ යුතු දෙයකි. නුඹලාගේ වචනයෙන් ඒ සඳහා කියන්නා වූ කෙටි නාමික වූත් සංකල්පීය වූත් නිර්වචනය කුමක්ද? නුඹලාගේ සටන් පමණක් නොව සෑම සටනකටම මිනිසුන් ඉදිරියේම සිටියේ ඒ කාලයේය. පාවුල් පියසේ ගැන එක වචනයක් පරංගියන් කතා කර ඇත්තේ කොතනද? ගණනාත ඔබේ සේකරයන්ගේ අනගාරික ධර්මපාල සමලිංගිකයෙක් යන වදන් වැදුන විට ලිංගික අනුකම්පාවෙන් ඔදවැඩුන කට්ටියගෙන් මාරස අහන්නේ දෙන්න උත්තරද ආයුධ ගබඩාවේ සඟවාගෙනය.
ආසියාවේ සහ විශේෂයෙන්ම මුම්බායි කාමාතිපුර ඇතුලු ලාංකේය සමාජයේ සුද්දාගෙන් පසු කොළඹ සුරපුරක් වන විට අර චාලි චැප්ලින්ගේ ගෝල්ඩ් රෂ් වල රත්තරන් සොයා යන මිනිසුන් මෙන් ගම්වල මිනිසුන් රත්තරන් සොයා කොළඹ ආ බව නොදන්නේ කවුරුන්ද? ඒ අස්සේ කොළඹ කාමරයක් ගෙන චිත්රසේනලා, පනීබාර්තලා, අමරදේවලා, සෝමබන්දුලා වන් සනුහරයක් මහා කලා ලෝකයක් සොයන්නට ශාන්ති නිකේතනය සොයා ගියා සේ නොදන්නේ කවුරුන්ද? ලයනල් වෙන්ට්ගේ සමලිංගිකක සාකච්ඡාවේ ඡායාරූප තවමත් ලයනල් වෙන්ට්හි තිබෙන බව නොදන්නේ කවුරුන්ද? එහි විෂම ලිංගික මහා නාටක පෙන්වන මහා යුග පුරුෂයන් සහ මහා විප්ලවවාදීන්ද ඒ ගැන කතා නොකරන්නේ කුමන හේතුවක් නිසාද? ඒ අස්සේ පවතින දේශපාලනයේ සුභ සහ යස කියා අදටද වලංගු පක්ෂ දෙකක් බිහිවූවා සේ නොදකින්නේ කවුරුන්ද?කලාවේ නාමය සහ මාක්ස්වාදයේ අයිතියද රාජ්යය පාලනයේ අයිතියද කුල දෙකක විභේදන රේඛාවන්ට සින්න වූවාකියා නොදන්නේ කවුරුන්ද? කලාවේ නාමයෙන් වාම කුළ සංස්කෘතියෙන් පිට ඇතැමුන් කියන සේකරයන්ට සහ කේ ජයතිලකයන්ට නොදී බැරිවුන නිසා සම්මාන දුන්නා කියන්නේ ඇත්තක්දැයි අසන්නට වන්නේ කුමාරී ජයවර්ධනගෙන් නොව මේ ළඟකදී ඇයට ආදරය නිසා බලන්නට ගොස් සිටි වාමවාදී අයගෙන්ම නොවන්නේද? ඒ සුද්දාගේ යුගයේ මුඩුක්කු සංස්කෘතිය මුම්බායි කාමාතිපුරයේ වාගේම ලාංකේය වතු සංස්කෘතියේද හිස ඔසවා නාවේද? සියල්ල වතුවෙද්දී ජින්තු පිටිය වත්තක් නොවී පිටියක් වූයේ කෙසේද? සෙල්ලම් කරන්නටද? දන්නා ආකාරයට එක්සත් ජාතික පක්ෂ මැයි රැලියේද ජින්තු පිටියට ප්රධාන තැනක් හිමිවූයේ කෙසේද? ඔඩෙල් යනු ජින්තුපිටියයැයි කියන්නන් හොරෙන් කියන්නේ මන්ද? මාරස කිසිත් කතා නොකරමි. කතා නොකරනා කියන්නේ මහා හයියෙන් කතා කරනවා කියන කතන්දරයමය. නමුදු මුම්බායිහි සුද්දන්ට පමනක් නොව කාටත් බය නැතිනම් හිස තියාගෙන ස්ට්රීට් හෙවත් වීදි ඡායාරූප ගත හැකිය. ලාංකේය මහා පේරාදෙනි සංස්කෘතිය සහ ඊට ප්රතිවිරුද්ධ සංස්කෘතියත් ඒ අත් පත් කරගත් මහා මාක්ස්වාදී සංස්කෘතියටත් අඩුම තරමින් කිසිවෙකුට හොරෙන් නොව කෙලින් ගොස් වීදි ජායාරූපයක්වත් ගැසීමට අයිතිය දිනාගත්තේද? ඒවාට විරුද්ධව මහා වේදිකාවේ නාටක චිත්රපට වලට අයිතිය දිනා ගත්තා නොව දිනාගෙන ඇත්තේ අර වතු සංස්කෘතියේ මැද පන්තියේ වන් අයගේ අර කිව්වා වූ බලයේ පොරත්වය තවත් වතුසංස්කෘතියක් කිරීමේ පරම අභිලාෂය පමණි. නමුත් මේ ඡායාරූපයද ඒ සුද්දාගේ කතිකාව යටතේම ආලෝකය විසින් දඩයම් කරගැනීමට යම් කිසි අවසරයක් ඇති පිරිසකි. නමුදු රජය නොව මාක්ස්වාදීන් නමින් පෙනී සිටින ශිල්ප සංවිධාන අවසර දෙනවානම් එන්ජීඕ නොව සරලව මනුෂ්යත්වයට පටහැනි ඉතා කැත සංස්කෘතීන් එළි දක්වා මේ වක්කඩ ලඟ දිය වැටෙන තාලයද කියා ඇසීමට මාරසටනම් හැකිය. කේකේ සමන්ලා සහ සායක්කාරලාගේ නිර්මාන තුළ මේවා නොකියවෙන්නේද නැතිනම් කියවෙන ඒවා සාමාන්යන්ට නොතේරෙනවාද කියා කිසිවෙක් නොකියන්නේ මන්ද?
ඉතින් මාරස ලාංකේය මාක්ස්වාදීන්ට ගහනවා නොව රිද්දන්නේ ඉවසන්නට බැරි තැන නොව තොපද සම්පූර්ණයෙන්ම ඉතා නොදුරු කාලයක ජනතා සුන්ය වෙනවා කියා දැනෙන නිසාය.
කෙසේ වුවද මාරස මුම්බායි කාමාතිපුර ගණිකාවන්ට ආදරය කරන්නේ නැත. මක්නිසාදයත් ඉන්දියාවේ ගණිකාවන් සිටින්නේ කාමාතිපුර කේන්ද්රකරන් බව සන්නිවේදනය වේ. නමුදු මාරසට හිතෙන්නේ එවන් පීඩාකාරී තර්ජන අපේ කොදෙව්ව ජයගෙන තිබෙන්නේ වික්ටෝරියන් සදාචාර විකාරයෙන් කියාය. ලාංකේය ගනිකා වෘත්තියක් නැත. ඇත්තේ ගණිකා ජීවිතයමය. නම්වශයෙන් කතා කිරීමට බය වන්නේ කිසිදු ආගම් වාදයක් නිසා නොවන්නේමය. තනිව සටන් කිරීමට නොහැකි නිසාද නොවන්නේය. කුමක් නිසාදැයි පසුවට කල් තබමින් මේ මුම්බායි කාමාති පුර පොටා්ව දාන්නේ ලාංකේය පරංගි මාක්ස් වාදීන් කුලකයකට මෙසේ කියමිනි. අනේ පව් බන් කියන පරංගි මාක්ස් වාදී හැතිකරය බංග වේවා කියාය. මහත්මා ගාන්දිව වර්ණාකරන්නන්ට ඇම්බට්කාර්ගේ සාපය වදිත්වා. ඒ සාපය හමුවේ ලෙනින්ගේ සොහොනේ නෂ්ටාව ශේෂ වලින් කොටසක්වත් අහම්බයකින් ඉතිරි වේවා!
මේ වීදි ඡායාරූපට දැකි විට සිතුන දේ කීවෙමි. මුම්බායි නුවර වීදි ඡායා රූප සහ ලාංකේය මුඩුක්කු සංස්කෘතිය මැද කොළඹින් දේශපාලනීකරනය වී සඟවා දමනලද මෙහෙයුමේ සයිමන් නවගත්තේගමයන්ට ආදරය කරන්නේ ඒකා ඒවා නොකියා කියූ නිසාය. කියනවා කියා කෙලින් කිව්වානම් ඒකාද මිය යන්නේ ඊටත් පෙරය.
(දකුණු මුම්බායි හි රතු එළි දිස්ත්රික්කවල ගණිකා මඩම් පදනම් කරගත් ලිංගික ශ්රමිකයන් 100,000 ක් පමණ සිටින බව ගණන් බලා තිබේ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ස්වේච්ඡාවෙන් එහි නොසිටිති. බොහෝ විට ඥාතියෙකු හෝ විශ්වාසවන්ත පවුලේ මිතුරෙකු විසින් කාන්තාවන් සහ ගැහැණු ළමුන්ගෙන් ඉහළ ප්රතිශතයක් ලිංගික රැකියාවට විකුණා ඇත. අනිත් අය ඒ තුළ උපදිනවා.)
ලඳුනේ ලඳුනේ
ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ
දෙනෝදහක් අතගත්තද
සැමියෙකු නැති ලඳුනේ
නෑයෙක් නැකම නොකියන
වීදි සරන ලඳුනේ...ලඳුනේ
තෙල් මල් ගෙන දෝත පුරා
මුණි කුටියට පියමංවන
ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ලඳුනේ...ලඳුනේ
බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්රම යන පාර අහන
ඔබද පටාචාරාවකි
ඔබද කිසාගෝතමියකි
පිරිමින්ගේ පාප කදට
දෝස විදින ලඳුනේ
අදුරේ පව් කරන දනා
එළිය ලබන ලඳුනේ
ලැම පමනක් ලොවට පෙනෙන
ලය නොපෙනෙන ලඳුනේ
කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ලඳුනේ
www.jagathmarasinghe.com
16 10 2022
1 comments:
මා රස සමලිංගිකද?