අමිලා විමානිගේ ආදරයේ අමිල ජීවිත පූජාව

                                    අමිලා විමානිගේ ආදරයේ අමිල ජීවිත පූජාව

දැන් අමිලා විමානි පස් අස්සේය. අමිලා විමානී මියගොස් ඇත. අමිලා විමානි කිසිදා මාරසට ඇස ගැසී නැත. දැන් ඉතින් ඇස ගැසෙන්නේද නැත. ඒ කියන්නේ ඒකිගේ ආවේශාත්මක ‌භෞතික ශරීරය මාරස දැක නැත. නමුදු සයිබර් රස්තියාදුවේ යන මාරස ඒකිව දැක්කේ සැබෑ ආදරය දන්නා මනුෂ්‍ය දියනියක් වශයෙනි. දින කිපයක් අප සමග කතා කළ බව සැබෑය. නමුත් ඒ වනවිට ඇය ආදරය කරන ජනතා විමුක්ති පෙරමුණ ඇයගේ ජීවිතය විදිහට තෝරාගෙන තිබිණි. ජනතා විමුක්ති පෙරමුණ  ජීවිතය මෙන් තෝරා ගත් කළ කිසිවෙකුට ඒ සම්බන්ධව කතාකරන්නට ඉඩ නැත. ජනතා වාදී විප්ලවවාදී ජීව ගුණය ඔවුන්ට තියනවාදැයි මා නොදනී. නමුත් ඒ සගයන්ගේ මානසිකත්වය වෙනස් කළ හැක්කේ තමන්ටම පමණි.

ඇය මා සහ මගේ ආත්මීය සබැඳිය සමග දින කීපයක්  කතා කර ඇත. ඇය සම්බන්ධව ඇගේ ලිංගික ශරීරයේ ආවේගයක් වූ ඇයගේ ආදරය සහ ආදරයට බැඳි අනෙකුත් සැබෑ ආදරණිය දේ නැතිව මුලින්ම ලිපියක් ලියන ලද්දේ මාරස බව සමාජ මාධ්‍ය වල ඉතිහාසයට එකතු වීම සම්බන්ධව මාරස අමිලා වෙනුවෙන් කඳුළින් ආඩම්බර වෙමු.

ඇය මා සමග පමණක් නොව මගේ අති සමීපතම සැබෑ සබැඳිය සමගත් ආදරයෙන් කතා බහ කළ ආකාරය සිහිවේ. ඇය ගේ ලග්නය ගෞතම බුදුන්ගේ ලග්නයයි. ඇය මොන තරම් භෞතිකවාදී ව්‍යාපාරයක ප්‍රසිද්ධියේ වැඩකටයුතු කළ මුත් 1975 කියා දුන් උපන්දිනය නිවැරදි බව දැන් මාරසට ස්ථීර වී හමාරය. කටක ලග්නයෙන් ඉපෙදෙන පිරිමින්ට වඩා ගැහැණුන් දක්ෂ බව කියා ඉතිහාසයේ පූර්වාදර්ශ වල තිබ්බද ඒ සම්බන්ධව කිසිත් නොලියමි. නමුත් කටක ලග්නය වනාහී චන්ද්‍රයා ලග්නාධිපති කියන සඳ මූලික වූ කුලකයක ලක්ෂණ ගති ඇති අයෙකි. කෙලින්ම චන්ද්‍රයා මානසිකය. සෞම්‍යය. ඇය සෙව්වෙ ආදරය බව සොයන්නට අද ලග්නාධිපතියෙක් ඇවැසි නැත. කොහොමත් පුත්‍රස්ථානාධිපති දොළොස් වැන්නේ සිටි ඇයට දරුවන් අහිමිය. ඒවා නිරාකරණය කර ගැනීමට ඇය ආදරය කළ උප සංස්කෘතියෙන් කිසිදා නොහැකිය.  දරුවන් නොමැති ගැහැනියකගේ හුදකලාව වනාහී ආදරය සොයා යාමය. දිවි පිදුවද නැතද දරුවන් නොමැති ගැහැනුන් ගැන ස්වභාව දහමේ දයලෙක්තිකයේන්ද කාරණා පසක් කරගත හැක. කෙටි කාලයක් ඇසුරු කළද මේවාද මගහරිනට මාරසට නොහැක. මන්ද මාරසටත් ඇත්තේ කටක් නොව වක්කඩයක් විම නිසා වන්නට හැක.

ඇයගේ ඡායාරූප මකා දැමිය හැක්කේ ඇයට පමණි. ඒ ඊ පවුරේ හැටිය. ඒවා  ඇගේ ආදරය මෙන් ඔහේ පාවී පාවී අනන්ත වසරක් දක්වා තිබෙනවා නියතය. අනන්තයටද සීමාවක් තිබෙන බව සැබෑවක් බව ඇගේ දේශපාලනය උගන්වන්නට ඇත. නැතිනම් ඒ දේශපාලන ගුරුවරුන්ගේ හෘර්ද ශාක්ෂිය සදා ඒ අයට වද දෙනු නියතය.

ඇය මළ හැටි අපි ඊ ජාලයෙන් දැක්කෙමි. ඇයගේ රූප අගනේය. ඇයගේ කතා බහද ඇත්ත ප්‍රකාශ කිරීමද එසේම බව යම්තාක් දුරකට අප වන් මිනිසුන්ට දැන ගැනීමට අටුවා ඇවැසි නැත. අවසානයේ ඇය ආදරය කර තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුනට බව සැබෑවක්ය. ඒ දැන් එලිදරව් වී හමාරය. නමුත් ඇය මිය ගොස් ඇති ආකාරයත් නියම් සැමියාය අනියම් සැමියාය යන්න අදාල වන්නේ නීතියට සහ පිටස්තර සමාජයටය. ඇගේ ආදරය දන්නේ ඇය පමණි. ඒ සම්බන්ධව ඇගේ අවසාන මොහොත දන්නේත් ඇය පමණක් බව සැබෑවකි. අන් සියළු පර්යේෂන විමර්ෂන දාර්ශනික ධර්ම ගැටලු වනාහී මළ විකාරයක්ම වන්නේය. නමුත් අවසානයේ හිතන මිනිහෙකුට හිතන්නට දෙයක් ඉතිරි වී තිබේ. ඒ ඇය ආදරය සෙව්වේය. ආදරය වෙනුවෙන් ජීවිතය කැප කළේය. නුවර ඉතා උසස් පාසලක ඉගෙනුම ලැබ රජයේ උසස් තැනක නිළධාරිනියක් වශයෙන් සේවය කළ ඇය ජනතා විමුක්ති පෙරමුණ වන් පක්ෂයකට ආදරය කළේය. ජනතා විමුක්ති පෙරමුණට ආදරය මුත් මේ ලියන්නාද ඉන්නේ ඒ අයගේ ක්‍රියාකාරිත්වයට බොහෝ ඈතින් බව දන්න අය දන්නවාය.

කෙසේ නමුත් මේ සම්බන්ධව වැඩි දුර කතා කිරීමට යාමෙන් වලකින්නේ මේ දේශපාලන මොහොතක් නිසා ඒ සම්බන්ධව ඇය ආදරය කළ පක්ෂයට යම් කැලැලක් වන් දෙයක් නොවුනද ඒවා කැලැල් ලෙස විරුද්ධවාදීන්ට පාවිච්චි කළ හැකි නිසාය. එසේ වූවොත් මා ‌සජීවීව නොදැකපු මගේ ආදර මිතුරියගේ සැබෑ ආදරයට මා විසින් කැලැලක් කෙරුවා වන්නේය. ඒ කිසිදා සැබෑ දැක්මකින් කළ නොහැක.

අවසාන වශනේ කිව යුත්තේ ඇය ජනතා විමුක්ති පෙරමුණට අසීමිතව ආදරය කළේය. ඇය ඇගේ සැමියාටද අසීමිතව ආදරය කළේය. ආදරයට අනියම් නියම් යනු විකාර කතාය. කෙසේ හෝ ඇයද ‌පවුල පෞද්ගලික දේපල යටතේ සිය පරමාධිපත්‍ය ආදරණීය සිතුවිලි යටතේ සමහර විට තවත් කෙනෙකුට ආදරය කරන්නට ඉඩ ඇත. ඒ අපි දන්නේ නැත.ඒ දන්නේ ඈ පමණි. අප ගාව ඇත්තේත් නීතියේ ඇත්තේත් මාධ්‍ය වල ඇත්තේත් කතන්දර පමණි. සැබෑව දන්නේ ඇය පමණි. ආදරයේ අයිතිකාරිය වන්නේ කාන්තාවයි. ගැහැනියයි. ස්ත්‍රීවාදය මියගොස් දැන් බොහෝ කල්ය. නමුත් අපේ රටේ ස්ත්‍රිය වනාහී හිතුවක්කාර අහිංසිකාවක් බව සැබෑවකි

මේ තත්ත්වයන් මැද නීතිමය කටයුත්තකට ඇයගේ ආදරය මැදිහත් වී ඇති බැවින් කිසිවෙකුට ඒ සම්බන්ධව කතා කිරීමට අයිතියක් නැත. නමුත් ඇගේ ආදරය සම්බන්ධව කතා කිරීමට හැකි ඇයද සදහටම සිතීම නවතා දමා ඇත. එයාගේ පෙම්වතා ගැනවත් ඒ සිතුම් පැතුම් ගැනවත් කිසිවක් කතා කිරීමට මාරස නොකරනනේ නීතියටත් වඩා දැන් ඒ ගැන කතා කිරීමෙන් පලක් නැති නිසාය. මන්ද අමිලාවන් නැති තැන ඇයගේ හදවතේ භාෂාව කෙසේ කතා කරම්ද?

ඉතින් අමිලා නගෝ.ආයේ ඉතින් කටකයේ තොරතුරු කවදා හරි කතා කරන්න ලැබෙයි. වෙන මොකුත් වෙන්නේ නැහැ මතු ආත්මය සහ මතු බවය සම්බන්ධව කතා වෙනස් වෙනස් විදි වලට වෙනස් වෙවී වෙනස් වෙවී යාවී. ඒකටත් සීමාවක් තිබේවි.

ඉතින් නගෝ.කවුරුන් කෙසේ කීවත් නීතියෙන් කුමක් කීවත් ඔබ ආදරය කළ දේශපාලන සංවිධානය ‌කුමක් කීවත් නුඹ වල් වලත්ත අසැබි කාන්තාවක් කිව්වත් නුඹ දිවිය අවසාන කර තිබෙන්නේ ආදරයේ නාමයෙනි. ඒ නිසා ඒ සියලු අවලාද නිශ්ප්‍රභා වන්නේමය. ස්වාමියාටද අනියම් ස්වාමියාටද ආදරයේ පූජාසනයක් වූ ඒ සමාජ සංවිධානයටද ඉන් ගැලවිය නොහැක. ඇගේ ආදර වන්තයන් දෙදෙනාටනම් ගැලවීමක් නැති නමුත් සමාජ‌ දේශපාලන සංවිධානයටනම් ගතයුතු පියවර බොහෝ තිබේ. ඒවා එයාලා ගත යුතුය. නැතිනම් කිසිදා දිගටම ජනතාව සමග වැඩ කිරීමට නොහැකි බව සැබෑවක්ය.

කෙසේ නමුත් සියල්ලන්ටම අත සෝදා ගත හැක. ඒ නොදුටු මිතුරිය සම්බන්ධව ඇතිවූ ආදරය දයාව කාලය අවකාශයකට ලඝු කළ නොහැක. අපට නැතිවූයේ ඇස නොදුටු ගැලවුම්කාරියක් මෙන් දැනේ. වෙන කරන්නට දෙයක් නැහැනේ අමිලා.මහත්තයත්  එක්ක කොළඹ ආපු වෙලාවක දෙන්නම එන්නම් කිව්වා. ඉතින් කෙසේ හෝ දැන් අමිලා නාවට කමක් නැහැ. දැනුයි දැනෙන්නේ ඔබ ඇවිත් ඉවරයි, ඔබ අප ගාව ඉන්නවා කියලා.

මේ පාර අපි දෙන්න කතා කළේ අපේ අවුරුද්දේ ඔයා වැහි වලාකුලක් වුනා වගේ කියලා. නමුත් ඒකට අපි ආසයි අමිලා. සයිබරයෙන් මෙතරම් ආදරයක් තවත් ‌දෙදෙනෙකුගෙන් ලබන්න තරම් ලෝකයේ ඉඩ තියනවානේද. ඉතින් කෙල්ලේ ඇස් දෙක පුම්බගෙන කට කොන් දෙකෙන්ම හිනාවේගෙන නැකතට අපි ඉන්න ගෙදරට ඇවිත් කිරිබත් කෑල්ලක් කාලා යන්න එන්න. ඊට පස්සෙ දේශපාලය ගැනත් කටක ලග්නය ගැනත් කතා කරලා යන්න පුලුවන්නේ. ඉතින් කතා කරපු ගමන් ඔබ දන්න ආසම ගීතයත් අපි දන්නවා. ඒක දාලා ඔයත් ඉන්නවා කියලා හිතාගෙන  අපි සැනසෙන්නම්. 

මේ වගේ වෙන්වීමකදි සැනසෙනවා කියන්නේ බයිලයක් විතරයි අමිලා විමානි. ඉඩ ලැබුන ගමන් අපිවත් බලලා යන්න ඇවිත් යන්න එන්න‍.

********************************** 

උල ලේනෝ

පාළුව දෙවනත් කර නාඬන් උල ලේනෝ
කාටත් නපුරු දා තනිකම් ඇති වෙනවා
උල ලේනෝ... උල ලේනෝ...

හීත හුළං හිරිකඩයි කැලේ අපට උරුමේ
නුඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ
උල ලේනෝ... උල ලේනෝ...

ඉහිරුණු කිරි කොතලෙට ඉකි බිඳලා පල නෑ
නුඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ
උල ලේනෝ... උල ලේනෝ...

සංසාරේ හැටි තමයි වියෝග ඇති වන්නේ
නිවනට ගියදා මේ හැම දුක නැති වන්නේ
උල ලේනෝ... උල ලේනෝ...

ගුණදාස කපුගේ
රං බණ්ඩා සෙනෙවිරත්න
සේන වීරසේකර



ජගත් මාරසිංහ
11 04 202
https://jagathmarasinghe.wixsite.com/mare












Powered by Blogger.