අපේ මලවැන්නේ ඤාණාලෝක ලොකු හාමුදුරුවෝ
අපිත් ඉස්සර පොටෝ ගහන්න ඉගෙන ගන්න පන්ති ගියා. නමුත් භෞතිකව ඡායාරූප තාක්ෂණය ඉගෙන ගන්නවා විනා නිර්මාණාත්මක යමක් කරනවා කියන්නේ ඉතා දුෂ්කර කාරියක්. ඒ කාලේ මම සිය කැමැත්තෙන් පරිවේණාචාර්ය කෙනෙක් වුනා. නමුත් මගේ බලාපොරොත්තුව තිබ්බේ විද්යා උපාධියටත් පිටින් රාජකීය පණ්ඩිත වෙන්න. කරන්න දෙයක් නැහැ ජේ ආර් ජයවර්ධනගේ පාලන සමයේ වසර දෙකක් පඩි නැති මැගසිමේ රැඳවියෙක් විදිහට සිරකාරයෙක් වුනා. ඒත් ඒක ඇතුලෙත් අපි ඡායාරූපකරණය කරපු හැටි ප්රේමලාල්ට මතක ඇති. රංජිදම් ගුණරත්නම් අද අප අතර නැතත් නිකන් කොහේ හෝ ඉන්නවා වගේ දැනෙනවා. එයාටත් මතක ඇති. ඇඩ්රස් නැති බණ්ඩාර තෙන්නකෝන් සහෝදරයාටත් දැනෙන බව දන්නවා. සමහර මිනිස්සු මැරෙනවා. කෙලින්ම භෞතිකව. නමුත් බණ්ඩාර තෙන්නේ සහෝදරයා පන පිටින් මගේ මනසේ මැරිලා. නමුත් ආදරය වෙනස් වෙලා නැහැ ක්ම්රේට් තෙන්නේ.
මේ ඒ කාලේ මගේ ආදරම චරිතයක් වූ අපේ පිරිවෙනේ කෘත්යාධිකාරී. ඒ වගේම ද සොයිසාරාමයේ සහ පැරෑලිය පදුමගබ්බාරමයේ එකල විහාරාධිපති
මලවැන්නේ ඤාණාලෝක ලොකු හාමුදුරවන්ව මාරස ගත්ත එගේන්ස් ලයිට් නැතිනම් විරුද්ධාලොක ඡායාරූපයක්. මාරසට මේකේ තාක්ෂණික ජය හෝ පරාජය ඇවැසි නැහැ. මේ හාමුදුරුවන් වහන්සේ ගැන කියන්නම්. නමුත් මේ ඡායාරූපය ලොකු හාමුදුරුවෝ දැකලා නැහැ. පන්තියක උගන්වමින් සිටින විට ඇසට වැදුන ආලෝක සේයාවක් පමණයි. නමුත් එගේන්ස් මානසිකත්වයක් තිබ්බ අවධියක එගේන්ස් ලයිට් වලට ආසාවක් තියෙන්න ඇති නෙවේ තිබුනා තමා.
ඒ කාලේ රැකියා කොච්චර තිබ්බත් මට මේ හාමුදුරුවෝ කියනවා මාරසිංහ උන්නැහේ අපේ පිරිවෙනේ උගන්වන්න එන්න කියලා. මට පිරිවෙන මගේ ජීවිතය බවට පත්වෙනවා. මගේ තාත්තා නැති වුනේ මට අල්ලන් හිටගද්දි කියලා අම්මලා කියනවා. සමහර විට මගේ තරුණ වියේ මේ වසම වසයි කියන ලොකුහාමුදුරුවෝ ඒ අඩුව පුරවන්න ඇති.
ඒ හාමුදුරුවන් වහන්සේට නිකායත් බයයි. කෙලින්ම අමරපුර නිකාය. ඒ සම්බන්ධව කුල සාධකයක් තිබ්බත් මාරසට ඒක කවදාවත් ගැටලුවක් වුනේ නැහැ. උන්වහන්සේ අපවත් වෙනකන්ම මම ආදරයෙන් ඇසුරු කළා. දන්නවාද මම හිරේ ගියෙත් ඒ පිරිවෙනේදි. කතාවක් නැහැ නිදහස් වෙලා ආපු ගමන් මාරසිංහ මහත්තයා හෙට ඉඳන් වැඩට එන්න කියලා වාහනයක් එයාගේ මුදලින්ම අරන් දීලා මාව අධ්යාපන අමාත්යංශයට යැව්වා. නැවත පත්වීම ස්ථිර උනා. මාරස ඒ කාලේ චූටි කියලා කෙල්ලෙකුට ආදරය කළා. වචනයක් වරදින්න බැහැ. ඇත්තටම පපුවෙන්ම ආදරය කළා තමා. කවුරුත් කිට්ටුවෙන්න බය මලවැන්නේ ලොකු හාමුදුරුවන්ට මම කියනවා මට හවසට එයාව බලන්න යන්න ඕන කියලා. හා හා ගාලා මහ හඬින් හිනා වෙනවා. සල්ලි අතේ තියනවාද කියලා අහනවා. නැති අවස්ථාවල මම නෑ කිව්වම මේව මගේ සල්ලි නෙවේ දායකයන්ගේ සල්ලි. ආපහු දෙනවා කියලා දීපු අවස්ථා මතක් වෙනකොට ඇස් තාම කඳුලින් පිරෙනවා.
සියල්ලන්ටම වඩා මම ඇල්කොහොල් බීල බීල තමා භීෂණයෙන් පස්සේ වෛද්ය හේතුන් මත විශ්රාම ගත්තේ. දවසක් මම බීල වැඩිවෙලා මහ වැස්සක පන්සලේ වැටිලා. අපේ අම්මට පණිවුඩයක් ඇරලා මේ හාමුදුරුවෝ මට කුඩේ අල්ලන් ඉන්නවා. මේ වස හාමුදුරුවෝ. මාරසට කිසිදා වසක් උනේ නැහැ. මට මතකයි දවසක් මම දවල් බත කකා ඉන්නකොට හැරමිටියත් අරන් එතනට ආවා. මම නැගිට්ටා. මට කිව්ව ඉඳගන්නවා කියලා. කනවෙලාවේ බුදුන් ආවත් නැගිටින්න එපා කියලා මට අවවාද කළා. නැගිටින්නවෙන තැනක කන්න ඉඳගන්න එපා කිව්වා. ඒ සමගම කිව්වා අපි පොලීසියකට උසාවියකට ගියාම ඉඳගත්තොත් නැගිටින්න වෙන නිසා නැගිටලාම තමා ඉන්නේ කියලා.
එයා අපවත් වුන දවසේ මට ආපු පළමු දුරකතන ඇමතුම උනේ සයිමන් නවගත්තේගමගේ ඇමතුම. දැන් ඒ පිරිවෙනේ භික්ෂූන් වහන්සේලා මාර උගත් භික්ෂූණ් වහන්සේලා. ඒ ගැන වෙනම කතා කළ යුතුයි. මහා ළඟ සම්බන්ධයක් දැන් නැති වුනත් මාරයාව අමතක නැති බව දන්නවා. මගේ ජීවිතයට පහනක් වුන සහ කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්නත් මගේ පාදඩ ගතිය යටින් මොනවා හෝ දෙයක් තිබුනානම් ඊට ආදරය කළ මගේ ආදර මලවැන්නේ හාමුදුරුවන් ගැන සටහනක් නොතිබ්බොත් ඒක අනිවාර්යෙන්ම කැත වැඩක් වෙනවා. ඉතින් එදා මේ විරුද්ධාලෝක ආලෝක දඩයමේ දුර්වලකම් මාරසට අදාල නැහැ. ආදරය පමණයි. ආදරය පමණක් නොවේ දේශපාලනයද, ජීවිතයද, නැතිබැරිකම්ද, අනේ අප්පේ ජීවිතයම මාරස උන්වහන්සේ සමග බෙදා ගත්තා.
තවත් දවසක සොයිසා මහල් නිවාසයේ ජීවත් වූ මට රාත්රී දොලහට පමණ ලොකු හාමුදුරුවෝ එන්න කියනවා. මාත් වැටෙන් පැනලා යනවා. අද වැටවල් නැහැ තාප්ප තියෙන්නේ. මම යන්නේ මේ මොකද කියලා සැකයෙන්. ගියාම ලොකුහාමුදුරුවෝ මගෙන් අහනවා නිගන්ටයෝ දැකලා තියනවාද කියලා. මම නැහැ කියනවා. අර පොකුනට ගිහින් බලන්න කියනවා. බලපුවාම පිරිවෙනේ ඉගන ගන්න පොඩි හාමුදුරුවන් වහන්සේලා නිරුවතින් පොකුන දෙවනත් කරමින් නානවා. මට හිතුනා සිවුරු ටික හංගලා වදයක් දෙන්න. ලොකු හාමුදුරුවන් කෙලින්ම කිව්වා ඒ දරුවෝ. අපි නිහඬවෙමු. ඒක ලොකයේ පැවැත්මේ හැටිනේ කියලා. හක හක ගාලා හිනාවුනා. අපේ නායක හාමුදුරුවෝ මාර දේවල් මට ඉගැන්වුයේ එහෙම තමා. තව නිකායන් බේදය ද සොයිසාරාමයේ ඒ ඉතිහාසය කතා කරන්න ඇවිත් මාරස කට අවුස්සා ගත්තොත් ගොඩක් දේවල් මාරස ඉතිහාස මතකයන්ගේ භෞතිකවම තියනවා කියලා කියන්නේ කෙලින්ම ඒ හාමුදුරුවන් වගේම කෙලින්. මොන නායකලා කතා කළත් මාරසටත් කෙලින් කතා කරන්න තිබ්බ හැකියාවට ඒ හාමුදුරුවන් ගේ ආශීර්වාදයත් තියනවා. එගේන්ස් ලයිට් වලට කියන්නේ විරුද්ධාලොක කියලයි දකින්න වෙන්නේ. ඇත්තටම මේ මාරස ඡායාරූප දඩයම දැක්කම මාරසට ඇතිවෙන්නේ නිරාමිස ප්රීතියක්. ඔබ වහන්සේ නිවන් දකීවා කියන්න මාරස වන් අයෙකුට බැහැ. මාරසනම් ආස නැවත ඔබ වහන්සේ සමග ජීවත්වෙන්න. ඒක මාර හයියක්. වැඩක් නැහැ. මාක්ස් වාදය ගැන කතා කරනකොට කියනවා පැරෑලියේ පන්සලේ තමා කාලයක් මංජු ශ්රී ජීවත් වුනේ කියලා. අම්බේ ඊට පස්සේ කතා කරන්නේ භාෂාවේ ප්රබේද. විද්යාලංකාර සහ විද්යොදය භාෂාවේ විභේදනයන් ගැන. මේ සටහනේ ඒ සම්බන්ධව වරදවල් අනන්තවත් ඇති. කමත්වා කියනවා විනා මාරසට අන් කළ හැකි දෙයක් නැහැ. මන්දා අපේ ලොකු හාමුදුරුවනේ. මට දැනෙන්නේ ඔබ වහන්සේ අපවත් වූයේ නැහැ කියලා. මාරස එදා දුටු ආලෝක දඩයම වසර හතලික පමණ කාලයක් කාවන්ගෙන් ආරක්ෂා කරන් මෙසේ විඳින්නට ඉතිරි වෙලා තිබ්බා. ඡායාරූප කියන්නේ ජීවිතයේ නොවේ ආත්මයකම පිටපතක් වගේ. ආදරෙයි ආලෝකයට. ඔබ වහන්සේ අපට පහනක්ම විය!!!!
සත්යයේ ගීතයෙන් සහ පවනින් පසුව නන්දා මාලනියවද ජනතා වාදී සැබෑ විරෝධය නිසාම අමතක කර දමා බොහෝ කල්ය. නමුදු ඒ හඬ හැර වෙන හඬක් නැති බැවින්දෝ මේ ගීතය ලොකුහාමුදුරුවන්ගේද ලොකු හාමුදුරුවන් වූ ගෞතම සිද්ධාර්තයන් වෙනුවෙන් අස් වැසිල්ලකට පමණක් මාරස දමනවා වන්නට පුළුවන.
" බුද්ධ රාජ ධර්ම රාජ ශාක්යසිංහයාණෝ
ඝෝර මාර කළ පරාද ධීර වීරයාණෝ
මහා පුරැෂයාණෝ
පුරැෂ නිසභයාණෝ
බින්ද බමුණු මත නිර්භය සතයවාදියාණෝ
සින්ද වහල් බැමි කේසර සිංහ රාජයාණෝ
මිථ්යාවේ යදම් බින්ද අග්රවාදියාණෝ
බුද්ධ වීරයාණෝ
පාරිශුද්ධ ගුණ ශෝභිත ස්වර්ණ හංසයාණෝ
තෘෂ්ණා බලකොටු වැනසූ හස්තිරාජයාණෝ
නීග්රෝධ පරිමණ්ඩල පරම පුරිසයාණෝ
බුද්ධ වීරයාණෝ!!!!"
(මේ ගීතයේ පද 1975 ඉපදුන සමුද්ර වෙත්තසිංහගෙනි. ආදරෙයි සහෘදය)
https://youtu.be/BwJhymB1N-s