මාරස ගුරු තුමිය සහ පුතුද මාරසට පහනක් විය!!!
මමයි තිලකුයි එක ඉස්කෝලේ. මගේ පළමු ආදරය පටන් ගත්තේ එයා හරහා. සියල්ල විනාශ වුනේ ඇත්තටම දේශපාලනය නිසා කියල කියන්න බැහැ. ඒකත් හරියට අර මැක්කගේ කතාව වගේ දෙයක් වෙලා. කොහොම නමුත් අතීතය අමතක කරනවානම් විප්ලවයක් කරන්නත් බැහැ වගේ. නැතිනම් අයිතිහාසික භෞතිකවාදය මොකටද? කොහොම නමුත් දුක සැප බෙදා ගත්ත මට බාල මගේ ආදරවන්ත මිතුරා මිය ගොස් වසරකටත් කලින් එයාගේ අම්මා ගොඩක් කල් ජීවත්වෙලා මිය ගියා. දැන් ඒ අම්මගේ සිරුර බලලා ගෙදර ආවේ. දවසක් මම උගන්නපු පිරිවෙනේ ලොකුහාමුදුරුවෝ කිව්වා බුදුන්ටත් බාල රාහුලගේ මරණය බලන්න සිද්ධ වුණා කියලා. ඒක කර්මපලවාදය කිව්වා. වාද විවාද සංවාද සියල්ල හරි. ඒත් මේව අපට දරාගන්න බැහැ කියන කතන්දරයත් හරි. ඉතිහාසයේ විතරක් නෙවේ අදත් සියලු මිනිසුන් දුක දරා ගන්නවා. මන්දා මාරසට වෙලාවකට හිතෙනවා වෙන කරන්න දෙයක් නැති නිසා මිනිස්සු දරා ගන්නවා කියලා. මොනවා උනත් මගේ කළණ මිතුරෙකුගේ අම්මා. මට අසීමිත ලෙස ආදරය කළ මිතුරෙකුගේ අම්මා මිතුරා මිය ගොස් වසරක් ගෙවෙන්නත් පෙර දීර්ඝායුෂ විඳල මිය ගියා. කර්මඵලවාදය කියන්නේ කතන්දරයකුත් නෙවේ. න්යායකුත් නෙවේ. ඒක හොයන එක පැත්තකින් තියලා ඒ යාලුවගේ අම්මා සෙනරත් පරණ විතානයන්ගේ අළු මිනු / නාලන්දාව ඉදිරිපිටින් ගෙනියන කාලේ මගේ හය පන්තිය ගුරුතුමී. ගැහැනියෙකුට ගරුකරන්න වෙලාවකට හිතෙනවා ඉතිරි වෙලා තියෙන්නේ යසෝධරා වත පමණද කියලා. ඔව් චන්ද්රයා කියන්නේ යසෝධරා තමා. චන්ද්රයාගේ සුසරත්වය ගීතයක්නම් ගුරු මව් තුමියෙනි ඔබගේ ආදරයත් පුතාගේ ආදරයත් මට අපරිමිත ලෙස ලැබුනා. මම ඒකට පින් කළා කියන්නේ නැහැ. ඒක වැරදිනේ. ප්රියයන්ගෙන් වෙන් වීමත් දුකක් කියලා ධම්ම පදයේ කියනවා ඒ වගේම එකතු වීමත් දුකක් කියලාත් ඊගාව පදයේ තියනවා . මොකද කවදා හරි වෙන්වෙන්න සිද්ධවෙන කර්මය බලපාන නිසා. සියල්ල හරි. නමුත් ඒ අම්මා වෙනුවෙන් මට කියන්නත් සොයන්නත් කවි පද නැහැනේ. මම යසෝධරාවතේ කවි පදයක් කියලා යසෝධරාවත ගීත ටික දාන්නම්. ආදරෙයි ගුරු මව් තුමියනි ඔබ හදපු පුතාටත් ඔබටත්.